Wednesday, June 25, 2014

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් වේදිකා නාට්‍ය කලාව ගැන කතා කරයි 2014.06.25



වේදිකාවේදී යමක් වැරදුණොත් ඒක වැරදුණාම තමයි



සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් වේදිකා නාට්‍ය කලාව ගැන කතා කරයි



 



 


මාලන් විදානපතිරණ

 
ලොව දෙවැනි ධනවත්ම නළුවා වන ෂාරැක් ඛාන් පසුගිය සතියේ “ටයිම් ඔෆ් ඉන්දියා* පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය. ඒ අනුව බොලිවුඩයේ ජනප්‍රියම තරැව වූ ඔහු, තමන්ගේ ආරම්භය සනිටුහන් වන වේදිකා නාට්‍ය කලාව පිළිබඳව නොකී කතාවක් ඔබ හමුවේ තැබීමට අපි වාසනාවන්ත වීමු.
“වේදිකාවේදී යමක් වැරදුණොත් ඒක වැරදුණාම තමයි.ඒ මේක සජීවි මාධ්‍යයක් නිසයි. ඒ නිසා රංගනයේදී ජය ගත යුතුම මාධ්‍ය වෙන්නේ වේදිකාව.ඒ ආකෘතිය ග්‍රහණය කරගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂ නළුවෙකු වීමට අවශ්‍ය පදනම සකස් කර දෙන්නේත්.ඒ නිසා වේදිකාව කියන්නේ මට නම් හරියට ජීවිතය වගේ. * ෂාරැක් කතාව ඇරඹුවේය.



රෑපණයේ මිනින්දෝරැවා වේදිකාවලු.මේක ඇත්තක්ද ?

ඔව්. ඔබේ රංගනයේ සාර්ථකත්වය ඔබටම මැන ගන්න පුළුවන් වෙන්නේ වේදිකාවෙන්.වසර ගණනාවක පළපුරැද්දෙන් ලැබෙන විනය,පුහුණුව තමයි ඒ සාර්ථකත්වයට රුගෙන යන්නේ.ඒ නිසා කලාව ඉගෙන ගන්න නම් සුදුසුම ස්ථානය තමයි වේදිකාව.අනික රටේ සිටින බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිස දැක ගැනීමට ලැබෙන්නේත් වේදිකා නාට්‍ය කලාව තුළින්.ඒ නිසා සිනමාවේ සහ මාලා ටෙලිනාට්‍යවලින් බිහිවුණු හුඟක් තරැවල ආරම්භය වේදිකාව.අනික වේදිකාවෙන් පැමිණි කලාකරැවන්ට මේ කලාව ගැන ගරැත්වයක් තියෙනවා. ඒ නිසා බොලිවුඩයේ ගුරැවරයා විදිහට හැඳින්වෙන්නේත් ඉන්දියානු නාට්‍ය කලාව.ඒකයි මගේ අදහස.


ජාතික නාට්‍ය පාසැලේ ඔබ ගෙවූ මතකය කොහොමද ?

මගේ ඉස්කෝලේ තිබුණේ නාට්‍ය පාසලට අනික් පැත්තේ.ඒ නිසා තාත්තා මාව උදේට ශාන්ත කොළොම්බස් විද්‍යාලයට දාලා රෙස්ටුරන්ට්ස්වලට යනවා වැඩට.ඒත් ඉස්කෝලේ ඇරැණට පස්සේ මට පැය දෙකක් ඉස්කෝලේ ඉන්න වෙනවා.මොකද අක්කා මාව එක්කන් යන්න එනකම් අපිට ගෙදර යන්න බැහැ.අනික ඒ දවස්වල මම හරිම හුරැබුහුටි ළමයෙක්. හරිම දඟයි.මම එහා පැත්තේ තියෙන නාට්‍ය පාසලට ගියේ ඒ හින්දයි.ඉන්දියාවේ සුපිරි නළු නිළියන් ඔක්කොම පුහුණුවුණේ එතැන.ඒක ගැන දැන් හිතෙනකොට නම් මට පුදුමත් හිතෙනවා.මම එතැනට ගියා කියන එකත් හීනයක් වගේ. ඒත් රාජ් බබ්බර් මාමා මට විශිෂ්ට වේදිකා නාට්‍ය ගැන හැම වෙලාවකම ඉගැන්නුවා.ඔහු කියා දුන්නු “සුරාජ් කා සත්වන් ඝෝදා*,“රාසියා සුල්තානා*,“ටියුලක්* වගේ නාට්‍ය මට තාම මතකයි.ඒ නිසා මේ නළු නිළියන් දැක්ක දවසේ ඉඳන්ම මම හීන මැව්වේ නළුවෙක් වෙන්නයි.ඒකටයි මම ඔවුන්ගේ රංගනය දිහා බලන් හිටියේ. ඒ නිසා හැමදාම එතැනට ආපු ඒ පුංචි කොලු පැටියට රෝහිනි හත්තන්ගාඩි සහ අනෙක් නළු නිළියන් රංගනය ඉගැන්නුවා. ඒත් අද මට ඔවුන්ව දකින්න විදිහක් නැහැ.ඒත් සිනමාවේත් දක්ෂ නළුවෙක් වන අනුපම් කේර් පවා ඒ දවස්වල එතැනට ආවා මට මතකයි.ඒ වගේම නස්රැදීන් ෂා කියන විශිෂ්ට නළුවත් එතැන පුහුණුවීම්වලට ආවා.හැබැයි නස්රැදීන් ෂා තමයි කොළොම්බස් විද්‍යාලයේ මගේ නාට්‍ය ගුරැතුමාත්. ඒ නිසා මම හැම මාසේකම ඒගොල්ලන්ගේ නාට්‍ය බලන්න ගියා.හැම පුහුණුවීමක්ම බලන්න ගියා.ඒ කාලේ කනිෂ්ඨ රංගන ශිල්පියෙකු වන රගුබිර් යාදේව් මම මුලින්ම දැක්කේත් නාට්‍ය පාසැලේදි.


වේදිකාව කියන්නේ දැඩි විනයක් තියෙන තැනක්ලු.ඔබටත් එහෙමද ?

ඇත්තෙන්ම ඔව්.අනික ඒක මානසික ව්‍යායාමයක්. භෞතිකමය ව්‍යයාමයක් වශයෙනුත් ඒක හුඟක් වැදගත්.මොකද වේදිකාවෙන් තමයි මම හඬ පාලනය,ශරීර භාෂාව සහ ඉවසීම ඉගෙන ගත්තේ.ඒත් හුඟක් වෙලාවට මම නාට්‍ය පුහුණුවුණේ ස්වාභාවිකවාදී රීතියකට අනුව.ඒකටයි හුඟ දෙනෙක් කැමැති වුණෙත්.අනික ප්‍රේක්ෂකයෝ මට කිව්වේ මම කිසිම ආයාසයකින් තොරව මගේ දෙබස් කියනවා කියලයි.ඒත් දෙබස් අධ්‍යයනය කිරිම තමයි වේදිකා නාට්‍ය කලාවෙන් ඔබට උගන්වන මූලිකම සිද්ධාන්තය.අනික එහෙම නොකර බොරැ කරන්න හිතන් ඉන්නවා නම් ඒක ඔබට ලොකු වැරදීමක්.මොකද අපි සජීවි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ තමයි අපේ ඉදිරිපත් කිරීම කරන්නේ.කොහොම වුණත් වේදිකා නාට්‍ය නළුවෙකුට විඳින්න ලැබෙන අපූරැ අත්දැකීමක් තිබෙනවා.ඒ තමයි ඔබ වේදිකාව තුළදී තනි වීම.ඔබ ඉදිරියේ දහස් ගණන් ජනතාව රුස් කකා බලා සිටියත් වේදිකාව මත එහෙම නැහැ.ඔබ දිහා තමයි හැමෝම බලන් ඉන්නේ.ඔබ මොකක්ද කරන්නේ කියලයි හැමෝම බලන් ඉන්නේ. ඒ නිසා වේදිකා නාට්‍ය කලාව තුළින් තමයි ඒ ස්ථාවරත්වය හුඟක් දියුණු කරන්නේ.ඒත් ඒ ස්ථාවරත්වය නැති නිසාම තමයි සමහර සුපිරි නළුවන් පවා වේදිකාවේදී අසාර්ථක වෙන්නේ.එවැනි අවස්ථා එමටයි.අනික අවුරැදු නවයක් තිස්සේ වේදිකා නාට්‍ය කලාවෙන් ලද ආභාසය නිසයි මම මගේ රෑපණය දියුණු කර ගත්තේත්. සාමූහික හැඟීම ගොඩනැගෙන්නේත් වේදිකාවෙන්.කණ්ඩායමක් විදිහට වැඩ කරන හැටි,කණ්ඩායමක් විදිහට හැසිරෙන හැටි මේ හැම දෙයක්ම ඉගෙනගත්තේ වේදිකාවෙන්.ඒත් චිත්‍රපට කර්මාන්තයේ එහෙම නැහැ කියලා මම කියන්නේ නැහැ.මොකද ඒකත් සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක්.ඒත් එතැන තිබෙන්නේ හරිම විනෝදකාමී පරිසරයක්.කොහොම වුණත් වේදිකා නාට්‍ය කලාව තුළින් ඉගෙනගත්ත හුඟක් වැදගත් දෙයක් තියෙනවා.ඒක මගේ චිත්‍රපටවල සාර්ථකත්වයටත් බලපෑවා.ඒ තමයි මම ප්‍රධාන චරිතය රඟපෑවාත් අනික් කෙනාගේ චරිතයත් හොඳට අධ්‍යයනය කිරිම.


ඔබ සිනමාවේ රඟපානකොටයි,වේදිකාවේ රෑපණයේ යෙදෙනකොටයි යම් වෙනසක් තියෙනවද ?

නැහැ.එහෙම වෙනසක් මම දකින්නේ නැහැ.ඒත් ඔබ වේදිකා නාට්‍ය නළුවෙක් නම් රංගනය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලැබේවි.ඒ තුළින් ලැබූ අත්දැකීම් ඔබේ සාර්ථකත්වයටත් බලපාවි.


No comments:

Post a Comment