වත්මන් ලෝක නාට්‍ය ප්‍රවාහය දෙස සළකා බලන කල්හි එහි ප්‍රධාන වශයෙන් නාට්‍ය
වර්ග කිහිපයක් තිබේ. ඒ අනුව ලෝකධර්මී සහ නාට්‍යධර්මී යන දෙවර්ගය මේ අතරින් ඉතා වැදගත්
ස්ථානයක් හිමිකර ගනී.ලොව පළමුවරට නාට්‍ය පමණක්ම විෂය පථය වූ “නාට්‍ය ශාස්ත්‍රය“ ග්‍රන්ථය
සම්පාදනය කළ භරත මුනිවරයා නිසාවෙන් එක් වූ මෙම
දෙවදන් සඳහා නාට්‍ය විද්වත්තු විවිධ අර්ථකථන ලබාදෙති. ඇතැමෙකු තාත්ත්වික සහ
අතාත්ත්වික ලෙස ද, ඇතැමෙක් ශෛලිගත සහ ශෛලිගත නොවන මෙම නාට්‍ය විශේෂයන්ගෙන්
සැබැවින්ම අර්ථවත් වන්නේ මොනවාදැයි යන්න සංසන්දනාත්මක වශයෙන් සාකච්ඡා කිරීම
කාලෝචිතය. නාට්‍යධර්මී සහ ලෝක ධර්මී නාට්‍යය එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන
ලක්ෂණ කිහිපයක් මෙසේ දක්වන්නේ ඒ නිසාවෙනි. (එහෙත් වර්තමාන වන විට මෙම ශෛලීන්
ද්විත්වයම සංකලනය වූ නාට්‍යය ද දක්නට ලැබේ.)
නාට්‍යධර්මී නාට්‍ය
1) බොහෝ විට ආරම්භයේදී නාන්දි පද්‍ය ගායනා කරනු ලැබේ (උදා:- රත්නාවලී සංස්කෘත නාට්‍යය,මනමේ,සිංහබාහු,සකුන්තලා සංස්කෘත නාට්‍යය)
2) ප්‍රස්තාවනාවක්
(ආමුඛ්‍යයක්) ඇත.(උදා:- කුවේණි,මනමේ, සිංහබාහු, හුණුවටයේ කතාව)
3) බොහෝ විට
ගායන වෘන්දයක් ඇත(උදා: - මනමේ, සිංහබාහු,සකුන්තලා සංස්කෘත නාට්‍යය)
4) ස්ථාන
කිහිපයක් වේදිකාව තුළ එකවර භාවිතා කෙරේ (උදා:- මනමේ, සිංහබාහු, රත්නාවලී සංස්කෘත
නාට්‍යය, සකුන්තලා සංස්කෘත නාට්‍යය)
5) කක්ෂා
වෙන්කොට දක්වයි
6) පසුබිම්
නිර්මාණ නොමැති අතර සමස්ත වේදිකාවම හිස්ය.
7) රංග භාණ්ඩ
භාවිතා වන නමුත් ඒවා මන:කල්පිත ඒවා වේ
8) ඇඳුම්
මෝස්තර සියල්ලක්ම පාහේ කාල්පනික ලෝකයකට නිර්මාණය කළ ඒවා වන අතර කිසිදිනෙක ඒවා
එදිනෙදා භාවිතයට ගන්නා ඒවා නොවේ
9) බොහෝ විට
ස්වාභාවික දෙබස් භාවිතා වීමක් දක්නට නොමැති අතර දෙබස් කථනය සිදුකෙරෙන්නේ කාව්‍යමය
ස්වරෑපයෙනි.
10) ඉඳහිට
ගීත ගායනා කරනු ලැබේ
11) සංගීතය ඉතා
ප්‍රබල දායකත්වය ලබාදේ.(නරිබෑනා,හුණුවටයේ කතාව,බූරැවා මහත්තයා)
12) බොහෝ විට
රංග භූමි අලංකරණ භාවිතා නොවන අතර ඊට හේතුව එකවර දර්ශන කීපයක් නිරෑපණය කිරීමයි.
13) අංක බෙදීමක්
නොමැති අතර අංකයක් හමාර වූ බව ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ අත්වැල් ගායක කණ්ඩායම
ගීතයක් ගායනා කරමින් ඒ බව හැඟවීම තුළිනි.
ලෝකධර්මී
නාට්‍ය
1) ආරම්භයේදී
හඳුන්වාදීමක් හෝ ප්‍රස්තාවනාවක් දක්නට නොමැත.
2) කෙළින්ම
අංකය ආරම්භ වේ.(උදා:- වැනීසියේ වෙළෙන්ඳා )
3) බොහෝ විට
ගායන වෘන්දයක් නොමැත
4) බොහෝ විට
නාට්‍යය වේදිකාගත වන මොහොතේ පටන් එකම පසුබිමක රඟ දැක්වේ(උදා:- චෙරිවත්ත,අහසින්
වැටුණු මිනිස්සු,කැළණි පාලම,දොළහක්)
5) කක්ෂා
වෙන්කිරීමක් නොමැත
6) නාට්‍ය
නිර්මාණයේ අඩංගු දහවලේ සිදුවන සිදුවීම් සහ රාත්‍රියේ සිදුවන සිදුවීම් රංගාලෝකය
මගින් නිරෑපණය කරයි (උදා:- චෙරිවත්ත,ඔතෙලෝ,වැනීසියේ වෙළෙන්ඳා )
7) රංග භාණ්ඩ
භාවිතා කෙරෙන අතර බොහෝ විට ඒවා ස්වාභාවිකත්වය හා සබැඳිය.(උදා:- බල්ලොත් එක්ක
බෑ,දොළහක්,ගුරැතරැව)
8) ඇඳුම්
මෝස්තර නිර්මාණ පවා ස්වාභාවික ලෝකය හා සමාන වන අතර එබඳු ඇඳුම් මෝස්තරවලින් සුසැදි
සමාජ කොට්ඨාස පවා ලෝ පුරා දැකිය හැක.(උදා:-චෙරිවත්ත,ගුරැ තරැව, මෝදර මෝල,බෝනිකි
ගෙදර )
9) නාට්‍ය
නිර්මාණය තුළ භාවිතා වන දෙබස් සියල්ලක්ම පාහේ එදිනෙදා භාවිතය හා සමාන වේ.
10) ගීත ගායනා (බොහෝ
විට) කිරීමක් නොමැත.
11) රංග භූමි
අලංකරණ භාවිතා වේ
12) බොහෝ විට
අංක හතරකින් හෝ පහකින් යුක්ත වේ (උදා:- ඔතෙලෝ,චෙරිවත්ත,ජූලියස් සීසර්)
13) එක්
අංකයකින් තවත් අංකයකට මාරැවීම සඳහා තිරය වැසීම සිදුකරයි නැතහොත් රංග භූමිය අඳුරැ
කරයි
මාලන් විදානපතිරණ
විශේෂ ස්තූතිය
නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතාට
Very helpful ...great work
ReplyDeleteNiyamai
ReplyDeleteThank you
ReplyDeleteSuper work
ReplyDeleteThank you
ReplyDeleteVery help ful good work
ReplyDeleteTharu
ReplyDeleteThank u
ReplyDeleteTnx
ReplyDelete