Friday, July 5, 2013

ඉගෙනීම


අප හෙළයේ මහා ගත්කරැ කවුරැන්දැයි ඇසුවොත් අනිවාර්යයෙන්ම පවසන්නේ ඒ මාර්ටින් වික්‍රමසිංහ සූරින් කියායි.මේ වන විට එම ගත්කරැවා විසින් රචනා කළ කෘති විශ්ව විද්‍යාල කෘති ලෙසින් ද නිර්දිෂ්ට ව ඇත.එහෙත් වික්‍රමසිංහයන් ඉගෙනගෙන ඇත්තේ පහ වසර දක්වා පමණක් යැයි ඔබ නොදන්නවා විය හැකිය.දන්නවාද විය හැකිය.කෙසේ වෙතත් එකල අධ්‍යාපනයෙන් පහ වසර දක්වා ඉගෙනුම ලැබුව ද එය ජීවිතයට ඉතා ඵලදායක අධ්‍යාපනයක් වී ඇති බව මෙයින් අපට පෙනී යයි.එහෙත් පවුලේ අඩු ලුහුඬුකම් මධ්‍යයේ ඉගෙනීම කඩා කප්පල් වූ වික්‍රමසිංහයන් එතැන් සිට නිරත වූයේ ස්ව-අධ්‍යාපනයකය. අන්තර්ජාලය,පරිගණක හෝ ජංගම දුරකතන නොතිබුණු සමයක පොත්පත් කියවීමේ තම පරිඥානය තර කර ගනිමින් ද,පරිකල්පන ශක්තිය වර්ධනය කර ගනිමින් ද කටෝර මාවතක් හරහා ජීවිතය ඉගෙන ගත් වික්‍රමසිංහයන්,ජීවිතය පිළිබඳ ඉගෙනීමට කදිම තෝතැන්නකි.එහෙයින් පණහ දශකයේ සිට පැවත එන නිදහස් අධ්‍යාපනයෙන් සැබෑ ඉගෙනීමක් ලැබේද ? එතැනින් ඉගෙනීම අවසන් වේද යන්න විමසා බැලිය යුතු කරැණකි.

පවතින අධ්‍යාපන ක්‍රමය

කිසිම දිනෙක අසා නැති, දැක නැති සිද්ධාන්ත කරැණුවලට පමණක් සීමා වූ වත්මන් පාසල ගිරා පෝතකයන්ට නම් කදිම ස්ථානයකි.ජීවිතය හා බද්ධ නොවන, ආචාර්ය මහාචාර්යවරැන් හුදු පාණ්ඩිත්‍යය හුවා දක්වන වත්මන් අධ්‍යාපනයේ ප්‍රායෝගික භාවිතාවන් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. එමෙන්ම සමාජ ශෝධනය,මනුෂ්‍ය සම්බන්ධතා හෝ සාරධර්ම පිළිබඳ අවම වශයෙන් කතා බස් කෙරෙන පාසල තුළින් බිහිවන්නේ මනුෂ්‍යකුට වඩා රොබෝවරැන් බව කීම ද කිවමනාය.එනිසාවෙන් අනාගත ලෝකය තුළ රොබෝවරැන් හෝ මිනිසුන් තුළ වැඩි පරතරයක් නොමැති වනු ඇතැයි අපි සතුටින් දන්වාලීමට කැමැත්තෙමු.

සැබෑ ඉගෙනීම

මෙලොවට බිහිවන සෑම දරැවකුම සුවිශේෂි දරැවෙකි.ඔහුටම අනන්‍ය වූ සුවිශේෂීතා පවතී. දක්ෂතා පවතී. එහෙයින් අප කුඩා කල සිටම ඔහු හඳුනාගත යුතුය.ඔහුගේ එම සුවිශේෂිතා වර්ධනය වන උත්ප්‍රේරක ලබා දිය යුතුය.එහෙත් මොන්ටිසෝරියේ සිටම ගුරැවරැන්ට අවශ්‍ය දේ මිසක ළමයාට අවශ්‍ය දේ නොඉගැන්වෙන අධ්‍යාපනයක් තුළින් කිසිදිනෙක මෙම හඳුනා ගැනීම කළ නොහැක.කොටින්ම කියතොත් ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් බව කියනා වත්මන් අධ්‍යාපනයෙන් බිහිවන දරැවා,ඉනික්බිති තමන් ඉගෙන ගත් පොත් පත් විසිකර දමන්නේ හතුරෙකුටවත් මෙවන් විපතක් සිදුනොවේවායි පතමිනි. මේ නිසා අපට සැබෑ ඉගෙනීම යන්නද තවත් අනු කොටස් කිහිපයට විභජනය කළ හැක.

වෘත්තිය අධ්‍යාපනය

අප ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ කිසියම් වෘත්තියක නියැලෙමිනි.එනිසාවෙන් අප අදාළ වෘත්තිය පිළිබඳ වසර දෙකක හෝ පළපුරැද්දක් ලබා ගත යුතුමය.එය තාක්ෂණ විෂයක් විය හැකිය.විද්‍යා විෂයක් විය හැකිය.සෞන්දර්ය විෂයක් විය හැකිය. වානිජ විෂයක් විය හැකිය. නොඑසේ මේ කිසිදු කුලකයට අයත් නොවන විෂයක් වුව ද විය හැකිය. එහෙත් ගෝලීයකරණය පිළිබඳ කතා කරන වත්මන් සමාජයේ එවන් වෘත්තිය අධ්‍යාපනයකට මං සැලසී නොමැතී නම්, එවන් වාතාවරණය ඇති ඉඩකඩ අහුරා ඇත්නම් එය මහා ඛේදවාචකයකි.එමෙන්ම මෙය වත්මන් නීති පද්ධතියට අනුව තමන්ට අවශ්‍ය මාවත අවහිර කිරිමේ චෝදනාවට ද ලක් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසය.

සෞන්දර්යය

අපට හිමිදිරියේ නැගිට වළාකුළු අතරින් අප හා සිනාසෙන හිරැ රුස් විඳිය හැකිද? ඒ තුළින් කිසියම් සෞන්දර්යයක් අත් විඳිය හැකිද ? දිය ඇල්ලක් ළඟට ගොස් ඒ තුළින් රැරා වැටෙන දිය දහරාවේ මනස්කාන්ත දසුන කෙතරම් රසවිඳිය හැකිද ? කවියක් හෝ ගීතයක් තුළින් ජීවිතයෙන් පෙත්තක් කියවිය හැකිද ? නාට්‍යයක් හරිහැටි රසවිඳිය හැකිද ? නවකතාවක් හෝ කෙටිකතාවක් කෙතරම් සාර්ථක ලෙස රසවිඳිය හැකිද ? එතුළින් ජිවිතය කියවිය හැකි වේද ? එහෙත් ඔබ ඔබගේ ළමා කාලයට ආපසු හැරැණොත් ගීත ගැයීමට,චිත්‍ර ඇඳීමට,නැටීමට, රඟපෑමට කෙතරම් ආශාවක් දැක්වුයේදැයි දැන් සිහිපත් වනු ඇත.එහෙත් එවන් දක්ෂ හැකියාවන් තිබූ ඔබට දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ඔබට දැන් චිත්‍රයක් ඇඳිය හැකිද ? ගීතයක් ගැයිය හැකිද ? නැටිය හැකිද ? එම දක්ෂතාවලට සිදුවූයේ කුමක්ද ? ඔබගේ ජීවිතය ඔබටම අහිමි වී ඇති බැව් දැන් ඔබට වැටහෙනු ඇත.එනිසාවෙන් වෘත්තිය අධ්‍යාපනයක් ලබන අතරවාරයේ සෞන්දර්ය අධ්‍යාපනයක් හැදෑරීම තම ජීවිතය ඉතා සාර්ථක ජිවිතයක් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.එමෙන්ම වෘත්තිය ජීවිතය අවසන් වූ විට පවා (පැන්ෂන් ගිය විට පවා) ඔබට සතුටින් ජීවත් විය හැකිය.මන්ද වසර ගණනාවක් තිස්සේ ඔබ යෙදුණු වෘත්තිය ජීවිතය නිමා වුව ද ඔබ තුළ වූ සෞන්දර්ය රසිකත්වය ඔබ තුළින් කිසිදිනෙක නොමියෙනු ඇති බැවිනි.එහෙත් මෙයින් අප ඔබට නාට්‍යකරැවකු, ගායකයකු හෝ කවියෙකු වීමට කියනවා නොවේ.එසේම අප එසේ කීවා යැයි සිදුවන්නේ ද නැත. එහෙත් ඔබ සැබෑ මිනිස් ගුණවලින් හෙබි මනුෂ්‍යකු බවට පත්වීම ඉන් සිදුවන බව නම් අපට කිව හැකිය. 

සාහිත්‍යය

ජීවිතය පිළිබඳ කියවීමට හැකි ප්‍රධානතම මාධ්‍යය වන සාහිත්‍යය අප තුළින් බොහෝ දුරට දුරස් වී ඇත.එහෙත් සාහිත්‍යය යන්න උපතේ සිට මැරෙනා තුරැම අපට වැදගත්ය.මෙය එතරම්ම පුළුල්ය.“සාහිත්‍යය, කලාව කන්නද“ වැනි ආකල්පවලින් යුතු මෙවන් සමාජයක සාහිත්‍යය යන්න සමාජගත කිරීම උඩුගං බලා පිහිනා යාමක් වුව ද මේ මොහොතේ එහි අත්‍යවශ්‍යතාවය අපට තදින් දැනේ.තාරැණ්‍යයේ අපට  ආදරය, විරහව, දැනුම, විනෝදය, කුතුහලය, ත්‍රාසය ආදියට සාහිත්‍යය වැදගත් වනවා මෙන්ම සමස්ත ජීවිතයම ඉගෙනීම වස් අපට මෙය වැදගත් වන්නේ එබැවිනි. මෙහි ඛේදවාචකය නම් ජිවිත කාලය තුළදීවත් කියවා නිම කළ නොහැකි සාහිත්‍යයක් හිමි අප, ජීවිත කාලයේදිවත් කියවා නිම කළ නොහැකි ලෝක සාහිත්‍යයක් හිමි අපට එහි වැදගත්කම නොවැටහීමයි.සාහිත්‍යය මාස හෝ සාහිත්‍ය උත්සව පැවැත්වුණ ද,පොත් ප්‍රදර්ශන පැවැත්වුණ ද එයින් අපගේ සාහිත්‍යයමය ඥානය කෙතරම් පුළුල් වුයේ ද යන්න ප්‍රශ්නාර්ථයක්ම වන්නේ මෙනිසාවෙනි.මේ පිළිබඳ අපූරැ කියැවෙන චිත්‍රපටයක් වන Dead Poet Society මීට කදිම නිදසුනකි.ජීවිකාවට වඩා ජීවිතයේ වටිනාකම පිළිබඳ කියැවෙන මෙම චිත්‍රපටය මීට දශක දෙකකටත් වඩා පෙරදී නිර්මාණය වූවකි.එහෙත් අපට මෙම චිත්‍රපටයේ කතා තේමාව වඩා තදින් දැනෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යම් වේදනාවක් සිත තුළ දවාලමිනි. එනම් අප තවමත් ජීවත් වන්නේ 2012 වසරේ නොව අනූව දශකයේ බව හඟවමිනි.

“අපි ජීවන තරගයක යෙදෙන සාමාජිකයන්. හැබැයි ජීවන තරගය රුඳී තිබෙන්නේ විවිධත්වය මත.ඒක සමහර විට නීතිය,ඉංජිනේරැ විද්‍යාව,වෛද්‍ය විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව වෙන්නත් පුළුවන්.ඒත් කවිය? කවියේ තියෙන්නේ ඊට වඩා වෙනස් දේවල්. මිනිස්සු තුළ ආදරය,රසය,ලස්සන,හිනාව,කුතුහලය ඇති කරන්නේ කවිය මගින්. ඒවා මිනිස්සුන්ට මැරෙනකල් ඕනේ. ඒ නිසා ඔබ කව්ද කියලා ලෝකෙට පෙන්නන්න නම් ඔබ අලුත් විදිහට හිතන්න ඕනේ.වෙන කවුරැවත්ම හිතන්නේ නැති විදිහට හිතන්න ඕනේ. කවිය තමයි ඒකට මග පෙන්වන්නේ. කවිය තමයි අපිව අලුත් විදිහට හිතන්න පොළඹවන්නේ. ඒ නිසා ඔබ මැරෙන්න කලින් ලෝකය ඉදිරිපිට විශේෂ චරිතයක් රඟපාන්න ඕනේ. ඔබ කව්ද කියලා අනාගත පරපුරටත් පෙන්නලා දෙන්න ඕනේ. එතකොටයි ඔබ ගැන අනාගත පරපුර කතා කරන්නේ “ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ඉස්මතු වන ප්‍රධානතම අවස්ථාව මෙයයි.

එබැවින් ඇමෙරිකාව අද සිටින්නේ කොතැනද යන්න අපට දැන් සක් සුදක් සේ පැහැදිලිය.එමෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඇමෙරිකාව හා කරට කර සිටින්නේ කෙසේදැයි පැහැදිලිය. අප ජාතිවාදය අවුලවමින්, යුද්ධවලට පෙළඹෙමින් ද අමන ක්‍රියාවල නිරත වෙද්දී ඔවුන් සියලු මිනිසුන් එකම කුලකයක් සේ සළකා දියුණුවන්නේ වේදැයි දැන් පැහැදිලිය.අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් පසුව මින් මතු ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යන වර්ග දෙක පමණකැයි කීව ද එවැන්නක් දැන් දැන් සිදුවේදැයි යන්නද පැහැදිලිය.

එබැවින් අපට මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බටහිර රටවල් මෙන්ම බොහෝ ආසියානු රටවල් පවා ජීවිතය පිළිබඳ දැන් දැන් හොඳ කියවීමක් ලබන බවය.එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සාහිත්‍යය,සංගීතය,නාට්‍යයට නිසි ස්ථානය නොලැබෙද්දී විදේශිකයන් ඒවාට ගෞරව කරන්නේ මන්දැයි යන්න ද අපට පැහැදිලිය.ලෝකයා මහත්මා දේශපාලනයක නිරත වෙද්දී, කලාවෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සාරධර්මයන්ගෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද,සංවරයක් නොවූ, කැළඹිලි සහගත, මනුෂ්‍ය කොට්ඨාසයක් ශ්‍රී  ලංකාව තුළ සමාජගත වන්නේ ඇයිදැයි යන්නද පැහැදිලිය.එනිසාවෙන් ලෝකයෙන් ලබාගත යුතු දේ දැන්වත් අපි දැන්වත් ලබා ගනිමු. ඒ සඳහා අපි දවසට තුන් වරක් හෝ මෙසේ ගායනා කරමු. මෙය අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

“එක මවකගේ දරැ කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද දුරුලලා දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ මාතා“   

සටහන - මාලන් විදානපතිරණ
  

එක මවකගේ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම බේද දුරැලා දා නමෝ නමෝ මාතා



එක මවකගේ දරැ කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද දුරැලා දා නමෝ නමෝ මාතා

අන්තර්ජාලය,පරිගණක හෝ ජංගම දුරකතන නොතිබුණු සමයක පොත්පත් කියවීමෙන් තම පරිඥානය වර්ධනය කරගත් ගත් කතුවරයෙකු ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් සැළකිය හැකිය.ජීවිතය පිළිබඳ ඉගෙනීමට කදිම තෝතැන්නක් වූ පොත ඇසුරැ කරගනිමින් තම පරිඥානය වර්ධනය කර ගත් ඔහු, ස්ව- අධ්‍යාපනයෙන් ජීවිතය ගත්තෙකු ලෙස සඳහන් කළ හැකිය. ‍පවුල් පසුබිම හේතුවෙන් වැඩිදුර විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථා නොලද මුත් අවිධිමත් ස්ව - අධ්‍යාපනය නිසා ලොව ජය ගත් ඔහු, තමාට පිරිනැමුණු ගෞරව ආචාර්ය පවා ලේඛනයේදී භාවිතා නොකළ ලේඛකයෙකි.  විශේෂයෙන්ම ඔහු වරක් ප්‍රකාශ කළ කියමනක් මෙහිලා සටහන් කිරීම වටී. එනම් ජාතක පොත ඇසුරැ කරන අවුරැදු විස්සකු තරැණයකු, අවුරැදු අසූවක වැඩිහිටියෙකුගේ අත්දැකීම් ලබා ගන්නා බවයි. එනම් සිද්ධාන්ත සොයා යාම නොව නව දැනුම සොයා යාම වඩා වැදගත් බව ඔහුගේ ද අදහස වී ඇත.

එහෙත් වර්තමානයේ මෙම අධ්‍යාපනික ක්‍රමය සම්පූර්ණයෙන්ම කණපිට ගැසී ඇත.එනම් ඒ තුළ ඇත්තේ අප කිසිම දිනෙක අසා නැති සිද්ධාන්ත කරැණුය. කිසිදාක දැක නැති සිද්ධාන්ත කරැණුය. විශේෂයෙන්ම විද්‍යා,වානිජ සහ ගණිත විෂයන් හදාරන සිසුහු මේ තත්ත්වයට ඉතා තදින් මුහුණ දෙන අතර වත්මන් පාසල සූත්‍ර කට පාඩම් කිරීමට පමණක් සීමා වන්නක් බව කීම මුසාවක් නොවේ. එබැවින් වත්මන් පාසැල් විෂය කරැණු ජීවිතය හා බද්ධ නොවන, ආචාර්ය මහාචාර්යවරැන්ගේ හුදු පාණ්ඩිත්‍යය හුවා දක්වන්නක් පමණෙකැයි කීවද වරදක් නැත. මේ නිසා වත්මන් අධ්‍යාපනය ප්‍රායෝගික භාවිතාවන්ට මුල් තැනක් දේ යැයි කීම ද අතිශයෝක්තියකි. වරක් කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි නිදහස් අධචින්තා ආරියසේන මහත්මිය පවා අවධාරණය කළ මෙම තත්ත්වය නිසා මේ වන විටත් සමාජ ශෝධනය,මනුෂ්‍ය සම්බන්ධතා සහ සාරධර්ම යනාදිය පාසලින් ඉවත්ව ගොස් ඇත. එනම් කාලයක සිට මනෝ වෛද්‍යවරැන් ද පවසන අන්දමට අද බිහිවන්නේ මනුෂ්‍යකුට වඩා රොබෝවරැන්ය. එහෙත් ඉදිරියේදී ඇතැම් විට මේ තත්ත්වය වෙනස් වීමට ද ඉඩකඩ ඇති අතර රොබෝවරැන් මානුෂිකත්වය අතින් ද ඉදිරියෙන් සිටිනු ඇත. එනම් අනාගත ශ්‍රී ලංකාවේ  ස්ටීවන් ස්පීල්බර්ග්ගේ E.T හෝ Artificial Intelligent චිත්‍රපටයේ සිදුවූ ඇතැම් සිදුවීම් සත්‍ය වශයෙන්ම ද සිදුවීමට ද ඉඩකඩ ඇත. එනිසාවෙන් අනාගත ශ්‍රී ලංකාව තුළ රොබෝවරයා සහ මනුෂ්‍යයා අතර වැඩි පරතරයක් නොවනු ඇතැයි යන්න අප පවසන්නේ ඉමහත් සතුටිනි.‍එහෙත් අධ්‍යාපනය ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රියලු. එහෙත් විභාගයෙන් පසු ළමයා තමන් ඉගෙන ගත් පොත් පත් විසිකර දමයිලු. ඒ හතුරෙකුටවත් මෙවන් විපතක් සිදුනොවේවායි පතමිනි.එහෙත් අප විශ්ව ගම්මාන පිළිබඳ කතා කරයි. නිදහස් අධයාපනයක් ගැන කතා කරයි. වෘත්තිය අධ්‍යාපනයක් ගැන කතා කරයි.කලාව ගැන කතා කරයි. එහෙත් ඊට ඉඩකඩ අහුරයි. සමස්ත ළමා පරපුරේම මානව හිමිකම් උල්ලංඝනය කරයි. බාල අපරාධ කරයි.

මේ නිසා අද අපට හිමිදිරියේ නැගිට වළාකුළු අතරින් සිනාසෙන හිරැ රුස් අත්විඳිය නොහැකි වී තිබෙයි. ඒ තුළින් කිසියම් සෞන්දර්යයක් අත් විඳිය නොහැකිව තිබෙයි. දිය ඇල්ලක් ළඟට ගොස් ඒ තුළින් රැරා වැටෙන දිය දහරාවේ මනස්කාන්ත දසුන රිසි සේ රසවිඳිය නොහැකි ව තිබෙයි. එමෙන්ම නාට්‍යයක්, නවකතාවක්, කෙටිකතාවක්, කවියක් හෝ ගීතයක් තුළින් ජීවිතයෙන් පෙත්තක් කියවිය නොහැකිව තිබෙයි. (ඇතැම්හු ජීවිතය තියා නිර්මාණය හෝ හරිහැටි කියවන්නේද යන්න සැකයකි) එහෙත් ඔබ ඔබගේම ළමා කාලයට ආපසු හැරැණොත් ගීත ගැයීමට,චිත්‍ර ඇඳීමට,නැටීමට, රඟපෑමට කෙතරම් ආශාවක් දැක්වුයේදැයි දැන් සිහිපත් වනු ඇත.එහෙත් එවන් දක්ෂ හැකියාවන් තිබූ ඔබට දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ඔබට දැන් චිත්‍රයක් ඇඳිය හැකිද ? සාමාන්‍ය මට්ටමෙන් හෝ ගීතයක් ගැයිය හැකිද ? තැනට ඔබින නර්තනයක් ඉදිරිපත් කළ හැකිද ? එම දක්ෂතාවලට සිදුවූයේ කුමක්ද ? ඔබගේ ජීවිතය ඔබටම අහිමි වී ඇති බැව් අප පවසන්නේ  එබැවිනි. එනිසාවෙන් වෘත්තිය අධ්‍යාපනයකට සමගාමීව සෞන්දර්ය අධ්‍යාපනයක් හැදෑරීම තම ජීවිතය ඉතා සාර්ථක ජිවිතයක් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බැව් අපි හඟිමු. ඒ වෘත්තිය ජීවිතය අවසන් වූ විට පවා (පැන්ෂන් ගිය විට පවා) ඔබට සතුටින් ජීවත් විය හැක්කේ මේ තුළින් බැවිනි. වසර ගණනාවක් තිස්සේ ඔබ යෙදුණු විඩාබර වෘත්තිය ජීවිතය නිමා වුව ද ඔබ තුළ වූ සෞන්දර්ය රසිකත්වය ඔබ තුළින් කිසිදිනෙක නොමියෙනු ඇති බැවිනි. එහෙත් මෙය නාට්‍යකරැවකු, ගායකයකු හෝ කවියෙකු වීමට පෙළඹීමක් බව කීම උගහටය.එමෙන්ම එසේ කීවද එය සිදුවන්නේ ද නැත. එහෙත් නිවැරදිව සෞන්දර්ය රසවිඳින ඔබ එයින් සැබෑ මිනිස් ගුණවලින් හෙබි මනුෂ්‍යකු වනු ඇතැයි අපි සිතමු.
එසේම අද වන විට ජීවිතය පිළිබඳ කියවීමට හැකි ප්‍රධානතම මාධ්‍යය වන සාහිත්‍යය අප තුළින් බොහෝ දුරට දුරස් වී ඇත. එහෙත් සාහිත්‍යය යන්න උපතේ සිට මියෙන තුරැම අපට වැදගත්ය. මෙය එතරම්ම පුළුල්ය.“සාහිත්‍යය, කලාව කන්නද“ වැනි ආකල්පවලින් යුතු මෙවන් සමාජයක සාහිත්‍යය යන්න සමාජගත කිරීම උඩුගං බලා පිහිනා යාමක් වුව ද මේ මොහොතේ එහි අත්‍යවශ්‍යතාවය අපට තදින් දැනේ.ජී අපට  ආදරය, විරහව, දැනුම, විනෝදය, කුතුහලය, ත්‍රාසය ආදියට සාහිත්‍යය වැදගත් වනවා මෙන්ම සමස්ත ජීවිතයම ඉගෙනීම වස් අපට මෙය වැදගත් වන්නේ එබැවිනි. මෙහි ඛේදවාචකය නම් ජිවිත කාලය තුළදීවත් කියවා නිම කළ නොහැකි සාහිත්‍යයක් හිමි අපට එහි වැදගත්කම නොවැටහීමයි.පොත් ප්‍රදර්ශන පැවැත්වුණ ද අපගේ සාහිත්‍යයමය ඥානය  ඊට අනුරෑපව පුළුල් නොවූයේ මෙනිසාවෙනි.එනම් බොහෝ විට අප සංස්කෘතිය,සදාචාරය හෝ ඉතිහාසය පිළිබඳව කයිවාරැවක යෙදෙනමුත් ඒවා නිවැරදිව වටහාගෙන ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කීදෙනාද යන්න ගැටලුවකි. උදාහරණයක් වශයෙන් යටත් විජිත පාලනයට පෙර පන්සල මූලික කරගත් අධ්‍යාපනයක් ලැබූ අප,වසරකට කී වතාවක් පන්සල හා සමීපව කටයුතු කරන්නේ වේදැයි යන්න සොයා බැලිය යුතු කරැණකි. එසේම බෞද්ධ සාහිත්‍යයක් හිමි බෞද්ධයන්ගෙන් කීයෙන් කීදෙනෙක් පන්සිය පණස් ජාතක පොත පරිහරණය කර ඇත්දැයි යන්න බරපතල ගැටලුවකි.එනිසායි, අප තවමත් ජීවත් වන්නේ 2012 වසරේදියි සොයා බැලිය යුත්තේ.

එබැවින් ඇමෙරිකාව අද සිටින්නේ කොතැනද යන්න අපට දැන් සක් සුදක් සේ පැහැදිලිය.එමෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඇමෙරිකාව හා කරට කර සිටින්නේ කෙසේදැයි පැහැදිලිය. අප ජාතිවාදය අවුලවමින්, යුද්ධවලට පෙළඹෙමින් ද අමන ක්‍රියාවල නිරත වෙද්දී සියලු මිනිසුන් එකම කුලකයක් සේ සළකන ඔවුන් දියුණුවන්නේ කෙසේදැයි යන්නද දැන් පැහැදිලිය. අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් පසුව මින් මතු ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යන වර්ග දෙක පමණකැයි කීව ද එවැන්නක් දැන් දැන් සිදුවේදැයි යන්නද පැහැදිලිය.

එබැවින් අපට මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බටහිර රටවල් මෙන්ම බොහෝ ආසියානු රටවල් පවා ජීවිතය පිළිබඳ දැන් දැන් හොඳ කියවීමක් ලබන බවය.එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සාහිත්‍යය,සංගීතය,නාට්‍යයට නිසි ස්ථානය නොලැබෙද්දී විදේශිකයන් ඒවාට ගෞරව කරන්නේ මන්දැයි යන්න ද අපට පැහැදිලිය.ලෝකයා මහත්මා දේශපාලනයක නිරත වෙද්දී, කලාවෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සාරධර්මයන්ගෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සංවරයක් නොවූ, කැළඹිලි සහගත, මනුෂ්‍ය කොට්ඨාසයක් ශ්‍රී  ලංකාව තුළ සමාජගත වන්නේ ඇයිදැයි යන්නද පැහැදිලිය.එනිසාවෙන් ලෝකයෙන් ලබාගත යුතු දේ දැන්වත් අපි දැන්වත් ලබා ගනිමු. ඒ සඳහා අපි දවසට තුන් වරක් හෝ මෙසේ ජප කරමු. මන්ද මෙය අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

“එක මවකගේ දරැ කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද දුරුලලා දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ මාතා“   

සටහන - මාලන් විදානපතිරණ
  

අක්කණ්ඩියේ අයියණ්ඩී බලා සිටී


Thissa Liyanasooriya Interview 2013/06/06



අපේ රටට ගැලපෙන්නේ මැද මාවතේ සිනමා ආකෘතියක්
-
-          ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය

සටහන - මාලන් විදානපතිරණ

ඡායාරෑප - ගයාන් සුබසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ප‍්‍රසංග කලා අධ්‍යයන අංශයෙහි "University film Makers” සංවිධානය කරන “‘‘ශ‍්‍රීපාලි ප‍්‍රණාම - 2013’’ ජුනි මස 13 දා සවස 3.00 ට හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ අරැන්දතී ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව පළමු වරට සංවිධානය කරනු ලබන මෙම උපහාර උලෙළේදී සම්මානයට පාත්‍ර වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියයි.  මෙහිදී තිස්ස ලියනසූරියන්ට විශේෂ සම්මානයක් පිරිනමමින් පුද කිරීමටද නියමිතය. ගැටවරයෝ, ,සාරවිට, පුංචි බබා ආදී විශිෂ්ට ගණයේ චිත්‍රපට කිහිපයක් ලාංකීය සිනමාවට දායාද කළ ලියනසූරියන් අප හා කතාබහකට එක්වන්නේ මෙවන් වටපිටාවකයි.

“කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයෙන් මෙවන් ඇගයීමක් ලැබීම ගැන මම සතුටු වෙනවා.අපට අවසානයේදී ඉතිරිවෙන්නේත් අපගේ කෘතිවලට ලැබෙන ඇගයීමයි විතරයි. ඒ නිසා ශ්‍රීපාලි මණ්ඩපය මේ වසරේ සිට මෙවැනි සම්මාන උලෙළක් ආරම්භ කිරීම ගැන අපි සතුටු විය යුතුයි.* තිස්ස ලියනසූරිය ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථයින්, තමාට සම්මානයක් ලබාදීමට තීරණය කිරීම ගැන පැවසුවේ එසේයි.

ඔබ ශ්‍රී ලාංකීය සිනමාවට ප්‍රවේශ වෙන්නේ ඊට දකුණු ඉන්දීය සිනමා ආකෘතියක් අරක්ගෙන සිටි මොහොතකයි. ඒත් ඔබ ඇතුළු සිනමා අධ්‍යක්ෂවරැන් අතළොස්සක් එහි ගමන් මාවත වෙනස් කිරීමට සමත් වුණා. එහෙම නේද ?

ඔව්.අපි චිත්‍රපට කලාවට පැමිණි කාලේ අපිට ඒක ප්‍රබල අභියෝගයක් වුණා. හැබැයි ඒ මොහොතේ තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සංදේශය“ චිත්‍රපටය නිර්මාණය වුණේ. ඒ නිසා අලුත් සිනමා සංස්කෘතියක් ගොඩනැගීමේදී එහි ආකෘතිය අපට විශාල පිටුවහලක් වුණා. මං හිතන්නේ එතැන සිංහල සිනමාවේ සුවිශේෂී කඩයිමක්. මොකද එතැන් පටන් සිංහල චිත්‍රපට බලන නව ප්‍රේක්ෂකයන් පිරිසක් බිහිවුණා.විශේෂයෙන්ම හැටේ දශකයේදී සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම ආරම්භ කිරීමටත් මෙම චිත්‍රපටය ප්‍රබල ලෙස බලපෑවා. මොකද අපේ අරමුණ වුණේ සම්පූර්ණයෙන්ම කලාත්මක ලක්ෂණවලට වහල් නොවී ප්‍රේක්ෂකයා ගැනත් සිතා චිත්‍රපට නිර්මාණ කිරීමයි. එයයි අපේ ස්ථාවරය. අනික අදටත් අපේ ප්‍රේක්ෂකයා චිත්‍රපටයකින් කතාවක් බලාපොරොත්තු වෙනවා.ඒ ගැනයි අපි වැඩි අවධානයක් යොමු කළේ. හැබැයි එතැනදි අපි කිසිවිටෙකත් ප්‍රේක්ෂකයාගේ බුද්ධිය මොට කළේ නැහැ.     

එසේ නම් වත්මන් සිනමාව ගමන් කළ යුතු සිනමා ආකෘතිය පිළිබඳවත් ඔබට යම් අදහසක් ඇති ?

අපි කුඩා රටක්. අනික සිංහල චිත්‍රපටවලට සිටින්නේත් ඉතා සුළු ප්‍රේක්ෂක පිරිසක්. අපට තිබෙන්නේත් සිනමාශාලා 150ක් වැනි කුඩා සංඛ්‍යාවක්. ඒ වගේම අපිට ජාත්‍යන්තර වෙළඳපොළ තරණය කළ හැකි චිත්‍රපටත් නැහැ. ඒත් අපිට එවැනි චිත්‍රපට නිර්මාණ කරන්න බැරි නැහැ. හැබැයි අපේ වපසරිය මොකක්ද කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා අපේ රටට ගැලපෙන්නේ මැද මාවතේ සිනමා ආකෘතියක්. ඒකයි මගේ ආකෘතිය. මොකද අපිට එක පැත්තකට බරවෙලා නිර්මාණ කරන්න බැහැ. ඒත් වත්මන් සිනමාව අඩපණ වෙලා තියෙන්නේත් මේ හේතුව හින්දායි. ඒ නිසා චිත්‍රපට කලාව තුළ චිත්‍රපට කර්මාන්තයක් බිහිවීමට නම් චිත්‍රපටවල කලාත්මක ලක්ෂණ වගේම මුදල් ඉපයිය හැකි ලක්ෂණත් තිබිය යුතුයි. එතකොටයි මේ සඳහා නිෂ්පාදකයන් ගලා එන්නේ. ඒත් මෙතැනදී මුදලට ප්‍රමුඛතාවය ලබාදී චිත්‍රපට කළ යුතුම නැහැ. මොකද වඩා වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයාටත් යම් රසයක් ලැබිය හැකි කලා කෘතියක් වීමයි.

කෙසේ වෙතත් රෑපවාහිනී මාධ්‍යය, ලාංකීය සිනමාවට දැඩි ලෙස බලපා තිබෙනවා. ඒත් ඔබේ යුගයේදී මෙවන් අභියෝගයක් තිබුණේ නැහැ. එහෙම නේද ?

කලාකරැවන් විදිහට අපිට නොයෙකුත් අභියෝග එනවා. ඒත් ඒවාට නොබියව මුහුණ දීමට නිර්මාණකරැවා දැන ගත යුතුයි. ඒකටයි නියම දක්ෂතාවය කියන්නේ. අනික මේ ප්‍රශ්නය අපට පමණක් බලපෑ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවටත් බලපෑවා. ඒත් ඔවුන් මේ වෙනකොට ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ නිසා හොඳ චිත්‍රපට නිර්මාණය කිරිමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට කොහොමත් ප්‍රේක්ෂකයා සිනමාශාලාවට පැමිණෙනවා. අනික අපිට හොඳ සිනමා කර්මාන්තයක් ගොඩනැගීමට නම් පවතින සිනමා ශාලාවල්වත් රුක ගැනීමට හැකි විය යුතුයි. ඒවා හොඳින් නඩත්තු කළ යුතුයි. නවීන තාක්ෂණය ඊට ඇතුළත් කළ යුතුයි. අනික අද බිහිවන බොහෝ චිත්‍රපට පාඩු ලබනවා.ඒ හින්දා හොඳ චිත්‍රපට නිෂ්පාදකයන් අපෙන් ගිලිහෙනවා.ඒ නිසා ඔවුන් රුකගැනීමත් හුඟක් වැදගත්.

වත්මන් සිනමාව තුළ බෞද්ධ කතා, ඉතිහාස කතා චිත්‍රපටයට නැගීමට මුල් තැනක් හිමිවෙලා. මෙවන් පසුබිමක තිර පිටපත් රචකයකුට ස්වතන්ත්‍ර නිර්මාණයක් කරා යාමේ ඉඩකඩ ඇහිරී ගිහින්. එහෙම නේද ?

ඔව්. එවැනි අඩුවක් මටත් පේනවා. හැබැයි මට හිතෙන්නේ මෙතැන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නිර්මාණ ශක්තියේ දුර්වලතාවයක් නෙමෙයි. ඔවුන්ට හොඳ අවස්ථාවක් නොලැබීමයි.අනික අද බොහෝ දෙනෙක් මුදලට ප්‍රමුඛතාවය ලබා දෙනවා.ඒක ලොකු හානියක්. ඒත් චිත්‍රපට කර්මාන්තයට මුදල් අවශ්‍යයි තමයි.ඒත් වත්මන් චිත්‍රපට නිෂ්පාදකයා මුදලට හුඟක් බරයි. ඒකයි ප්‍රශ්නේ.ඒත් චිත්‍රපට නිෂ්පාදකයාගේ අරමුණ විය යුත්තේ ලාභ ඉපයීමම නෙමෙයි. සිනමාවට යම් හරවත් දෙයක් කිරීමයි. ඒත් මෙවැනි නිෂ්පාදකවරැන් අද හොයාගන්නත් නැහැ. ඒත් අපේ කාලේ චිත්‍රපට නිෂ්පාදනය කළේ චිත්‍රපට පිළිබඳ හොඳ රසවින්දනයක් පැවති පුද්ගලයන්. උදාහරණයක් විදිහට ගැටවරයෝ සහ සාරවිට යන චිත්‍රපට දෙකම නිෂ්පාදනය කළේ ශේෂා පලිහක්කාර. ඔහු කාලයක් තිස්සේ චිත්‍රපට සමග වැඩ කළ කෙනෙක්. චිත්‍රපට කර්මාන්තය ගැන අත්දැකීම් තිබුණූ කෙනෙක්. මේ නිසා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙන සියලුම ශිල්පීන්ට හොඳ සිනමාවබෝධයක් තිබීම අනිවාර්ය කාරණයක්. කොහොම වුණත් ඔබ කියූ මෙවැනි සිනමා රුලි මීට පෙරත් පැවතුණා. ඒ නිසා 
පසුගිය කාලේ දිගින් දිගටම ලිංගික තේමා මුල්කර ගත්  චිත්‍රපට බිහිවුණේ. ඒත් අද මේ රුල්ල අඩපණ වෙලා. මොකද රුල්ලේ චිත්‍රපට කරමින් සිනමාවේ රුඳී සිටින්න බැහැ. ඒ නිසා හැම චිත්‍රපටයකම අලුත් බවක් තිබිය යුතුයි.

ඔබ පවසන පරිදි සිනමා අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇයි අපට රාජ්‍ය මට්ටමේ චිත්‍රපට පාසැලක් ආරම්භ කරන්න බැරි ?

අපි ඔය ප්‍රශ්නේ වෙනුවෙන් ඉස්සර ඉඳන් සටන් කළා.මොකද ඒක සමාජ අවශ්‍යතාවයක්. අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. එතකොටයි අපිට දක්ෂයන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ. දක්ෂයන් හොඳින් පුහුණු කරන්න පුළුවන් වෙන්නේත් එතකොටයි. අනික ඉස්සර වගේ අලුත් ශිල්පීන්ට චිත්‍රපටයකට සම්බන්ධ වෙලා පුහුණුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අනික මම හඳුනන ඉන්දියාවේ ඉතා හොඳ චිත්‍රපට පාසැලක් තිබෙනවා. ඔවුන් එමගින් වසර දෙකක් පුරා චිත්‍රපට කලාව ගැන හොඳ පුහුණුවක් ලබාදෙනවා. ඉතින් අපිට ඒ හරහා දක්ෂ චිත්‍රපට ශිල්පීන් හත් අට දෙනෙක් හෝ ඉන්දියාවේ යවන්න පුළුවන්. හොඳ පුහුණුවක් ලබාදෙන්න පුළුවන්. ඔවුන් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් ඒවා කෙරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අනික තවමත් අපට නිසි චිත්‍රපට සංරක්ෂණාගාරයක්වත් නැහැ. මේක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයත් උනන්දු වුණූ දෙයක්.ඒ නිසා චිත්‍රපට කලාවේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ චිත්‍රපට පාසැලක් සහ සංරක්ෂණාගාරයක් අවශ්‍ය බව මම නැවත නැවතත් කියා සිටිනවා. 
 

   

Thursday, July 4, 2013

බත්තරමුල්ල හන්දිය

බත්තරමුල්ල හන්දිය

Always

හුඟවෙලා බස්කාරයන් නවත්තන් ඉන්න හන්දිය
හිඟන්නන් දුසිමක් නගින හන්දිය
විරිඳුකාරයන් ගීත ගායනා කරන හන්දිය
ආපෝ මෙහෙම කරුමයක් කියැවෙන හන්දිය

 Oneday

නගියි ඉස්සරහ දොරකඩින් පුංචි කොල්ලෙක්
ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන
අත් රබාන කිහිල්ලේ රුවාගෙන
ගීතයක් කරන්න හිතාගෙන

එතකොට
“අනේ යනවා අයිසේ යන්න.අපිට පව් නොදී “
රියදුරු කියනවා ඇසිණ

“ අනේ අයියේ. එක සිංදුවක් කියන්න දෙන්න.මල්ලිට එක්සයිස් පොතකුයි
කෑම එකකුයි ගන්න තව පොඩි ගාණයි අඩු“
ඒ පුංචි කොල්ලාගේ බැගෑපත් හඬයි

“තමුසේ කනකොට අපිට අද දඩ තමයි කන්න වෙන්නේ. වෙන බස් එකකට නගිනවා“
නැවතත් රියදුරු තම අදහස තහවුරු කළේය

Next Bus

“ යනවා අයිසේ යන්න.අපිට පව් නොදී.තමුසේ නැග්ගොත් අපිට අද දඩ කන්නයි වෙන්නේ. වෙන බස් එකකට නගිනවා.“

Next Bus

“ යනවා අයිසේ යන්න.“


Next Day Next Bus

ඇසේ කාලගෝට්ටියක් ඈතටම
බස් රථයම එකම කෝලාහලයකි.

“ මූට දෙන්න ඕනේ මෙහෙම නෙමෙයි.“

“ ඔව්.මූ මෙහෙම නම් මුගේ අම්මා මොනවා කරනවා ඇද්ද ?“

“ තොගේ තාත්තා පාතාලේද “

“මගේ අම්මටයි තාත්තටයි මුකුත් කියන්න එපා උඹලා. මේ ලෝකේවත් නැති ඒ අහිංසක මිනිස්සු මගේ වැරැදිවලට පළි නැහැ“

“ ගහනවා දැන ගනින් පයින්.පික් පොකට් ගහලා තව කට ගහන්නත් එනවා“

ඒ
ඇතුළේ මිනිසුන් සහ පුංචි කොල්ලෙකු අතර ගැටුමකි

“ මම කෙලින්ම බස් එක පොලිසියට අරන් යන්නම්. අපි මූව පොලිසියට භාර දෙමු.“
ඒ රියදුරුගේ හඬයි

“ ඔව්. මට දැන් කවුරුත් නැති එකේ පොලිසිය මහත්තුරැ හරි ඉන්නවානේ“

“මොකක් “

“ ඊයේ මගේ නංගිට මට කෑම එකක් ගෙනියන්න බැරිවුණා. මං තිබ්බ සල්ලිවලින් කෑම එකක් ගෙනියනකොට නංගී බඩගින්නට ගෙදර තිබ්බ මී පාෂාණන් කාලා. නැන්දාත් එවෙලේ කොහෙද ගිහිල්ලා. “

“නංගී මළා“




Wednesday, July 3, 2013

අයියණ්ඩි


මාළු කඩේ

"මෙම ඉඩම විකිණීමට තිබේ 
දු.ක.119"

එදා 

හරි වැස්ස
ධාරානිපාත වැස්ස
බසයට වී සැපට සිටියෙමි මම පාර දෙස බලමින
මහරගමට යමින

සියල්ලෝම වැඩ නවතමින
මුළු ගැන්වෙයි කඩපිල්වල එහෙත් පාර අයිනේ මාළු විකුණන
ත්‍රීවිල් මල්ලිගේ අත නොනැවතී තිබිණ
පාර අයිනේ ඉටි පැදුරක් එලාගෙන
ඉන් අට්ටාලයක් හදාගෙන
කපයි මාළු කූරියා දෙකට
කපයි මාළු කූරියා හතරට
කිරයි හාල්මැස්සෝ හනි හනිකට
දැන් ඒවි දැන් ඒවි සිතමින
හතර දෙසින් මාළු ගන්නට
තමන්ගේ කඩයෙන්
එළවයි මැස්සන් වට පිට බලමින
සිහින මවමින හවසට ළමයින්ට රජ බොජුන් රැගෙන යන්නට
සිහින මවමින කවදා හෝ තමන්ගේම කැදැල්ලක් තනා ගන්නට

අද 

මාළු ලෑල්ල එහි නොමැත
ත්‍රීවිල් මල්ලිගේ සලකුණක්වත් නැත
ත්‍රීවිල් එකත් නැත
එහෙත්
එහි ඇත බෝඩ් ලෑල්ලක් සවිකර

“මෙම ඉඩම විකිණීමට තිබේ

පහළින් ඇත කතා කළ යුතු නොම්මරේ 
එහෙත් 
මුල කොටස එහි මැකී ඇත

 දු.ක.-  ......119:"


මාලන් විදානපතිරණ