Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts
Showing posts with label සම්මුඛ සාකච්ඡා. Show all posts

Thursday, September 17, 2015

Interview 0f Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17

I Interviewed with Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17
I Discussed about Acting because she wrote a new book about Acting

She respected me to my questions.because she said first time she faced like these questions.She asked how did you learn these things, who are your teachers, what is your university etc. This credit goes to my drama and theatre teacher Mr.Jayalal Rohana and My University of Colombo(Sripali Campus) Cinema Lecturers

Friday, January 30, 2015

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි- බුද්ධික දමයන්ත -2015/01/23

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි.

- ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත

මාලන් විදානපතිරණ

පාදඩයා, පළිඟු රෑන, දවස තාම ගෙවුණෙත් නෑ, බන්සි මැරිලා නැහැ, අපේ පන්ති කාමරය, උතුරු කොනට පටු පාරක්, පුතා එනකං,හෙටක් නැති රටක් ආදී නිර්මාණ රැසක් වේදිකා ගත කළ බුද්ධික දමයන්ත, අධිපතියාගේ මරණ මංචකය නාට්‍යය සඳහා රාජ්‍ය සම්මාන ද හිමිකර ගත් නාට්‍යකරුවෙකි.“සිංදු කිරිල්ලී“ නාට්‍යය වෙනුවෙන් 2012 වසරේ හොඳම නාට්‍යය,හොඳම නිළිය,හොඳම නළුවා සහ හොඳම පිටපතට යන සියලු සම්මාන දිනා ගත් ඔහු,පසුව පැවැති ආසියාවේ විශාලතම නාට්‍ය උත්සවය වන 16 වැනි අන්තර්ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කිරීමටද වාසනාවන්ත වූයෙකි.(ඉන්දියාවේ නවදිල්ලි නුවරදි පැවැති එම උත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වේදිකා නාට්‍ය දෙකෙන් එකක් වීමට “සිංදු කිරිල්ලී* සමත් විය.) ඒ අනුව දැන් බුද්ධික තවත් අලුත් වේදිකා නාට්‍යයක් කරළියට ගෙන ඒමට සූදානමින් සිටී. නිරන්තරයෙන්ම නාට්‍යකරණයේ නියැලෙන බුද්ධිකගේ, 19 වැනි නාට්‍ය නිර්මාණය මෙය වන අතර රූ චලන ප්‍රඩක්ෂන්ස් නිපැයුමක් වීමද සුසිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීමක් වීමද   සුවිශේෂී විශේෂත්වයකි.  මේ ඒ පිළිබඳ ඔහු පිළිබඳ කළ කතාබහකි.

“තුන් මෝල්ලු කියන්නේ මම මෙතෙක් නිර්මාණය කළ නාට්‍ය නිර්මාණවල වඩා වෙනස් ආරක් ගත් නිර්මාණයක්. දේශපාලනික ප්‍රහසනයක් කිව්වොත් වඩා නිවැරදියි.මේක මටත් අලුත් අත්දැකීමක්.දක්ෂ නාට්‍ය සංවිධායකවරයෙක් වන සුසිල්ට තමයි මේ සඳහා හුඟක්ම උනන්දුව තිබුණේ. ලංකාව පුරාම වේදිකාගත කරවන හොඳ පිටපතක් සහිත හොඳ වැඩක් මාත් එක්ක එකතුවෙලා කරන්න තමයි ඔහුට ඕනැ කරලා තිබුණේ.රජන්ත ජයසිංහ නිෂ්පාදකවරයා යටතේ මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වීමත් මට අලුත් අත්දැකීමක් වුණා.* බුද්ධික කතාව ඇරඹුවේය.

පසුගිය කාලය පුරාවටම ඔබ නිෂ්පාදනය කළේ පරිවර්තන නාට්‍ය.ඇයි එයින් මිදෙන්න හිතුවේ ?

එහෙම දෙයක් නැහැ.මේ නාට්‍යයෙත් විදෙස් නාට්‍ය කීපයකම ඡායාවක් තිබෙනවා.බ්‍රිතාන්‍ය ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි සහ ඇමෙරිකානු ප්‍රහසන නාට්‍යකරුවකුගේ නාට්‍යයක ආභාසය මීට ලැබුණා.ඒ අනුව තමයි මේ නාට්‍යය මා අතින් ලියැවෙන්නේ.ඒත් ලංකාවේ පසට අනුගත කරලයි මෙහි චරිත ගලපා තියෙන්නේ.

නාට්‍යයේ කතා තේමාව ගැන කතා කළොත් ?

කොළඹ අවට කුලී නිවසක කසය නමින් විකල්ප පුවත්පතක් පවත්වාගෙන යන තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් සහ එම කුලී නිවස අවට පදිංචියට එන රූමත් කාන්තාවක් අතර දෝලනය වන සිදුවීම් මාලාවක් තමයි මෙහි ප්‍රධාන කතාවට පාදක වෙන්නේ.ඒත් පවතින දේශපාලන ප්‍රහසන  නාට්‍ය ධාරාවට වඩා වෙනස් ආකෘතියකින් තමයි අපි මේ නාට්‍යය ඉදිරිපත් කරලා තියෙන්නේ.විශේෂයෙන්ම මෙහිදී අපි සම කාලීන දේශපාලනමය, සමාජමය, ආර්ථිකමය ආදී පැති ගණනාවක් ඔස්සේ කතා කරන්න උත්සාහ දැරුවා.

සම කාලීන දේශපාලනය වත්මන් නාට්‍යකරණය තුළ බහුල ලෙස තේමා සඳහා යොදා ගන්නක් බවට පත්වෙලා.ඒත් මෙයින් හැඟෙන්නේ නාට්‍යකරුවන්ට සර්වකාලීනමය නාට්‍ය කරන්න බැහැ කියන එක නෙමෙයිද ?

නාට්‍යකරුවා නාට්‍යයක් ලියන්නේ සමකාලීන,සර්වකාලීන ආදී වශයෙන් හිතලා නෙමෙයි.සමහර වෙලාවට අදට නොගැලපෙන නාට්‍යයක් හෙටට ගැලපෙන්න ඉඩකඩ තියෙනවා.ඒ වගේ ඉතා ඉක්මනින් වෙනස් වන සමාජ ක්‍රමයක තමයි අපි ජීවත්වෙන්නේ.ඒ නිසා නාට්‍යයක් ගැන කතා කරද්දී එහි සර්වකාලිනමය වගේම සමකාලීනමය ලක්ෂණත් තියෙනවා.අදට ගැලපෙන විදිහට නෙමෙයි නාට්‍යය හෙටට ගලපා ගැනීම සිදුවෙන්නේ.අනික මගේ අලුත් නාට්‍යයේදී පවා අපි හසුකර ගන්නේ විදෙස් නාට්‍යකරුවන්ගේ නාට්‍ය ශිල්ප ක්‍රම. ඒ ආභාසයයි අපි ලබා ගත්තේ.ඒ නිසා අදාළ කතා තේමාවට සමාජය දෙන හැඩතලය මත තමයි නාට්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ.ක්‍රි.පූ. 3000කටත් පෙර ලියැවුණු ඇතැම් ග්‍රීක නාට්‍ය අදත් ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ හින්දයි.අනික කලා කෘතිවලින් කෙරෙන්නේ සමාජය වෙනස් කරන එක නෙමෙයි.සමාජය ගවේෂණය කරන එකයි.


පැවතුණු දේශපාලන ක්‍රමය යටතේ කලාකරුවන් පවා ඊට එරෙහිව සටන් කළා.ඔබත් මෙහි කොටස්කරුවෙක් නේද ?

අපිට ඒක කරන්න සිදුවුණා.ඒ වෙනසට දැන් අපි ආරම්භයක් අරගෙන තිබෙනවා. එතැනින් එහා නාට්‍යකරුවන්ට විශාල වගකීම් කොටසක් තියෙනවා ඉටු කරන්න.ඒ සඳහා සියලුම නාට්‍යකරුවන් දැන් පෙළගැසිය යුතුයි.  එහෙම වුණොත් තමයි අපේ නාට්‍යයත් මිනිස්සු දකින්නේ. එහෙම නැත්නම් රැල්ලට යන නාට්‍ය කියා පෝස්ටර් ගහන නාට්‍ය පමණයි ප්‍රේක්ෂකයෝ දකින්නේ.මොකද අද තරුණ නාට්‍යකරුවන්ගේ හොඳ නාට්‍ය ඔක්කොම තියෙන්නේ ගෙදර.එහෙම තත්ත්වයක් තමයි අද නාට්‍ය කලාවට උදාවෙලා තියෙන්නේ.නාට්‍ය කරන්න එපා කියන සමාජයක් තමයි තාමත් තියෙන්නේ.එහෙම අත ඇරලා දාපු කලාවක් තමයි මේක.ඉතින් වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැතකවරණයක් ඇතිවිය යුතුමයි.අනික අපි අපේ ජීවිතයේ හොඳම කාලය ගෙව්වේ වේදිකාවත් එක්ක.ඒත් මම අවුරුදු දහයක් තිස්සේ මගේ නාට්‍ය 15ක් ඇතුළත් නාට්‍ය උලෙළක් කරන්න උත්සාහ දැරුවා.ඒත් එහෙම දේකට වත්මන් සමාජයේ අනුග්‍රහයක් තියෙනවද ? නමුත් පහුගිය කාලේ කලාවේ සංවර්ධනයට කියලා මෙගා ව්‍යාපෘති නම් හුඟක් දියත් වුණා.ඒවාට කෝටි ප්‍රකෝටි ගණන් වෙන්වුණා.මම මගේ “හෙටක් නැති රටක්“ නාට්‍යය හරහා කතා කළේත් ඔළු මාරුවෙන තක්කඩි දේශපාලනය ගැන තමයි.





  
 



මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ - 2015/01/30 - “අද“

මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ 

“අරුන්දතී“ නාට්‍යයේ නිෂ්පාදක තුමිඳු දොඩම්තැන්න

මාලන් විදානපතිරණ

“සංඛාරා“ චිත්‍රපටය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් චිත්‍රපට නළුවකු වන තුමිඳු දොඩම්තැන්න,සිය රූපණයේ මුලකුරු උපයාගන්නේ වේදිකාවෙනි.පාසැල් අධ්‍යාපනය හමාර කළ වැඩි කලක් නොගොස් 1999 වසරේදීම සිය මුල්ම දිගු නාට්‍යය නිපැයූ තුමිඳු, එය හඳුන්වනු ලැබුවේ “අරුන්දතී“ නමිනි.එම වසරේ පැවැති යෞවන සම්මාන උලෙළේදී සම්මාන දොළහකට වග කියූ මෙම වේදිකා නාට්‍යය, රාජ්‍ය නාට්‍ය උලෙළේදීද ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය.එබැවින් 2013 වසරේදී නව නිෂ්පාදනයක් ලෙස නැවතත් කරළියට පැමිණි “අරුන්දතී“,අනිද්දා (01) නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.30ට නැවතත් වේදිකාගත වීමට සූදානමින් සිටී.මේ ඒ අලළා එහි නිෂ්පාදක (වේදිකා නාට්‍ය කලාවේ අධ්‍යක්ෂවරයා යනු නිෂ්පාදකවරයාය.) තුමිඳු සමග කළ කතාබහක සටහනකි.

“අරුන්දතී කියන්නේ හෂිනිකා කරලියද්ද,ජයනාත් බණ්ඩාර වැනි මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පීන්ගේ මුල් කාලීන නිර්මාණයක්.ඔවුන් පමණක් නෙමෙයි.මෙහි සෙසු චරිත රඟපෑ ශිල්පීන්ගේ පවා මුල්ම වේදිකා ආගමනය සිදුවන්නේ මෙම නාට්‍යය හරහායි. ඒත් ඔවුන් දැන් ජිවිතය පිළිබඳ එදාට වඩා පරිණත බවක් ලබා තිබෙනවා.විශේෂයෙන්ම එම බහුශ්‍රැත බව මුල්ම නිෂ්පාදනයට වඩා වාසි සහගතයි.ඒ මෙහි කතා තේමාවේ ස්වභාවය හින්දා. මේ නිසා වත්මන් නිෂ්පාදනයේදි අපට එදාට වඩා ජවයක් එක්වෙලා තිබෙනවා.නැවතත් මෙහි නව නිෂ්පාදනයක් කිරීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේත් මෙවැනි පසුබිමක් තුළ තමයි.“තුමිඳු සිය හඬ අවදි කළේ එසේයි.

සරල කතාවක් ඇතුළත සංකීර්ණ ගවේෂණයක්

ප්‍රේමය සහ විවාහ සංස්ථාව අතර ගැටුමක් තමයි මෙහි ප්‍රධාන ප්‍රස්තුතය බවට පත්වෙන්නේ.මේ අත්දැකීම බොහෝ දෙනෙක් තමාගේ ජිවිත කාලය තුළදි අත්විඳින දෙයක්.කුලය සම්බන්ධ සංස්කෘතික කාරණාවක් තමයි මෙහි කේන්ද්‍රීය කාරණාව බවට පත්වෙන්නේත්. හැබැයි අපි මෙය ගෙන එන්නේ සංකේතාත්මක ආකෘතියක් පදනම් කරගෙන.සාමාජීය,ආර්ථික, වාර්ගික ආදි වශයෙන් අප තුළ පවත්නා බෙදීම් කෙතරම් දුරට අපේ ජිවිත අර්බුදකාරී තත්ත්වයකට පත් කරනවාද යන්නත් මෙහිදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා.දේශපාලනික සරල කතාවක් ඇතුළින් තමයි අපි මේ ගවේෂණය සිදුකරන්නේ.ඒ නිසා මේක  ප්‍රසාංගික බවින් පිරුණු මිශ්‍ර රංග ශෛලියකින් යුත් නාට්‍යයක්. හැමදෙයක්ම ඉතාම සරල,සාමාන්‍ය ආකාරයකට තමයි භාවිතා කරලා තියෙන්නේත්.ඒ නිසා මෙය හැමෝටම රසවිඳින්න පුළුවන් නාට්‍යයක්.ආනන්දය තුළින් ප්‍රඥාව කරා යා හැකි නාට්‍යයක්.
  
දේශපාලනික හාස්‍ය නාට්‍ය රැල්ල

රාජ්‍ය පාලනය විහිළුවක් වූ සමාජයක,නාට්‍යකරුවාගේ ප්‍රකාශනයත් විහිළුවක් තමයි.එසේ කරගත්තු නාට්‍ය රැල්ලක් තමයි දැන් පවතින්නේ.එවන් මතුපිටින් දකිනා හාස්‍යයක් තමයි වේදිකාවට ගෙන ඇවිත් තිබෙන්නේත්.  ඒත් මෙවැනි සරල දේශපාලනික සිදුවීම් නාට්‍යවලින් දැකලා හිනාවෙලා අවසන් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ.ඒ නිසා එවැනි නාට්‍ය තුළින් සිදුවෙන්නේ ජන ජීවිතය අකර්මණ්‍ය කිරීමක් පමණයි. නිර්වින්දනය කිරීමක් පමණයි. බර්ටෝල්ට් බ්‍රෙච්ට් කියන්නා සේ අඳුරු යුගවලදී අඳුරු යුගය ගැන මිස කවි සින්දුත් ලියවේද ? අපි දැන් පසුකරමින් යන්නේත් එවැනි යුගයක්. එය අපට වර්තමානයට ගැලපෙන්නේ විහිළු යුගයක් විදිහට.ඒත් අඳුරු යුගයක නිපැයුණු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ධවල භීෂණ වැනි නාට්‍ය මීට වඩා ගුණාත්මක මට්ටමක පැවතුණා.ඒත් “අරුන්දතී“ නාට්‍යයට පවතින හාස්‍ය නාට්‍ය ප්‍රවාහය බාධාවක් නෙමෙයි.

නාට්‍යකරුවා සහ සංවිධායකවරයා පිළිබඳ ගැටලුව

නාට්‍යයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එය රට වටා දර්ශන වාර සංවිධානය කිරීමේදි එය නාට්‍යකරුවා සමග බැඳී නැහැ.නාට්‍ය සමාගම්,නාට්‍ය සංවිධාන ආදිය පවතින්නේ එම සංවිධානමය ගැටලුවට තමයි.ඊට නිසි කළමණාකරණ ව්‍යුහයක් නොමැති වීමයි,ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය වී තිබෙන්නේ.අනික අපේ රටේ පවතින්නේ ජංගම නාට්‍ය කලාවක්. ඒකත් මීට බලපා තිබෙනවා.ඒක වැරැද්දක් නෙමෙයි.එවැනි ව්‍යුහ පවතින සංස්කෘති විදෙස් නාට්‍ය සංස්කෘති තුළ පවතිනවා.නමුත් ඔවුන් එක නාට්‍යයක් වසර කිහිපයක් එක දිගටම එකම රංග ශාලාවක වේදිකාගත කරනවා.ඒත් අපේ රටේ එවැනි පසුබිමක් නිර්මාණය වෙලා නැහැ. ඊට ඉඩක් හෝ ලබා ගැනීම අපහසු කටයුත්තක්.අනික එවන් ප්‍රේක්ෂාගාරයක් පවා තවමත් නිර්මාණය වෙලා නැහැ.ප්‍රාග්ධන අතිරික්තයක් පවතින සමාජයකට තමයි කලාව භාවිතා කළ හැකි වෙන්නේ.ඒත් එවැනි සමාජයක් අද අපට නැහැ.

එකම නිර්මාණ කුට්ටියකට හිර නොවී අධ්‍යාපන විෂය නිර්දේශ පවා යාවත්කාලීන විය යුතුයි

වර්තමානයේ සිටින අධ්‍යාපනයට අදාළ විෂය නිර්දේශවලට අදාළ පරිපාලකයන් දන්නේ එකම නිර්මාණ කුට්ටියක් ගැන පමණයි.ඒ ඔස්සේ තමයි ඔවුන් පෙළ පොත් යාවත්කාලීන කරන්නේ. අපි දන්න විදිහට ජයලත් මනෝරත්නයන්ගේ “තලමල පිපිලා“ නාට්‍යය තමයි මෑතකදි යාවත්කාලීන වූ නාට්‍යයකට තිබෙන්නේ.ඒත් අතුල පතිරණගේ “දොළහක් “ වැනි නාට්‍යයක් සර්වකාලීන ගුණයකින් යුතු නාට්‍යයක්.ඉදිරියටත් රංගගත විය යුතු නාට්‍යයක්.ඒත් අද එය නැවතිලා.මේ නිසා මිනිසුන් ප්‍රගතශීලි කරවන, මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ.එවන් ප්‍රගතශීලි කරවීමක් තුළින් දේශපාලකයාට අවාසියක් වේවි කියා දැනීමටවත් සමාජ වැටහීමක් දේශපාලකයාට නැහැ.ඒ නිසා වත්මන් දේශපාලකයන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට එවැනි බුද්ධි මට්ටමක් හෝ සාහිත්‍ය,කලාව පිළිබඳ උනන්දුවක් තිබේද යන්නත් ගැටලු සහගතයි. මෙවන් වාතාවරණයක් තුළ රසවින්දනය පිළිබඳ ඉගැන්වීමකට කොහොමටවත් මෙහි ඉඩක් නැහැ.ඒත් මෙයින් මිනිස් සමාජය තුළ ගැටලු අවම කරන බව ඒ පරිපාලකයන් දන්නේ නැහැ. එයින් සිර ගෙවල් වැසෙන බව ඔවුන්ගේ පුළුල් මනසට වැටහෙන්නේ නැහැ. අනෙකාව දැනෙන්නේත් සාහිත්‍යය,කලාව රසවිඳින සමාජයකට බවට ඔවුන්ට අවබෝධයක් නැහැ.තාමත් අපට අනෙකාව ඉවසන්න බැරි මේ නිසයි. උසස් රසවින්දන මට්ටමක් තියෙන සමාජයක මෙවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. අපි තිස් අවුරුද්දක් ආපස්සට ගියෙත් මෙවැනි හේතු නිසයි.

නාට්‍ය කලාවේ දොරවල් කවුරුවත් විසින් වහලා නැහැ

සජිවි නාට්‍ය කලාවක් ලෙස වේදිකා නාට්‍ය කලාව තමයි වැඩි නිදහසක් හිමි මාධ්‍ය වෙන්නේ.එවන් නිදහසක් චිත්‍රපටවලටවත් නැහැ.ටෙලිනාට්‍යවලටවත් නැහැ.ඒ විවෘත බව ආධුනිකයන් තේරුම්ගත යුතුයි. අනික ඔවුන්ට යෞවන සහ රාජ්‍ය වශයෙන් ප්‍රධාන නාට්‍ය තරගාවලි දෙකක් තියෙනවා.නාට්‍ය කලාව හැදෑරීමට පවා ටවර්හෝල් සහ ජාතික තරුණ සේවා සභාව ලෙස පිළිගත් ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා.ඒ හරහා තරුණයන්ට තමන්ගේ මාර්ගය සකස් කර ගත හැකියි.එහෙම නැතුව මෙහි ඒකාධිකාර, කල්ලි නිර්මාණය වෙලා නැහැ.අනික මුලින්ම නාට්‍ය නරඹන්නයි යා යුත්තේ.ඒ ඔස්සේයි තමන්ගේ නාට්‍ය ආකෘතියක් සකස් කර ගත යුත්තේ. උනන්දුව,කැපවීම තුළින් තමයි දක්ෂ නිර්මාණකරුවන් ඉදිරියට එන්නේ.

ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වෙලා නැහැ

මම ටෙලිනාට්‍යයක චරිතයක් ලැබුණාම ඒ පිළිබඳව තෝරා ගැනීමක් කරනවා.සාහිත්‍යයමය වශයෙන් යමක් කළ හැකි,වටිනාකමක් තියෙන පිටපතකට දායක විමටයි මම හැමවෙලාවකම උත්සාහ දරන්නේ.අනික මට රංගන ශිල්පියෙකු විදිහට ගත කිරීමට ලැබෙන කාලය ඉතා සීමිතයි.එම සීමිත කාලය වටිනා යමකට යෙදවිමයි මගේ අරමුණ.ඒ නිසා මම මේ මොහොතේ දායක වී සිටින්නේ ලක්මාල් ධර්මරත්නගේ “කූඹියෝ“ ටෙලිනාට්‍යයට පමණයි.ඒත් මම එයින් විශාල තෘප්තියක් ලබනවා.එම පිටපත හොඳ තෝරා ගැනීමක් කියලයි මට හිතෙන්නේ.අනික ටෙලිනාට්‍යයකට පෙනී සිටීම තමයි සමාජය බලාපොරොත්තු වෙන්නේත්.රඟපෑමට තියෙන ඉල්ලුම අද දෙවැනි ස්ථානයට වැටිලා.මෙවැනි පසුබිමක කොහොමද ගුණාත්මක ටෙලිනාට්‍ය බිහිවෙන්නේ ? ඒ නිසා ගුණාත්මක කිර්මාණ බිහිවෙන්නේ දැන් කොහොමත් කලාතුරකින්.

චිත්‍රපට ක්ෂේත්‍රයට දක්වන දායකත්වය

මට ලැබෙන්නේ ඉතාම සිමිත කාලයක්.නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රඟා චිත්‍රපටයේ පවා මම නිරූපණය කළේ ඉතාම කුඩා චරිතයක්. මීට  වසර එක හමාරකට පෙර රූගතකිරිම් සිදුවූ සුමිත්‍රා පීරිස්ගේ අලුත්ම චිත්‍රපටයේත් මම රංගනයෙන් දායක වුණා.මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවන වෙනවා.මම හිතනවා ඒ චිත්‍රපටය මේ වසරේදි දැකගන්න ලැබෙයි කියලා.



Saturday, January 25, 2014

දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි - මාදනී මල්වත්තගේ




දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි
-    මාදනී මල්වත්තගේ

 

“මාදනී* නාට්‍ය උළෙල අද සිට
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

මෑත යුගයේදී ස්වකීය සුවිශේෂ යැයි කිව හැකි රංග කෞශල්‍යයෙන් නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරය විස්මයට පත් කළ රංගන ශිල්පිනියක් ලෙස  මාදනී මල්වත්තගේ හැඳින්විය හැකිය. පේරාදෙණියේ සිට නාට්‍ය කලාව වෙනුවෙන්ම කොළඹ සිය නැවතුම්පළ කර ගත් ඇය යෞවන සම්මාන වේදිකා‍වේ සිට පියවරෙ˙න් පියවර ඉදිරියට පැමිණි◊ ශිල්පිනියකි. ඒ අනුව අද සිට (10 වැනි දින) ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඇගේ හොඳම චරිත නිරෑපණ ඇතුළත් නාට්‍ය උලෙළක් ඇරඹෙයි. එනම් වසර දහසයක් පුරා මෙහිදී අද(10) සිට පිළිවෙළින් ජගන් මා, සුද්දෙක් ඔබ අමතයි,මහ සමයම, කළු කුමාරි,සෙල්ලම් නිරිඳු යන නාට්‍ය වේදිකාගත වීමට නියමිතය. ජනවාරි මස 14 වැනිදා තෙක් පැවැත්වෙන මෙම උලෙළ අරබයා ඇය සමග කතාබහක යෙදීමට අප අදහස් කළේ එබැවිනි.

“මාදනී* නාට්‍ය උලෙළ ගැන ඔබෙන් ඇසුවොත් ?

නාට්‍ය උලෙළක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මගේ සහෘද ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ඉල්ලීම් තිබුණා.මොකද මම රාජ්‍ය නාට්‍ය උළෙළේදී දිගු නාට්‍ය අංශයෙන් සුසිල් ගුණරත්නගේ “දෙනුවර දෙන්නෙක් (2007)*, කේ බී හේරත්ගේ “ජගන් මා (2009)* හා ඔහුගේම “කΩළුකුමාරි*˙ (2013) යන නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය හිමිකරගත්තා. ඒ වගේම තෙවතාවක් හොඳම නිළියට නිර්දේශ වුණා.ඒ නිසා මෑතකදී එවැන්නක් කළ එකම නිළිය “මාදනී* විදිහටත් සමහරැ මාව හඳුන්වනවා. “සුද්දෙක් ඔබ අමතයි* නාට්‍යයේ කළ රංගනය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණා. ඒ නිසා එම නාට්‍යයත් මීට ඇතුළත් කළා. ඒ වගේ මගේ සම්මානනීය නාට්‍ය දෙකත් එක්ක මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ දෘශ්‍ය කාව්‍යයත් මීට ඇතුළත් කළා. ඒ එය මගේ වෙනස්ම විදිහේ අත්දැකීමක් නිසයි. ඒත් එයත් මිනිසුන් අතර කතාබහට ලක්වුණා.ඒ වගේම මම නාට්‍ය කලාව පිවිසුණේ ජයලත් මනෝරත්නයන්ගේ කනේරැ මල් නාට්‍යයෙන්.ඒ නිසා එතුමාට ගෞරවයක් වශයෙන් එතුමාගේ නවතම නිර්මාණය වන සෙල්ලම් නිරිඳු නාට්‍යයත් මීට ඇතුළත් කරන්නත් මට උවමනා වුණා.

මෙවැනි නාට්‍ය උලෙළක් පැවැත්විය යුතුයි කියලා හිතුණේ ඇයි ?

අද වේදිකාව අවර ගණයේ වේදිකා නාට්‍ය රුල්ලකින් වැසී ගිහින්. ඒ නිසා නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරන ළමයින්, විශ්ව විද්‍යාල සිසුන්,ගුරැවරැන් පවා හොඳ නාට්‍ය මොනවාද යන්න ගැන දන්නේ නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් මගෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරන්න මට උවමනා වුණා.

එසේ නම් ඔබ කියන්නේත් ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂකයාගේ රසවින්දනය පහත් 
මට්ටමක පවතිනවා කියලද  ?

නැහැ.කොහෙත්ම නැහැ.ලංකාව පුරා හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපිට තියෙනවා. ඔවුන්ට හොඳ රසවින්දන මට්ටමක් තිබෙනවා.ඒකත් මම අත්දැකීමෙන්ම දන්නවා. ඒත් ඔවුන් නාට්‍ය පිළිබඳ වූ මන්ද පෝෂණයකින් පෙළෙනවා.ඒ ඌනතාවය යම් තරමකින් හෝ සමනය කිරීම තමයි මගේ අරමුණ.

ඔබ සම්මානයට පාත්‍ර වූ ශිල්පිනියක්. ඒත් නාට්‍ය පිළිබඳ වූ උප සංස්කෘතියක් නොපවතින රටක ඔබේ චරිත පිළිබඳ හෝ කිසිදු අධ්‍යයනයක්,සාමුහික කතාබහක් සිදුවෙනවාද ?

වත්මන් නාට්‍යකරැවන්ගෙන් ඇතැමෙක් මොටවෙන්න බලපෑ එක් හේතුවක් තමයි එවැනි කතිකාවතක් නොමැති වීම.ඒත් මීට පෙර සුගතපාලද සිල්වා, දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි නාට්‍යකරැවන් සිටි යුගයක මෙවැනි උප සංස්කෘතියක් පැවතුණා.ඒ නිසයි අලුත් විදිහට හිතන පරම්පරාවක් ගොඩනැගුණේ.ඒත් අද පවතින්නේ අනුකරණය කිරීමේ නාට්‍ය රුල්ලක්. එක්කෙනෙක් අලුත් විදිහට හිතලා යමක් කළොත් ඒ විදිහේම නාට්‍ය රුල්ලක් ඒ එක්කම එනවා.ඒත් මේක හේතුව පවතින ජිවන අරගලයද, හිතලා යමක් කරන්න තරම් වෙලාවක් නැතිකමද, එහෙමත් නැත්නම් වෙලාවක් හදාගන්නවත් ඕනෙකමක් නැතිකමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.    

එසේ නම් දක්ෂ නිළියක හැටියට ඔබත් මේ ජීවන අරගලයේ සිටිනවා. සම්මාන පවා හිමිකර ගන්නවා.එසේ නම් චරිතයක් ගොඩනැංවීමට අවශ්‍ය පෙර වැඩ කිරීම ඔබ කාලය කැප කළේ කොහොමද ?

වසරකට බොහෝ විට මම එක් වේදිකා නාට්‍ය නිර්මාණයක චරිතයක් තමයි භාර ගන්නේ.ඒ අනුව මට චරිතයට සූදානම් වීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා.අනික වේදිකාව කියන්නේ මම සල්ලි හම්බකරන තැන නෙමෙයි. ඒත් මේක ඇතැම් සංවිධාකයන් නිසා එවන් තැනක් බවට පත්වෙලා.ඒත් ඔවුන් හැමවෙලාවකම දැන ගත යුතුයි තමන්ගේ ගමට ගුණාත්මක නාට්‍ය ලබාදෙන්න. මොකද වේදිකාව කියන්නේ පූජනීය තැනක්.එතැනින් තමයි මම අලුත් වෙන්නේ.එතැනින් තමයි මම දවසින් දවස පරිණත වෙන්නේ.

වත්මන් නාට්‍ය පරම්පරාවේ දක්ෂ නළු නිළියන්ගේ ඌනතාවයක් පවතිනවා. පාසැලින් බිහිවන දක්ෂයන් නිවැරදිව සමාජගත කරන්න විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙන්නේ මේ නිසා නේද ?

හැකියාව කියන්නේ උපතින් ගේන දෙයක්. ඒක මුවහත් කරන්න පුළුවන්.ඊට මග පෙන්වීමක් අවශ්‍යයයි. හැබැයි කාටවත් දක්ෂ නළු නිළියන් හදන්න බැහැ.කාටවත් එතැනට තල්ලු කරන්න බැහැ. තමන් දැන ගත යුතුයි තමන්ගේ දිශාව තෝරාගන්න.තමන්ගේ මාර්ගය එළිපෙහෙළි කර ගත යුත්තේ තමන්මයි.උදාහරණයක් විදිහට මම නාට්‍ය කලාවට ප්‍රවේශ වෙද්දි මගේ පවුලේ කවුරැවත් කලාවට ගෑවිලාවත් හිටියේ නැහැ.මමයි ජාතික තරැණ සේවා සභාව පවා හොයාගත්තේ.එතැනදිත් මගේ අඩුපාඩු හදාගත්තත් මගේ ස්වෝත්සාහයෙන් තමයි දියුණු වුණේ.අනික රඟපෑම කාටවත් උගන්නන්නත් බැහැ. ඒ නිසා තමන්ගේ ගුරැවරයා විය යුත්තේ තමන්මයි.

ඔබ දක්ෂ ටෙලිනාට්‍ය නිළියක්.වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?

ටෙලිනාට්‍ය කලාවේ පවතින්නේ රුල්ලක් පමණයි.ඒකාකාරී ආකෘතියක් තමයි එහි තියෙන්නේ. ඒ නිසයි ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් දැන් රඟහලට ඇදෙන්නේ. කොහොම නමුත් ජාත්‍යන්තර මට්ටමෙන් සලකා බැලුවොත් ටෙලිනාට්‍ය කියන්නේ යම් ගරැත්වයක් පවතින කලාවක්. ඒත් ලංකාවේ එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ.ඒ නිසයි මමත් ටෙලිනාට්‍ය තෝරාබේරාගෙන රඟපාන්නේ. ඒත් මාව වෘත්තියමය නිළියක් විදිහට හඳුන්වනවටවත් මම කැමැති නැහැ.කොහොම වුණත් මට පසුගිය කාලේ සෑහීමකට පත්විය හැකි චරිත සීමිත ප්‍රමාණයක් ලැබුණා.රන්ගිර නාට්‍යයේ මගේ රංගනය මේ වසරේ පැවැත්වෙන සම්මාන උලෙළක් සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා.ඒ නිසා ඒ ගැන සතුටක් නැත්තේමත් නැහැ.කොහොම වුණත් මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරැන්ගෙන් ආයාචනාවක් කරන්න කැමැතියි. දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි.ඒ නිසා එකම වගේ චරිත නිර්මාණය කරන්න එපා.එක් ටෙලිනාට්‍යයකින් දකින නිළියක් අනික් ටෙලිනාට්‍යයේදීත් ඒ විදිහටම දැකීම සිදු නොවිය යුතු දෙයක්.ඒ නිසා එසේ සිදුවීම නිර්මාණකරැවන්ගේ දුර්වලකමක් විදිහටයි මම දකින්නේ.

එසේ නම් ඔබට චිත්‍රපට ක්ෂේත්‍රය හරහා ඔබේ රංගන ප්‍රතිභා පරාසය එළිදක්වන්න පුළුවන් නේද ?

ඔව්.ඒත් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. අනික ලැබුණූ චරිතවලින් පවා ලොකු යමක් මට කරන්න ලැබුණේ නැහැ.ඒ නිසා ඉදිරියේදී හොඳ යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබෙයි කියලා හිතනවා.  

Wednesday, October 23, 2013

සමහරැ හිතන් ඉන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි - මහින්ද දිසානායක




සමහරැ හිතන් ඉන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි
-         මහින්ද දිසානායක

සටහන - මාලන් විදානපතිරණ

වෘත්තියෙන් සිංහල ගුරැවරයෙකු,ගුරැ උපදේශකවරයෙකු,හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන මහින්ද දිසානායක, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගී පද රචකයකු ලෙස අමිල මෙහෙවරක් කළ ශිල්පියෙකි.විශේෂයෙන්ම ජන ශ්‍රැති,ජන මූලාශ්‍ර නිවැරදිව ජීර්ණය කර ගනිමින් ගේය කාව්‍ය රචනයේ නියැලුණු ඔහු සමස්තයක් වශයෙන් රචනා කළ ගීත සමුච්චය අතරින් ඇසට අසුවන මායිමේ, රැවක් ඇදෙනවා යනාදී ගීත අතිශයින් ජනප්‍රියය. ඔහු කලකට පසු බොදු බැති ගී සරණියක් සඳහා ගීතයක් රචනා කර ඇත. ඒ වෙසක් පොහොය නිමිති කර ගනිමිනි. සෝමතිලක ජයමහ ගායනා කරන මෙම ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන විසිනි.කෙසේ වෙතත් දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන මහින්ද දිසානායක 
සමගින් වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක යෙදීමට අප අදහස් කළෙමු.

“ වත්මන් ගීතයේදී එහි පද රචනා ගැන එතරම් සැළකිළිමත් වන බවක් අපිට දකින්නට නැහැ.ඒ වෙනුවට නව සංගීත සංයෝජනය කෙරේ වැඩි ප්‍රමුඛතාවයක් දෙන බවයි අපට පෙනෙන්නේ.අනික ඇහෙන ගීතවල යම් සාහිත්‍යමය ගුණයක් තිබෙන බවක් හෝ ඒ පිළිබඳ සැළකිළිමත් වී ඇති බවකුත් අපිට දකින්නට නැහැ.“ මහින්ද දිසානායක සිය හඬ අවදි කළේය.

ඒත් ඔබ පැවසූ සාහිත්‍යමය ඛේදවාචකයට පසුබිම් වෙන්නේ සාහිත්‍යය පරිශීලනය කරන සිසුන්ට, ඒ තුළ නිර්මාණශීලී යමක් සඳහා ඇති ඉඩක ඇසිරී යාම නේද ?

ඔය ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමත් සමගයි.ඒ අනුව තමයි ළමයින්ට HMC කියලා විභාග ක්‍රමයක් හඳුන්වා දුන්නේ.එතැනදී සිංහල විෂය විශාල කප්පාදුවකට ලක් වුණා.ඒක ආරම්භ වු‍ණේ ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම්වරයා යටතේයි.ඒ නිසායි පාසැල් මට්ටමින් සිංහල භාෂාව හා සාහිත්‍යය ළමයින්ට අහිමි වුණේ.ඉතින් ඒ පිරිස විශ්ව විද්‍යාලයේ ගියාම ටිකෙන් ටික සිංහල අංශයේ ඉගෙනගන්න ළමයින් පිරිස නැතුවම ගියා.මේක සෑහෙන්න කාලයක් පැවතුණා. ඒ අනුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා නැවතත් ගුරැ පත්වීම් ලබන ගුරැවර ගුරැවරියන්ට සාහිත්‍යය දැනුම අහිමි වුණා.ඒ කාලේ සමහර පාසැල්වල සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න හැකි ගුරැවරයෙක්වත් හොයාගන්න බැරිවුණේ ඒ නිසයි.ඉතින් එතකොට කොහොමද හොඳ සාහිත්‍යය දැනුමක් තිබෙන සිසුන් පිරිසක් බිහිවෙන්නේ ? කොහොමද හොඳ රසඥතාවයක් තිබෙන සිසුන් පිරිසක් බිහිවෙන්නේ ? මේ නිසා තමයි දැන් ඇතැම් පුවත්පත්වල, ඇතැම් විද්‍යුත් මාධ්‍යවල භාෂාව භාවිතා කරන අන්දම ගැන විවිධ චෝදනා නැගෙන්නේ. මේක පොදුවේ භාෂා විශාරදයන් නගන චෝදනාවක්. ඒ නිසා නැවතත් ඉතිහාසය, සාහිත්‍යය පාසැල් පද්ධතියට එකතු වුණත් ඒවායේ ප්‍රතිඵල ලබාගන්න කාලාන්තරයක් බලා ඉන්න වේවි.

ඒත් ගුරැ මූලික නොවී ශිෂ්‍ය මූලික නොවී අධ්‍යාපන ක්‍රමයක් නොවීම නේද මේකට හේතුව ?

අද ලංකාවේ පවතින ආර්ථික,සාමාජීය වාතාවරණයත් එක්ක ළමයින් තරගකාරී ජීවන රටාවකට හුරැවෙලා.ළමයින් විතරක් නෙමෙයි. ගුරැවරැන් පවා මේකට අසුවෙලා.ඒ නිසා මේ දෙගොල්ලන්ටම දැන් විවේක බුද්ධියෙන් කටයුතු කරන්න හැකියාවක් නැහැ.ළමයින් රඳවාගෙන නිර්මාණශීලි යමක් කරන්නත් ඇති ඉඩකඩ අඩුයි.උදාහරණයක් වශයෙන් උසස්පෙළට පැමිණෙන දරැවා දෙවැනි වසරේදි පාසැල් එන්නේත් නැහැ.උපකාරක පන්තිවලටයි වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ. ඒ නිසා ළමයින්ට ඕනෑ කරන්නේ විභාගය සමත් වීම මිසක් නිර්මාණශීලි යමක් කිරීම නෙමෙයි.අනික දැන් ළමයින්ගේ වැඩි නැඹුරැවක් තිබෙන්නේ විද්‍යාව, ගණිතය, වානිජ, තාක්ෂණික වගේ විෂයන් ධාරාවන්ටයි. එහෙම නැතුව කලාවට නෙමෙයි.මොකද ළමයින්ට ඕනෑ කරන්නේ විභාගය සමත් වෙලා හොඳ රුකියාවක් කරන්නයි. ඒකයි ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව.
ඔබ ජනශ්‍රැතිය,ජන කවි ආශ්‍රිතව නිර්මාණ කාර්යයේ යෙදුණු කෙනෙක්. ඒත් අද අපි ජීවත්වන්නේ මුළු විශ්වයම අතැඹුලට ගත හැකි සමාජයක. එවන් වාතාවරණයක 

ඔබ ඇතුළු සමකාලීන පරම්පරාවෙන් පසුව මෙවැනි මූලාශ්‍ර අවභාවිත වේදෝයි සැකයක් පවතිනවා ?

මෙහෙමයි.අපිට ජාත්‍යන්තරය ජය ගැනීමට නම් ජන සංගීතය අත්‍යවශ්‍යයි. එවැනි පසුබිමක ජන සංගීතය හරහා ජාත්‍යන්තරය අතික්‍රමණය කිරීමට අද බොහෝ දෙනෙක් උත්සාහ දරනවා.හැබැයි සමහරැ මේවා භාවිතා කරන අන්දමින් අපට පෙනෙන්නේ ඔවුන් මේවා හරිහැටි ග්‍රහණය කරගෙන නොමැති බවයි.ඒවා නිසි පරිදි අධ්‍යයනය කර නොමැති බවයි. මොකද ජන ශ්‍රැතියේ එන නිර්මාණවල ප්‍රධානතම ලක්ෂණය තමයි තමන්ගේ ප්‍රකාශනය ඉතාම සංවරව ඉදිරිපත් කිරීම.හැබැයි ජන මූලාශ්‍ර උදව් කර ගත්තායින් කියන නිර්මාණවල නැත්තේම මෙම සංයමයයි. ඒත් මේවා යහපත් අරමුණින් නිර්මාණ කාර්යයට යොදාගන්නා පිරිස් නැතුවාම නොවෙයි.උදාහරණයක් වශයෙන් රන්වල බලකාය, මාත්‍රා වැනි සංගීත කණ්ඩායම් ඉතා අපූරැවට මේවා නිර්මාණකරණයට යොදාගෙන තිබෙනවා.ඒ නිසා දැනුම්වත් භාවයයි වැදගත් වෙන්නේ.

වත්මන් ගීතය හෝ වත්මන් කවිය හරහා සිදුවිය යුත්තේ රසිකයා පිනවීම මිසක් ජනතාවගේ සමාජ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම නොවෙයිලු. දැන් දැන් වත්මන් සමාජයේ මෙවැනි මතයක් ගොඩනැගෙමින් පවතිනවා ?

ඒකට මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි විශාරද ගුණදාස කපුගේගේ ගීත සමුච්චය. ඔහුගේ ගීතවල සෞන්දර්යයත් තිබුණා. ඒ වගේම සමාජ යථාර්ථයත් තිබුණා.ඒ වගේම පන්ති භේදයක් නැතුව හැමෝම අතර ඒ ගීත ජනප්‍රිය වුණා.නිදසුන් වශයෙන් උතුරැ කොනේ නුඹ හිනැහේ, අහස උසට නැග ගියාට වගේම ගීත සාමාන්‍ය රසිකයාට අත්පුඩියක් ගහලා රසවිඳින්න පුළුවන්. ඒ වගේම ගීතයේ ගැඹුර සොයන රසිකයාටත් ඒ ගීත රසවිඳින්න පුළුවන්. ඒ නිසා අද අවශ්‍ය වෙන්නේ හුදු ජනප්‍රියත්වයට පමණක් වහල් වූ ගීත නෙමෙයි.මොකද අපිට ගීතයේ ගැඹුර සොයන රසිකයන් පිරිසක් සිටිනවා.ඔවුන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිනවා.ඒ නිසා ගීතයක් තුළ ජනප්‍රියත්වයේ ලක්ෂණ වගේම යම් ගැඹුරක් තිබෙන ලක්ෂණ දැකිය හැකි විය යුතුයි.එවැනි  අලුත් ගීත අදටත් බිහිවෙනවා.එවැනි තරැණ ශිල්පීන් අපිට සිටිනවා. ඒ නිසා අපි ඔවුන් දෙස සෘණ ආකල්පයෙන් නොබැලිය යුතුයි.ඒ නිසා අපි හොඳ නිර්මාණයක් කළොත් ඒක අගය කළ යුතුයි. නරක නිර්මාණයක් කළොත් ඒකේ අඩුපාඩු පෙන්වා දිය යුතුයි. නැතුව නවකයන් හෙළා දැක විවේචනය කිරීම නෙමෙයි විය යුත්තේ. උදාහරණයක් විදිහට රජිව් වෙල්ගම රචනා කළ“ මේ තරම් සියුමැලිද කළු ගල්“ ගීතය මම උසස් පෙළ සම්මන්ත්‍රණයකදි පවා අගය කළා. ළමයින් සමග ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. හැබැයි මම ඒ ගැන කතා කරනකොට ඒ ගීතය ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් සමහරැ හිතන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි.ඒත් මේක කවදාවත් නැතිවෙන්නේ නැහැ. එහෙම වුණා නම් කොහොමද අනුරාධපුර යුගයේ සාහිත්‍යෙයන් පසුව අලුත් සාහිත්‍යකරැවන් ගොඩනැගෙන්නේ ? හැබැයි මෙතැන ප්‍රශ්නේ අලුත් ගී පද රචකයන්ට, ගායකයන්ට විද්‍යුත් නාලිකා හරහා කොතරම් ප්‍රචාරයක් ලැබෙනවාද යන්නයි.

කොහොම වුණත් ගී පද රචකයන්ට ගී පද රචනා ලබා දිය හැකි දක්ෂ ගායක ගායිකාවන් නැහැලු.පසුගිය දවසක එක්තරා ප්‍රවීණ ගී පද රචකයෙක් මෙහෙම කියා තිබෙනවා ?

අපි එවැනි තත්ත්වයක් උදාවෙලා නම් ඒකට අත දිය යුතුයි.දක්ෂයන් බිහි කළ යුතුයි.උදාහරණයක් වශයෙන් කරැණාරත්න දිවුල්ගනේ,ක්‍රිෂාන්ත එරන්දක,නෙලූ අධිකාරී වැනි ගායක ගායිකාවන් ජනප්‍රිය නැති කාලේක අපි තමයි ඔවුන්ව ඉදිරියට ගෙන ආවේ.ඒ නිසා එවැනි දක්ෂයින් අදත් සිටිනවා.පොළොන්නරැවෙන් බිහිවෙලා සිටින රවීන්ද්‍ර අලගියවන්න කියන්නේ එවැනි දක්ෂයෙක්.ඔහු රෑපවාහිනි ගායනා තරගයකින් පළමුවැනි ස්ථානය දිනා ගත් දරැවෙක්.ඔහු ඉතා විශිෂ්ට ගණයේ ගීතයක් ගායනා කරලා තියෙනවා.මේක පද රචනා කර සංගීතවත් කළේත් නවක දක්ෂ සංගීතඥයෙක් වන දර්ශන රැවන් දිසානායක කියලා තරැණයෙක්. ඒ ගීතය තාත්තා ගැන ලියැවුණූ ගීතයක්.එහි ප්‍රස්තුතයට පාදක වෙන්නේ ඉතිහාසයේ සිටි රජවරැන්ගේ නාමාවලියක්.ඔහු ඒ හරහා තමයි තමන්ගේ තාත්තාගේ ගුණ වර්ණනා කරන්නේ. ඒක කොතරම් අපූරැද ? ඒ නිසා මම මුලින්ම එම ගීතය අහපු වෙලාවේ කම්පනයට පත් වුණා.ඒත් රටේ අවාසනාවට අදාළ ගුවන් විදුලිය මෙහි ගායකයාගේ,ගී පද රචකයාගේ හෝ සංගීතඥයාගේ නමවත් කිව්වේ නැහැ. මම පස්සේ අදාළ ගුවන් විදුලියට දුරකතන ඇමතුමක් දීලයි ඒක දැනගත්තේ.ඒ නිසා එවැනි දක්ෂයන්ට ඉදිරියට ඒමට අවස්ථාවක් සැලසීමයි කළ යුත්තේ.ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් අදාළ ශිල්පීන්ගේ නම් ප්‍රචාරය කිරීමයි කළ යුත්තේ.

 2013/06/01
අද පුවත්පත