යහපත් දේශපාලනික
පරිවර්තනයකදී කලාව ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියකංර
රත්නායක
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ
කැළණිය විශ්ව විද්‍යාලයේ
නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය,Academic Players Club සහ Academic Players නාට්‍ය සංගමය ඒකාබද්ධව
සංවිධානය කරනු ලබන “ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය උළෙල“ අද (26) ඇරඹීමට නියමිතය.මේ
අනුව ප්‍රියංකර රත්නායකගේ “ඊඩිපස්“ වේදිකා නාට්‍යය අද (26),“අද වගේ දවසක ඇන්ටිගනී“
වේදිකා නාට්‍යය හෙට (27) සහ ඔහුගේ නවතම නිර්මාණය වන “විසේකාරියෝ “ වේදිකා නාට්‍යය
අනිද්දා (28) වේදිකාගත වීමට නියමිතය. ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස 7.00ටය. කෙසේ
වෙතත් අද දින වේදිකාගත වන ඊඩිපස් වේදිකා නාට්‍යයට,මෙදිනට වසර දහයක් සම්පූර්ණ වීම
සුවිශේෂී විශේෂත්වයකි.කෙසේ වෙතත් මෙම නාට්‍ය උළෙල ප්‍රධානතම අරමුණ වන්නේ ශ්‍රී
ලාංකීය හා විදේශීය නාට්‍ය කලාව පිළිබඳව අධ්‍යාපනික අවබෝධයක් ලබා දීමයි.එමෙන්ම
පාසැල් සිසු සිසුවියන්ගේ නාට්‍ය රසවින්දන මට්ටම ගොඩනැංවීම අරමුණු කොටගත් මෙය, කැළණිය විශ්ව විද්‍යාලයීය නාට්‍ය හා රංග
කලා විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන්නකි. මෙම නාට්‍ය උළෙලේ ප්‍රධාන
සංවිධායකවරයා වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකයි.
මුලින්ම ඔබගේ නවතම
වේදිකා නාට්‍යය වන “විසේකාරියෝ“ පිළිබඳව කතා කළොත් ?
මේ නාට්‍යය ග්‍රීක නාට්‍ය
රචක ඇරිස්ටොෆනීස්ගේ "Lysistrata" නම් සුඛාන්ත(Comedy) වේදිකා නාට්‍යය ඇසුරින් කළ පරිවර්තන නාට්‍යයක්. මෙය සිංහලයට පරිවර්තනය
කළේ අරැණ ප්‍රේමරත්න.ඒත් මේ නාට්‍යය මීට පෙරත් නිෂ්පාදනය වූ නාට්‍යයක්. එය මීට පෙර
නිෂ්පාදනය කළේ ධර්මප්‍රිය ඩයස් විසිනුයි. ඒ “ගැහැණු වැඩ අරඹති“ නමින්. මේ නාට්‍යයට
ප්‍රධාන වශයෙන් පසුබිම් වෙන්නේ ග්‍රීසියේ ඇතැන්ස් සහ ස්පාටා පෞර රාජ්‍ය අතර පවතින
යුද්ධයක්.මේ යුද්ධය දිගින් දිගටම ඇදී යනවා. මේ නිසා තමන්ගේ ස්වාමි පුරැෂයන් සහ
පුතුන් යුද්ධයට ගිය පසුව කාන්තාවන් යුද අනාථයන් බවට පත්වෙනවා.ඒත් ඔවුන් තමන්ගේ
ස්වාමි පුරැෂයන්, පුතුන් නැවත ගෙදර එනතුරැ බලා සිටිනවා. ඒත් අවසානයේදී ඔවුන් ඒ
විරහ ගින්නෙන්ම මිරිකෙනවා. පීඩනයට පත්වෙනවා. මේ නිසා තමයි ඔවුන් යුද්ධයට එරෙහිව
අරගලයක් ආරම්භ කරන්නේ. මේ අරගලයට යුද්ධයෙන් බැට කන දෙපාර්ශ්වයේම කාන්තාවන් එක්වීම
විශේෂත්වයක්. ඒත් මේ අරගලය ආරම්භ වන්නේ තරමක් වෙනස් මුහුණුවරකින්. හරියටම කිව්වොත්
මේක ලිංගික වර්ජනයක්. ඔවුන් කියන්නේ යුද්ධය නවත්වන තුරැ තම පුරැෂයන් සමග යහන්ගත
වීම වර්ජනය කරන බවයි.ඒ අනුව ඔවුන් රජයේ භාණ්ඩාගාරය පවතින දේවස්ථානය පවා අල්ලා
ගන්නවා. ඒ වගේම ඔවුන් එහි පදිංචිවෙනවා. නිවෙස්වලට යාම වර්ජනයා කරනවා. මේ නිසා මෙම ලිංගික
වර්ජනය හමුවේ දෙපාර්ශවයේම පිරිමින් වික්ෂිප්ත වෙනවා.
ඔබ විසින් මීට පෙර
නිර්මාණය කළ “ඊඩිපස්“ සහ “අද වගේ දවසක ඇන්ටිගනී“ නාට්‍ය ද්විත්වයම සැළකෙන්නේ ඛේදාන්ත (Tragedy) නාට්‍ය හැටියටයි. එහෙත් ඔබ “විසේකාරියෝ“ වේදිකා නාට්‍යයේදී මේ
ශෛලියෙන් බැහැර වී තිබෙනවා. ?
ඔව්. මේක බොහෝ දෙනෙක්
අසන ප්‍රශ්නයක්.ඒත් අද වන විට නාට්‍ය කලාව තුළ යම් ප්‍රබෝධයක් දක්නට ලැබෙනවා. ඒත්
මෙහි ප්‍රධානතම ඛේදවාචකය වෙන්නේ එම ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරය රුල්ලේ පවතින වේදිකා
නාට්‍ය පසුපස හඹා යාමයි. මොකද අද වන විට හාස්‍යයට පවා හිමි වී තිබෙන්නේ තරමක සරල
අර්ථ කථනයක්. ඒ නිසා ඔවුන් අතින් අද හොඳ නාට්‍යයක් නැරඹීමේ හැකියාව දුරස් වී
තිබෙනවා.ඒ නිසා අද හොඳ සුඛාන්ත නාට්‍යයක් කියන්නේ මොකක්ද යන්න බොහෝ දෙනෙක් දන්නේ
නැති කාරණයක්. මේ නිසා “විසේකාරියෝ“ නිෂ්පාදනය කිරීමට මාව ප්‍රධාන වශයෙන් පෙළඹූ
හේතුව මෙයයි.
මෙය ග්‍රීක නාට්‍යයක්.
අනික අපි දැන් ජීවත් වෙන්නේ පශ්චාත් යුද සමයක.එසේ නම් “විසේකාරියෝ“ වැනි වේදිකා
නාට්‍යය ශ්‍රී ලංකාව තුළ සමාජගත වෙන්නේ කොහොමද ?
මම ඊඩිපස් නාට්‍යයේදී
උත්සාහ කළේ යුද්ධයට පෙර පවතින තත්ත්වයක් සහ යුධකාමී වාතාවරණයකට පසුබිම සැකසෙන
අයුරැ නිරෑපණය කිරීමටයි. ඒත් මම ඇන්ටිගනී නාට්‍යයේදී උත්සාහ කළේ පශ්චාත් යුද සමයක
රටක් මුහුණ දෙන ඛේදවාචකය නිරෑපණය කිරීමටයි. කොහොම වුණත් යුද්ධයක් පවතින කාලයකදී,
මිනිසුන් කොහොමද යුද්ධයක් නවත්වා ගන්නේ සහ එහිදී මිනිසුන්ගේ වගකීම් මොනවාද යන්න
සාකච්ඡා වෙන්නේ “විසේකාරියෝ“ වේදිකා නාට්‍යයෙන්. ඒ නිසා මේ නාට්‍යය තරමක් අසම්මත (Absurd) රංග රීතියට සමීපයි. මොකද මේ නාට්‍යයට ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර වෙන්නේ
යුද්ධය හේතුවෙන් පීඩාවට පත්වන පෙම්වතියන්, දියණියන්, මව්වරැන් සහ බිරින්ඳෑවරැන්. ඒ
වගේම පිරිමින්ගේ වැඩත් ගැහැණුන්ට කරන්නට සිදුවීම හරහා ඔවුන් විශාල අපහසුතාවයකට
පත්වෙනවා. ඒ වගේම මිනිසුන් අතර පවත්නා මානුෂික සබඳතා සහ කායික සබඳතා බිඳ වැටීම
හරහා මෙය වඩාත් තීව්‍ර වෙනවා.ඒත් මේ ගැටුම අප ඉදිරිපත් කරන්නේ හාස්‍යයෝත්පාදක අයුරින්.
ඒ නිසා රුඩිකල් ගැහැණුන් පිරිසක් පිළිබඳ කියැවෙන පරිවර්තන නාට්‍යයක් විදිහට මෙය ශ්‍රී
ලංකාවට අනුගත කළ හැකියි. අනික අපට දැන් යුද්ධයක් නැතැයි කියන්න බැහැ. මොකද අපි
තවමත් ස්ථිර සාමයක් උදාකරගෙන නැහැ. ඒ නිසයි අපිට අද එකම පක්ෂයක කල්ලි අතර පවතින බල
අරගල පවා දක්නට ලැබෙන්නේ. මේ නිසයි අප තවමත් නිවැරදි ලෙස යුද්ධය ජයගත්තාද යන්න ප්‍රශ්නයක්
වෙන්නේ. ඒ නිසා මේ නාට්‍ය ත්‍රිත්වයේම තේමාව ගත්තොත් එය අප පසුගිය කාලයේ ගත කළ
ජිවිතය පිළිබඳ අනාවරණයක් සිදුකරනවා.
අද වන විට මෙවැනි
විප්ලවීය නාට්‍ය බොහොමයක් වේදිකාවට පැමිණ තිබෙනවා.ඒත් මේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා පවතින
ධන බලය, නිල බලය සහ මැර බලය හමුවේ, මේ පිළිබඳ පුළුල් සංවාදයක යෙදීමට බියක්
දක්වනවා ?
ඔව්. ඒත් අපි කලාව
තුළින් සමාජයක් වෙනස් කළ හැකි යැයි සිතනවා නම් එය වැරුදි නිගමනයක්. මොකද අපට
සමාජයක් වෙනස් කළ හැක්කේ දේශපාලන අරගලයකින් පමණයි. මෙතැනදි තමයි කලාව වැදගත්
වෙන්නේ. මොකද කලාව තමයි එවැනි අරගලයක් සඳහා අවශ්‍ය මානසික වාතාවරණය සකසා දෙන්නේ. කලාව
තමයි ප්‍රේක්ෂකයාගේ විචාර බුද්ධිය අවදි කරවන්නේ. මේ නිසා යහපත් දේශපාලනික
පරිවර්තනයක් ඇති කිරීමේදී කලාව ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. උදාහරණයක් වශයෙන්
ඇන්ටිගනී නාට්‍යයේ එන එක් සංවාදයකදී රජ්ජුරැවන්ගේ දේවිය වචනයක්වත් කතා නොකර ආපසු
මාළිඟය ඇතුළට යාම දක්වන්න පුළුවන්. ඒත් ඒ නිහඬ බව අවසානයේදී ඉතා භයානක තත්ත්වයක්
බවට පත්වුණා.නිහඬ බව දරැණු ඛේදවාචකයක් බවට පත්වුණා. භයානක පුපුරා යාමක් බවටත් පත්වුණා.
ඒ වගේම අසාමාන්‍ය දෙදරැම් කෑමක ආරම්භය බවටත් පත්වුණා. ග්‍රීක නාට්‍යකරැ සොෆොක්ලීස්
නිහඬත්වයේ භයානක බව නිරෑපණය කළේ එහෙමයි.මේ සංවාදය වත්මන් සමාජය කියවිය හැකි ප්‍රධානතම
අවස්ථාවක් වෙන්නේත් මේ නිසයි.
No comments:
Post a Comment