එක මවකගේ දරැ කැළ
බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද
දුරැලා දා නමෝ නමෝ මාතා
අන්තර්ජාලය,පරිගණක හෝ ජංගම දුරකතන නොතිබුණු සමයක පොත්පත් කියවීමෙන් තම පරිඥානය වර්ධනය කරගත් ගත් කතුවරයෙකු ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් සැළකිය හැකිය.ජීවිතය පිළිබඳ ඉගෙනීමට කදිම තෝතැන්නක් වූ පොත ඇසුරැ කරගනිමින් තම පරිඥානය වර්ධනය කර ගත් ඔහු, ස්ව- අධ්‍යාපනයෙන් ජීවිතය ගත්තෙකු ලෙස සඳහන් කළ හැකිය. පවුල් පසුබිම හේතුවෙන් වැඩිදුර විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථා නොලද මුත් අවිධිමත් ස්ව - අධ්‍යාපනය නිසා ලොව ජය ගත් ඔහු, තමාට පිරිනැමුණු ගෞරව ආචාර්ය පවා ලේඛනයේදී භාවිතා නොකළ ලේඛකයෙකි. විශේෂයෙන්ම ඔහු වරක් ප්‍රකාශ කළ කියමනක් මෙහිලා සටහන් කිරීම වටී. එනම් ජාතක පොත ඇසුරැ කරන අවුරැදු විස්සකු තරැණයකු, අවුරැදු අසූවක වැඩිහිටියෙකුගේ අත්දැකීම් ලබා ගන්නා බවයි. එනම් සිද්ධාන්ත සොයා යාම නොව නව දැනුම සොයා යාම වඩා වැදගත් බව ඔහුගේ ද අදහස වී ඇත.
එහෙත් වර්තමානයේ මෙම අධ්‍යාපනික ක්‍රමය සම්පූර්ණයෙන්ම කණපිට ගැසී ඇත.එනම් ඒ තුළ ඇත්තේ අප කිසිම දිනෙක අසා නැති සිද්ධාන්ත කරැණුය. කිසිදාක දැක නැති සිද්ධාන්ත කරැණුය. විශේෂයෙන්ම විද්‍යා,වානිජ සහ ගණිත විෂයන් හදාරන සිසුහු මේ තත්ත්වයට ඉතා තදින් මුහුණ දෙන අතර වත්මන් පාසල සූත්‍ර කට පාඩම් කිරීමට පමණක් සීමා වන්නක් බව කීම මුසාවක් නොවේ. එබැවින් වත්මන් පාසැල් විෂය කරැණු ජීවිතය හා බද්ධ නොවන, ආචාර්ය මහාචාර්යවරැන්ගේ හුදු පාණ්ඩිත්‍යය හුවා දක්වන්නක් පමණෙකැයි කීවද වරදක් නැත. මේ නිසා වත්මන් අධ්‍යාපනය ප්‍රායෝගික භාවිතාවන්ට මුල් තැනක් දේ යැයි කීම ද අතිශයෝක්තියකි. වරක් කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි නිදහස් අධචින්තා ආරියසේන මහත්මිය පවා අවධාරණය කළ මෙම තත්ත්වය නිසා මේ වන විටත් සමාජ ශෝධනය,මනුෂ්‍ය සම්බන්ධතා සහ සාරධර්ම යනාදිය පාසලින් ඉවත්ව ගොස් ඇත. එනම් කාලයක සිට මනෝ වෛද්‍යවරැන් ද පවසන අන්දමට අද බිහිවන්නේ මනුෂ්‍යකුට වඩා රොබෝවරැන්ය. එහෙත් ඉදිරියේදී ඇතැම් විට මේ තත්ත්වය වෙනස් වීමට ද ඉඩකඩ ඇති අතර රොබෝවරැන් මානුෂිකත්වය අතින් ද ඉදිරියෙන් සිටිනු ඇත. එනම් අනාගත ශ්‍රී ලංකාවේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ E.T හෝ Artificial Intelligent චිත්‍රපටයේ සිදුවූ ඇතැම් සිදුවීම් සත්‍ය වශයෙන්ම ද සිදුවීමට ද ඉඩකඩ ඇත. එනිසාවෙන් අනාගත ශ්‍රී ලංකාව තුළ රොබෝවරයා සහ මනුෂ්‍යයා අතර වැඩි පරතරයක් නොවනු ඇතැයි යන්න අප පවසන්නේ ඉමහත් සතුටිනි.එහෙත් අධ්‍යාපනය ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රියලු. එහෙත් විභාගයෙන් පසු ළමයා තමන් ඉගෙන ගත් පොත් පත් විසිකර දමයිලු. ඒ හතුරෙකුටවත් මෙවන් විපතක් සිදුනොවේවායි පතමිනි.එහෙත් අප විශ්ව ගම්මාන පිළිබඳ කතා කරයි. නිදහස් අධයාපනයක් ගැන කතා කරයි. වෘත්තිය අධ්‍යාපනයක් ගැන කතා කරයි.කලාව ගැන කතා කරයි. එහෙත් ඊට ඉඩකඩ අහුරයි. සමස්ත ළමා පරපුරේම මානව හිමිකම් උල්ලංඝනය කරයි. බාල අපරාධ කරයි.
මේ නිසා අද අපට හිමිදිරියේ නැගිට වළාකුළු අතරින් සිනාසෙන හිරැ රුස් අත්විඳිය නොහැකි වී තිබෙයි. ඒ තුළින් කිසියම් සෞන්දර්යයක් අත් විඳිය නොහැකිව තිබෙයි. දිය ඇල්ලක් ළඟට ගොස් ඒ තුළින් රැරා වැටෙන දිය දහරාවේ මනස්කාන්ත දසුන රිසි සේ රසවිඳිය නොහැකි ව තිබෙයි. එමෙන්ම නාට්‍යයක්, නවකතාවක්, කෙටිකතාවක්, කවියක් හෝ ගීතයක් තුළින් ජීවිතයෙන් පෙත්තක් කියවිය නොහැකිව තිබෙයි. (ඇතැම්හු ජීවිතය තියා නිර්මාණය හෝ හරිහැටි කියවන්නේද යන්න සැකයකි) එහෙත් ඔබ ඔබගේම ළමා කාලයට ආපසු හැරැණොත් ගීත ගැයීමට,චිත්‍ර ඇඳීමට,නැටීමට, රඟපෑමට කෙතරම් ආශාවක් දැක්වුයේදැයි දැන් සිහිපත් වනු ඇත.එහෙත් එවන් දක්ෂ හැකියාවන් තිබූ ඔබට දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ඔබට දැන් චිත්‍රයක් ඇඳිය හැකිද ? සාමාන්‍ය මට්ටමෙන් හෝ ගීතයක් ගැයිය හැකිද ? තැනට ඔබින නර්තනයක් ඉදිරිපත් කළ හැකිද ? එම දක්ෂතාවලට සිදුවූයේ කුමක්ද ? ඔබගේ ජීවිතය ඔබටම අහිමි වී ඇති බැව් අප පවසන්නේ එබැවිනි. එනිසාවෙන් වෘත්තිය අධ්‍යාපනයකට සමගාමීව සෞන්දර්ය අධ්‍යාපනයක් හැදෑරීම තම ජීවිතය ඉතා සාර්ථක ජිවිතයක් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බැව් අපි හඟිමු. ඒ වෘත්තිය ජීවිතය අවසන් වූ විට පවා (පැන්ෂන් ගිය විට පවා) ඔබට සතුටින් ජීවත් විය හැක්කේ මේ තුළින් බැවිනි. වසර ගණනාවක් තිස්සේ ඔබ යෙදුණු විඩාබර වෘත්තිය ජීවිතය නිමා වුව ද ඔබ තුළ වූ සෞන්දර්ය රසිකත්වය ඔබ තුළින් කිසිදිනෙක නොමියෙනු ඇති බැවිනි. එහෙත් මෙය නාට්‍යකරැවකු, ගායකයකු හෝ කවියෙකු වීමට පෙළඹීමක් බව කීම උගහටය.එමෙන්ම එසේ කීවද එය සිදුවන්නේ ද නැත. එහෙත් නිවැරදිව සෞන්දර්ය රසවිඳින ඔබ එයින් සැබෑ මිනිස් ගුණවලින් හෙබි මනුෂ්‍යකු වනු ඇතැයි අපි සිතමු.
එසේම අද වන විට ජීවිතය
පිළිබඳ කියවීමට හැකි ප්‍රධානතම මාධ්‍යය වන සාහිත්‍යය අප තුළින් බොහෝ දුරට දුරස් වී
ඇත. එහෙත් සාහිත්‍යය යන්න උපතේ සිට මියෙන තුරැම අපට වැදගත්ය. මෙය එතරම්ම
පුළුල්ය.“සාහිත්‍යය, කලාව කන්නද“ වැනි ආකල්පවලින් යුතු මෙවන් සමාජයක සාහිත්‍යය
යන්න සමාජගත කිරීම උඩුගං බලා පිහිනා යාමක් වුව ද මේ මොහොතේ එහි අත්‍යවශ්‍යතාවය අපට
තදින් දැනේ.ජී අපට ආදරය, විරහව, දැනුම,
විනෝදය, කුතුහලය, ත්‍රාසය ආදියට සාහිත්‍යය වැදගත් වනවා මෙන්ම සමස්ත ජීවිතයම ඉගෙනීම
වස් අපට මෙය වැදගත් වන්නේ එබැවිනි. මෙහි ඛේදවාචකය නම් ජිවිත කාලය තුළදීවත් කියවා
නිම කළ නොහැකි සාහිත්‍යයක් හිමි අපට එහි වැදගත්කම නොවැටහීමයි.පොත් ප්‍රදර්ශන පැවැත්වුණ
ද අපගේ සාහිත්‍යයමය ඥානය ඊට අනුරෑපව
පුළුල් නොවූයේ මෙනිසාවෙනි.එනම් බොහෝ විට අප සංස්කෘතිය,සදාචාරය හෝ ඉතිහාසය පිළිබඳව
කයිවාරැවක යෙදෙනමුත් ඒවා නිවැරදිව වටහාගෙන ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කීදෙනාද යන්න
ගැටලුවකි. උදාහරණයක් වශයෙන් යටත් විජිත පාලනයට පෙර පන්සල මූලික කරගත් අධ්‍යාපනයක් ලැබූ
අප,වසරකට කී වතාවක් පන්සල හා සමීපව කටයුතු කරන්නේ වේදැයි යන්න සොයා බැලිය යුතු
කරැණකි. එසේම බෞද්ධ සාහිත්‍යයක් හිමි බෞද්ධයන්ගෙන් කීයෙන් කීදෙනෙක් පන්සිය පණස්
ජාතක පොත පරිහරණය කර ඇත්දැයි යන්න බරපතල ගැටලුවකි.එනිසායි, අප තවමත් ජීවත් වන්නේ
2012 වසරේදියි සොයා බැලිය යුත්තේ.
එබැවින් ඇමෙරිකාව අද සිටින්නේ කොතැනද යන්න අපට දැන් සක් සුදක් සේ පැහැදිලිය.එමෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඇමෙරිකාව හා කරට කර සිටින්නේ කෙසේදැයි පැහැදිලිය. අප ජාතිවාදය අවුලවමින්, යුද්ධවලට පෙළඹෙමින් ද අමන ක්‍රියාවල නිරත වෙද්දී සියලු මිනිසුන් එකම කුලකයක් සේ සළකන ඔවුන් දියුණුවන්නේ කෙසේදැයි යන්නද දැන් පැහැදිලිය. අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් පසුව මින් මතු ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යන වර්ග දෙක පමණකැයි කීව ද එවැන්නක් දැන් දැන් සිදුවේදැයි යන්නද පැහැදිලිය.
එබැවින් අපට මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බටහිර රටවල් මෙන්ම බොහෝ ආසියානු රටවල් පවා ජීවිතය පිළිබඳ දැන් දැන් හොඳ කියවීමක් ලබන බවය.එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සාහිත්‍යය,සංගීතය,නාට්‍යයට නිසි ස්ථානය නොලැබෙද්දී විදේශිකයන් ඒවාට ගෞරව කරන්නේ මන්දැයි යන්න ද අපට පැහැදිලිය.ලෝකයා මහත්මා දේශපාලනයක නිරත වෙද්දී, කලාවෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සාරධර්මයන්ගෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සංවරයක් නොවූ, කැළඹිලි සහගත, මනුෂ්‍ය කොට්ඨාසයක් ශ්‍රී ලංකාව තුළ සමාජගත වන්නේ ඇයිදැයි යන්නද පැහැදිලිය.එනිසාවෙන් ලෝකයෙන් ලබාගත යුතු දේ දැන්වත් අපි දැන්වත් ලබා ගනිමු. ඒ සඳහා අපි දවසට තුන් වරක් හෝ මෙසේ ජප කරමු. මන්ද මෙය අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.
“එක මවකගේ දරැ කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද
දුරුලලා දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ
නමෝ මාතා“
සටහන - මාලන් විදානපතිරණ
No comments:
Post a Comment