දු.ක.119"
එදා
හරි වැස්ස
ධාරානිපාත වැස්ස
බසයට වී සැපට සිටියෙමි මම පාර දෙස බලමින
මහරගමට යමින
සියල්ලෝම වැඩ නවතමින
මුළු ගැන්වෙයි කඩපිල්වල එහෙත් පාර අයිනේ මාළු විකුණන
ත්‍රීවිල් මල්ලිගේ අත නොනැවතී තිබිණ
පාර අයිනේ ඉටි පැදුරක් එලාගෙන
ඉන් අට්ටාලයක් හදාගෙන
කපයි මාළු කූරියා දෙකට
කපයි මාළු කූරියා හතරට
කිරයි හාල්මැස්සෝ හනි හනිකට
දැන් ඒවි දැන් ඒවි සිතමින
හතර දෙසින් මාළු ගන්නට
තමන්ගේ කඩයෙන්
එළවයි මැස්සන් වට පිට බලමින
සිහින මවමින හවසට ළමයින්ට රජ බොජුන් රැගෙන යන්නට
සිහින මවමින කවදා හෝ තමන්ගේම කැදැල්ලක් තනා ගන්නට
අද
මාළු ලෑල්ල එහි නොමැත
ත්‍රීවිල් මල්ලිගේ සලකුණක්වත් නැත
ත්‍රීවිල් එකත් නැත
එහෙත්
එහි ඇත බෝඩ් ලෑල්ලක් සවිකර
“මෙම ඉඩම විකිණීමට තිබේ
පහළින් ඇත කතා කළ යුතු නොම්මරේ
එහෙත්
මුල කොටස එහි මැකී ඇත
දු.ක.- ......119:"
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment