බුද්ධිමය පිරිපහදුවකට
රසවින්දනය විතැන් කරන
Massක්
ලබන 25 වැනිදා බොරුල්ල නාමෙල්
මාලිනී පුංචි තියටර්හිදී
සටහන - මාලන් විදානපතිරණ


ඉබ්සන් අතින් An Enemy of the People නාට්‍යය රචනා වන්නේ 1882 වසරේදීයි.එනම්
වික්ටෝරියානු සදාචාරය උපහාසයට ලක් කරමින් රචනා වූ “Ghosts*
නාට්‍යය ජනතාව විසින්ම දැඩි පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කළ මොහොතක රචනා කළ මෙම
නාට්‍යය එසේ යථාර්වාදී රංග රීතිය ඉතා සූක්ෂමව මනුෂ්‍ය සම්බන්ධතා සහ මනුෂ්‍ය හැඟීම්
ස්පර්ශ කළ නිර්මාණයකි.
ඒ අනුව පළමු අංකයේ සිටම ප්‍රේක්ෂකයාට කුකුස දැනවීමට ශ්‍රී ලාංකීය
පරිවර්තනයේදීද සමත්ව තිබීම අගය කළ යුත්තකි. වෙසෙසින්ම නාට්‍යය හා බැඳී පවතින
අනුශාංගික කලා පවා රංගාවලෝකය, වේෂ නිරෑපණය මෙන්ම පසුතල නිර්මාණද ප්‍රේක්ෂකයා
නිතැතින්ම නෝර්වීජියානු පසුබිම් තලයකට ගෙන යාමට සමත් වීම මෙහිදී සටහන් නොකරම බැරිය.
ඒ අනුව පළමු අංකයේ සිටම ප්‍රේක්ෂකයාට
කුකුස දැනවීමට ශ්‍රී ලාංකීය පරිවර්තනයේදීද සමත්ව තිබීම අගය කළ යුත්තකි. වෙසෙසින්ම
නාට්‍යය හා බැඳී පවතින අනුශාංගික කලා පවා රංගාවලෝකය, වේෂ නිරෑපණය මෙන්ම පසුතල
නිර්මාණද ප්‍රේක්ෂකයා නිතැතින්ම නෝර්වීජියානු පසුබිම් තලයකට ගෙන යාමට සමත් වීම
මෙහිදී සටහන් නොකරම බැරිය.
නාට්‍ය පළමු අවස්ථාව ලෙස අපට
හමුවන්නේ මෙහි ප්‍රධානතම චරිතය වන දොස්තර තෝමස් ස්ටොක්මාන්ය.ඔහු යම් අපේක්ෂාවකින්
සන්නද්ධව දැඩි නොඉවසිල්ලෙන් සිටින්නකි. ඒ අනුව දොස්තර වටා ඔහුගේ බිරිඳ කත්රිනා සහ
දුව පෙට්රා එක්රොක් වෙයි. එසේම ආරම්භයේ සිටම නැවියකු මේ දෙස බලා සිටියි.ඔහු
කැප්ටන් හෝස්ටර්ය.

එනම් සුඛාන්තමය ජවනිකාවක
හැඩරැව නිර්මාණය කරන නාට්‍යකරැවා, ජන හඬ පුවත්පතේ කර්තෘ හවුස්ටඩ්,ඔහුගේ සහායක
බිලින්ග් මෙන්ම සමාජයේ යම් යම් වැදගත් තීරණ ගැනීමේදී අවශ්‍ය වන වෙළඳ ඒකාධිකාරය සතු
මුද්‍රණ ශිල්පියා වන ඇසලැක්සන් වෛද්‍යවරයාගේ උත්සාහයට සහාය දක්වයි.එහෙත් එසේ
පිළිතුරැ දෙන්නේ ඇයිදැයි හැඟෙන්නේ චරිතවල චෛතසික ස්වභාවය නාට්‍යයේ යටිපෙළ ඔස්සේ විමර්ශනය
කිරීමේදීය.

එනම් දේශපාලන බල අධිකාරිය
හමුවේ ජනහඬ පුවත්පත සහ මුද්‍රණ ශිල්පී ඇසලැක්සන්, වෛද්‍යවරයාගේ ජනහිතකාමී අරගලයට
එරෙහිව නැගී සිටියි. එනම් පවතින ක්‍රමය ඔහුට සැහැසිකම් කරයි.එහි ඉත්තා බවට
පත්වන්නේද ඔහුගේම මස්සිනාය. එනම් නගරාධිපති වන පීටර් ස්ටොක්මාන්ය. නැවතත් ජල
පිරිපහදුවක් සිදුවිය යුතු බවට වෛද්‍යවරයාගෙන් නැගෙන යෝජනවා දැඩි පිළිකුළෙන් යුතුව
හෙළා දකින ඔහු අදිසි බලවේගයක් ලෙස ක්‍රියා කරමින් වෛද්‍යවරයාගේ සෑම ඉදිරි පියවරක්
පසුපසට අදියි.
ඒ අනුව පවතින ක්‍රමය ප්‍රශ්න
කරන ඉබ්සන්, නගරාධිපතිගේ තර්කය හරහා ජනතාව අතර ඇති විය යුතු ගැඹුරැ සංවාදයකට මග
පාදයි. එනම් නැවත ජල පිරිපහදුවක් කිරීමට නම් නගරයෙන් එක් රුස් කරන බදු මුදල් ප්‍රමාණය
වැඩි කර යුතු බවට නගරාධිපති පවසන්නේ සමස්ත දේශපාලන ක්රමයේම අඩිතාලම ප්‍රශ්න
කරමිනි.එනම් පළමුව වෛද්‍යවරයාට බුද්ධිමය පිරිපහදුවක් සඳහා අර ඇඳීමට සිදුවන්නේ ජල
පිරිපහදුව නාට්‍යයේ කතා වස්තුව වෙනුවෙන් යොදා ගත් සංකේතයක් පමණක් බවට තහවුරැ
කරමිනි.
ඒ අනුව ජන හඬ වෙනුවෙන් පෙනී
සිටින ජනහඬ පුවත්පත වෛද්‍යවරයාගේ ලිපිය පළ කිරීම නිෂ්ප්‍රභ කරන අතර ඊට ඉතා දැවැන්ත
ලෙස දේශපාලන බලය මැදිහත් වේ.

එනම් ලිපිය ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් සියලු තීරණ ගැනීම නගරාධිපතිගේ අණසකට ගොදුරැ වන අතර මාධ්‍ය නිදහස නොමැති වන මාධ්‍යවේදීන් කරකියාගත නොහැකි පඹයන් බවට පත්වන්නේ ඉබ්සන්ගේ ගැඹුරැ නාට්‍ය දෘෂ්ටි කෝණය විදාරණය කරමිනි.එනම් මුද්‍රණ ශිල්පියා පවා වෛද්‍යවරයාගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් ඉඩ ලබා නොදෙන්නේ තමාට එක් ලිපියක් නිසා අනාගතයේදී සිදුවන පාඩුවක් දරා ගැනීමට අවශ්‍ය නැති නිසාවෙනි.

එනම් මාධ්‍යයෙන් තමන්ගේ
හෙළිදරව්වට අවස්ථාව නොලැබෙන කල ජනතාව ඉදිරියට යන වෛද්‍ය තෝමස් ස්ටොක්මාන් ජනතාවගේ
විකටයකු තත්ත්වයට පත්වන්නේය. එහෙත් විකටයා වූයේ කව්ද ? ප්‍රේක්ෂකයාගේ තැතිගැන්මකට
ලක් කරන්නේ එයයි.
එහෙත් මේ සියල්ලක් දෙසම ඉතා
නිහඬව බලා සිටින චරිතයක් වන කැප්ටන් හෝස්ටර්, වෛද්‍යවරයාගේ සෑම තීරණාත්මක අවස්ථාවක්
වෙනුවෙන්ම පෙනී සිටියි.එනම් කැප්ටන් හෝස්ටර් නාට්‍යය පුරාම සැරිසරන්නේ බහුශ්‍රැත
පුද්ගලයකුගේ නියෝජනයක් ලෙසිනි. සැබැවින්ම එය ඉබ්සන්ගේ ආත්ම ප්රකාශනය වෙනුවෙන්
යොදා ගත් චරිතයක්දෝයි අපට විටෙක සිතේ.

කෙසේ නමුත් අවසානයේදී “Massක්* සම්බන්ධයෙන් මෙසේ කැටිකොට සටහනක් තැබීමට
කැමැත්තෙමි.මුළාව දැක දැකත් එය හඳුනාගත නොහැකි සමාජයක ජිවත්වන අපට ඉබ්සන්ගේ දෘෂ්ටිය
අදටද වලංගු වේ. එහෙත් සමාජ හෙළුව වසාගෙන සිටින වෙස්මුහුණ වඩා සංයමයකින් නිරාවරණය කිරීමට
නාට්‍යවේදිනිය පරිස්සම් වී ඇත.

නාට්‍ය නාමකරණයට බලපෑ සෙසු
සාධකය වී ඇත්තේ එයයි. එය නාට්‍යයේ නැරඹූ අපටද අලුත් අත්දැකීමක් විය. එබැවින්
මෑතකදි දුටු නාට්‍යවලින් විතැන් වන නවමු නාට්‍යයක තිබිය යුතු අපූර්වත්වයද මෙහි මනාව
ගැබ්ව ඇති බැව් අපගේ අදහසයි. එනම් නාට්‍ය ශාලාවෙන් පිටව යන අපට මෙම නාට්‍යයට යොදා
ඇති උපශීර්ෂය වන “හුදු ජන නිර්වින්දනය උදෙසා * යන්න කදිමට මුහු වන හොඳින්ම පසක් විය.