මං මෙලොව එළිය දුටු මුල් දවසක,අම්මයි තාත්තයි මට අසනීප වෙලා බොහෙත් අරගෙන ආයෙමත් කාසල් එකෙන් එළියට එද්දී බස් ස්ටෑන්ඩ් ළඟින් දැකලා පුරුදු චරිතයක් ගියා.ඒ වෙන කවුරුවත් නෙමෙයි.අතිශයින් ජනප්‍රිය කමල් අද්දරආරච්චි.ඔහු අපිව දැකලා ලොරිය නැවැත්වුවා.කොහාටද යන්නේ ඇහුවා.ඉන්පස්සේ ලොරියේ ඉස්සරහ සීට් එක අපට දීලා,පිටිපස්සේ තනියෙන් එල්ලීගෙන ගියා.ඒ කතාව මට තාත්තා කිව්වේ කමල්ව ඈත තියා දකිද්දියි.මොකද මම දැනන් හිටියේ කමල් දක්ෂ නළුවෙක් විදිහට විතරයි. ඒත් එදායින් පස්සේ මට අවුරුදු 25ක් යනකම්ම ඔහුව හම්බවුණේ නැහැ. අද හම්බවුණෙත් අහම්බෙන් වගේ. ඒ තාත්තත් එක්ක කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නිමවෙලා ගෙදර එද්දී, තලංගම - කොස්වත්ත පිහිටි ෆුඩ් සිටියට ගිය මොහොතේදී(2015/11/4).

ඔහු සිනාසුණා.සමහරවිට මතක නැතිව ඇති.
“මේ ඉන්නේ එදා ඔයා දැකපු දවස් කීපයේ පුංචි ළමයා තමයි“ තාත්තා ආයෙමත් කිව්වා.
නමුත් අද(2015/11/27) මම, ඔහුගේ නිවසට ආවේ අද පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු සමග සිනමාව පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නයි.මේ ඒ සොඳුරු මොහොත.
- මාලන් විදානපතිරණ