ලැප්ටොප්,අයිෆෝන්,අයි පෑඩ් භාවිතා වන වත්මන් සංස්කෘතියේ තාරැණ්‍යයේ සිහිනය
වී ඇත්තේ ඒ පසුපස හඹායමින් අලුත් ලෝකයට පිවිසීමයි.එය ස්වාභාවිකය.මන්ද විශ්ව
ගම්මානයක ජීවත් වන අප, නව ලෝකය හා සමගාමීව ගමන් නොකරන්නේ නම් එයින් සිත තුළ
පසුගාමී හැඟීම් ලියලනු නොඅනුමානය. එහෙත් සියලු දේ සල්ලි මත තීරණය වන ධනවාදී සමාජයක
ජිවත් වන අප, මෙවැනි අරමුණු ඉටුකර ගැනීමට යාමේදී විශාල අභියෝගයකට මුහුණ දේ. එනම් ලැප්ටොප්,අයිෆෝන්,අයිපෑඩ්
ආදිය තියා ඇතැම් විට කන්නට අහර පිඬක් හෝ සොයා ගැනීමට නොහැකිව දෙමාපියන් කරනා අති
දැවැන්ත සටනයි. පොදුවේ ගත් කල තත්ත්වය එසේයි.එහෙයින් ඔවුන්ට මෙය සිහිනයක් විය
හැකිය.ඇතැම් විට මධ්‍යම පාන්තික පවුලක් තම දරැවාට පරිගණකයක් වුව ද රුගෙන දෙන්නේ කාලාන්තරයක්
පුරා එක් කළ මුදල් රුස්කර විය හැකිය. එසේ නැතහොත් බැරිම තැන ක්‍රෙඩිට් කාඩ් ගසා
විය හැකිය. එසේ නැතහොත් ඉහ මොළ රත්වන තවත් ණය බරකට කර ගසමිනි.එහෙත් තාරැණ්‍යයට
එයින් සෑහීමකට පත්විය නොහැක.ඩොන්ගල් එකක් හෝ වෙනත් අන්තර්ජාල සබඳතාවයක් ද අවශ්‍යය.ඒ
සඳහා ලැබෙන මාසික ගාස්තුව ගෙවීම ද අත්‍යවශ්‍යය.
“එහෙනම් අපිට කොම්පියුටරේකුත් එපා කියලද ඔයා අපිට කියන්නේ ?“ ඔබ දැන් අපෙන්
ප්‍රශ්න කරනු ඇත.
එහෙත් මගේ පිළිතුර “නැහැ.කිසිසේත්ම මම එහෙම කියන්නේ නැහැ“ යන්නයි.
ඔබට පරිගණකයක් අවශ්‍යය. අපට ද පරිගණයක් අවශ්‍යය.ඔබට අන්තර්ජාල පහසුකම් ද
අත්‍යවශ්‍යය. එමෙන්ම අපට ද අන්තර්ජාල පහසුකම් අවශ්‍යය.එහෙයින් මෙම ලිපියේ අරමුණ නව
ලෝකය සඳහා වෙත පිවිසෙන ඔබව නිර්දය ලෙස විවේචනය වැනි පටු අභිප්‍රායයකැයි ඔබ සිතන්නේ
නම් එයින් හැඟෙන්නේ අප ඔබට කුළුගැන්වීමට උත්සාහ කරන්නේ යමක්ද එය ඔබට තවමත් හරිහැටි
නොතේරී ඇති බවයි.
මන්ද අප එදත් අදත් හෙටටත් මුහුණදෙන ප්‍රබල අභියෝගයක් වන ජීවිතය පවත්වාගෙන
යාම නොහොත් ජීවත් වීම ඉතා අසීරැ කටයුත්තක් වන බැවිනි. මේ බව අපට ද වැටහේ. ඒ
රුකියාවක් කරනා දාටය. නැතහොත් දෙමාපියන් වූ දාටය. මුදලින් යැපීමට වඩා ඉපයීමේ වූ
අභියෝගතා කෙතරම්දෝයි එදාට අපට දැනෙනු ඇත.ඇතැම් විට ඔබට දැනුදු දැනෙනු ඇත.ඒ ඇතැම්
විට මේ පුවත්පත කියවන ඔබ රුකියාවක නිරත වන්නෙකු විය හැකි බැවිනි. එසේ නැතහොත්
රුකියාවක් කරමින් අධ්‍යාපනය ලබනා සිසුවෙකු වුව ද විය හැකි බැවිනි.එහෙයින් ඔබ
පරිගණක කාර්යයන් පාසැලින් හෝ කාර්යයෙන් සපුරා ගන්නෙකු ද විය හැකිය.එසේ නොමැතිව
ලැප්ටොප් පසුපස හඹා නොයන්නෙකු විය හැකිය.
කෙසේ වෙතත් මෑතකදී ශ්‍රී ලංකාවේ තාරැණ්‍යය තුළ මුල් බැසගෙන ඇති නව
සංස්කෘතියක් පිළිබඳ යම් සටහනක් තැබිය යුතුමය. ඒ පරිගණකයක් තිබියදීත්,අන්තර්ජාල
පහසුකම් තිබියදීත්, තමන්ට ලැප්ටොප් අවශ්‍ය බවට කන්කෙඳිරි ගෑමය.අපගේ දැක්ම නම් මෙය
එතරම් යහපත් ප්‍රවණතාවයක් නොවන බවයි. එහෙත් ඔබ මේ සමග අපව දැඩි සේ පිළිකුල් කරනු
ඇත.ඒ සඳහා අපි අනුමාන කරනා හේතු කිහිපයක් නිදසුන් සේ දැක්වීමට කැමැත්තෙමු.
“ අපේ මල්ලිටයි, මටයි තියෙන්නේ එක කොම්පියුටරයක්. ඒ හින්දා හැමදාම රණ්ඩු. ඒ
නිසා මට මගේ පාඩුවේ වැඩක් කරගන්නත් බැහැ.“
“ආපෝ....... අපේ ගෙදර තියෙන කොම්පියුටරේ වැඩක් නැහැ. අනික කොහේවත් අරන්
යන්නත් බැහැ.ඒ නිසා අපේ යාළුවෝ ඔක්කොම වගේ දැන් කොම්පියුටර් අතහැරලා ලැප්ටොප් එකක්
අරගෙන.ඉතින් මමත් එකක් ඉල්ලුවම ඇති වැරුද්ද මොකක්ද ?“
“මට කොහොම හරි ලැප්ටොප් එකක් ඕනේ.මට බැහැ මේ අටමගලේ වැඩ කරන්න. අනික හැම
තිස්සේම කැඩෙනවා. දූවිලි බැඳෙනවා. සුද්ද කරන්න ගොඩ වෙලා යනවා. ඒ වගේ ද ලැප්ටොප් ? “
එහෙත් අප මෙසේ ප්‍රශ්න කිරීමට කැමැත්තෙමු. අනාගතයේදී ලැප්ටොප්වලටත් වඩා
පහසු උපකරණ වෙළඳපොළට පැමිණිය හැක. එවිට ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ? ඔබ
අනිවාර්යයෙන්ම තම ලැප්ටොපය වීසි කොට එවන් උපකරණයක් මිලදීගෙන මෙන් යළිත් කන්කෙඳිරි
ගීත ගායනා කරනු ඇත. එලෙසින්ම දෙමාපියන් ද ඔබගේ එම අරමුණු ඉටුකර දිය යුතුය යන්න ඔබගේ
ආකල්පයයි. එනම් ඔබේ හදවත දැවෙන්නේ,
“අම්මේ, තාත්තේ, උඹ මාව මෙලොවට බිහි කළානම්, දැන් ඉතින් මම ඉල්ලන ඉල්ලන
දේවල් අරන් දීපන්.“ වැනි හැඟීමකිනි.
එහෙයින් රැපියල් 40,000 – 50,000කට පරිගණකයක් මිලදී ගෙන දුන් දෙමාපියන්
පිළිබඳව ඔබ සිතන්නේ ලැප්ටොපය කීයක් වුව ද එය රුගෙන දීම ඔවුන්ගේ පරම යුතුකම බවයි.
එහෙත් ඔබ ඉතුරැ කර ගන්නා මුදලින් හෝ රුකියාවකින් උපයා ගන්නා මුදලකින් හෝ මෙවන් දේ
මිලදී ගත්තාට අපට කම් නැත.මන්ද එය ඔබගේය.එමෙන්ම එම ලැප්ටොපය මිලදී ගැනීමට ගත්
මහන්සිය දන්නේ ඔබ පමණක් බැවිනි. එහෙයින් බුද්ධ දර්ශනයේ එන ලද දෙයින් සතුටුව,තමාට
අවැසි කාර්යය තිබෙන සම්පත්වලින් ඉටුකර ගැනීමට ඔබ මහන්සි මහන්සි ගන්නේ නම් එය ඔබේ
මතු දියුණුව උදෙසා ද හේතු වනු ඇති බව අපගේ විශ්වාසයයි.එමෙන්ම අද සිටම ඔබ
දෙමාපියන්ගේ යුතුකම් පසෙකලා තම වගකීම් කොටස නොපිරිහෙලා ඉටුකරලීමට මහන්සි ගන්නේ නම්
එය ද ඔබගේ මතු දියුණුවට හේතු වනු ඇතැයි යන්න අපි විශ්වාස කරමු.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment