Blue Jasmine මද්‍යසාර හා දුම්වැටි දර්ශන හේතුවෙන් ඉන්දියාවේ තිරගත නොවේ
මාලන් විදානපතිරණ

ඉන්දියාවේ නව නීති රෙගුලාසිවලට අනුව චිත්‍රපටවලට අනුව චිත්‍රපටවල චරිත
දුම්වැටි පානය කරන දසුන්, ඉන්දු රජය පාලනය කර ඇති අතර දුම්වැටි හා මද්‍යසාර විරෝධි
දැන්වීමක් සෑම චිත්‍රපටයකටම පෙර පළ කිරිම අනිවාර්යය කර තිබේ.
ඒ අනුව හැත්තෑ හත් හැවිරිදි වියේ පසුවන මෙමි අධ්‍යක්ෂවරයා බීබීසී පුවත්
සේවයට පවසා ඇත්තේ මෙම නීති රෙගුලාසි තමාගේ චිත්‍රපටයටත් වලංගු වුවහොත්, චිත්‍රපටය
ඉන්දියාවේ පෙන්වීම තමන් අනිවාර්යයෙන්ම අවලංගු කරන බවයි.
කෙසේ වෙතත් මෙහි දුම්වැටි දර්ශන දෙකක් පමණක් ඇතුළත් වන අතර ඒවාට දායක වන්නේ
කේට් බ්ලැන්චෙට්ය.මේ නිසයි, එම දර්ශනවලදී තිරයේ පහළ දුම්වැටී විරෝධී දැන්වීමක් පළ
කළ යුතුය යන්න ඉන්දීය රජය ඉල්ලා ඇත්තේ.
වූඩි ඇලන් විසින්ම තිර රචනය කළ මෙම හාස්‍ය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය
නිරෑපණය කරන්නේ ඇලෙක් බෝල්ඩ්වින්,බොබී කැනාවේල්, සැලී හෝව්කින්ස් සහ කේට් බ්ලැන්චෙට්ය.ලැරී
ආරොන්සන්, ස්ටීවන් නෙන්බවුම් සහ එඩ්වඩ් වෝල්සන් නිපැයූ “Blue Jasmine, ධන කුවේරයකු ඉතා අභාග්‍යසම්පන්න ලෙස
තම නිවසද අහිමි අසරණයකු වටා දිවෙන්නකි.
2012 වසරේ මාර්තු මස නිෂ්පාදනය ඇරඹි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙසින්
යොදා ගැනීමට නිර්මාණකරැවන් අදහස් කරගෙන සිටියේ කේට් බ්ලැන්චෙට්ය.කෙසේ වෙතත් ඒ
පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණියේ එම වසරේ ජුනි මසදීය. ඒ අනුව ඒ වන විට පැවැති
සියලු චරිත පිළිබඳ සංශෝධනයන් ඉදිරිපත් කෙරැණු අතර ඒ අනුව ඇයගේ සහභාගිත්වය තහවුරැ
කෙරිණ.
ඒ අනුව 2012 වසරේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගරවල ප්‍රධාන
රෑගතකිරීම් පැවැති මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු භාරගත්තේ සෝනි පික්චර්ස්
සමාගමයි.එය සෝනි පික්චර්ස් සමාගම සහ ඇලන් අතර කෙරැණු හයවැනි චිත්‍රපටයයි.

මෙම වේදිකා නාට්‍යෙය් එලිසා කාසන් කළ නිෂ්පාදනය සඳහා ප්‍රධාන චරිත ලෙසින්
දායක වූයේ මාලන් බ්‍රැන්ඩෝ සමග ජෙසිකා ටැන්ඩි සහ කිම් හන්ටර්ය. 1951 නිෂ්පාදනය වූ
එම වේදිකා නාට්‍යයේම චිත්‍රපටය ඔස්සේද මෙම චිත්‍රපටය සංසන්දනාත්මකව විචාරය කෙරෙන
අතර එහි ප්‍රධාන චරිතය නිරෑපණය කළේද මාලන් බ්‍රැන්ඩෝ සමග විවියන් ලෙයිය.
No comments:
Post a Comment