Thursday, July 4, 2013

බත්තරමුල්ල හන්දිය

බත්තරමුල්ල හන්දිය

Always

හුඟවෙලා බස්කාරයන් නවත්තන් ඉන්න හන්දිය
හිඟන්නන් දුසිමක් නගින හන්දිය
විරිඳුකාරයන් ගීත ගායනා කරන හන්දිය
ආපෝ මෙහෙම කරුමයක් කියැවෙන හන්දිය

 Oneday

නගියි ඉස්සරහ දොරකඩින් පුංචි කොල්ලෙක්
ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන
අත් රබාන කිහිල්ලේ රුවාගෙන
ගීතයක් කරන්න හිතාගෙන

එතකොට
“අනේ යනවා අයිසේ යන්න.අපිට පව් නොදී “
රියදුරු කියනවා ඇසිණ

“ අනේ අයියේ. එක සිංදුවක් කියන්න දෙන්න.මල්ලිට එක්සයිස් පොතකුයි
කෑම එකකුයි ගන්න තව පොඩි ගාණයි අඩු“
ඒ පුංචි කොල්ලාගේ බැගෑපත් හඬයි

“තමුසේ කනකොට අපිට අද දඩ තමයි කන්න වෙන්නේ. වෙන බස් එකකට නගිනවා“
නැවතත් රියදුරු තම අදහස තහවුරු කළේය

Next Bus

“ යනවා අයිසේ යන්න.අපිට පව් නොදී.තමුසේ නැග්ගොත් අපිට අද දඩ කන්නයි වෙන්නේ. වෙන බස් එකකට නගිනවා.“

Next Bus

“ යනවා අයිසේ යන්න.“


Next Day Next Bus

ඇසේ කාලගෝට්ටියක් ඈතටම
බස් රථයම එකම කෝලාහලයකි.

“ මූට දෙන්න ඕනේ මෙහෙම නෙමෙයි.“

“ ඔව්.මූ මෙහෙම නම් මුගේ අම්මා මොනවා කරනවා ඇද්ද ?“

“ තොගේ තාත්තා පාතාලේද “

“මගේ අම්මටයි තාත්තටයි මුකුත් කියන්න එපා උඹලා. මේ ලෝකේවත් නැති ඒ අහිංසක මිනිස්සු මගේ වැරැදිවලට පළි නැහැ“

“ ගහනවා දැන ගනින් පයින්.පික් පොකට් ගහලා තව කට ගහන්නත් එනවා“


ඇතුළේ මිනිසුන් සහ පුංචි කොල්ලෙකු අතර ගැටුමකි

“ මම කෙලින්ම බස් එක පොලිසියට අරන් යන්නම්. අපි මූව පොලිසියට භාර දෙමු.“
ඒ රියදුරුගේ හඬයි

“ ඔව්. මට දැන් කවුරුත් නැති එකේ පොලිසිය මහත්තුරැ හරි ඉන්නවානේ“

“මොකක් “

“ ඊයේ මගේ නංගිට මට කෑම එකක් ගෙනියන්න බැරිවුණා. මං තිබ්බ සල්ලිවලින් කෑම එකක් ගෙනියනකොට නංගී බඩගින්නට ගෙදර තිබ්බ මී පාෂාණන් කාලා. නැන්දාත් එවෙලේ කොහෙද ගිහිල්ලා. “

“නංගී මළා“




No comments:

Post a Comment