Saturday, September 19, 2015

පොර ටෝක්,ඉගෙනීම සහ මම 2015/09/19

පොර ටෝක්,ඉගෙනීම සහ මම

බර වදන් යොදාපු
පොර ටෝක් ගොතාපු
ඇදහුමක් පුරාලපු
ඉගෙනුමද යහපත්?

බැහැ මටත් ඉවසන්න
සොඳුරු බව මට දෙන්න
ජීවිතේ කොතරම්
පියකරුද පවසන්න

මල් වඩම් මවාපු
අකමැත්ත ඔතාපු
සතුට මට තහනම්ද
ජීවිතේ මෙතරම්

ලගන්නා කතරක
මටම වූ පැළයක
පහස ඇයි ලබනට
තහංචි වැටකොටු බැඳ

නුඹ ඔහොම ඔතැනම
තව ටිකක් හිඳිනු මැන
මගක් මම තනාගෙන
එමි හෙටම උදයෙන්ම

- මාලන් විදානපතිරණ

No comments:

Post a Comment