අද- 2013/07/17
පසුගිය 12 වැනිදා මිය ගිය හින්දි සිනමා නළු ප්‍රාන් ගැනයි මේ
පසුගිය 12 වැනිදා මිය ගිය හින්දි සිනමා නළු ප්‍රාන් ගැනයි මේ
සටහන - මාලන් විදානපතිරණ

1920 වසරේ පෙබරවාරි මස 20 දා
දිල්ලි(පැරුණි) නගරයේ බල්ලිමාරන්හි උපත ලද ප්‍රාන් ක්‍රිෂන් චන්ද් ධනවත්
පන්ජාබ් පවුලකින් පැවත එන නළුවෙකි.කෙවාල් ක්‍රිෂන් සිකන්ද් වන ඔහුගේ පියා
වෘත්තියෙන් ඉංජිනේරැවරයෙකු වන අතර රජයේ සිවිල් කොන්ත්‍රාත්තුකරැවෙකු ලෙසද ක්‍රියා
කළ අයෙකි.ප්‍රාන්ගේ මව රාමේශ්වරී වන අතර ප්‍රාන් සමග සමග ඔහුගේ පවුලේ පිරිමි
දරැවන් හතර දෙනෙක් සහ ගැහැණු දරැවන් තිදෙනෙක් සිටියේය.

ඡායාරෑප ශිල්පියෙකු වීමයි.ඒ අනුව ඡායාරෑප ශිල්පියෙකු ලෙස වැඩ භාර ගත්තේ ශිම්ලා
නගරයේදීය.ප්‍රාන්ට ශිම්ලා නගරය පසුකාලීනව තවත් අයුරකින් වැදගත්.ඒ මෙහිදී ඔහුට රංගන
ශිල්පියෙකු නොව නිළියක බවට පත්වීමට සිදුවූ නිසාවෙනි. එනම් රම්ලිලා නම් වේදිකා නාට්‍යයේ
සීතා ලෙසින් රඟපෑමට ඔහුට සිදුවූ නිසාවෙනි.මෙහි
රාමාගේ චරිතය රඟපෑවේ මදන් පූරි විසිනි.
මේ අනුව දිගින් දිගටම ඔහුගේ දෛවය මග සකසා දුන්නේ ඡායාරෑප ශිල්පියෙකු වීමට
නොව රංගන ශිල්පියෙකු වීමටය. එනම් 1940 වසරේදී ඉන්දියාව දෙකඩ වීමට පෙර ලාහෝර් නගරයේ
වෙළඳ ආයතනයකදී ඔහුට චිත්‍රපට තිර රචකයකු වන වොලී මොහොමඩ් වොලී හමුවන අතර ඒ අනුව
ඩල්ෂුක් එම්.පන්චෝලි නිෂ්පාදිත පන්ජාබ් චිත්‍රපටයක් වන යම්ලා ජට් සිනමා නිර්මාණයේ
චරිතයක් හිමිවෙයි. එහි ප්‍රධාන චරිතය නිරෑපණය කළේ නූර් ජෙහාන් සහ දුර්ගා ඛෝටේය.
මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ ඉන් දෙවසරකට පසුව එනම් 1942 වසරේදී ඛන්ඩාන් චිත්‍රපටයේදී
ප්‍රාන් වීරයාගේ චරිතයක් නිරෑපණය කරද්දී ජෙහාන් සහ දුර්ගා ඔහුට එරෙහි චරිත
රඟපාමින් මීට දායක වීමයි. චිත්‍රපට මේ යුගයේ තරම් විශාල සංඛ්‍යාවක් නො නිපැයුණු සමයක
1942- 1946 අතර කාල ප්‍රාන්තරයේදී කයිසි කහූන්, කමෝශ් නිගාහෙන් ආදී ජනප්‍රිය චිත්‍රපට
22කට දායක වීමට වරම් ලද ප්‍රාන්, 1947 වසරේදී පමණක් චිත්‍රපට 18කට දායක විය.
ඒ
අතරින් ටරාශ් සහ ඛානාබදෝශ් යන චිත්‍රපට අතිශයින් ජනප්‍රිය විය.

දශක හතකට ආසන්න කාලයක් පුරා චිත්‍රපට 350කට අධික ප්‍රමාණයකට සහභාගි වෙමින්
හින්දි සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රාන්ගේ සහකාරිය බවට පත්වූයේ
ෂුක්ලා අලුවලියාය.මේ දෙපළට දරැවන් තිදෙනෙකි. අරවින්ද්,සුනිල් සහ පින්කි ඔවුහු
වෙති.
ප්‍රාන්ට පසුගිය මැයි මස පැවැති 60 වැනි ඉන්දියාවේ ජාතික චිත්‍රපට උලෙළේදී
දාදාසහබ් පල්කේ සම්මානය පිරිනැමීමට ඉන්දීය රජය කටයුතු කළමුත් එය ලබා ගැනීමට තරම්
සෞඛ්‍ය තත්ත්වයක ඔහු නොසිටි බැවින් ඉන්දු රජය එය පිරිනැමුවේ ඔහුගේ නිවසටම ගොසින්ය.
උප්කාර් (1961), ආන්සෝ බන් ගයේ පූල් සහ බෙල් - ඉමාන් යන චිත්‍රපට වෙනුවෙන්
ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී තෙවරක්ම හොඳම සහාය නළුවා සම්මානය දිනා ගත් ප්‍රාන්, 1997
වසරේ පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී මෙන්ම සීසිනේ සහ ස්ටාර් ස්ක්‍රීන් යන
සම්මාන උලෙළවලදී සිනමාව වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ගෞරව සම්මානයකින්ද පිදුම්
ලැබුවේය.එමෙන්ම එසේම ඉන්දීය පුරවැසියකු ලබන ඉහළතම සම්මානය වන පද්ම භූෂණ සම්මානය
දිනා ගත් තෙවැනි පුරවැසියා ලෙසින් 2001 වසරේදී සම්මානයට පාත්‍ර වූ ප්‍රාන්,දුෂ්ට
නළුවෙකු ලෙස වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත් චිත්‍රපට නළුවා ලෙසද සැළකිය හැකිය.
No comments:
Post a Comment