Sunday, July 21, 2013

Carlton Super 7's සඳහා පැමිණී ලෝක ප්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන්



(මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com)
තරැණයා - 2013/07/20

පසුගිය එකොළොස්වැනිදා කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උලෙළට සහභාගි වීම සඳහා ලෝක ප්‍රකට ගායක ජැමෙයිකාවේ ෂෝන් කිංග්ස්ටන් ශ්‍රී ලංකාවට පැමිණියේය.ඒ රුප් ගායකයකු, ගායකයකු, ගී පද රචකයකු මෙන්ම රෙගේ සංගීත ශිල්පියෙකු වන ෂෝන්, 2007 වසරේ තමන්ගේ ප්‍රථම ගීත ඇල්බමයෙන්ම ජනප්‍රිය වූවෙකි.එනම් එක රුයින් ජනප්‍රිය වූ තරැවක් ලෙසින් ඔහු හැඳින්වූවද වරදක් නැත. පසුගිය දොළොස්වැනිදා ඔහුගේ සංගීත ප්‍රසංගය පැවැත්වුණද ඔහුගේ පෞද්ගලික ජීවිතය, වෘත්තිය ජීවිතය පිළිබඳව යම් සටහනක් තැබීමට අපි අදහස් කළෙමු.
1990 වසරේ පෙබරවාරි මස 03 වැනිදා  ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ උපත ලද ෂෝන්ගේ සැබෑ නම කිෂෝන් ඇන්ඩර්සන්ය.එහෙත් තම ගායන ජීවිතයේ ඉදිරිය තකා නම වෙනස් කළ ෂෝන්, වැඩි කලක් ෆ්ලොරිඩාහි නොසිටි අතර වයස අවුරැදු හයක් වෙද්දීම ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරට  පැමිණීයේය.

ඔකො රියෝස්හි උසස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ෂෝන් සංගීත ජීවිතයට වැඩි බලපෑමක් වී ඇත්තේ ඔහුගේ සීයාගෙන් ලද සංගීතමය ආභාසයයි.ලෝරන්ස් ලින්ඩෝ නම් ඔහුගේ සීයා ජනප්‍රිය ජැමෙයිකානු රෙගේ නිර්මාණ ශිල්පියෙකි. එහෙත් ඔහුව සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන්නේ ජැක් රැබී ලෙසිනි.

එහෙත් ෂෝන්ගේ ළමා කාලය එතරම් සුබදායක වකවානුවක් නොවූ අතර වයස අවුරැදු 11දී සති තුනක් හිර බත් කෑමටද ඔහුට සිදුවිය.ඒ තම මව කරන ලදැයි කියන ගෙවල් බිඳුමකට ඇය වැරදිකරැ වූ නිසාවෙනි. මේ අනුව සති තුනකින් ෂෝන් පමණක් නිදහස් වුවද මව පැමිණෙන තුරැ ඔහුට සිදුවූයේ ඔවුන්ගේ මෝටර් රථයේ සැඟවී සිටීමටයි.

කෙසේ වෙතත් පෙර කී පරිදි 2007 වසරේදී තම ගායන දිවිය ඇරඹි ෂෝන්, ඒ සඳහා අත්වැල් බැඳගත්තේ සෝනි සමාගම සමගයි.ඒ අනුව ඔහුගේ පළමු සංගීත ඇල්බමය වන “ෂෝන් කින්ග්ටන්* එළිදකින්නේ ජේ.ආර්.රොටෙම්ගේ නිෂ්පාදිත්වය යටතේය. එහෙත් මෙය බෙලුගා හයිට්ස්,එපික් සහ කෝච් යන ලේබල් යටතේ පසුව තෙවරක් නිෂ්පාදනය විය.

මේ පිළිබඳ එකල අදහස් පළ කරමින් රොටෙම් මහතා පැවසුවේ මෙසේයි.

“ ෂෝන් කියන්නේ අපි සොයා ගත්ත අලුත්ම රුප් ගායකයා.ඔහු ඉදිරියේදී තව තවත් දියුණූ වෙයි.අපි ඒ වෙනුවෙන් ඔහුට උපරිම සහයෝගය ලබාදෙනවා.අපි ඔහු ගැන අපේ ආයතනයත් එක්ක කතා කළා.විශේෂයෙන්ම ඔහු වගේ දක්ෂයන් සොයා යන හැටිත්, ඔවුන්ගේ දක්ෂතා මාකට් කරන හැටි ගැනත් ගැන අපි එතැනදි කතා කළා.*

කෙසේ වෙතත් මෙම ගීත ඇල්බමයෙන් පසුව ඔහු එම වසරේම මැයි මසදී "Beautiful Girls" නමින් ගීතයක් පටිගත කළ අතර එය එකල අතිශයින් ජනප්‍රිය විය. ඇමෙරිකානු බිල්බෝඩ්  ගීත දර්ශකයේ සති තුනක් නොකඩවා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ මෙම ගීතය , එංගලන්ත ගීත දර්ශකය ආදී තවත් ජාත්‍යන්තර ගීත දර්ශක ගණනාවක පළමු ස්ථානයට පත්විය.එසේම එම ගීතය කැනඩාවේ ගීත දර්ශකයේ එම වසරේ වැඩිම කාලයක් පළමු ස්ථානය රුඳී සිටි ගීතය බවටද පත්විය.

ඔහුගේ "Me Love" ගීතයත් මෙසේමය. මෙය කොතරම් ප්‍රකට වූයේද යත් ඕස්ට්‍රේලියානු ගීත දර්ශකයේ නැගී එන ගායකයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගැනීමට තරම් සමත් විය.එසේම මෙම ගීතය තවත් වික්‍රමයක් කළේ සති නවයක් පුරා ඕස්ට්‍රේලියානු ගීත දර්ශකයේ පළමු ස්ථානය රුඳී සිටි ෆර්ජිගේ   "Big Girls Don't Cry" ගීතය ඉන් පහළට ඇද දමමිනි. කැනේඩියානු ගීත දර්ශකයේද පළමු ස්ථානය දිනා ගත් මෙම ගීතය හමුවේ තුන්වැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සති හයක් පුරා පළමු ස්ථානයේ පසුවූ the Plain White T' සංගීත කණ්ඩායමේ ගීතයකි.

2007 වසරේදීම රට රටවල සංචාරය කරමින් සංගීත ප්‍රසංගවලට සහභාගි වීමට භාග්‍යවන්ත වූ ෂෝන්ගේ පළමු සංචාරය වූයේ ඇමෙරිකාවේ පැවැති ග්වේන් ස්ටෙෆානිගේ The Sweet Escape සංගීත ප්‍රසංගයයි.ඉන්පසුව ඇමෙරිකාවේම බියෝන්ස්ගේ The Beyoncé Experience Tour සංගීත ප්‍රසංගයට සහභාගි වූ ඔහු,2008 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරයක් සඳහා තෝරා ගත්තේ කෙලී ක්ලාක්සන් විසිනි. ඒ ඇගේ My December Tour සංගීත ප්‍රසංගය වෙනුවෙනි.ඔහු තම සැබෑ නම වෙනස් කරගෙන ඇත්තේ මේ මොහොතේදීයි.එනම් ජැමෙයිකානු ගායකයකු ලෙස කිෂෝන් යන නමෙහි කි යන්න ඉවත් කර ෂෝන් ලෙසද, ජැමෙයිකාවේ අග නගරය කින්ග්ස්ටන් බැවින් අනෙක් නම ලෙස කින්ග්ස්ටන් යන්න යෙදීමට ඔහු තීරණය කළේය.

2009 වසරේ සැප්තැම්බර් මස 22දා තම ඊළඟ සංගීත ඇල්බමය ලෙස Tomorrow නිකුත් කළ මීට ලොව සුපිරි සංගීත නිෂ්පාදකයන් දායක වීම කැපී පෙනේ.එනම් හිටපු ෆියුජි ගායක වයික්ලෙෆ් ජෝන්,පළමු ඇල්බමයටද දායක වූ ජේ.ආර්.රොටෙම් මෙම සංගීත ඇල්බමයට දායක විය. ඊට "Fire Burning", "Face Drop" ආදී ජනප්‍රිය ගීත පහක් ඇතුළත්ය. නිකුත් වන්නේ මෙම ඇල්බමයෙන් පසුවයි.

2010 වසරේදී ජේසන් ඩෙරැලෝගේ "Whatcha Say" නම් ගීතයේ සහායක රචකයකු ලෙස දායක වූ ෂෝන්, අන්තර්ජාලය හරහා රෙගේ ගායකයකු වන ඉයාස් හඳුනාගත් අතර ඔහු සමග අලුත් ගීත නිර්මාණ එකතුවක් කිරීමටද කතිකා කර ගත්තේය. එසේම එංගලන්ත කාන්තා සංගීත කණ්ඩායමක් Sugababes සඳහා "Miss Everything" නමින් ගීතයක් නිර්මාණය කර දුන් අතර 2010 වසරේ මාර්තු මස 15දා Sweet 7 නම් එම සංගීත කණ්ඩායම නිකුත් කළ එම ඇල්බමයට මෙම ගීතය ඇතුළත් විය.

ඉන් අනතුරැව ජස්ටින් බීබර්, නිකී මිනාජ්, කාන්යේ වෙස්ට්, ෆ්ලෝ රිඩා, සෝල්ජා බෝයි, ඒකෝන් ආදී ලෝක ප්‍රකට ගායක ගායිකාවන් සමගින් සංගීත නිර්මාණ කටයුතුවල නිරත විමට වාසනාවන්ත වූ ෂෝන්ගේ නවතම ගීත ඇල්බමය නම් කර ඇත්තේ Back 2 Life ලෙසිනි.

ඔහු මේ පිළිබඳ අදහස් පළ කරමින් ජාත්‍යන්තර නාලිකාවක් වන MTV හිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම ගීත ඇල්බමය තමන්ගේ අලුත්ම ගීත ඇතුළත් මින් පෙර ගායනා කළ ගීත ඇතුළත් නොවන ඇල්බමයක් බවයි.ඒ අනුව ඔහු 2012 වසරේ මැයි මස පළමු සතියේදී මෙම ගීත ඇල්බමය නිකුත් කරන බව කීවද පසුව එය පමා කළේ එහි මියුසික් වීඩියෝ නිර්මාණය කිරිම ප්‍රමාද වී ඇති බැවිනි.ඔහු පවසන අන්දමට මෙම ගීතවල ජනප්‍රිය හාස්‍ය නළු මයික් එප්ස්ද චරිත නිරෑපණය කරන්නේය.එහි ඔහු රඟන ගීත දෙකෙහි රෑපගතකිරීම් අවසන් වී ඇත්තේ පසුගිය සතියේදීය. ඒ ලොස් ඇන්ජලීස් නුවරදිය.

2012 වසරේ නොවැම්බර මසදී ඩුබායිහි පැවැති ඩුබායි කැරිබියන් කානිවල්හිදී ජේසන් ඩෙරැලෝ සහ බවු වව් සමගින් කරට කර ගීත ගායනා කළ ෂෝන්,පසුගිය අප්‍රේල් මස 05දා පිල්ඩෙල්ෆියාහි පිහිටි විද්‍යා විශ්ව විද්‍යාලයේදී මෙන්ම අප්‍රේල් මස 27දා නිව් ඉංග්ලන්ඩ් විශ්ව විද්‍යාලයේදී සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට අදහස් කරගෙන සිටියේය.එහෙත් නොවැළැක්විය හේතූන් මත ඔහුට පසුව ඒවා නොපැවැත්වුණූ අතර ඩේටන් විශ්ව විද්‍යාලයේදී පමණක් "Dayton 2 Daytona" නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට අවස්ථාව ලැබිණ.

   2007 වසරේදී MOBO Awards හිදී හොඳම රෙගේ ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ ෂෝන්, 2008 වසරේ පැවැති Image Awards සම්මාන උලෙළේදී හොඳම නැගී එන ගායකයා ලෙසින් නිර්දේශ වූවෙකි. එසේම මේ වසරේ ජපානයේ පැවැති   MTV Video Music Awards Japan හිදී Back 2 Life (Live It Up)" වෙනුවෙන් හොඳම රෙගේ රැප රචනයට හිමි සම්මානය සඳහා නිර්දේශිත ෂෝන්, 2007 වසරේ පැවැති Teen Choice Awardsහිදී "Beautiful Girls" ගීතය වෙනුවෙන් හොඳම R&B Track ලෙසින් සම්මාන දිනා ගත්තෙකි. එසේම එහිදීම එම වසරේදීම එම ගීතය වෙනුවෙන්ම හොඳම Summer Track ලෙස නිර්දේශ වූවෙකි.එසේම 2009 වසරේ පැවැති මෙම සම්මාන උලෙළේදීම "Fire Burning" ගීතය වෙනුවෙන්  Summer Song ලෙසින් නිර්දේශ වූවෙකි.

K- Tinaගේ ප්‍රබල රසිකයකු වන ෂෝන්,ගායකයකු ලෙසින් පමණක් නොව සමාජ සේවකයකු ලෙසද අදටත් කටයුතු කරන්නේය.ඒ අනුව තාරැණ්‍යය බල ගැන්වීම උදෙසා විශාල වශයෙන් දායක වීමට උනන්දුවක් දක්වන ෂෝන්, 2010 වසරේදී සුරතලයට ඇති කරන බල්ලන් එළිමහනට රුගෙන යාමේදී දම්වැල් නොදමන්න යැයි ජනතාවට දැනුවත් කිරිමටද උත්සාහ ගත්තෙකි.

2011 වසරේ මැයි මස 29දා උදෑසන 6ට පමණ ෆ්ලොරිඩාහි මියාමි වෙරළේ හිම සපත්තු පැළඳ ඇවිදීමට ගොස් කාන්තාවක් සමගින් අනතුරකටද ලක් වූ ෂෝන්,පාල්ම් දූපත යා කෙරෙන පාලම උඩට පතිත වී ඇති අතර එවේලේම මියාමිහි පිහිටි ජැක්සන් අනුස්මරණ රෝහලට ඇතුළත් කිරීම නිසාවෙන් ජීවිතය බේරා ගත්තෙකි.එනම් කඩිනම් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරිමට බරපතල තත්ත්වයක සිටි ෂෝන්,ඒ මොහොතේදී මැණික් කටුවේ ආබාධයකට ලක් වී ඇත. එසේම පෙණහලුවලට වතුර යාම නිසා හකු ප්‍රදේශයද බිඳී තිබී ඇත.එහෙත් පසුව ඔහු සම්පූර්ණයෙන්ම සුව අතට පත් වී ඇත්තේ වෛද්‍යවරැන්ට පින්සිදුවන්නටය.

මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com

No comments:

Post a Comment