Wednesday, June 25, 2014

61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ -2014.05.07



61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ


හොඳම චිත්‍රපටය - Ship of Theseus



 

හොඳම හින්දි චිත්‍රපටය ජොලී එල්.එල්.බී.



 

ජනප්‍රියතම හින්දි චිත්‍රපටය - භාග් මිල්කා භාග්


මාලන් විදානපතිරණ

61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ පසුගිය 03 වැනි ඉන්දියාවේදී නිමාවට පත්විණ.කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදෙන මෙම චිත්‍රපට උලෙළේදී හොඳම හින්දි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ ජොලී එල්.එල්.බී. චිත්‍රපටයයි. ප්‍රනාබ් මුඛර්ජි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් පැමිණි මෙම චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයකටම එක් වතාවක් පිදෙන ගෞරව සම්මානය දිනා ගත්තේ හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය පෑන් තුඩින් ගීත මැවූ ගුල්සාර්ය.

ඉන්දු ජනාධිපතිවරයාට අමතරව විශිෂ්ට නිළියක මෙන්ම ගායිකාවකද වන රාජේෂ්වරී සැච්දේව් සහ ව්ශිෂ්ට මාධ්‍යවේදිනියකද වන රයිනි සිමන් ඛන්නා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් සහභාගී වූ, මෙවර උලෙළේදී සමස්ත චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ Ship of Theseus ය.මෙම චිත්‍රපටයට මෙම සම්මානය ලබාදීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉතා සංකීර්ණ වූ නමුත් දාර්ශනික ගුණයෙන් පිරි චිත්‍රපටයක් වීමත් එහි භාවිතා කර ඇති අවභාවිත සිනමා කැමරාකරණයයි.
හොඳම අධ්‍යක්ෂරයාට හිමි සම්මානය හන්සල් මෙහ්තා විසින් ෂහීඩ් චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත් මෙම චිත්‍රපට උලෙළේ වෘත්තාන්ත නොවන චිත්‍රපට වර්ගය යටතේ සම්මාන 41ක් පිරිනැමුණු අතර වෘත්තාන්ත චිත්‍රපට යටතේ චිත්‍රපට සම්මාන 40ක් පිරිනැමුණි.

රාජ් කුමාර් (ෂහීඩ් හින්දි චිත්‍රපටය) සහ සුරජ් වෙන්ජාරාමූදු (පෙරාරියාදවර් මලයාලම් චිත්‍රපටය) අතරේ හොඳම නළුවා සම්මානය බෙදී ගිය මෙහිදී, හොඳම සහාය නළුවා ලෙසින් ජොලී එල්.එල්.බී. චිත්‍රපටය වෙනුවෙන් සව්රව් ශුක්ලාද සම්මානයට පාත්‍ර විය.

ලියාස් ඩයිස් හින්දි චිත්‍රපටයේ රඟපෑ ගීතාංජලී තාපා මෙහිදී හොඳම නිළිය සම්මානය දිනා ගත් අතර සහාය නිළිය සම්මානය දිනා ගත්තේ අම්රැතා සුභාෂ් (අස්ති) සහ ඊජිප්තියානු නිළි ආයිදා එල් කෂිෆ්ය (Ship of Theseus)ය.එහෙත් මෙහිදී ඊජිප්තියානු නිළිය මීට  නොපැමීණම නිසා මෙම සම්මානය ලබා ගත්තේ අම්රැතාය.

වෘත්තාන්තමය නොවන අංශයෙන් රන්ග්භූමී චිත්‍රපටය සම්මාන හිමිකර ගත් මෙහිදී සමාජයීය වශයෙන් වටිනා චිත්‍රපටයට පිදෙන සම්මානය දිනා ගත්තේ ගුලාබි ගැන්ග් චිත්‍රපටයයි.

අංජලී පටිල් චිත්‍රපටය වෙනුවෙන් විශේෂ ජූරියේ අවධානය දිනා ගැනීමට ළමා නළු චන්දන රෝයි සමත් වූ අතර හොඳම ඉංග්‍රීසි චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට  The Coffinmaker චිත්‍රපටය සමත් විය. බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් එහි මියුරැ සංගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය දිනා ගත් මෙහිදී චිත්‍රපට නර්තන වින්‍යාසයට හිමි සම්මානය දිනා ගත්තේ ගනේෂ් ආචාර්යාය. ඒ භාග් මිල්කා භාග් චිත්‍රපටයේ මැස්ටෝ කා ජුන්ඩ් ගීතය වෙනුවෙනි.Yellow and Miss Lovely විශේෂ ජූරියේ සම්මානය දිනා ගත් මෙහිදී ජෝන් ඒබ්‍රහම් රඟපෑ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය හොඳම ශබ්ද සංකලනයට හිමි සම්මානය දිනා ගත්තේය. හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේ රෑපන්කර්ය. ඒ බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් වෙනුවෙනි.

මෙහිදී භාග් මිල්කා භාග් චිත්‍රපටය ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත් අතර නැගී එන අධ්‍යක්ෂවරයා සම්මානය දිනා ගත්තේ නාග්රාජ් මන්ජුලේය. ඒ ෆැන්ඩ්‍රි චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම ළමා චිත්‍රපටය ලෙසින් කපාල් සිනමා නිර්මාණයද,හොඳම බෙංගාලි චිත්‍රපටය ලෙස බකිතා බ්යාක්තිගතෝද සම්මානයට පාත්‍ර වූ මෙහිදී හොඳම කන්නාඩා චිත්‍රපටය ලෙස  December 1 ද,හොඳම මලයාලම් චිත්‍රපටය ලෙස North 24 Kaadhamද,හොඳම දෙමළ චිත්‍රපටය ලෙස තංගා මීන්ගල්ද, හොඳම තෙලිඟු චිත්‍රපටය ලෙස නෑ බැංගාරැ තල්ලි  චිත්‍රපටයද සම්මානයට පාත්‍ර විය.


බලය වෙනුවෙන් මරන මැරයන්ට විරැද්ධව 47 Ronin -2014.03.17



බලය වෙනුවෙන් මරන මැරයන්ට විරැද්ධව

47 Ronin



Introduction

මේ දිනවල මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ ගෝල්ඩ් සිනමා ශාලාවේදී තිරගත වන 47 Ronin චිත්‍රපටය කාල් රින්ස්ච්ගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි. 2013 දෙසැම්බර් මස සිට තවමත් තිරගත වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ෆැන්ටසි ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයකි.

Based upon a true story

18 වැනි ශත වර්ෂයේ සිටි ජපන් සමුරායි ගුරැවරයෙකුගෙන් උගෙනුම ලබන 47කින් සැදුම්ලත් රොනින්වරැන් කණ්ඩායමක් අනපේක්ෂිත ලෙස ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්වේ. ඒ තමන්ගේ ගුරැතුමා මරා දැමීම නිසාවෙනි. ඒ අනුව ඊට විරැද්ධව වැරැදිකරැවන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔවුන් තමන් උගත් සටන්වලින්ම සංවිධානය වේ. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ඔවුන්ගේ මෙම පළිගැනීමේ උත්සාහය වටායි.

Stars   

කීනු රිව්ස් මෙහි කයිගේ චරිතය නිරෑපණය කරන අතර ඔහු හිටපු වහලකු වන අතර රොනින් කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙකි.ඔහුගේ චරිතය අඩක් ජපන් සහ අඩක් බ්‍රිතාන්‍ය ලෙස නිරෑපණය වේ.
හිරොයුකි සනාදා මෙහි ඔයිෂිගේ චරිතය නිරෑපණය කරන අතර රොනින් කණ්ඩායමේ නායකයා ඔහුයි.

කොයි ෂිබාසාකි මෙහි මිකාගේ චරිතය නිරෑපණය කරන අතර ඇය මෙහි නිරෑපණය කරන්නේ කයිගේ පෙම්වතියගේ චරිතයයි. එහෙත් ඇය අසානෝ අධිපතියාගේ දියණියද වේ.

ටඩානෝබු අසානෝ මෙහි අධිපති කිරාගේ චරිතය නිරෑපණය කරන අතර රොනින්වරැන්ගේ ගුරැතුමා ඝාතනය කිරිමේ ප්‍රධාන සැලසුම්කරැවා ඔහු වේ.එසේම ඔහු අධිපති අසානෝ යටතේ සේවය කරන ප්‍රධානතම සේවකයෙකි.

මින් ටනාකා මෙහි අධිපති අසානෝගේ චරිතය නිරෑපණය කරන අතර ඔහු රොනින්වරැන්ගේ ගුරැතුමාට පෙර මෙහි අණසක පතුරැවාගෙන සිටි හිටපු ගුරැතුමා වේ.

Production

යුනීවර්සල් ස්ටුඩියෝස් මගින් නිපැයූ මෙහි නිෂ්පාදකයන් ලෙස කටයුතු කළේ පැමිලා ඇබ්ඩි සහ එරික් මැක්ලියොඩ්ය. ක්‍රිස් මෝගන් සහ වෝල්ටර් හැමාඩාගේ කතාවට අනුව ක්‍රිස් මෝගන් සහ හොසේන් ඇමිනි තිර පිටපත රචනා කළ මෙහි  මෙහි ප්‍රධාන රෑගතකිරීම් සඳහා 2011 වසරේ මාර්තු මසදී හංගේරියාවේ බුදාපෙස්ට් යොදාගත් අතර ඉන් අනතුරැව දර්ශන තලය ලන්ඩන් නුවර ෂෙපර්ටන් චිත්‍රාගාරය වෙතත්, අවසානයේදී ජපානය දක්වාත් ගෙන යාමට නිර්මාණකරැවන්ට සිදුවිය. මෙහි ප්‍රධාන කැමරාකරණ නිර්මාණකරැවා ජෝන් මැතීසන්ය.ජපන් මුහුණුවරක් ඇති මෙම ඇමෙරිකානු චිත්‍රපටයේ මියුරැ සංගීතයද  ජපන් ජාතිකයකුගෙනි. ඔහු ලන් එෂ්කෙරිගෙනි.එහෙත් පසුන නිෂ්පාදන අවධියේදී මෙහි සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේ ඇමෙරිකානු ජාතික ක්‍රෙග් වුඩ්ය.ඉංග්‍රීසි දෙබස්වලට නොදෙවෙනි ජපන් දෙබස් බහුල මෙම චිත්‍රපටය වෙනුවෙන් වැය කළ සමස්ත පිරිවැය ඇ.ඩො.මිලියන 175කි.

Release

47 Ronin චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබුණේ 2012 නොවැම්බර් මස 21 වැනිදාය.එහෙත්  පසුව එය පෙබරවාරි මස 08 වැනිදා දක්වා කල්ගිය අතර ඊට හේතුවූයේ චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමට නිෂ්පාදකයන්ට තිබූ අවශ්‍යතාවයයි. එහෙත් එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනීමට නම් දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් සැළකිය යුතු ශ්‍රම පිරිවැයක්ද ඇතැම් දර්ශන නැවත රෑගතකිරීම වෙනුවෙන් තවත් මහන්සියක්ද දැරිය යුතු වූ හෙයින් චිත්‍රපටය තවත් කල් ගිය අතර එය පසුගිය වස්රේ නත්තලේ නිකුත් කිරිමට නිෂ්පාදකයන් සැලසුම් කළේ මෙවන් වාතාවරණයක් තුළයි.

Box office

පළමු සතියේදී ජපානයේදී පමණක් ඇ.ඩො. මිලියන 1.3ක ආදායමක් උපයා ගත් මෙම චිත්‍රපටය, ඒ අනුව එම සතියේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත් වූ අතර ඇමෙරිකාවේ ප්‍රදර්ශනයේදී පළමු දින පහේදී පමණක් ඇ.ඩො. මිලියන 20.6ක ආදායමක් අත්පත් කර ගැනීමට සමත් විය.ඒ අනුව එම සතියේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර නව වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට 47 Ronin චිත්‍රපටය සමත් විය.එසේම එංගලන්තයේ ප්‍රදර්ශනයෙන් පළමු දින පහේදී පමණක් ඇ.ඩො. මිලියන 2.3ක ආදායමක් උපයා ගනිමින් එම සතියේ එංගලන්තයේ වැඩිම ආදායමක් ඉපයූ බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර පස්වැනි ස්ථානය දක්වා පැමිණි මෙම චිත්‍රපටය  දැනට ඇ.ඩො. මිලියන 150කට ආසන්න ආදායමක් වාර්තා කරමින් සිටියි.

මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com

19th Annual Critics' Choice Movie Awards - 2014.01.20



19th Annual Critics' Choice Movie Awards

මාලන් විදානපතිරණ

19 වැනි වරටත් පැවැත්වෙන චිත්‍රපට විචාරක සම්මාන උලෙළ පසුගිය 16 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ සැන්ටා මොනිකාහිදී නිමාවට පත්විණ. එහිදී  වැඩි ගෞරවයක් අත්කර ගැනීමට  12 Years a Slave සහ American Hustle යන චිත්‍රපට සමත් විය.

වසරේ හොඳම චිත්‍රපටය
!2 Years a Slave (2013)
Argo (2012)
The Artist (2011)

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා
අල්ෆොන්සෝ කෝරන් (Gravity) -2013
බෙන් ඇෆ්ලෙක් (Argo) – 2012
මයිකල් හසනාවිසියස් (The Artist) -2011

වෘත්තාන්ත අංශය - හොඳම නළුවා
මැතිව් මැක්කානගී (Dallas Buyers Club) - 2013
ඩැනියෙල් ඩේ ලුවිස් (Lincoln) - 2012
ජෝර්ජ් ක්ලූනි (The Descendants)  - 2011

වෘත්තාන්ත අංශය  - හොඳම නිළිය  
කේට් බ්ලැන්චට් (Blue Jasmine) -2013
ජෙසිකා චස්ටයින් (Zero Dark Thirty) - 2012
වයලා ඩේවිස් (The Help) – 2011





වෘත්තාන්ත අංශයෙන් හොඳම සහාය නළුවා  ලෙස ජරෙඩ් ලෙතෝය. (Dallas Buyers Club)  සම්මාන දිනා ගත් අතර හොඳම සහාය නිළිය  සම්මානය දිනා ගත්තේ ලුපිටා නයොන්“ඕ (12 Years a Slave) ය.
මෙම සම්මාන උලෙළේදී හොඳම තරැණ නළුවා/නිළිය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ ඇඩෙල් එක්සාර්චෝපවුලෝස්ය. ඒ ආන්දෝලනයකට තුඩු දුන් Blue is the Warmest Color චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය ස්පයික් ජෝන්සේ ( Her) දිනා ගත් අතර  හොඳම අනුවර්තිත තිර රචනය ජෝන් රිඩ්ලේ (12 Years a Slave) දිනා ගත්තේය . හොඳම සිනමා කැමරාකරණයට හිමි සම්මානය එම්මානුවෙල් ලුබෙස්කි (Gravity) දිනා ගත් මෙම උලෙළේදී හොඳම සජිවිකරණ චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ Frozen සිනමාපටයයි.එසේම මෙවර හොඳම ක්‍රියාදාම චිත්‍රපටය වූයේ  Lone Survivor චිත්‍රපටයයි

හොඳම ක්‍රියාදාම නළුවා
මාක් වෝල්බර්ග්  (Lone Survivor)-  2013
ඩැනියෙල් ක්‍රෙග් (Skyfall) - 2012

හොඳම ක්‍රියාදාම නිළිය
සැන්ඩ්‍රා බුලොක් (Gravity) - 2013
ජෙනිෆර් ලෝරන්ස් (The Hunger Games) -2012

මෙවර හොඳම හාස්‍ය/සංගීතමය චිත්‍රපටය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ American Hustle  චිත්‍රපටයයි.

හොඳම හාස්‍ය/සංගීතමය නළුවා
ලියනාඩෝ ඩිකැප්‍රියෝ (The Wolf of Wall Street) - 2013
බ්‍රෑඩ්ලි කූපර් (Silver Linings Playbook)  - 2012

හොඳම හාස්‍ය/සංගීතමය නිළිය
ඇමී ඇඩම්ස් (American Hustle)  2013                      
ජෙනිෆර් ලෝරන්ස් (Silver Linings Playbook) - 2012

මේ අනුව එම සම්මාන ද්විත්වයේම ප්‍රතිඵල නිමා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ ප්‍රතිඵලයට සමාන විය.හොඳම විද්‍යාත්මක/අද්භූත චිත්‍රපටය Gravity හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රංශ චිත්‍රපටයක් වන Blue Is the Warmest Color සිනමාපටයයි.එසේම මෙහිදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගත්තේ 20 Feet from Stardom නිර්මාණයයි.
මාලන් විදානපතිරණ
Mgovindaw@gmail.com

කැමරාවෙන් ඉන්දියාව විස්මයට පත් කළ ශ්‍රී ලාංකිකයා බාලු මහේන්ද්‍ර -2014.02.19



කැමරාවෙන් ඉන්දියාව විස්මයට පත් කළ ශ්‍රී ලාංකිකයා

බාලු මහේන්ද්‍ර


මාලන් විදානපතිරණ


දමිළ සිනමාවට සිනමා කැමරාකරැවකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බාලු මහේන්ද්‍ර පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 74 වැනි වියේ පසු මහේන්ද්‍ර, සිය කැමරාකරණයේදී ස්වභාවික ආලෝකය  භාවිතා කළ නිර්මාණකරැවෙකි.සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙසද යථාර්ථවාදී සිනමා රීතියක් සිය තේමාව තිරයට ගැනීමේදී භාවිතා කළ ඔහු සියලු ආකාරයේ දකුණූ ඉන්දීය භාෂාමය චිත්‍රපට සමග කටයුතු කළ ශිල්පියෙකි.ඊට අමතරව ඔහු හින්දි සිනමාව සමගද කටයුතු කර ඇත.


මහේන්ද්‍රයන් කළ නිර්මාණ අතරින් ජනප්‍රිය නිර්මාණ ලෙස මූනරම් පිරායි,වීදු,සන්ධ්‍යා රාගම් යන චිත්‍රපට දෙමළ නිර්මාණ දැක්විය හැකි අතර ඔලන්ගල්,ඕමාකුයිල් සහ යාත්‍රා යන චිත්‍රපට මලයාලම් චිත්‍රපට ලෙසද, නිරීක්ෂණ (තෙළිඟු) සහ සද්ම (හින්දි ) දැක්විය හැකිය.


ශ්‍රී ලාංකේය දෙමළ පවුලක බලනාදන් මහේන්ද්‍රන් නමින් උපන් ඔහුගේ සිනමා ආගමනයට බලපෑවේ එකල ශ්‍රී ලංකාවේ රෑගත කෙරැණූ ඩේවිඩ් ලීන්ගේ “The Bridge On The River Kwai*චිත්‍රපටයයි. ඒ ඔවුන් පාසැල් අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී මෙම රෑගතකිරීම දුටු නිසාය.


මෙයින් ලද පන්නරය හේතුවෙන් පසුව චිත්‍රපටකරණ විධිමත්ව හදාරනු වස් ඉන්දියාවේ පැවැති චිත්‍රපට සහ රෑපවාහිනි පාඨමාලාවක් සඳහා ඉන්දියාව බලා ගිය මහේන්ද්‍ර,1969දී පූනේහිදී එම පාඨමාලාවේ හොඳම සිනමා කැමරාකරණයට හිමි රන් පදක්කම දිනා ගත්තේ සිය සිනමා ආගමනයේ සංඥා එළි දල්වමිනි.


එසේ සිනමා කැමරාකරැවකු ලෙස සිනමාවට ප්‍රවිෂ්ට වූ මහේන්ද්‍ර පැමිණි සැණින් යම් අපහසුතාවයකට පත් වූ අතර එකල කලක් පුරා පැවැති චිත්‍රාගාර ප්‍රතික්ෂේප වී ගොස් ප්‍රධාන ධාරාවේ සිනමාව නැවත ප්‍රතිසංවිධානය වීම මීට හේතු විය.


කෙසේ වෙතත් ඉන් නොසැලුණු ඔහු විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස සළකන රාමු කරියට්ගේ නෙල්ලු(1974) චිත්‍රපටයේ සිනමා කැමරාකරැවා බවට පත්වීමට සමත් වූ අතර මහේන්ද්‍රගේ සිනමාව පිළිබඳ ඩිප්ලෝමාව ඔහුව ඊට තෝරා ගැනීමට හේතු වූ බව කියැවේ. කෙසේ වෙතත් ක්‍රියාවෙන්ම තමන්ගේ හැකියාව පෙන්නුම් කළ ඔහු, මෙහි සිනමා කැමරාකරණය නිම කළේ කේරළ චිත්‍රපට උලෙළේදී හොඳම සිනමා කැමරාකරැවා වෙමිනි.


“ ඔහුගේ විශේෂත්වය තමයි ඔහු රංගන ශිල්පියාගේ භාව උද්දීපනය කිරීමට උත්සාහ දරනවා. රෑප මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයාට කතා කරන්න උත්සාහ කරනවා.ඔහුගේ රෑප තුළ වාච්‍යාර්ථයන්ට වඩා යමක් ගැබ්ව තිබෙන්නේ මේ නිසයි.*සංඛාරාභරනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ. විශ්වනාත් ඔහු ගැන පැවසුවේ එසේයි.ඒ සංඛාරාභරනම් චිත්‍රපටයේ කැමරාකරැවා ඔහු වීම නිසයි.


සිනමාවට පැමිණීමට ප්‍රථම අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳව උපාධියක් හිමිකරගත් මහේන්ද්‍ර, එහිදී සිය උප විෂයන් ලෙස තෝරාගෙන තිබුණේ මනෝ විද්‍යාව සහ චරිත ස්වභාවයයි.කෙසේ වෙතත් ඔහුගේ අධ්‍යක්ෂණ කාර්යය කෝකිල (කන්නාඩා, 1977), චිත්‍රපටයෙන් ඇරඹුණූ අතර එම චිත්‍රපටය හොඳම සිනමා කැමරාකරණයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට මෙන්ම කර්නාටක චිත්‍රපට උලෙළේදී හොඳම තිර රචනයට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් විය.


ආසියාධ කෝලන්ගල්  (දමිළ, 1979), චිත්‍රපටයෙන් ඉන් අනතුරැව වැඩ ඇරඹි මහේන්ද්‍රගේ එම කතාවට පාදක වූයේ කුඩා පිරිමි ළමුන් තිදෙනෙකුගේ කතාවකි. එය පිළිබඳ එකල ඔහු පැවසුවේ එයින් සිය ජීවිත කතාව නිර්මාණශීලිව ඉදිරිපත් කිරීමට තමන් උත්සාහ කළ බවත්ය.ඉන්පසුව කළ මූදුපානි (1980) චිත්‍රපටයට චිත්‍රපට ලෝකයට අවිනිශ්චිතතාවය ගෙන ආ පියා(Father of Suspense)ලෙසින් සැළකෙන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සයිකෝ චිත්‍රපටය දැඩිව බලපෑ ඇති නමුත් එය බොක්ස් ඔෆිස් ආදායම් දක්වා ගෙන ඒමට සමත් වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.


කෙසේ වෙතත් “මූන්රම් පිරාම්* (1982) චිත්‍රපටය වෙනුවෙන් කමල් හසන් හොඳම නළුවා සම්මානය දිනා ගනිද්දී හොඳම සිනමා කැමරාකරණයට හිමි රාජ්‍ය සම්මානය නැවතත් දිනා ගැනීමට මහේන්ද්‍ර සමත් වූ අතර ඉන් නොනැවතුණූ ඔහු “සද්ම* චිත්‍රපටය හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කළ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත් විය.    


“හරිම කණගාටුයි ඔහුගේ අභාවය ගැන. ඒත් ඔහු ඉන්දීය සිනමාව විවිධ කැමරා ශෛලින් හඳුන්වා දුන්නා.ඒවා භාවිතා කරන අන්දම ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ඔහු පුරෝගාමී වුණා.විශේෂයෙන්ම ස්වාභාවික ආලෝකය පදනම් කර ගනිමින් ඔහු කළ කැමරාකරණය අතිවිශිෂ්ටයි.* සද්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මහේන්ද්‍රයන් පිළිබඳ පැවසුවේ එසේයි.


“වීදු* (1988) දමිළ චිත්‍රපටය වෙනුවෙන් හොඳම චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මාන දිනා ගත්, එසේම “සන්ධ්‍යා රාගම් “ (1989) දමිළ චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්,“වන්නා වන්නා පෝක්කල් “ චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත් මහේන්ද්‍ර කළ තවත් නිර්මාණ අතර මහේෂ් බට්ගේ “ආර්ත් “ගේ චිත්‍රපටයේ දෙමළ පරිවර්තන චිත්‍රපටය ලෙස නිපැදවූ “මරැපාදියුම් (1993)“, “සති ලීලාවතී “ (1995) ඉතා වැදගත් වේ.


ගුරැ වෘත්තියට ප්‍රවිෂ්ට වීම නිසා ඉන් අනතුරැව කළ “රාමන් අබ්දුල්ලා“ (1997),“ජූලියා ගණපති“ (2003) සහ ආදු ඕරැ කන කාලම් (2005 ) තරමක් අසාර්ථක වූ අතර 2007 වසරේදී ඔහු බාලු මහේන්ද්‍ර පදනම පිහිටවූ මේ අතරවාරයේදියි. එතුළින් සිනමා කැමරාකරණය, අධ්‍යක්ෂණය සහ රංගනය පිළිබඳ පාඨමාලාවන් ඇරඹු මහේන්ද්‍රගේ මෙම පාඨමාලා හරහා සිනමාවට දායාද වූ සම්පත් ලෙස බාලා,අමීර්, සසිකුමාර්,වෙට්රිමාරන් සහ සීනු රාමසාමි යන අධ්‍යක්ෂවරැන් කැපී පෙනේ. ඔවුන්ගෙන් ඇතැමක් සිය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන දිනා ගත් ශිල්පියෝ වෙති.


කෙසේ වුවද 2013 වසරේදී ඔහු “තලයිමුරයිගල්“ නමින් කළ සිනමා නිර්මාණය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඊට පාදක වූයේ එහි කතා තේමාව ඉන්දීය සංස්කෘතියට පටහැනි වීමයි. එනම් මිණිබිරියක සහ සීයා කෙනෙකු අතර ඇති වන සබඳතාවයක් එහි ප්‍රධාන කතා තේමාවට බඳුන් විය.


එහෙත් බාලු මහේන්ද්‍ර පිළිබඳ තිබෙන අවාසනාවන්තම සිදුවීම ඔහුගේ මරණය නොවේ.ඔහු විසින් නිර්මාණය කළ විශිෂ්ට ගණයේ දමිළ චිත්‍රපට වන වීදු,සන්ධ්‍යා රාගම් සහ මුරැපාදියම් සහ සති ලීලාවතී ආදී චිත්‍රපට මේ මොහොත වන විටත් විනාශ වී තිබීමයි. එබැවින් ඒවා දැන් බාලු මහේන්ද්‍ර මෙන්ම අපේ මතකයේ පමණක් රුඳෙනු ඇත.