Wednesday, October 23, 2013

රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයන් වෙනුවෙන් වගඋත්තර බැඳි රාහුල් ඩ්‍රාවිඩ්



 රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයන් වෙනුවෙන් 
වගඋත්තර බැඳි රාහුල් ඩ්‍රාවිඩ්

කෙවින් ආකාශ්
2013/08/28
අද පුවත්පත 
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර පැවැති අදියරේදී මුදලට තරග පාවාදීමේ චෝදනාවලට ලක්වූ ක්‍රීඩකයන් අතර වැඩිමනක් සිටියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ය. එනම් අජිත් චන්දිලා, ශ්‍රීසාන්ත් මේ අතරින් කැපී පෙනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෑතක් වන තුරැ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායක රාහුල් ඩ්‍රාවිඩ් කිසිදු අදහසක් පළ නොකළ අතර නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.කෙසේ වෙතත් දැන් ඔහු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ විධායක සංස්කාරකවරයා වන සම්බිත් බැල් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී තරග පාවාදීම්,වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ආදී නොයෙක් දේ පිළිබඳව කතාබස් කළේය.මේ ඒ ඇසුරින් තබනා කෙටි සටහනකි. 

රාහුල්, ඔබව අපි පසුගිය මාස තුනේ දැක්කේවත් නැහැ. ඔබව හමුවීම පවා අමාරැ වුණා. ඇයි ඒ ?

ඔව්. ඇත්තෙන්ම මේ තරග පාවාදීමේ සිදුවීම සිදුවූ කාල සීමාව නිමා කරන්න හරිම අමාරැ වුණා. අනික වෙනස්ම පුද්ගලයොත් එක්කයි මට ගනුදෙනු කරන්න සිදුවුණේ.මෙතන ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියලා මම හොයාගත්තේ පහුගිය ටිකෙයි.ඒ නිසයි මට මේක අමාරැ කාලයක් වුණේ.ඒත් මම මෙයින් කළකිරැණේ නැහැ. මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන තරහා ගත්තේ නැහැ.මම හිතන්නේ අපි මොනවා කළත් අපේ කණ්ඩායම කොතැන සිටිය යුතුද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි කියලයි.අනික ඉන්දීය ප්‍රීමියර් ලීග් බලන්න හුඟක් ප්‍රේක්ෂකයෝ එනවා.ඒ නිසා ඒ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

ඒත් ඔබ මේ තරග පාවාදීම්වලදී තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන් වෙනුවෙන් කතා කළා. ඔවුන්ගේ මනස ගොඩනගන්න උත්සාහ කළා.ඒක ඔබේ පෞරැෂය පෙන්වන්න කරපු දෙයක්ද?

මම ඒවා පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන් කරපු දේවල් නෙමෙයි.ඒවා සාමුහිකව කරපු දේවල්.ඒත් එතැන සිටි ප්‍රවීණතම ක්‍රීඩකයා මම හින්දා මම ඊට වැඩි දායකත්වයක් ලබා දුන් බව ඇත්ත.ඒත් ඒ යහපත් පරමාර්ථයෙන්.අනික මේ සිදුවීමේදී මේ ප්‍රශ්නය නිරවුල් කරන්න තිරය පිටුපස ඉඳන් බොහෝ දෙනෙක් සහයෝගය දැක්වුවා.ඒ නිසා අයි.පී.එල්. තරගාවලියේ සාර්ථකත්වය ගැනයි අපි කතා කළ යුත්තේ.අනික අපි මේ ප්‍රශ්නය ඉතා සාර්ථකව විසඳලයි තියෙන්නේ. අපි කාටවත් දොස් පැවරැවේ නැහැ.ඒකයි වැදගත් වෙන්නේ.

ඔබ ක්‍රීඩකයකු ලෙස ගෞරව සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයෙක්.ඉන්දියාවෙන් බිහිවූ වටිනා අවංක ක්‍රීඩකයෙක්.ඒත් අද ක්‍රීකට් ක්‍රීඩාව හෑල්ලුවට ලක්වෙලා කියලා සමහරැ කියනවා ?

ඒක වැරුදියි. ඔහොම කියන්නේ ඉන්දියාව,පාකිස්තානය වගේ රටවල්වල ප්‍රේක්ෂක ලෝලීන්ට තරගයක පරාජයක් දරාගන්න බැරිවුණාම ඒකට තරහ ගන්න නිසයි. ඒ ඔවුන් මේ ක්‍රීඩාවට ආදරේ නිසයි.අනික අපේ ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හුඟක් කැපවීම් කරනවා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි.ඔවුන් බොහෝ දේවල් කැප කරලයි ක්‍රිකට් තරගයක් බලන්න එන්නේ.කොහොම වුණත් ලෝක ප්‍රජාව ගත්තත් අද ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් යනවා.ඒක වෙබ් අඩවි විශ්ලේෂණය කරනකොට පේනවා.

ඔබ ජාත්‍යන්තර පිටියේ ඉඳිද්දී මෙවැනි තරග පාවාදීමේ චෝදනා එල්ල වුණේ දෙවැනි වතාවටයි. මීට පෙර 2000 වසරේදි මේ වගේ ඛේදවාචකයක් සිදුවුණා. ඒත් ඒක නම් සිදුවුණේ ඔබ ඉන්දු කණ්ඩායමට ආවා අලුතමයි.කොහොමද ඔබට ඒ අත්දැකීම දැනුණේ ?

ඒක නම් මට එච්චර දැනුණේ නැහැ. මට ඒක හිනාවට තුඩුදෙන කාරණයක් වුණා. මම එතකොට එංගලන්තයේයි හිටියේ. මම කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කරන්නයි එංගලන්තයට ආවේ. එතකොට තමයි මට ආරංචි වුණේ දකුණු අප්‍රිකා නායක හැන්සි කොන්යේ මෙවැනි තරග පාවාදීමක් කළා කියලා.ඒත් මම රටෙන් පිට හිටි නිසා ඒ ගැන එච්චර උනන්දු වුණේ නැහැ.ඒ සිදුවීම මගේ මතකයෙන් එහෙමම යටපත් වුණා.


ඔබ ඒ සිදුවීම සැහැල්ලුවට ගත්තට හැන්සි කොන්යේ කියන්නේ ලොව බිහිවූ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක් ?

ඔබ හරි.මම ඔහුට එරෙහිව ක්‍රීඩා කරද්දි මම ඔහුට ගෞරව කළා.ඔහු දක්ෂ නායකයෙක්. අපි තරැණ ක්‍රීඩකයන් වශයෙන් ඔහුගෙන් නොයෙක් දේ ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඔබට හොඳ නායකයෙක් වෙන්න ඕනේ නම් , හැන්සි කොන්යේගේ චරිතය ඒකට හොඳ පරමාදර්ශයක් (තරග පාවාදීම සිදුනොවුණා නම්).

No comments:

Post a Comment