යහපත් දේශපාලනික
පරිවර්තනයකදී කලාව ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියකංර
රත්නායක
සටහන හා ඡායාරෑප -
මාලන් විදානපතිරණ
කාලයක් තිස්සේ කැළණිය
විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය හරහා වේදිකා
නාට්‍ය ගණනාවක් වේදිකාගත කළ නාට්‍යකරැවෙකු ලෙස ප්‍රියංකර රත්නායක හඳුන්වාදිය
හැකිය.වසර දහයක් තිස්සේ ඊඩිපස් වේදිකා නාට්‍යය වේදිකාගත කරන ඔහුගේ නවතම වේදිකා
නාට්‍යය වන්නේ “විසේකාරියෝ“ යි. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට විදේශීය නාට්‍ය කලාව
පිළිබඳව අධ්‍යාපනික අවබෝධයක් ලබා දීමේ අටියෙන් සැමවිටම වේදිකා නාට්‍ය නිර්මාණය කළ
ප්‍රියංකර, සැමවිටම.උත්සාහ ප්‍රේක්ෂකයාගේ රසවින්දන මට්ටම ගොඩනැංවීමයි.කැළණිය විශ්ව
විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ඔහු, තම නවතම
වේදිකා නාට්‍ය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.
“විසේකාරියෝ“ නාට්‍යයට
ප්‍රධාන වශයෙන් පසුබිම් වෙන්නේ ග්‍රීසියේ ඇතැන්ස් සහ ස්පාටා පෞර රාජ්‍ය අතර පවතින සිවිල්
යුද්ධයක්.කෙසේ වෙතත් මේ යුද්ධය දිගින් දිගටම ඇදී යනවා. මේ නිසා තමන්ගේ ස්වාමි
පුරැෂයන් සහ පුතුන් දිගින් දිගටම යුද්ධයට බිලිදීමට කාන්තාවන්ට සිදුවෙනවා. ඒ නිසා
අවසානයේ ඔවුන් යුද අනාථයන් බවට පත්වෙනවා. ඒ නිසා ඔවුන් සැමවිටම බලා සිටින්නේ
තමන්ගේ ස්වාමි පුරැෂයන් සහ පුතුන් නැවත ගෙදර එනතුරැයි. ඒත් අවසානයේදී ඔවුන්ට මේ
දුක් ගින්දර උහුලාගන්න බැරිවෙනවා. මේ නිසා තමයි ඔවුන් යුද්ධයට එරෙහිව අරගලයක්
ආරම්භ කරන්නේ. මේ අරගලයට යුද්ධයෙන් බැට කන දෙපාර්ශ්වයේම කාන්තාවන් එක්වෙනවා.ඒක ඉතා
වැදගත් සන්ධිස්ථානයක්.
ඒත් කාන්තාවන් අරගලයක්
ආරම්භ කරනවා කියන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ නේද ?
නැහැ. එහෙමම කියන්න බැහැ. මොකද මේ නාට්‍යයේ
ඔවුන් කරනා අරගලය තරමක් වෙනස්. හරියටම කිව්වොත් මේක ලිංගික වර්ජනයක්. ඔවුන් කියන්නේ
යුද්ධය නවත්වන තුරැ තම පුරැෂයන් සමග යහන්ගත වීම වර්ජනය කරන බවයි. ඒ අනුව ඔවුන්
රජයේ භාණ්ඩාගාරය පවතින දේවස්ථානය පවා අල්ලා ගන්නවා. ඒ වගේම ඔවුන් එහි පදිංචිවෙනවා.
නිවෙස්වලට යාම වර්ජනය කරනවා. මේ නිසා මෙම ලිංගික වර්ජනය හමුවේ දෙපාර්ශවයේම
පිරිමින් අපහසුතාවයට පත්වෙනවා.
මේ නාට්‍යයේ මුල් කෘතිය
පිළිබඳව යමක් කිව්වොත් ?
“විසේකාරියෝ“ කියන්නේ ග්‍රීක නාට්‍ය
රචකයෙකු වන ඇරිස්ටොෆනීස්ගේ "Lysistrata" නම් සුඛාන්ත(Comedy) වේදිකා නාට්‍යය ඇසුරින් කළ පරිවර්තන නාට්‍යයක්. මෙය සිංහලයට
පරිවර්තනය කළේ අරැණ ප්‍රේමරත්න විසින්. මේ
නාට්‍ය ධර්මප්‍රිය ඩයස් විසින් “ගැහැණු වැඩ අරඹති“ නමින් මීට පෙරත් නිෂ්පාදනය කළා..
ඔබේ “ඊඩිපස්“ සහ “අද
වගේ දවසක ඇන්ටිගනී“ නාට්‍ය දෙකම සැළකෙන්නේ ඛේදාන්ත (Tragedy) නාට්‍ය
හැටියටයි. ඒත් “විසේකාරියෝ“ කියන්නේ සුඛාන්ත (Comedy)
නාට්‍යයක් ?
ඔව්.ඒක ඇත්ත. මොකද අද
වෙනකොට හාස්‍යය තරමක් හෑල්ලු වී තිබෙනවා. ඒ නිසා තමයි අද සමහරැ රුල්ලේ නාට්‍යය
බලන්න තමයි වැඩියෙන්ම කැමැති.ඒ හේතුවෙන් හොඳ නාට්‍යයක් නැරඹීමේ හැකියාව අද අපෙන්
ඈත්වෙලා .ඒ නිසා තමයි අපි අද හොඳ සුඛාන්ත නාට්‍යයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තේ.
මේක ග්‍රීක නාට්‍යයක්.
අනික දැන් යුද්ධය නිමාවෙලා අවුරැදු තුනකටත් වැඩියි. ඒ නිසා “විසේකාරියෝ“ වගේ නාට්‍ය
නිර්මාණය කිරීමෙන් වැඩක් වෙයිද ?
අපට දැන් යුද්ධයක්
නැහැයි කියන්න බැහැ. මොකද අපි තවමත් ස්ථිර සාමයක් උදාකරගෙන නැහැ. ඒ නිසා තමයි අද
එකම පක්ෂයක කල්ලි අතර පවා බල අරගල දකින්න ලැබෙන්නේ. මේ නිසා තමයි අපි තවමත්
නිවැරදි ලෙස යුද්ධය ජයගත්තාද යන්න ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා අපි පසුගිය කාලේ
ජීවිතය ගත කරපු ආකාරය හොඳින්ම කියැවෙන්නේ මේ නාට්‍ය තුනෙන්.මොකද “ඊඩිපස්“ කියන්නේ යුද්ධයකට
පෙර පවතින තත්ත්වයක් සහ යුද්ධයකට පසුබිම සැකසුණු ආකාරය නිරෑපණය කරන නාට්‍යයක්. ඒත්
“අද වගේ දවසක ඇන්ටිගනී“ කියන්නේ යුද්ධයකට පසුව රටක් මුහුණ දෙන ඛේදවාචකය නිරෑපණය
කරන නාට්‍යයක්. මේ නිසා යුද්ධයක් පවතින කාලයකදී, මිනිසුන් කොහොමද යුද්ධයක් නවත්වා
ගන්නේ සහ එතැනදී මිනිසුන්ගේ වගකීම් මොනවාද කියන එක සාකච්ඡා වෙන්නේ “විසේකාරියෝ“ නාට්‍යයෙන්.
මොකද මේ නාට්‍යයේදී ප්‍රධාන වශයෙන් පීඩාවට පත්වන්නේ පෙම්වතියන්, දියණියන්, මව්වරැන්
සහ බිරින්ඳෑවරැන්. ඒ වගේම පිරිමින්ගේ වැඩත් ගැහැණුන්ට කරන්නට සිදුවීම නිසා ඔවුන්
විශාල අපහසුතාවයකට පත්වෙනවා. ඒ වගේම මිනිසුන් අතර පවතින මානුෂික සහ කායික සබඳතා
බිඳ වැටීම නිසා මේ ගැටුම උත්සන්න වෙනවා.ඒ නිසා මේ නාට්‍යය රුඩිකල් ගැහැණුන් පිරිසක්
පිළිබඳ කියැවෙන නාට්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ඒත් නාට්‍යයකින්
පුළුවන්ද අපිට සමාජයක් වෙනස් කරන්න ?
බැහැ. ඒ නිසා අපි කලාව
තුළින් සමාජයක් වෙනස් කළ හැකි යැයි සිතනවා නම් එය වැරදි අදහසක්. මොකද අපිට සමාජයක්
වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දේශපාලන අරගලයකින් විතරයි. මෙතැනදි තමයි කලාව වැදගත්
වෙන්නේ. මොකද කලාව තමයි ඒ වගේ අරගලයකට මග පාදන්නේ. කලාව තමයි ප්‍රේක්ෂකයාගේ විචාර
බුද්ධිය අවදි කරවන්නේ. මේ නිසා යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කරන්න නම් කලාව ඉතාම
වැදගත්. උදාහරණයක් විදිහට “අද වගේ දවසක ඇන්ටිගනී“ නාට්‍යයේ එන එක් සංවාදයකදී
රජ්ජුරැවන්ගේ දේවිය වචනයක්වත් කතා නොකර ආපසු මාළිඟය ඇතුළට යනවා. ඒත් ඒ නිහඬ බව
අවසානයේදී ඉතා භයානක තත්ත්වයක් බවට පත්වෙනවා. නිහඬ බව දරැණු ඛේදවාචකයක් බවට පත්වෙනවා.
භයානක පුපුරා යාමක් බවටත් පත්වෙනවා.ග්‍රීක නාට්‍යකරැ සොෆොක්ලීස් නිහඬත්වයේ භයානක
බව නිරෑපණය කළේ එහෙමයි.මේ නිසා ඔහු වක්‍රව කියන්නේ සමාජයක් නිහඬ වීම තුළ ඉතා
අසාමාන්‍ය පුපුරායාමක් සිදුවෙන්න පුළුවන් කියන එකයි. මෙය එක්තරා විදිහක අනතුරැ
හැඟවීමක්.ඒ නිසයි මේ නාට්‍ය ශ්‍රී ලංකාවටත් අදාළ වෙන්නේ.
No comments:
Post a Comment