Friday, July 5, 2013

ආතල් (කෙටි නාට්‍ය) - 2012/12/14

දර්ශන අංක 01

(පුටු හතරක් තිබේ. බිමන් යහළුවන් එන තුරු පෙර මග බලා සිටී.විටින් විට වෙලාව බලයි.නොසන්සුන් වෙයි.*

බිමන් - (වේදිකාවට එමින් * එකෙක් ඇවිල්ල නෑනේ තාම (පේ‍්‍රක්ෂකාගාරයට හැරී* මම මේ ගිය අවුරුද්දේ ්ඛ කරපු කොල්ලෙක්ග මමයි අපේ සෙට් එකයි දැන් ආයේ ඉස්කෝලේ යන්නේ නැති නිසා ඔක්කොටම දැන් මහා පාළුවක් දැනිලා කට්ටියටම ආයේ සෙට් වෙන්න  ඕනෙලූ ෆේස්බුක් එකෙන් චැට් කළාට මදිලූ ඒ නිසා අපිට  ඕන කළා ආයෙ පොඩි පාටියක්  දාන්න ඉතින් අපි ලබන ඉරිදා පාටිය දාන්න ප්ලෑන් කළා ඉතින් මම පුළු පුළුවන් උන්ට කතා කළා මේක කරන විදිහ කතා කරන්න මං මේ උන් එනකං බලන් ඉන්නේ


(ටික වේලාවකින් යහළුවන් පැමිණේ.මග දිගට කතා බහ කරන කොක් හඬලන හ`ඩලන ඇසේ.යහළුවන් වේදිකාවට පැමිණේ.බිමන් ඔවුන් දැක රවා බලයි.*


බිමන් -     මොනවද බං උඹලට කියන වෙලාවට එන්න බැරිද කවදාවත් ? මං හිතුවා උඹලා          දැන්වත් හැදිලා ඇති කියලා

සහන්-     මේක ලංකාවනේ බං?

බිමන් -     අම්මටසිරි රසික, යකෝ උඹට දැන් කෙල්ලෙකුත් ඉන්නවා ද ? ෂහ්. කොල්ලා දියුණු          වෙලානේ

රසික -     ආ ඔව් බං අපි මේ ළ`ගදී එන්ගේජ් වුණේ.

මුදිත් -  රසික මම නම් හිතුවේ නැහැ බං උඹ ඔය වගේ එකෙක් කියලා

රසික -    ඇයි ?

මුදිත - උඹ මාත් එක්ක හැම තිස්සෙම ෙඉ එකේ චැට් කරනවා නේද ? උඹ කෙල්ලෙක් සෙට් වුණා කියලාවත්, එන්ගේජ් වුණා කියලවත් නිකමටවත් කිව්වේ නෑ මට. ළ`ගදී සෙට් වුනා නම් උඹට අඩුම ගානේ     යුතුකමක් විදිහට මටවත් පාටියක් දෙන්න තිබ්බා මම වැඩි දවසක් ලංකාවේ ඉන්නෙත් නැති එකේ ෂී ෂී ෂී     

රසික -  ඔන්න ඔන්න ඉතින්. කරන්න බෑනේ උඹලත් එක්ක. මං දන්නවනේ මුදිත උඹේ හැටි           උඹට කිව්වනං උඹ තනියෙන්ම එයි ? අනේ නිකම් හිටපන් මගෙන් මුකුත් අහගන්නේ            නැතුව
 
බිමන් - හරි හරි උඹ අපිට වෙඩින් එක කියනවනේ. ඒකෙන් වැඩක් නෑ. මෙච්චර ද බං කට්ටිය ?

මුදිත  -     අනේ ඔව් බං අනික් උන්ට එක එක වැඩලූ. උන් වැඬේ වෙන දවසට එනවලූ

බිමන් -     එහෙමත් සීන් එකක් ද ? ඒකෙන් කමක් නෑ වාඩිවෙයල්ලකෝ මෙතනින්. මම උඹලා එනකං තියෙන දවස ගැන කල්පනා කර කර හිටියේ. ලබන සතියේ ඉරිදා හොඳ නැද්ද මචං? මොකද හු`ගක් උන්ගේ නිවාඩු දවස නිසායි ලබන ඉරිදා කියලා ඔක්කොටම කිව්වේ.

රසික -  ඉරිදා නම් හොඳයි තමයි. ඒත් කොහොමද වැඬේ වෙන්නේ කියලා උඹ අපිට කිව්වේ          නෑනේ.

මුදිත  - ඒක නේන්නම් මහ ලොකු  ඕර්ගනයිසර් වුනාට කෝ උඹ බැච් පාටියක් තියෙනවා           කිව්වා මිසක් වෙන මුකුත් කිව්වැ.

බිමන් -  හරි දැන් උඹලා සල්ලි ගෙනාව ද ? මම කෝල් කරලා කිව්වනේ උඹලට සල්ලි          ගේන්න කියලා. ඉස්සෙල්ලා ගෙනාපු සල්ලි ටික දීපල්ලකෝ.මොනවා කරන්නත් සල්ලි           එපායැ.

(සියල්ලෝම සල්ලි දෙති)

සහන් - මෙතන 20 දෙනෙක්ගේ සල්ලි හොඳේ 

බිමන් -  ආ හරි දැන් ඉස්සෙල්ලා ම මම මේකෙන් බීච් එකට ගෙවන්න  ඕන ගාන හෙට හවස          ගිහින් ගෙවන්නම්. ඉතුරු ටික ඉතින් කන්නයි බොන්නයි තමා.

මුදිත  -  (සිනහා වෙමින් * මොනවද කන්න  ඕඩර් කරන්නේ ? මස් මාංශ වලින් තොර ආහාර වේලක් ද ?

බිමන් -      කව්ද බං ඔය වගේ මොන්ටිසෝරි කෑම ගේන්නේ ? (රසිකගේ පෙම්වතිය දෙස බලමින්* අනික  ඕවා මේ මේගොල්ලන්ගේ වැඩනේ. උඹ හිතුව ද මම එච්චර හරකෙක් කියලා ? වෙන මොනව ගේන්න ද බං බයිට් එකට මොනවහරි ගේනවා මිසක් ගේනවා නම්.

මුදිත  -    මම ජෝක් එකට ඇහුවේ මචන්. මම එංගලන්තේ හිටපු නිසායි එහෙම ඇහුවේ අපි ඉතින් ළ`ගදිනෙ ගොඩ බැස්සේ  ඒ දවස්වල අපේ සෙට් එකේ එක එක ජාතියේ එවුන් හිටියා උන්ට ආයේ පාටියක් කිව්වොත් ඉතින් බෝතලූයි බයිටුයි තමයි

සහන් - ආයෙත් අහලා


මුදිත  - එහෙනම් අපිට ඒ වගේ සිරා ආතල් එකක් ගත්තැහැකිනේ  එදාට ? අපිට මේකෙන්           බෝතල් කීයක් විතර ගත්තැහිකි ද බන් ?

බිමන්  -   කීයක් හරි ගමු බන් අතින් සල්ලි දාලා හරි

මුදිත    -   එල එල එහෙම හොඳයි රට බඩු නම් තවත් හොඳයි

සහන්  -   ඔව් ඔව් ගෝලියකරණය වෙන සමාජයක ජීවත් වෙනකොට අපි දියුණු වෙන්න             එපායැ. මොකද ගෝලියකරණය කියන සංකල්පය බිහිවුනේ                     සන්නිවේදනයේත්‍වත්‍වත්‍වත්‍වග

බිමන් -   (බාධා කරමින්* අනේ අනේ නවත්තගනින් උඹේ ඔය පයිප්පේ අපි නොදන්න           ගෝලියකරණය ( අංජුලාගේ මූණ දැක* මොකද මේ මෙයා මූණ එල්ලගෙන ?

අංජුලා -  මට ඔයගොල්ලන් එක්ක මේ ගැන මුකුත් කතා කරන්න  ඕන නැහැ. ඒත්                   රසික ? මට ඔයාව හෙට උදේ ම හම්බ වෙන්න  ඕනි. මං යනවා.                      (අංජුලා පිටත්ව යයි*

රසික -     අංජුලා........මොකද මේ ?(රසික ඇය සොයමින් දිව යයි*

සහන් -      දෙන්නා දෙමල්ලෝ දැන්මම රණ්ඩු කර ගන්නවා වගේ.

මුදිත -   ඔන්න බලපන් මම ගලේ කෙටුවා වගේ කියනවා ඔය මගුල හරියන්නෑ ඔන්න           බලපන්කෝ මං කියන්නේ බොරුද කියලා

සහන්  - කැත කතා කියන්න එපා බං කට තිබ්බ පළියට

බිමන්   - හරි හරි ඒකෙන් වැඩක් නෑ දැන් අපේ වැඬේ කෙරෙනවනේ කොහොමහරි ? රයිට්.           ලබන ඉරිදා හවස කීයටද විතර ද දැන් පාටිය පටන් ගන්නේ ?

මුදිත  -  පහට විතර හොඳයි නේ ද?

සහන්  - කට්ටියම කැමතියි ද වෙලාවට ?

බිමන්  - ඔව් මම හැමෝටම මැසේජ් දාලා ඇහුවා  උනුත් කැමතියි ඉරිදාට තියෙනවා නම්.          සමහරු ඉරිදාටත් වැඩ උන්ට වැඩ ඉවර වෙන්නේ 4ට

     (මඳවේලාවක් කල්පනා කරමින් සිට*

එහෙනම් අපි ලබන ඉරිදා සෙට් වෙමු. මම හෙට අනිද්දා විතර ගිහින් සල්ලි ටික  දීලා ඉරිදාට බඩු ටිකත් අරන් එන්නම්. හරි ? කොහොම වුණත් මම හරියටම පහට එතන 

මුදිත  -    (කල්පනා කරමින් සිට* අපරාදේ බන් ?

බිමන් - ඒ මොකෝ බන් එකපාරටම අපරාදේ කිව්වේ ?

මුදිත  - නෑ බන් මම කල්පනා කළේ මම දැන් ජන්දේ ඉල්ලන අපේ මන්තී‍්‍ර ලොක්කාට වැඩ           කරන හින්දා උඹලා මේක ජන්දෙන් පස්සේ තිබ්බා නම් මට අලූතින් පටන් ගන්න          අලූත් බාර් එකෙන් හු`ගක් ලාබෙට බෝතල් ටික අරන් දෙන්න තිබ්බා උඹලට.

සහන් -  ගණන් ගන්න එපා බං  ඕවා ඔහොම තමයි (සියල්ලෝම සිනාසෙමින් පිටව යයි*

මුදිත -     (නැවත පැමිණ* පොඞ්ඩක් ඉන්න පුටු ටික අයින් කරගන්නකම්




















දර්ශන අංක 02

රසික     - (පේ්‍්‍රක්ෂකාගාරයට හැරී* ඊයේ අංජුලා මාර තරහකින් මං දිහා බැලූවේ අනේ මන්දා

(අංජුලා මග බලමින් සිටී. ටික වේලාවකින් රසික පැමිණේ.*

රසික - ඇයි අංජුලා ඊයේ එක පාරටම මටත් නොකියා මාත් එක්ක තරහින් වගේ යන්න ගියේ ?

අංජුලා - රසික. ඔයා හොඳටම දන්නවා මම බොහොම අමාරුවෙන් අම්මාගෙන් අවසර ගත්තේ කියලා ඔයගොල්ලන්ගේ බැච් පාටියට එන්න.

රසික -   ඔව් මම ඒක දන්නවා.  ඕක අමුතුවෙන් කියන්න  ඕනි නෑනේ අංජුලා.

අංජුලා - ඔව් ඒත් ඔයාට එක දෙයක් අමුතුවෙන් කියලා දෙන්න වෙලා.

රසික -   ඒ මොකක්ද ?

අංජුලා - රසික, මට ඉන්නේ අම්මා විතරයි.ඒත් මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒත් ඔය             ගිනි වතුර මට දෑවැද්දක්වත් ඉතුරු නොකර මගේ තාත්තාව උදුරගෙන ගියා

රසික -  ඉතින් ඔයා හිතන්නේ මටත් එහෙම දෙයක් වෙයි කියලා ද? මම බීලා ජීවිතේම          කාලකණ්ණි කර ගනියි කියලා ද?

අංජුලා - මට අනාගතය දකින්න බෑ රසික. ඒත් අපි ජීවිතේටම බඳින්නේ එක පාරයි. ඒ නිසා           රසික මට ඔයාව බැඳලා ඒ වගේ අවදානමක් ගන්න බෑ. මං හිතන්නේ රසික ඔයායි           මායි...... 

රසික  -  අංජුලා........ ඔයා මේ කියන්න හදන්නේ මේ බම්බු පාටියක් හන්දා ඔයා මාව අත අරිනවා කියන එක ද ?

අංජුලා –   රසික, අපේ අම්මා තාත්තා ජීවත් වුණු කාලෙත් තාත්තා නිසා ජිවිතේ විඳෙව්වා.           ඉන්පස්සෙත් අදත් මේ මොහොතෙත් අපේ තාත්තා නිසා විඳවනවා. තාමත් අපේ          තාත්තාගේ ණයකාරයෝ ගෙදරට එනවා සල්ලි ඉල්ලගෙන.

රසික  -  මාව ඔයාගේ තාත්තාගේ මිම්මෙන් මනින්න එපා. හරිද අංජුලා

අංජුලා - අපේ අම්මා තාත්තාගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නැහැ රසික. මමත් එහෙමයි. අපේ අම්මට  ඕන කළේ ජීවිතේ සතුටින් ගෙවන්න විතරයි. මට බැහැ රසික අපේ අම්මා වගේ ජීවිතේ විඳවන්න.මම හීන මැව්වේ ඔයත් එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරලා අපේ අම්මගේ හීනේ සැබෑ කරන්නයි. කාටවත් බරක් නොවී ජීවත් වෙන්නයි. මට  ඕන කළේ ඔයත් එක්ක ජීවිතේ විඳින්න නැතුව විඳවන්න නෙමෙයි. ඒත් ඔයා ?

රසික    - අංජුලා.......... ඔයා හදන්නේ මේ කෙහෙල්මල් පාටියක් නිසා මාව අතහරින්න ද ?           මොකක්ද අරක්කු බෝතලෙයි අපේ ආදරෙයි අතරේ තියෙන සම්බන්ධේ ?               කොල්ලොත් එක්ක සෙට් වෙලා උන් එක්ක පොඞ්ඩක් අරගෙන පොඩි                 ආතල් එකක් ගන්න එක වැරැුද්දක්ද ? අනික මම වැඩිය ගන්නේ නෑ අංජුලා.
      මොනවද ඔයා මේ කියවන්නේ?

අංජුලා -  ඔව් ඒක ඇත්ත ඒත් පොඞ්ඩ පොඞ්ඩ එකතු වෙලා තමයි රසික වැඩි වෙන්නේ.
      කොල්ලෝ විතර ද රසික ආතල් ගන්නේ ? කොල්ලෝ විතරද මේ ලෝකේ ජීවත්             වෙන්නේ ? කෙල්ලෝ සතුටු වෙන්නේ නැද්ද ? කෙල්ලෝ පාටි දාන්නේ නැද්ද ?             අපි ඉස්කෝලේ යන දවස්වල නිවාඩු දෙන අන්තිම දවසේ සතුටු වුනේ නැද්ද ?             සින්දුවක් කියලා පොඞ්ඩක් නටලා කේක් කෑල්ලක් කාලා විනෝද වුනේ නැද්ද ?

රසික -  ඒ පොඩි කාලේ අංජුලා. දැන් අපි තරුණ කොල්ලෝ

    ඇයි අහල නැද්ද ?

(ගායනා කරමින් * මා බාල කාලේ
                අම්මාගේ තුරුලේ
                නැළවුණු  තාලේ
                මට තාම සිහිවේ     කියලා

අංජුලා - එතකොට අපි එන්න එන්න අඳ බාලයෝ වෙනවද ? කතා කරන්න රසික ? ඇයි           මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ ? අපේ තාත්තා ජිවිතේ කාලෙටම බොන්න           වියදම් කරපු සල්ලි එකතු කළා නම් අපිට අලූත් ගේකුයි ලස්සන පොඩි කාර් එකකුයි           ලේසියෙන්ම ගන්න තිබ්බා.

රසික -  අංජුලා......තේරුම් ගන්නකෝ මම කොහොමද ඉරිදා පාටියට නොගිහින්            ඉන්නේ ? මම කොහොමද උන් දෙකක් දාලා පොඩි ආතල් එකක් ගන්නකොට එතනට වෙලා උපාසකයෙක් වගේ උඩ බලන් ඉන්නේ ? උන් ඔක්කොම  ඉස්කෝලේ හොඳම             යාළුවෝ. එකට කාපු බීපු කොල්ලෝ. උන් ඔක්කොම ආතල් කියන්නේ මේකටයි. අනික මට උන් හම්බවුනේ ඔයාව මුණ ගැහෙන්න ඉස්සර අංජුලා.අන්න ඒක අමතක කරන්න එපා ඔයා.

අංජුලා - ඔයාට යාළුවෝ ද මාව ද  ඕනේ ?

රසික   -  අපි ඉන්න කාලේ ජීවත් වෙන්නේ සතුටින්. කන්නයි බොන්නයි මිසක් වෙන කොහාමද ඒ සතුට ලබාගන්නේ ?  ඔක්කොම ඒක හරියි කියලා අනුමත කරනවා නම් කොහොම ද ඔයාට විතරක් ඒක වැරැුදි දෙයක් වෙන්නේ ? අනික මේක අද ඊයේ පටන් ගත්ත එකක්යැ ? අනික මේක කොච්චර ජනපි‍්‍රය ද ? අනික දැන් පිරිමි විතරක් නෙමෙයි ගෑණුත් බොනවා. එහෙනම් ඒක වැරැදි දෙයක්     වෙන්නේ කොහොම ද?

අංජුලා -

ඔව්. තර්කයක් විදිහට නම් එක් හරියටම හරි. අනික ඔයා  ඕක උසාවියට ගිහින් කිව්වත් ඔයා නඩුවෙන් දිනුම්. හැබැයි  ඕවා පාවිච්චි කරපු මිනිස්සු ජීවිතෙන් පරාදයි. ඉතින් ඔයාත් ඒවා ම පාවිච්චි කළාම ඔයාත් ඒ මැරෙන ලැයිස්තුවට ඉක්මනින්ම එකතු වෙන්නේ නැහැයි කියලා මම හිතන්නේ කොහොමද ? මම හිතන දේ වැරැුදියි කියලා ඔයා කියන්නේ කොහොමද ?  ඔයාගේ යාළුවෝ ටික ඔයාගේ මළගෙදරටත් එයි. එතනදිත් බොයි එතකොට ඒ බොන්නෙත් ආතල් එකටද ? ආතල් එක වැඩි වෙලා ද ?

රසික - ඔයාට මේවා තේරෙන්නේ නෑ අංජුලා මොකද ඔයා කෙල්ලෙක් නිසා කොල්ලන්ගේ         දේවල් තේරෙන්නේ කොල්ලන්ටමයි

අංජුලා - ඇයි අපිට හැ`ගීම් දැනීම් නැද්ද ? කකුල් අතපය නැද්ද ? එහෙනම් අපි දෙන්නාගේ           ආදරය දෙවිදිහක් ද ? අපේ ආදරය එක වගේ නෙමේ ද ?

රසික  - අංජුලා මම හදන්නේ අපේ ආදරේ පවත්වගෙන යන්න ඒත් ඔයා ?

අංජුලා -  නෑ රසික මම හදන්නේ අපේ ආදරෙන් අරක්කු බෝතලේයි සිගරට් එකයි අයින්            කරන්න 

රසික - එහෙනම් ඔයා මෙතන තනියෙන් මහ හයියෙන් කෑ ගැහුවට වැඩක් නෑ අංජුලා. රට     හදනවා නම් ඔයා උඩ ඉඳන් හදන් ඇවිල්ලා කතා කරන්න මෙතන බණ කියන්නේ     නැතුව. නිකම් තැලෙන යකඩෙ තවත් තලන්නේ නැතුව (පේ‍්‍රක්ෂකාගාරය දෙසට හැරී     තමාටම* එක්කෝ මෙයාට පිස්සු එක්කෝ මටයි මගේ යාළුවන්ටයි පිස්සු. එහෙම     බැලූවොත් ලංකාවෙන් බාගයක් ම අංගොඩ මානසික රෝහලනේ ? ඒක වෙන්න     පුළුවන්ද ?

අංජුලා -  රට හදන්න ඉස්සෙල්ලා මට  ඕනේ ඔයාව හදා ගන්නයි රසික

රසික - අංජුලා ඇයි මෙහෙම මට රිද්දන්නේ ?     මම ඔයාට වැරැුද්දක් කළේ නෑනේ ? අනික ඔයා     මගේ වැරැුදි හදන්න මගේ අම්මා  නෙමේනේ ?

අංජුලා - තුවාලයට බෙහෙත් දානකොට තුවාලේ පෑරෙනවා තමයි රසිකග ෂ ්ප ීදරරහ ඒත් ඔයා කියන්නේ ඔයාව බැඳලා ඔයා බීලා බීලා මැරුණම මටත් පතිවත රකින්න කියලා ද? මම එහෙම කෙනෙක් කියලා ඔයා හිතන් ඉන්නවා නම් ඔයාට වැරැුදිලා රසික. දැන            දැන ගිනි ගොඩට පනින කෙල්ලෙක් නෙමේ රසික මම (ඇය වේදිකාවෙන් පිටවේ*

රසික -  (බැරැුරුම් තීරණයක් ගත් ස්වරූපයකින් ඇය යන විට * ඔයා ඇයි මේ ගැන මෙච්චර බරපතල විදිහට හිතන්නේ අංජුලා ?

අංජුලා - (එවිට අංජුලා ආපහු පැමිණේ *මේකත් අහගන්න. මම ජීවිතේට දහම් පාසල් ගිය             කෙනෙක් නෙමේ රසික. මට අනිත් අයට පේන්න පන්සලට ගිහින්  සිල් ගන්නවා             කියලා එතනට ගිහින් රටේම නැති  ඕප ¥ප හලන්න  ඕන නෑ. ඒ නිසා මට කාටවත්             බණ කියන්න  ඕනැත් නෑ. මම හොඳ බෞද්ධයෙක්. ඒ වගේම හොඳ සිංහලයෙක්.  ඒත් ඊටත් වඩා මම උත්සාහ කරන්නේ හොඳ සිහි කල්පනාව ඇති මනුස්සයෙක් වෙන්නයි.ශී‍්‍ර ලාංකිකයෙක් වෙන්නයිග මනුස්සයා මනුස්සයෙක් ද කියලා තීරණය කරන්නේ ජාතියවත් ආගමවත් කුලයවත් අනුව නෙමේ රසික. සිහි කල්පනා ඇතුව     කරන වැඩවලිනුයි. මම කැමති ඒ වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන්නයි. මනුස්සකම තියෙන මිනිස්සු එක්ක රසික මනුස්සකම තියෙන මිනිස්සු එක්ක.(හඬමින් පස්සෙන් පස්සට යමින් වේදිකාවෙන් ඉවත් වේ* මනුස්සකම මනුස්සකම මනුස්සකම

රසික  - මම එක දෙයක් දැන ගන්න කැමතියි අංජුලා මම කි‍්‍රස්තියානි නිසා ද ඔයා මාව            මෙහෙම දාලා යන්නේ ?

අංජුලා -  (වේදිකාවට නොපෙනෙන සේ හිඳ යන ගමන්* බෝතලේට ආගම් භේද නෑ රසික 

(එවිට පාටියට සල්ලි ගෙවීම සඳහා යන බිමන් මතුවෙයි*

බිමන්  - ආ රසික කොහොමද මචං ? මොකෝ අරයා අඬාගෙන ගියේ ? මං මේ බීච් එකට           සල්ලි ගෙවන්න යන ගමන්ග ගෙදර සල්ලි තිබ්බොත් නිකම්ම දියවෙලා යනවා. ඒකයි මේ උදෙන්ම යන්නේග උඹත් එනවාද ? මුකුත් වැඩක් නෑනේ අද ? වරෙන්කෝ බං          එතකොට චාටරේකුත් නෑනේ

රසික -  (නෑසුණු ලෙස * අංජුලා.................(ඔහු ඇය සොයා දිව යයි*

බිමන් - (පිස්සු ද කොහෙද යන්න ඉරියව් මගින් පෙන්වයි*

                   

                කතාව, සංකල්පය හා අධ්‍යක්ෂණය- මාලන් විදානපතිරණ


                       

No comments:

Post a Comment