Wednesday, August 20, 2014

“Students Of The Year* නළු වරුන් ධවාන්-2014/07/21





සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු

-          Students Of The Year* නළු වරැන් ධවාන්


-         Students Of The Year* නළු වරැන් ධවාන්
       
     මදාරා ගුණතිලක
     
    පසුගිය කාලයේ බොලිවුඩය පුරා පුවත් මැවූ යුවළ බවට පත්වූයේ වරැන් ධවාන් සහ ආලියා භත්ය.නැගී එන නළු- නිළි දෙපළක් වන මොවුන් ආදරවන්තයන් බවත්,ආලියා භත් විසින් වරැන් ධවාන්ගෙන් ප්‍රසිද්ධියේම ආදරය අයැද සිටි බවත් ඇතැම් මාධ්‍ය සඳහන් කරයි.එසේම කරන් ජොහාර් නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ“හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* හි ප්‍රධාන චරිත රෑපණය කරන්නේද මේ දෙපළ(ආලියා - වරැන්) බැවින් මෙම සැකය වඩාත් තීව්‍ර වී තිබේ."Student of the Year" චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි වරැන්,මේ වෙනුවෙන් ගිය වසරේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර එම සම්මාන ද්විත්වයම හිමිවූයේ හොඳම නැගී එන නළුවා  වශයෙනි.කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය වෙනුවෙන් තවත් සම්මාන උලෙළ අටකදී හොඳම නැගී එන නළුවා සම්මානයට නිර්දිෂ්ටිත ඔහු, සිනමා තරැවකගේ ලක්ෂණ දැනටමත් පහළ කළ නළුවෙකි.මේ ඒ පිළිබඳව සහ ඔහුගේ සිනමා ජිවිතය ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ විමසීමකි.
    
     දැන් ලොකු නළුවෙක් නේද ?
  
     තාම පටන් ගත්තා විතරයි.තව යන්න හුඟාක් දුර තියෙනවා.ජීවිතයට ලබා ගත යුතු දේවල් බොහොමයි.ඒ නිසා “හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* චිත්‍රපටය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි.මගේම ප්‍රේක්ෂකයන් පිරිසක් නිර්මාණය කර ගන්න ඒ චිත්‍රපටය හුඟක් උදව් වේවි.
    
    ආලියා භත් සමග තියෙන සම්බන්ධේ මොකක්ද ?
    
     ඒක තේරැම්ගන්න ටිකක් අමාරැ වෙයි.ආදරය වගේම අපි දෙන්නා තරහවත් බෙදාහදා ගන්නවා.තම තමන්ගේ දේවල් වෙනුවෙන් හැමවෙලාවෙම සටන් කරනවා.ඒ නිසා ආදරය ගැන අපි දෙන්නාගේ හිතේ තියෙන්නේ එකම ස්ථාවරයක්.හැබැයි මම හැම වෙලාවකම අවධානය යොමු කරන්නේ ආලියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන.මොකද එයා ඒ ගැන සැළකිළිමත් වෙන්නේ නැහැ.හැබැයි එයත් මම ගැන හොයනවා.ඒත් ඒක වෙනස්.ඒත් මම කැමැතියි එයා මං ගැන හොයන විදිහට. 

    බොලිවුඩයේ හොඳම යාළුවෝ කව්ද ?
    
    ආලියා භාත්. ඊට අමතරව අධ්‍යක්ෂ වාර්මන් මගේ සමීපතම යාළුවෝ.
   
    සමහර ගති ගුණ හරිම අමුතුයි නේද ?
   
    ඔව්.සමහර වෙලාවට.මම කොහොමත් ලැජ්ජාකාරයෙක්.
   

   මීට කලින් නිෂ්පාදනය වුණු දුල්හානියා (දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ) 
    චිත්‍රපටය  ගැන මොකද හිතන්නේ?
    
    ඒකට දැන් සෑහෙන කාලයක් වෙනවා. මම ඒ කාලේ හුඟක් පොඩියි.
   
    කැමැතිම නිළිය ?
   
    ප්‍රීති සින්ටා.
    
    සති අන්තයේ මොකද කරන්නේ ?
    
    පහුගිය ටිකේ නම් ලෝක කුසලානය බැලුවා.නැත්නම් නිදාගන්න එක තමයි ඉතින්.මට හුඟක් මහන්සියි මේ දවස්වල.අනික මට තියෙන්නේ හරිම අවිවේකි කාල සටහනක්.ඒත් චිත්‍රපටය තිරගත කළාට පස්සේ නම් හිත සැහැල්ලුයි.
    
    අන්තිමට කොහේද නිවාඩුවට ගියේ ?
    
    සිංගප්පූරැවේ ගියා.මාස හතක් විතර හැම තැනම ඇවිද්දා.
    
   ජිවිතේදි මුලින්ම හාද්දක් දුන්නු දවස මතකද ?
    
    ඒක නම් හරියටම මතක නැහැ.මං හිතන්නේ ඉස්කෝලේදි තමයි.
    
    ජිවිතය සාර්ථක කර ගන්න නම් ?
    
සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ.ඒක ශාරිරිකව වගේම මානසිකවත් වැදගත්.
    
    සරාගී නිළිය ?
    
   එහෙම එක් කෙනෙක් ගැන කියන්න බැහැ.ඒත් කැත්‍රිනා,දීපිකා,ශ්‍රද්ධා,ආලියා සහ 
    සෝනම් හුඟක් ලස්සනයි
   
   ආසම ගීතය මොකක්ද ?
   
   November rain (Guns n Roses චිත්‍රපටය) 
   
   රංගනයට පැමිණෙද්දි අවධානයට යොමු කළේ මොනවටද ?
    
    මම අවධානය යොමු කරන්නේ මගේ රංගනය ගැන.චිත්‍රපටය හොඳට කරන්නයි මට ඕනේ.ඒක බොක්ස් ඔෆිස් වාර්තා තියලා,ජනතාව අතරට ගියා නම්, ඒකයි වෙන්න ඕනේ.ඒ වගේම මට ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම් හුඟක් වටිනවා.ඒකෙන් තමයි මම සතුටු වෙන්නේ.ඒ නිසා යන ගමන ගැන සතුටුයි
    
    ආඩම්බරවෙන්න කාරණයක් තියෙනවද ?
    
    සිනමා පවුලකින් පැවත ඒම ගැන සතුටු වෙනවා.ඒත් වෙනස් යමක් කරන්නයි මට ඕනේ. අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙන්න ඕනේ.
    
     ලැබුණු වටිනාම අවවාදය?
     
    මට කලාතුරකින් තමයි සමාජයෙන් අවවාද ලැබුණේ.ඒත් මගේ තාත්තා(චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්) දුන්නු අවවාදයක් තියෙනවා.ඒක නම් අමතක වෙන්නේ කවදාවත්. ඒ තමයි සෑම රෑපයක්ම අන්තිම රෑපය කියලා හිතාගෙන නිර්මාණයට තමන්ගේ උපරිමය දෙන්න කියන අවවාදය.
    
    ලැබුණු හොඳම ප්‍රශංසාව ‍මොකක්ද ?
    
    සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු.

No comments:

Post a Comment