Showing posts with label Feature. Show all posts
Showing posts with label Feature. Show all posts

Friday, January 30, 2015

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා -2015/01/31 - තරුණයා

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා

ලබන පෙබරවාරි මස 22 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මානයට නිර්දේශ වී ඇති නම් පසුගිය සතියේ ප්‍රකාශයට පත්විණ.කෙසේ වෙතත් ඒවා අතරින් ප්‍රධාන සම්මාන සම්මාන කීපයකට අදාළ සුදුසුම වූ නම් කිහිපයක්ම මීට ඇතුළත්ව නොමැති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇත.මේ ඒ පිළිබඳ තබනා සටහනකි.

හොඳම නළුවා ?

ඇමෙරිකානු මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුණු මාටින් ලූතර් කිංග්ගේ චරිතාපදානය රැගත් “Selma “ චිත්‍රපටයට හොඳම නළුවා සම්මාන හිමි විය යුතු බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය නළු ඔයෙලෝවෝ මෙවර හොඳම නළුවා සම්මානය සඳහා සුදුසුව තිබු චිත්‍රපට නළුවකු බව පවසන ඔවුන් එය වසරේ හොඳම චිත්‍රපට රූපණයන්ගෙන් එකක් ලෙසද සළකයි.එහෙත් පිට පිට තෙවැනි වතාවටත් බ්‍රෑඩ්ලි කූපර් විසින් American Sniper චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානයට නිර්දේශ වී සිටී. එසේම Nightcrawler චිත්‍රපටයේ රංගනය  වෙනුවෙන් ජේක් ගයිලෙන්හාල්ද මෙම සම්මානයට නිර්දේශ වන්නට තිබූ බව සමහරුන්ගේ අදහසයි.ඔවුන් ගයිලෙන්හාල් සංසන්දනය කරනු ලබන්නේ රොබට් ඩි නිරෝ සමගිනි. එනම් Taxi Driver චිත්‍රපටයේ රොබට් ඩි නිරෝ විසින් ට්‍රැවිස් බික්ල් ලෙසින් යෙදෙනා රංගනය, ගයිලෙන්හාල්ට සමපාත වේ.එහෙත් ගයිලෙන්හාල් දායක වන්නේ දරුණු අපරාධයක් පසුපස හඹායන අභීත ජනමාධ්‍යවේදියෙකු වන ලොයි බ්ලූම්ගේ චරිතයටයි. මේ අතර The Grand Budapest Hotel චිත්‍රපටයේ සිත්ගන්නා හාස්‍යජනක රංගනයක නිරත වූ රැල්ෆ් ෆියන්ස්ද මෙම ලැයිස්තුවේ නොමැති වීම විස්මය දනවන්නක් වී ඇත.

හොඳම සහාය නිළිය ?

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර්ගේ අධ්‍යක්ෂණයක් වන Gone Girl චිත්‍රපටයේ නික්ගේ සහෝදරිය (බෙන් ඇෆ්ලෙක්ගේ සහෝදරිය) ලෙසින් කේරි කූන් කළ රංගනය කලෙකින් දුටු සුපිරි ගණයේ රංගනයක් බව ඇතැම් විචාරකයන්ගේ මතය වන අතර එබැවින් ඇය මෙම ලැයිස්තුවට ඇතුළත් නොවීම පුදුමයට කරුණක් බව ඔවුන්ගේ අදහසයි.

ගිලිහිණු ප්‍රථම කළු ජාතික අධ්‍යක්ෂවරිය

මාටින් ලුතර් කිංග්ගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වන 1965 වසරේ සිදුවුණු සිදුවීම් පෙළක් අලළා නිපැයුණු “Selma “ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඈවා ඩුවර්නේගෙනි.ඇය මෙම සම්මානයට නිර්දේශ වූයේ නම් කළු ජාතික කාන්තාවක් ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයට නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වීමට ඉඩකඩක් පැවති අතර එය එසේ නොවුණේ මන්ද යන්න ප්‍රශ්නකාරී තත්ත්වයක් වී ඇත.

Life Itself නැහැ ?

විවාදාත්මක විචාර පළ කළ ඇමෙරිකානු විචාරකයකු වන රොජර් එබර්ට්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා අලළා නිර්මාණය වුණු “Life Itself“ චිත්‍රපටය,ස්ටීව් ජේම්ස්ගේ අධ්‍යක්ෂණයකි.විශේෂයෙන්ම එබර්ට්ගේ විචාරක කලාව පිළිබඳ අපූරු ගවේෂණයක් සිදුකර ඇති මෙහිදී එබර්ට්ගේ වෘත්තියමය ජීවිතය,ඇල්කොහොල් සමගින් ඔහු කළ සටන ආදිය විමර්ශනාත්මක වාර්තාකරණයකට බඳුන් කර ඇති මෙම වාර්තාමය චිත්‍රපටය හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ නොවුයේ මන්ද යන්න මේ වන විට මතභේදයට තුඩු දී ඇත.


මාලන් විදානපතිරණ  

20 වැනි විචාරක සම්මාන උලෙළ 2015/01/19 -තරුණයා - හොලිවුඩ්

20 වැනි විචාරක සම්මාන උලෙළ 

හොඳම චිත්‍රපටය -Boyhood
හොඳම චිත්‍රපට නළුවා - මයිකල් කීට්න්
හොඳම චිත්‍රපට නිළිය - ජූලියන් මෝ

මාලන් විදානපතිරණ

පැවැත්වුණේ

මෙවර හොලිවුඩ් පැලේඩියම්හිදී ජනවාරි මස 15 වැනිදා පැවැත්වුණු 20 වැනි විචාරක සම්මාන උලෙළ, 2014 වර්ෂයේ නිපදවූ චිත්‍රපට වෙනුවෙන් සම්මානය ප්‍රදානය කෙරෙන ප්‍රධාන පෙළේ සම්මාන ප්‍රදානෝත්සවයක් වන අතර මෙහි සම්මාන සඳහා ප්‍රකාශිත නම් පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා ප්‍රකාශයට පත්විණ.

හොඳම චිත්‍රපටය

 ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇලෙජැන්ඩ්රෝ ගොන්සාලේස්ගේ Black Comedy ගණයේ හාස්‍ය චිත්‍රපටයක් වන Birdman මෙවර විචාරක සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය වනු ඇතැයි විචාරකයන් පළ කළ අනාවැකිය මෙහිදීද බිඳ වැටුණු අතර සම්මාන 13කට නිර්දේශ වූ එම චිත්‍රපටය අවසානයේදී සම්මාන හතක් දිනා ගැනීමට සමත් විය.එහෙත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ නාට්‍යමය අංශයේ හොඳම චිත්‍රපටය වූ Boyhood චිත්‍රපටය විසින් විචාරක සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී.රිචඩ් ලින්ක්ලේටර් විසින් එහි හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයද දිනා ගන්නා ලදී.මේ අනුව මෙවර සම්මාන අටකට නිර්දේශ වූ Boyhood ‍චිත්‍රපටය, සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූ නමුත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හාස්‍යමය/සංගීතමය අංශයෙන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ඓතිහාසික කතා පුවතක් රැගත් The Grand Budapest Hotel විසිනි.ඒ මෙම චිත්‍රපටයේ වස්තු විෂය හතළිහ දශකය තරම් ඈතට දිව යන බැවිනි.එය මෙහිදීද හොඳම හාස්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම නළුවා

මෙවර හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත නාමයන් තියුණූ මුහුණුවරක් ගත් අතර ඒ එහි ප්‍රබල නළුවන් කිහිපදෙනෙකුම රැඳී සිටීම හේතුවෙනි. මේ අතරින් රැල්ෆ් ෆියෙන්ස්,කම්බර්බැච් සහ එඩී රෙඩ්මේන් ඉදිරියෙන්ම සිටි නමුදු අවසානයේදී එහි සම්මානය දිනා ගත්තේ මයිකල් කීට්න් විසිනි. ඒ බර්ඩ්මෑන් චිත්‍රපටයේ රිගෑන් තොම්සන් ලෙසින් කළ රංගනය වෙනුවෙනි.ඔහු මේ වෙනුවෙන් මෙහිදීම හොඳම හාස්‍ය නළුවාට හිමි සම්මානයද දිනා ගත්තේය. නිමා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හාස්‍යමය/සංගීතමය අංශයේ හොඳම නළුවා වූයේද ඔහුමය.එහෙත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී නාට්‍යමය අංශයේ හොඳම නළුවා වූයේ එඩී රෙඩ්මේන්ය.ඒ The Theory of Everything චිත්‍රපටයේ ස්ටීවන් හෝව්කින්ග් ලෙසින් කළ රූපණය වෙනුවෙනි.

හොඳම නිළිය

නිමා වු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හාස්‍යමය/සංගීතමය අංශයෙන්  Map to the Stars  චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම නිළියට නිර්දේශ වූ, Still Alice චිත්‍රපටය වෙනුවෙන් නාට්‍යමය අංශයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් ජූලියන් මෝ, මෙවර විචාරක සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය අත්පත් කර ගත්තාය.ඒ Still Alice චිත්‍රපටය වෙනුවෙනි.චිත්‍රපටයේ ප්‍රධාන කතාවට පාදක වන්නේ මනෝ විද්‍යාඥවරියක වුවද මානසික පීඩාවකින් පෙළීම හේතුවෙන් තම ජීවිතය කළමණාකරණය කර ගත නොහැකිව විවාහය,රැකියාව සහ දරුවන් පිළිබඳ පිළිබඳ ලබනා අසාර්ථකත්වයයි.මෙහිදී හොඳම හාස්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ ජෙනී ස්ලේට් විසිනි. ඒ 
The Obvious Child චිත්‍රපටය වෙනුවෙනි.

ජීවිතයට කාලයටම එක්වරක් පමණක් ප්‍රදානය කෙරෙන ගෞරව සම්මානය මෙවර දිනා ගත්තේ සම්මානනීය ඇමෙරිකානු නළු කෙවින් කොස්ට්නර් විසිනි.


සෙසු සම්මාන

හොඳම සහාය නළුවා - ජේ.කේ.සිමන්ස් (Whilplash)
හොඳම සහාය නිළිය - පැට්‍රිෂියා ආකියුට් (Boyhood)
නැගී එන නළුවා/නිළිය - එලාර් කොල්ට්‍රේන් (Boyhood)
හොඳම සජීවිකරණ චිත්‍රපටය - The Lego Movie
හොඳම ක්‍රියාදාම චිත්‍රපටය - Guardians of the Galaxy
හොඳම ක්‍රියාදාම නළුවා -බ්‍රෑඩ්ලි කූපර් ( American Sniper)
හොඳම ක්‍රියාදාම නිළිය - එමිලි බ්ලන්ට් (Edge of Tomorrow)
හොඳම විද්‍යාත්මක චිත්‍රපටය - Interstellar
හොඳම වාර්තා චිත්‍රපටය - Life Itself
හොඳම විදෙස් චිත්‍රපටය - Force majeure

හොඳම ගීතය - Glory (ජෝන් ලෙජන්ඩ්)

Thursday, July 31, 2014

සාමය වෙනුවෙන් මකරුන්ට එරෙහිව සටන් වදින කෝඩුකාරයෝ How to Train Your Dragon 2 2014/07/24




සාමය වෙනුවෙන් මකරැන්ට එරෙහිව සටන් වදින කෝඩුකාරයෝ
How to Train Your Dragon 2

Introduction

How to Train Your Dragon චිත්‍රපට මාලාවේ දෙවැන්න වන How to Train Your Dragon 2 චිත්‍රපටය මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමා ශාලාවේ සාර්ථකව තිරගත වේ.ඇමෙරිකානු චිත්‍රපටයක් ලෙසින් ඔබ වෙත පැමිණෙන මෙම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය ක්‍රියාදාමවලින් පිරි ෆැන්ටසි ගණයේ නිර්මාණයකි.

Crew

ඩ්‍රීම්වර්ක් ඇනිමේෂන් වෙනුවෙන් බොනී ආනොල්ඩ් නිපැයූ මෙම චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ ක්‍රෙසිඩා කොවෙල් විසින් රචනා කරන ලද How to Train Your Dragon තුන් ඈඳුතු කතා මාලාවයි. 2010 වසරේදී කළ පළමු චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වය මෙහි දෙවැන්නක් සඳහා බලපෑ අතර විචාරකයන්ගෙන්ද ධනාත්මක විචාරයන්ට බඳුන් වීම මීට ප්‍රබල ලෙස බලපෑවේය.කෙසේ වෙතත් මෙවර චිත්‍රපටයේ තිර රචකයන් මෙන්ම අධ්‍යක්ෂවරයාද වෙනස්වීමට බඳුන් වී ඇති අතර ක්‍රිස් සෑන්ඩර්ස් සහ ඩීන් ඩේබ්ලොයිස් සම අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙවර ඩීන් ඩේබ්ලොයිස්ට පමණක් භාර දී තිබේ.එසේම විල් ඩේවිස්,ඩීන් ඩේබ්ලොයිස් සහ ක්‍රිස් සෑන්ඩර්ස් සම තිර රචනය කළ පළමු චිත්‍රපටයේ මෙවර තිර රචනයට ඩීන් ඩේබ්ලොයිස් පමණක් දායක වී ඇත.

Synopsis 

හිකප් ඇතුළු යහළුවන් දැන් කෝඩුකාර ගැටවරයන්ය.කෙසේ නමුත් නැවතත් අභියෝගයකට සැරසීමට ඔවුන්ට සිදුවේ.ඒ මකර තරගයකටයි.එහෙත් මෙවර පිටස්තර ලෝකයන් සොයා යන ඔවුන් ගගන අතික්‍රමණය කරයි.අලුත් ලෝකයන් දකිමින්,ඒවායේ සිටින අභියෝගාත්මක මකරැන් සමගින් සටන් වදී.සාමය සුරුකීමට දැඩි වෙහෙසක් දරයි.ඒ අනුව මකරැන්ගේ බලයෙන් වෙනස් විය හැකි අනාගතය රුක ගැනීමට හිකප් ප්‍රමුඛ යහළු කැල සමත් වේද ? චිත්‍රපටයේ කතා රසය ඇත්තේ එතැනයි.   

Cast -  Voice

හිකප් -ජේ බරැචෙල්
වැල්කා - කේට් බ්ලැන්චෙට්
ස්ටොයික් - ජෙරඩ් බට්ලර්
ගොබර් - ක්‍රෙග් ෆර්ගසන්
ඇස්ට්‍රිඩ් - ඇමෙරිකාන ෆෙරෙරා
ස්නොට්ල්අවුට් -ජොනා හිල්




Production

නිෂ්පාදකවරැන් විසින් How to Train Your Dragon චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය වන බව 2010 වසරේ අප්‍රේල් මාසයේදීම නිවේදනය කළ අතර එය මේ වසරේ ජුනි මස නිකුත් කිරීමට පළමුව පිඹුරැපත් සැකසිණ.එහෙත් මෙවර ඩේබ්ලොයිස්ට පමණක් අධ්‍යක්ෂණ කාර්යය පවරද්දි ඔහු ඊට කොන්දේසියක් පැනවූ අතර එය නම් තමන්ට මෙහි තෙවැනි චිත්‍රපටයත් ලබාදෙන්නේ නම් පමණක් මෙය අධ්‍යක්ෂණය කරන බවයි.ඊඨ එකඟවීමත් සමග 2012 වසරේ ජුනි මස 19 වැනිදා මෙහි නිර්මාණ කටයුතු ඇරඹුණු අතර පළමු චිත්‍රපටයේ හඬ නළුවන් දෙවැන්න සඳහාත් යොදා ගන්නා බැව් නිවේදනය කෙරැණි.පළමු චිත්‍රපටයේදී උතුරැ මුහුද මෙහි ප්‍රධාන පසුබිම වුවද දෙවැන්නේදී එය බොහෝ දුරට වෙනස්කම්වලට භාජනය වූ අතර එය වෙනස්ම ක්‍රමවේදයකට සිදුවිණ.එසේම මෙහිදි නිෂ්පාදන සංවර්ධන නිර්මාණකරැවන් දොළොස්දෙනෙකු පමණ නෝර්වේහි දීර්ඝ කාලයක් මෙහි පර්යේෂණය කටයුතු වෙනුවෙන් වැය කළ අතර අධ්‍යක්ෂ ඩේබ්ලොයිස් සමග ඩ්‍රීම්වර්ක්ස් නිෂ්පාදන සමාගමේ වෘත්තාන්තමය අංශයේ ප්‍රධානී ග්‍රෙග් ටේලර් සහ දෘශ්‍ය රෑප උපදේශක රොජර් ඩීකින්ස්ට මෙහිදී මේ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිණ.2002 වසරේ තිරගත වූ Lilo and Stitch චිත්‍රපටය මෙහිදී විශේෂයෙන්ම භාවිතයට ගැනිමට සිදුවූ බව පවසන අධ්‍යක්ෂවරයා,සජීවිකරණ චිත්‍රපටයකදි නිෂ්පාදනයට පෙර බොහෝ තැන්වල සංචාරය කළ යුතු බවද මෙම චිත්‍රපටයෙන් පසුව පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.ජෝන් පවෙල්ගේ සිනමා සංගීතයෙන් නාද රටා සිත්තම් වූ මෙම චිත්‍රපටය නව වාර්තාවක් තබන්නේ Scalable multi-core processing තාක්ෂණය යොදා ගනිමින් කළ පළමු සිනමා නිර්මාණය ලෙසයි.එසේම නව සජීවිකරණ සහ ආලෝකකරණ තාක්ෂණික මෘදුකාංගයක් යොදා ගනිමින් කළ පළමු චිත්‍රපටය ලෙස සැළකෙන මේ හරහා සංවේදී භාව සියුම්ව රෑපණය කිරීමට නිර්මාණකරැවන් සමර්ථකම් දක්වා ඇත. ඒ අනුව සමස්ත නිෂ්පාදනය වෙනුවෙන් පන්සියයක අධික පිරිසක් තම ශ්‍රම දායකත්වය ලබා දී ඇති විදෙස් වාර්තා සඳහන් කරයි.

Release

මේ වසරේ පැවැති කෑන්ස් චිත්‍රපට උලෙළේදී මැයි මස 16 වැනිදා පළමුවරට ප්‍රදර්ශනය වූ How to Train Your Dragon 2,නිල වශයෙන් තිරගත වීම ඇරඹුණේ ජුනි මස 13 වැනිදාය. මෙය IMAX 3D තාක්ෂණය ඔස්සේ මෙදිනම තිරගත වූ අතර මේ වසරේ නොවැම්බර් මස 11 වැනිදා ඩීවීඩී පට සහ බ්ලූ - රේ (2D සහ 3D) වශයෙන් නිකුත් වීමට නියමිතයි.

Box Office

පළමු දිනදී ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන 18.5ක ආදායමක් අත්පත් කර ගත් How to Train Your Dragon 2 චිත්‍රපටය, පළමු සති අන්තය නිම වන විට ඇ.ඩො. මිලියන 50කට ආසන්න ආදායමක් උතුරැ ඇමෙරිකාවෙන් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙම චිත්‍රපටය පසුවූයේ එම සති අන්තයේදී වැඩිම ආදායමක් උපයා ගත් චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේය. මෙය දෙවැනි වූයේ “22 jump Street* චිත්‍රපටයට පමණි.දෙවැනි සති අන්තයේදී තවත් ඇ.ඩො. මිලියන 24ක අත්පත් කර ගනිමින් චිත්‍රපට දර්ශකයේ තුන්වැනි ස්ථානයට පත් මෙම චිත්‍රපටය තෙවැනි සති අන්තයේදීත් තෙවැනි ස්ථානයේම රුඳී සිටියේ  තවත් ඇ.ඩො. මිලියන 13කට අධික ආදායමක් අත්පත් කර ගනිමිනි.එහෙත් සිව්වැනි සති අන්තයේදී පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බසින ලද මෙම චිත්‍රපටය එම සති අන්තයේදී තවත් ඇ.ඩො. 9කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත් විය.මේ අනුව පසුගිය 17 වැනිදා වන විට ඇ.ඩො. මිලියන 160කට ආසන්න ආදායමක් උතුරැ ඇමෙරිකාවෙන් පමණක් උපයාගෙන,සෙසු රටවලින් අත්පත් කරගෙන සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 200කට ආසන්නය. “How to Train Your Dragon 2* චිත්‍රපටය මේ වන විට උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 350 ඉක්මවන්නේය.    


Sequel

How to Train Your Dragon චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුද මේ වන විට ආරම්භ වී ඇති අතර එය නම් කර ඇත්තේ How to Train Your Dragon 3 ලෙසිනි.එම චිත්‍රපටය 2016 වසරේ ජුනි මස 17 වැනිදා තිරගත කිරීමට නිෂ්පාදන කණ්ඩායම සැලසුම් කර ඇත.මෙහි අධ්‍යක්ෂණය,නිෂ්පාදනය මෙන්ම හඬ නළුවන්ද පළමු චිත්‍රපට ද්විතවයේම නිර්මාණකරැවන් බව මේ වන විට තහවුරැ වී ඇති අතර ජෝන් පවෙල්ද මෙහි සංගීත නිර්මාපකයා ලෙස තෙවැනි චිත්‍රපටයට නැවතත් එක්වීමට නියමිතයි.

Video Game

පසුගිය මාසයේ නිකුත් වූ මෙම වීඩියෝ ක්‍රිඩාව නිර්මාණය කර ඇත්තේ ලිට්ල් ඕර්බිට් නම් සමාගම විසිනි. How to Train Your Dragon 2 ලෙසින්ම නම් කර ඇති මෙම ක්‍රීඩාව,මකරැන් තෝරා ගනිමින් ඔවුන් සමගින් තරග කළ හැකි ආකෘතියකට නිමවා ඇති අතර පුහුණුවීමේ කාල සීමාවක් මෙන්ම පියාසර කිරිම සඳහාද පාසැලක් ලබා ගනිමින් නියැලිය හැකි ආකාරයට සැලසුම් කර ඇත.එහෙත් මෙහි ක්‍රීඩා කළ හැක්කේ Xbox 360, Nintendo 3DS, Wii, Wii U හෝ PlayStation 3 තාක්ෂණය ඇති වැඩසටහන්වල පමණි.

මාලන් විදානපතිරණ              
Mgovindaw@gmail.com

Hercules 3D - Tharunaya - Feature - 2014.07.31



ත්‍රාසය පිරි සතියේ ෆැන්ටසිය

Hercules 3D

Introduction

මේ දිනවල බම්බලපිටිය මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ තිරගත වන නවතම ත්‍රිමාණ චිත්‍රපටය ලෙස හර්කියුලිස් සඳහන් කළ හැකිය. The Legend of Hercules ලෙසින් නවතම නිර්මාණය නම් කර ඇති මෙම චිත්‍රපටයේ, ත්‍රිමාණ පටය නම් කර ඇත්තේ Hercules 3D ලෙසයි.ක්‍රියාදාම පිරි ෆැන්ටසි චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ රෙනී හාර්ලින් විසිනි. හාලින්  සමග ඩැනියෙල් ජියැට්, ජියුලියෝ ස්ටීව් සහ ෂෝන් හුඩ් තිර රචනය සඳහා දායකත්වය දී ඇති මෙහි හර්කියුලිස් සඳහා පණ පොවන්නේ කෙලන් ලුට්ස්ය. මෙවර වෙනස්ම ආකාරයකින් ප්‍රතිනිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ ගායියා වෙයිස්,ස්කොට් අඩ්කින්ස්,රොක්සාන් මැක්කී,ලියාම් ගැරිගන්ය.බෝආස් ඩේවිඩ්සන්,ඩැනී ලර්නර්,ලෙස් වෙල්ඩන් සහ රෙනී හාර්ලින් සම නිෂ්පාදන දායකත්වය සැපයූ මෙහි සමස්ත පිරිවැය ඇ.ඩො. මිලියන 70කි.

Plot

මීට පෙර කතාව පරිදිම ක්‍රි.පූ.1200 ග්‍රීසියෙන් පටන් ගන්නා මෙහි කතා වස්තුව ත්‍රාසය,ජුගුප්සාව,භයංකාර බව,කුතුහලය ඔස්සේ මිනිසා බලය වෙනුවෙන් දරන පරිශ්‍රමය මෙන්ම මරණයට එරෙහිව ගෙන යන සටන්කාමී ජීවිතය අරබයා සියුම්ව ගෙතුණකි.  

Production

මිලේනියම් චිත්‍රපට සමාගම නිපැයූ මෙම චිත්‍රපටය සෑම් මැක්කර්ඩි විසින් සිනමා කැමරාකරණය කළ නිර්මාණයක් වන අතර මෙහි සංස්කරණය වින්සන්ට් ටැබෙයිලොන්ගෙනි. අසීරැ නාද රටා සංරචනය ටියුඕමස් කැන්ටෙලිනන්ගෙනි.

Release

ඇමෙරිකාවේ පමණක් පසුගිය ජනවාරි මස 10 වැනිදා නිකුත් වූ මෙම චිත්‍රපටය ලෝ පුරා තිරගත වීම ඇරඹුණේ පසුගිය මස අගදීය.චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 99කි.                 

Box office

The Legend of Hercules චිත්‍රපටය පළමු සති අන්තය නිමා වෙද්දී ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන නවයකට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය එම සතියේදී තෙවැනි වූයේ  Lone Survivor සහ Frozen යන චිත්‍රපටවලට පමණි.මේ වන විට ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන 20කට ආසන්න අත්පත් කරගෙන ඇති මෙම චිත්‍රපටය සෙසු රටවලින් ඇ.ඩො. මිලියන 42කට අධික ආදායමක් උපයාගෙන ඇත. කෙසේ වෙතත් මෙය නිෂ්පාදකවරැන්ගේ පැත්තෙන් අසාර්ථක නිර්මාණයක් වන අතර අධ්‍යක්ෂවරයාගේ ඉදිරි සිනමා ජිවිතය පිළිබඳ නැවත විමසීමක් සිදුවිය හැකි බැව් ඇතැම් විචාරකයන්ගේ මතයයි.

මදාරා ගුණතිලක


Friday, June 27, 2014

සමාජ කලා විඥාණයේ ගැටලු -2014.06.27



සමාජ කලා විඥාණයේ ගැටලු
?


මාලන් විදානපතිරණ - SC/PA/2011/2012/88
PFA 628










හැඳින්වීම
ශ්‍රී ලාංකේය සමාජ කලා විඥාණයේ ගැටලු පිළිබදව එය නොයෙකුත් මානයන් ඔස්සේ විවරණය කළ හැකි නමුදු එය ප්‍රධාන වශයෙන් නවකතාව,කෙටිකතාව,කවිය,නාට්‍ය,ටෙලිනාට්‍ය,සිනමාව, චිත්‍ර හා මූර්ති, සංගීතය, නර්තනය, ගුවන් විදුලි නාට්‍ය සහ නව මාධ්‍ය වශයෙන් කොටස් කිහිපයකට බෙදා සාකච්ඡා කළ හැකිය.මේ අතරම මෙය සමස්තයක් වශයෙන් ගත් කල අද්‍යතන මාධ්‍ය සමග සසඳාලමින් වෙනත් කෝණයකින් විදාරණය කළ හැකි බැවින් අදාළ ප්‍රස්තුතය කොටස් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරීම මනා යැයි අපි සිතනෙමු.
මුල සොයා යෑම
ediriweera-sarachchandra.jpgපණහ, හැට, හැත්තෑව යනු ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ පුනරැදය අවධිය ලෙස සැළකෙන දශක ත්‍රිත්වයයි.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ නිර්මාණය කරමින් පේරාදෙණිය තුළින් වෙනමම ගුරැකුලයක් නිර්මාණය කරමින් වේදිකා නාට්‍ය කලාව ඉහළට ඔසවා තබද්දී,නවකතාව,කෙටිකතාව මෙන්ම කවියටද විශාල අවකාශයක් ලැබුණු  එකල සමාජය තුළ ඒ පිළිබඳ බුද්ධිමත් සංවාදයක් ඇති වූ අතර මිනිසා පවා ගත කළේ ඉතා සරල දිවි පෙවතකි. එසේම සරල අවශ්‍යතාවලින් සැදුම්ලත් එකල මහජනයා,එකල වැඳුම් පිදුම් කළේ මාකටින්  සම්ප්‍රදායයකට නොවේ. ඒ අනුව අදට සාපේක්ෂව මුදල් පෙරට තබා නිර්මාණ නොකළ නිර්මාණකරැවන්ගේ එකල ප්‍රශ්නය බවට පත්වූයේ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ දුරස්ථීකරණයට එරෙහිව ස්ටැනිස්ලව්ස්කිගේ රෑපණ විධි ක්‍රමයයි. එසේත් නැත්නම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව කෙරේ ඇන්ටන් චෙකෝව්ගේ චෙරි වත්ත නාට්‍යය දැඩි ලෙස බලපෑවාද නැද්ද යන්නයි.නොඑසේ නම් චෙරිවත්තේම කොපියක්ද යන්නයි.එසේත් නැත්නම් ධනවාදයේ  ආදීනවත්,සමාජවාදය ඊට හොඳම පිළිතුර වන්නේද නැද්ද යන්න බවත්ය.
mahagama sakara 1.jpgරාත්‍රියේ හෝ සවස් ජාමයේ සප්පායම් වන ඇතැම් නිර්මාණකරැවන් සංශුද්ධ සිංහල හෝඩිය වමනය කිරීම වෙනුවට නව ගීත සම්ප්‍රදායයක අවශ්‍යතා පිළිබඳව ගැඹුරැ කතාබහක යෙදුණු අතර ගීතය තුළ තිබිය යුතු කවිත්වය,ඊට සංයෝජනය වන නාද රටා සංරචනය කෙරේ දැඩි කතාබහක යෙදුණූ අතර ඇතැම් ගීතවල පද මාලා වෙනස් අයුරින් විග්‍රහ කර ඇති අන්දමත් විවාදාත්මක ස්වරයෙන් සෙස්සන් සමග විවේචනය කළේය.මහගමසේකරයන්,ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, ඩෝල්ටන් අල්විස්,පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව (ඇල්බට් පෙරේරා),ඔගස්ටස් විනයාගරත්නම්,ආචාර්ය ප්‍රේමසිරි කේමදාස,සුනිල් ශාන්ත,අරිසෙන් අහුබුදු,කරැණාරත්න අබේසේකර,යූ ඒ.ඇස්.පෙරේරා (සිරි අයියා),රත්න ශ්‍රී විජේසිංහ වැනි සංගීත ක්ෂේත්‍රය තුළ අමතක නොවන ගීත සමුච්චයක් ශේෂ කළ නිර්මාණකරැවන් බිහිවන්නේද එවන් සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙනි.සංවාදවල ප්‍රතිඵල වශයෙනි.විවාදවල ප්‍රතිඵල වශයෙනි.විචාරයන්හි ප්‍රතිඵල වශයෙනි.එසේම විවේචනවල ප්‍රතිඵල වශයෙනි.
Kumaratunga_Munidasa_(1887-1944).jpg
 ඇතැමුන් නර්තන කලාවේ පවතින නව ප්‍රවණතා මෙන්ම සංකූලතා පිළිබඳ සුළුවෙන් හෝ කතාබහක යෙදෙද්දී , මුද්‍රිත මාධ්‍ය තුළින් පවා එකල ඊට උනන්දු විය.නර්තනයේ ද්විතීයික අවස්ථාවක් ලෙස සැළකෙන මුද්‍ර නාට්‍ය කලාවේ නල - දමයන්ති සහ කරදිය වැනි නිර්මාණ අදටද කතාබහට ලක්වන්නේ එබැවිනි. පරමාදර්ශී මුද්‍රා නාට්‍ය ද්විත්වයක් තිළිණ කළ චිත්‍රසේන වජිරා කිසිදිනෙක අමතක කළ නොහැකි දෙපළක් වන්නේත් එබැවිනි.
එසේම චිත්‍ර හා මූර්ති පිළිබඳ කතාබහ කිරීමට පවා විදග්ධයන් උත්සුක වූ අතර ඊට ඉඩක්ද තිබිණ. එසේම මෑතකදි ඇස්.ගොඩගේ මහතා පුවත්පතකට සඳහන් කළ පරිදි එකල කවියට පාඨකයාගේ දැඩි උනන්දුවක් පැවැති අතර වැඩිම අලෙවියක් වාර්තා කළේ කවි පොත් බව ඔහු එම පුවත්පතට පවසා ඇත.එනම් එකල කුමාරතුංග මුනිදාස,එච්.ඇම්.කුඩලිගම,මීමන ප්‍රේමතිලක,ගුණදාස අමරසේකර,දයාසේන ගුණසිංහ,මහාචාර්ය විමල් දිසානායක,ජී.බී.සේනානායක සාගර පලන්සූරිය හෙවත් කේයස්, විමලරත්න කුමාරගම, රුපියෙල් තෙන්නකෝන්, පරාක්‍රම කොඩිතුවක්කු,මොනිකා රැවන්පතිරණ වැනි කවීන් පිළිබඳ එකල පැවතියේ අවදිමත් සමාජයකි.
user109773_pic8154_1317627790.jpgආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,තිස්ස අබේසේකර,ටෝනි රණසිංහ,සිරිල් වික්‍රමගේ,ආචාර්ය ධර්මසේන පතිරාජ,සුගතපාල සෙනරත් යාපා,ධර්මසිරි බණ්ඩාරනායක,ගාමිණි ෆොන්සේකා,ජෝ අබේවික්‍රම,අමරසිරි කලංසූරිය,වසන්ති චතුරාණි,මාලිනි ෆොන්සේකා,බූඩි කීර්තිසේන,ටයිටස් තොටවත්ත වැනි සිනමාකරැවන් බිහිවූ යුගයක් වන එකල වානිජ සිනමාව පසෙකින් වාර්තා පිට වාර්තා තැබුවද කලාත්මක චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා කෙරේ එය බල නොපැවැත්විණ.එසේම එවන් භේද භින්න වීමක් හෝ වෙන්වීමක් එකල දක්නට නොවිණ.















ස්වර්ණමය යුගය සහ තාක්ෂණයේ අතික්‍රමණය
du daruwo.JPGකෙසේ වෙතත් අසූව දශකය වන විට ජපානය විසින් රෑපවාහිනි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් විය.රඟහලට ගොස් වේදිකා නාට්‍යයක් නැරඹීමට අලස ප්‍රේක්ෂකයා,චිත්‍රපටයක් නැරඹීමට පවා සිනමා ශාලාවට යාමට මැලිකමක් දැක්වීම නිසා වේදිකා නාට්‍ය කලාව සහ සිනමා කර්මාන්තයට කණකොකා හැඬලුවේය.කෙසේ වෙතත් ටෙලිනාට්‍ය කලාවේ ප්‍රමුඛයෝ වූ බන්දුලවිතානගේ,ලූෂන් බුලත්සිංහල,ධම්ම ජාගොඩ,සෝමවීර සේනානායක ආදීන් මේ තුළ කලාත්මක යමක් කිරීමට උත්සාහ දැරෑ අතර පෞද්ගලික නාලිකා අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට පටන් ගන්නා තාක් එනම් හින්දි අර්ථශූන්‍ය මාලා නාට්‍ය ගෙන්වාලන තුරැ ටෙලිනාට්‍ය කලාව හොඳ මට්ටමක තිබිණ.
එසේම ආලින්දයේ සිට උදේ සිට රාත්‍රිය වන තෙක් කිසිදු විධිමත් ප්‍රතිපත්තියක් නැති ආකාරයේ වැඩසටහන් පෙළගැස්වීමකට සියලු නාලිකා පෙළඹෙත්ම,සියලු නාලිකා තරගකාරීත්වය පසුපස හඹා යත්ම සියලු සමාජ රටාවන් ව්‍යාකූල වූ අතර පැටලුණු නූල් බෝලයේ කොණ සොයාගත නොහැකි තත්ත්වයක් උදා විය.
එහෙත් මේ අතර ටයිටස් තොටවත්ත,ප්‍රේමකීර්ති ද අල්විස් වැනි නිර්මාණකරැවන් අනාගතය ගැන සිතා කටයුතු කළ අතර ජාතික නාලිකා තුළින් තරගකාරී නොවී උසස් රසිකත්වයක් ලබා දීමට උත්සුක විය.විශේෂයෙන්ම දොස්තර හොද හිත,ඉගුරැ පාන් මල්ලී,බෘම්,හා හා හරි හාවා,පිස්සු පූසා,වලස් මාමා වැනි ආදර්ශමත් ළමා කතා මෙන්ම ඔෂීන්,සුසුරන් වැනි ආදර්ශමත් ටෙලිනාට්‍ය මාලා තිළිණ කළ ඔවුන්, ඒ හරහා අමතක නොවන අතීතයක් එකල සිටි ළමා ප්‍රේක්ෂකයන් අතර ගොඩනැගුවේය.
Oshin.jpgඅතීතාවලෝකනයක් හෝ අතීතකාමයක් ලෙස ඇතැමුන් හැදින්වුවද දිනෙන් දිනම සෘණාත්මක කරැණු වගා වනවා මිසක ධනාත්මක කරැණු දැක ගත හැකි වන්නේ කලාතුරකිනි. අප රෑපවාහිනී මාධ්‍යය පිළිබඳ තීර්‍ව ස්වරයෙන් කතා කිරීමටද හේතුවක් තිබේ.ඒ රෑපවාහිනි මාධ්‍ය යනු දැවැන්ත සමාජ බලපෑමක් කළ හැකි මාධ්‍යයක් බව සමාජ විද්‍යාඥයන්ද පිළිගන්නා සත්‍යයකි.
එහෙත් එය කණකට නොගත් බොහෝ පාලකවරැන් තම බලය රුක ගනු වස් ක්‍රියා කළා විනා රසවින්දනය සැකසීමට නිසියාකාර ක්‍රමවේදයක් නිර්මාණ කිරීමට කිසි විටෙකත් උත්සුක නොවූ අතර විපක්ෂයට බැන වැදීමට හෝ පාලක පක්ෂය විවේචනය කිරීමට ජනමාධ්‍ය භාවිතා කළ අතර එදා වේල ටුවර්ස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් රසවින්දනය ලබා දීමට මාධ්‍ය භාවිතා කළේය. ඒ අනුව ෂේප් න්‍යාය දල්වමින් රසවින්දනයේ ගිනි සිළුව අවුලුවාලමින් අද අපට නැගී සිටීමට සිදුව ඇත්තේ අළු වී ඇති සමාජ කොටසක් සමගිනි.    
කෙසේ වතත් ජංගම දුරකතනයේ සහ පරිගණකයේ පැමිණීමත්,එහි ද්වීතියික අවස්ථාවක් ලෙස ටැබ්,ලැප්ටොප්,අන්තර්ජාලය පැමිණීමත් සමග එකී තත්ත්වය තව තවත් පරිහානියට පත් වූ අතර මුළු ලොවම අතැඹුලක් සේ ගත හැකි වුවද රසවින්දනය භාවිතාවන් අතින් සෘණාත්මක දිශානතියකට ගමන් කිරීමට පටන් ගත් අතර වේදිකා නාට්‍යයක් නොනරඹන,ටෙලිනාට්‍යයකුදු නොනරඹන, සිනමා ශාලාවකට බොක්ස් ආසනයක් අවශ්‍ය වූ විට පමණක් පැමිණෙන නව සමාජ සම්භවයක් නිර්මාණයක් විය.
Apple-iPhone-6.jpgසියලු ප්‍රශ්න දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් විසඳන,ජිවිතයේ ප්‍රශ්න,සමාජ ක්‍රමයේ ප්‍රශ්න ෆේස්බුක් වැනි නව මාධ්‍ය හරහා විසඳන එම ජනතාව, ලෝකය සමගින් නිරන්තරයෙන් ගැටෙමින් කටයුතු කරන අතර විධිමත් යාන්ත්‍රණයක් නොමැතිකමින් එහි පවතින කිරෙන් දිය වෙන්කර ගැනීමේ ක්‍රියාන්විතය තුළ අතරමං වෙමින් සිටියි.
එහෙත් ඊට තරැණ - වැඩිහිටි අතර පවත්නා පරම්පරා ඝට්ටනයද දරැණුවට බලපා ඇති අතර වැඩිහිටියන්ගේ අතීත කාමය සහ අනම්‍යශීලි බව මෙන්ම තරැණයන්ගේ අනම්‍යශීලී බව ඉතා දැඩි ලෙස බලපා තිබේ.
fb_icon_325x325.pngඑසේ කියන්නටද හේතු තිබේ.අන්තර්ජාල භාවිතා තුළින් මෙන්ම පරිගණක භාවිතාවන් තුළද  ප්‍රධාන ධාරාවෙන් පරිබාහිර නිර්මාණාත්මක භාවිතාවන් තිබේ.කවර නිර්මාණය,පිටු සැකසුම්,බ්ලොග්,වෙබ් අඩවි,ලාංජන නිර්මාණය,රෑප සංස්කරණය,සංගීත නිර්මාණය ආදී නොයෙක් මාදිලියේ සංරචකයන් ඊට උදාහරණ ලෙස දක්වාලිය හැකිය.එහෙත් ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයක් නොමැති අතර වැඩිහිටි පරම්පරාව නව මාධ්‍ය දෙස බලන්නේ වපරුසින් වීම මීට දැඩිව බලපා තිබේ.
විශේෂයෙන්ම ෆේස්බුක්,ට්විටර් වැනි මාධ්‍ය හරහා කෙරෙන නිර්මාණකරණය ඇගයීමට කිසිදු විධිමත් ක්‍රමයක් තවමත් ලෝකය තුළ පවා නිර්මාණය වී නැති අතර ඊට පෙළඹීමටද බොහෝ දෙනෙකු මැලි වෙති.එසේම රසවින්දනය,සාහිත්‍යකරණය,විචාරකරණය ආදී නොයෙක් වස්තු විෂයන් පාදක කර ගනිමින් විවිධ කණ්ඩායම් මේ තුළ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරමින් පැවතියද එයද සමාජය තුළ පිළිගැනීමකට ලක්ව නොමැති අතර කවියක් ගැන කතා කිරීමට එය පොතක් බවට පත්විය යුතුය යන මතයේ බොහෝ දෙනෙක් සිටී.නොඑසේ නම් විචාරයක් වන්නට නම් එය විචාර ග්‍රන්ථයක් විය යුතුය යන සාම්ප්‍රදායයික අදහස තවමත් වත්මන් සමාජය තුළ ගිලා බැස ඇත.එසේම කතාවක් වන්නට නම් හෝ රචකයා, ලේඛකයකු වන්නට නම් ඔහු හෝ ඇය එය මුද්‍රිත මාධ්‍ය හරහා නවකතාවක් හෝ පුවත්පතකට පළකිරීම වැනි හණමිටි අදහස්වලින් තවමත් සන්නද්ධව ඇත.
එහෙත් අප එනයින් නවකතා,කෙටිකතා,කවි,විචාර ග්‍රන්ථ ආදිය අනවශ්‍ය බව නොපවසන්නෙමු.එහෙත් පවතින තාක්ෂණය සමගින් ඉදිරියට යාමටත්,තාක්ෂණය දෙස වපරුසින් බලන්නටත් යාමත් තුළ අදාළ සාමූහිකත්වය ගොඩනොනැගෙන්නේ නම් රසවින්දනය ඉදිරියට විතැන් කිරිම ඉතා දුෂ්කරය.
එනම් අන්තර්ජාලය,පරිගණකය ආශ්‍රිතව වෙනමම පිරිසක් ගොඩනැගෙද්දී එහි අභ්‍යන්තරය තුළත්, ටෙලිවිෂන්කරණය සහ ගුවන්විදුලි මාධ්‍ය තුළත්,මුද්‍රිත මාධ්‍ය තුළත් එක හුයක් සේ බැඳෙන රසවින්දනය උසස් මට්ටමකට ගෙන ඒමේ අවශ්‍යතාවය දැන් වන විට මතුව තිබේ.
එහෙත් සාහිත්‍යය,ඉතිහාසය පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ යුගයක් පසු කළ අපට එම ගමන යාම තරමක් අසීරැ බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදුවේ.ඒ එහි ආදීනව අදටත් වැඩිහිටි පරම්පරාව තුළින් දැක ගත හැකි බැවිනි.
3idiot-31-12x9.jpgඑනම් පාලකයන්ට කලාකරැවා මැට්ටෙකු කිරීමේ අවශ්‍යතාවය අද වන විට සාර්ථක වී ඇති අතර එමගින් ජනතාව තුළින් නැගෙනා බුද්ධිමත් හඬ නිහඬ කිරීමට දේශපාලන ක්‍රමය සමත් වී ඇත.සෘජුවම කියතොත් මිනිසා කෙරේ මිනිසා පිළිබඳ තිබිය යුතු හැඟීම හෙවත් කලාත්මක සාක්ෂරතාව ශූන්‍ය තත්ත්වයකට ගෙන ඒමට සමස්ත ක්‍රමය තුළ ඉඩ ප්‍රස්ථා නිර්මාණය වී ඇති අතර ආත්මාර්ථයෙන් තොර වූ පරාර්ථයෙන් තොර වූ සමාජ පිරිසක් නිරෝත්සාහයෙන්ම බිහිකර ගැනීම දේශපාලන කණ්ඩායම් සමත්ව ඇත.
ඊට තදින්ම පාසැල් අධ්‍යාපන ක්‍රමයද බලපා ඇති අතර වානිජ සිසුවාට කලාත්මක හැඟීම් පුබුදවා ගැනීමට විෂය නිර්දේශයෙන් අවසර නොදීමත්, විද්‍යා විෂය හාදරන සිසුවාට කිසිදු ආකාරයේ කලා විෂයක් සෙසු විෂයන් සමග හැදෑරීමට ඉඩකඩ ලබා නොදීමෙන් මෙම අර්බුදයේ එක් කොණක් ලිහාගත හැකිවේ.‍
කෙසේ වෙතත් තාක්ෂණය ශ්‍රී ලංකාව පුරා කොතරම් ව්‍යාප්තව ඇත්දැයි යන්න ප්‍රශ්න කළ හැකි තර්කයකි.එනම් ජංගම දුරකතනයක් තබා විදුලියවත් නොමැති ගම් දනව් තවමත් අප රටේ පැවතීම ඛේදවාචකයකි.ඒ අනුව ඔවුන්ගේ රසවින්දනය පවතින්නේ කිනම් මට්ටමකද යන්න විවාදාත්මකය.එහෙත් බොහෝ විට ඔවුන් සංගීත සංදර්ශනයක් ඇතැයි කියතොත් රුස් කකා එය බලන්නට යයි.ඔවුන්ට ඕනෑ කරන්නේ තමන්ගේ සංකීර්ණ ප්‍රශ්න ටික මොහොතකට හෝ අමතක කළ හැකි අවකාශයකි.ඒ අනුව ඔවුන් කකුලට නැටවෙන ගීත කෙරේ වැඩි අවධානයක් යොමු කිරීමද ස්වාභාවික තත්ත්වයකි.ඒ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට හෝ දෙමාපියන්ට නොහැකි වීම නිසාවෙනි.ඒ අනුව අවිධිමත් ජීවන රටාවක කාලය ගත කරන ඔවුන් අයාලේ යාම වළක්වා ගැනීම අස්වාභාවික තත්ත්වයක් නොවේ.නමුත් බොහෝ විට අප හොට පටලවා ගන්නේද මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකිවය.
BALLOTH-EKKA-BA-01.jpgඅක්‍රමවත් අධ්‍යාපන ක්‍රමයත්,ඇති - නැති පරතරය විෂමතාවයත් තුළ බොහෝ විද්වතුන් ප්‍රශ්න කරන්නේ ජනතාවගේ රසිකත්වය, බුද්ධි මට්ටම පහත් අගයක පවතිනා බවයි.එනම් පැලැස්තර විසඳුම් සොයනා වග කිය යුතු පිරිස් අශ්වයා පැන ගිය ඉස්තාලය වැසීමට සැම විටම උත්සුක වෙයි.එහෙත් සිදුවිය යුත්තේ එයද ?
එහෙත් එය සමස්ත ක්‍රමයට හෝ පාලන ක්‍රමයට භාර දී අප ඔහේ බලා සිටිය යුතු බවක් මින් අදහස් නොවේ.අප යමක් කළ යුතුව ඇත.එහෙත් ඒ සඳහා අදාළ සමාජ කොට්ඨාසය සිටිනා සමාජ තත්ත්වය අවබෝධ කර ගැනීම පළමුව ගත යුතු ක්‍රියාමාර්ගයයි.එනම් ඔවුන්ගේ රසිකත්වය 10669.jpgසොයා, ඔවුන් සමගින් ඔවුන්ගේ මට්ටම ස්පර්ශ කරමින් ඒ තුළින් පියවරෙන් පියවර කලා විඥාණය ඉහළට ඔසවා තැබීම මැනවි.එහෙත් එය සාර්ථක කර ගැනීම උඩු ගං බලා පිහිනා යාමකි.එහෙත් ඊට වෙනත් පිළියමක්ද නොමැත.
bodu-bala-sena-1-3.jpgමන්ද ඇතැමුන්ට බත් පැකට්- අරක්කු සංස්කෘතිය ඉතා තදින් ගිලා බැස ඇත.වේදිකා නාට්‍යයක් නැරඹීමට බොහෝ අයට අවශ්‍ය නමුදු, පළමුව් ඔවුන් අසන්නේ එය කවර වර්ගයක නාට්‍යයක්ද යන්නයි.ඒ තුළින් ඔවුන් වක්‍රෝක්තියෙන් අරැත් ගන්වන්නේ බුද්ධිමය පිරිපහදුවකට දත කන නිර්මාණ කෙරේ ඔවුන් සවිඥාණක නොවන බවයි.එනම් සරල රසවින්දනයකට පැමිණි ඔවුන්, ඒ කෙරේ බැඳෙන්නේ ඉතා කෙටි කාලයකට පමණි.අනෙක් අතට කලාත්මක නාට්‍යයක් වේදිකාගත කිරිමට උත්සුක වුවද ඇතැම් විට ඊට නිසි රඟහලක්ද නොමැති අවස්ථා එමටය. චිත්‍රපටයක් ගත් කල ඊටද උදා වී ඇත්තේ මෙවන් ඛේදවාචකයකි.බොහෝ විට චිත්‍රපටයක් හෝ තිරගත කිරීමට තරම් සිනමා ශාලාවක් නොමැති ගම් දනව් එමටය.චිත්‍ර කලාව පිළිබඳවද ඇත්තේ මෙවන් අසුන්දර සවිඥාණික තත්ත්වයකි.ලෝකය සමග සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ මට්ටමක සිටිය යුතු ශ්‍රී ලාංකේය චිත්‍ර හා මූර්ති ශිල්පියාට නිසියාකාර වූ වෙළඳපොළක් හෝ තිබෙනවාද යන්න ගැටලුවකි.එසේම නිසි රාජ්‍ය ඇගයීමක් ලැබෙනවාද යන්නත්,ජනමාධ්‍ය තුළින් කෙසේ ඊට පෙළඹීවමක් ලැබෙනවාද යන්නත්,කලා භවන,ලයනල් වෙන්ඩ්ට් වැනි ස්ථාන කොපමණ තවත් ශ්‍රී ලංකාව පුරා තිබේද යන්නත් දැඩි ලෙස ගැඹුරින් සාකච්ඡා කළ යුතු තත්ත්වයකි.එසේම එම ක්ෂේත්‍රයට පිවිසීමට නිසියාකාර විධිමත් ක්‍රියා පිළිවෙතක් තිබේද යන්නත් වෙසෙසින්ම විශ්ව විද්‍යාල ක්‍රමයට ඇතුළත් වීමට නොහැකි වුවහොත් දක්ෂයාට කුමක් සිදුවේද යන්නත් ගැටලුකාරීය.එමෙන්ම අදාළ මාර්ගෝපදේශකත්වයද දක්ෂයාට ලැබෙනවාද යන්නත්,තමන්ගේ කලාව කෙරේ සවිඥාණික බවක් ඔවුන්ට එයින් ලැබේද යන්නත් සමස්ත කලාව තුළම දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගෙන යන තත්ත්වයකි.    
එසේම ක්ෂණික කොත්තු රස බලන,මිනිත්තු දෙකේ නූඩ්ල්ස් සොයනා වත්මන් සමාජය තුළ කලබලකාරී හැඟීම් විනා හොඳ නිර්මාණයක රස පහස විඳීමට තරම් සංයමයමක් තිබේද යන්නත් ගැටලුවකි.සරච්චන්ද්‍රයන්,හෙන්රි ජයසේනයන්,ලෙස්ටර් ජේම්ස් පීරීස් ශූරීන්,අමරදේවයන් මෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ සාමකාමී සමාජය අද වන විට කලබලකාරී වීමත්,ඒ තුළින් නිර්මාණකරැවන් පවා සංයමකින් නිර්මාණකරණයට තරම් පසුබිමක් සකසා ගැනීමට අපොහොසත් වීම අප මෙයින් අදහස් කරන්නෙමු.එනම් කළු ජුලියෙන් පසුව පශ්චාත් යුද සමය ජීවිතය ගෙවන අප නැවතත් ජාතිවාදයකට දොරටු විවර කරන පරිසරයක කාලීන තේමා නිර්මාණකරැවන්ගේ ඇස ගැටීම වළක්වනු බැරිය.එසේම මෙවන් පරිසරයක සංයමකින් කෙරැණු මීට අඩ සියවසකට එහා කළ නිර්මාණ නැවතත් ඉදිරියට විතැන් වීමත්,ඒවා තුළම ලැගීමත්,එම නිර්මාණ සමගින් වත්මන් නිර්මාණ සංසන්දනය කිරීමත් වළක්වාලනු බැරි තත්ත්වයකි.ඒ තුළ පවත්නා සර්වකාලීන ගුණය හේතුවෙනි.එහෙත් එයින් අද සර්වකාලීන ගුණයෙන් යුතු නිර්මාණ නොමැති බව අප අදහස් නොකරන නමුත් එවන් නිර්මාණයකට අවශ්‍ය අඩුම කුඩුම හෝ එවන් නිර්මාණයක් කළද ඊට ලැබෙන ප්‍රතිචාරයේ පවත්නා මඳ බව එවන් නිර්මාණවල හිඟ බවට මෙන්ම එවන් නිර්මාණකරැවන්ගේ හිඟ බවටද තදින්ම බලපා තිබේ. 
MusicVideo33.jpgසිනමාව,ටෙලිනාට්‍ය යන මාධ්‍යයන්ට අමතරව ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වන තවත් මාධ්‍යයක් ලෙස රෑප රචනා කලාව දක්වාලිය හැකිය. සිනමාත්මක යමක් කිරීමට උත්සාහ දරනා මෙම මාධ්‍යයේදී එය මුදල් පසුපස හඹා ගියත් එය කලාත්මක යමක් කිරීමට වෙර දරන බව අපගේ හැඟීමයි.
කෙසේ නමුත් ප්‍රධාන ප්‍රවාහයේ ගමන් නොකරන මාධ්‍යයක් බැවින්ද,තවමත් ජ්‍යෙෂ්ඨ කලාකරැවන් විසින් අනුමත කිරිමට මැලි වන මාධ්‍යයක් වන රෑප රචනා කලාව සැළකිය යුතු ඇගයුමකට ලක් විය යුතු බව අපගේ හැඟීමයි.

එහෙත් පවතින ප්‍රධාන ඝට්ටනය වන්නේ බොහෝ එක් කණ්ඩායමක් කලාවෙන් මුදල් උපයා ගැනීම නින්දිත ක්‍රියාවක් ලෙස සැළකීමත්, අනෙක් පිරිස එය එසේ නොසැළකීමත්ය.ඒ අනුව වත්මන් සමාජය තුළ මෙම ඝට්ටනයේදීද පැහැදිලි ලෙස පෙරමුණ ලබා ගන්නේ වැඩිහිටි පරපුර සහ තරැණ පරපුරයි.ඒ අනුව එයද තරැණ - වැඩිහිටි ගැටුමක් ලෙස අදටත් තීව්‍රව පැන නගින පැහැදිලි සමාජ අවිඥාණික බවක් බව අපගේ අදහසයි.එහෙත් මිනිත්තු තුන හතරක සීමිත කාල පරතරයක් තුළ විශාල යමක් කළ හැකිදැයි කෙනෙක්ට ප්‍රශ්න කළ හැකිය.එහෙත් එය එසේ නම් කෙටි චිත්‍රපට කලාව පවතින්නේ කෙසේදැයි යන්නද ප්‍රශ්න කළ යුතුය.(මෙයින් කෙටි චිත්‍රපට කලාව සහ රෑප රචනා කලාව එකම තරාදියක දෙපැත්තේ තැබිය හැකි බව අදහස් නොවේ.) එනිසා එලෙසින් ආදේශ කරන කල්හි එම තර්කය අවලංගු කාසියකි.එනම් වැදගත් වන්නේ කරනා නිර්මාණය ගුණ අගුණ බව අපගේ හැඟීමයි.
LankaBell-Jack-Tree-TVC.jpgකෙසේ නමුත් රෑප රචනා කලාව තුළින් බිහිවූ කලාත්මක තේමා සහ ස්පර්ශ නොවූ සමාජ තේමා කොතෙක් දුරට කතිකාවතට ලක් වූවාද යන්න අපට විශාල ගැටලුවකි.එසේම ඊට විචාරක පැලැන්තියක් හෝ හොඳක් නරකක් පවසාලමින් කෙබඳු ආකාරයෙන් ඇගයුමක් ලැබුණිද යන්නත්,ඒවා කෙරේ අප කොතෙක් සවිඥාණික වූවාද යන්නත් පැහැදිලිව ප්‍රශ්න කළ යුතු තත්ත්වයකි.මෙහි ප්‍රශ්නය ඇත්තේ වත්මන් ලෝකය තුළ නිර්මාණකරැවන්ට තමන්ගේ නිර්මාණකරණයට අවශ්‍ය මංපෙත් බාහුල්‍යය වුවද, ඊට අවතීර්ණ වන ඔවුන්ට ප්‍රධාන ධාරාවේ ලැගුම්ගෙන සිටින හණමිටිකරැවන්ගෙන් නිසි ඇගයුමක් නොලැබුමයි. ඊට ප්‍රේක්ෂකයා සවිඥාණික නොවීමයි.
patiroll.jpgFair-and-handsome-shah-rukh-khan.jpgවෙළඳ දැන්වීම් කලාවට සිදුව ඇත්තේද එයමයි.මනුෂ්‍යත්වය ගිලිහෙන වත්මන් සමාජය තුළ වෙළඳ අරමුණූ වෙනුවෙන් හෝ මනුෂ්‍යත්වය නැවතත් අවදි කිරීම ඇතැමුන් අරමුණු කර ගැනීමේ වරද කිම? එහෙත් එය ප්‍රධාන ධාරාව හා බැඳෙන හුයක් කර ගැනීමට බොහෝ දෙනෙකු පෙර කී ලෙසම පියවරක් පසුපසට තබයි.ඒ අනුව ඒ දෙස ඇතැමුන් වපරුසින් බැලීමට පුරැදු වේ.එහෙත් එවන් වෙළඳ දැන්වීමක් විදෙස් රටක නිර්මාණකරැවකුගෙන් ඉටු වන විට එය ඉතා ඉහළින් අගය කිරීමටද අපගේ සමාජ සවිඥාණික වේ.විශේෂයෙන්ම ඇමෙරිකාවෙන් හෝ ඉන්දියාවෙන් මෙවන් නිර්මාණයක් කෙරැණි නම් ශ්‍රී ලාංකික සමාජය ඊට ලබාදෙන්නේ පූජාසනයකි.එසේ නම් මෙහිදී අපේ දේ පිළිබඳ අපේ යන හැඟීමත්,ශ්‍රී ලාංකික යන හැඟීම නාම මාත්‍රික වීමත් ඉතා දැඩිව බලපා ඇති බව මනාව පිළිබිඹු වේ.  එසේම තමන්ගේ යන හැඟීමක් නොමැති වීමත්,ඒවා අඩු කුලේ ලා සැළකීමත්,බර අඩු තරාදියේ දැමීමත් මෙවන් කලාත්මක පරිහානියකට පොදුවේ බලපා ඇති බව මෙම නිදසුනින්ද ඔප්පු වේ.
එසේම මෙහි ගුවන් විදුලි නාට්‍ය පිළිබඳවද යමක් සටහන් කළ යුතුය.හුදු පහත් රැචිකත්වයත් උදෙසා නිර්මාණය වන වත්මන් ගුවන් විදුලි නාට්‍ය කිසිවිටෙකත් ශ්‍රාවකයාගේ බුද්ධියට ගෝචර වන්නක් නොවන අපගේ අදහසයි.ඉතා වැදගත්,ගෞරවනීය තත්ත්වයක පැවැති රසවින්දනය පෞද්ගලික නාලිකා මගින් අද වන විට දැවැන්ත ලෙස පහතට ඇද දමා ඇති අතර ශ්‍රාවකයාගේ බුද්ධියට ගරහන සුළු නාට්‍ය නිපදවන්නේ ඔවුන්ට හෝ ඵලක් නොමැති වැරදීමෙන් සහ සැඟවීමෙන් මතුවන හාස්‍ය නිග්‍රහයට පත් කරමිනි.සෘජුවම කියතොත් හුදු මාකටිං සඳහා පමණක් නිර්මාණය වූ ස්වරෑපයක් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අතර නිර්වින්දනය වූ රසවින්දනයක් ඇති ශ්‍රාවකයාද කිසිදු පෙළඹවීමක් නොමැතිව එය අනුමත කරනු දැකගත හැකි වීම ගැටලුකාරී තත්ත්වයකි.











ප්‍රධාන ධාරාවේ කලා මාධ්‍ය තුළ සමාජ කලා විඥාණයේ ගැටලු
චිත්‍ර හා මූර්ති කලාව
art_sri_lanka-e85fb.jpgඡායාරෑප තාක්ෂණය සොයා ගැනීමට චිත්‍ර ශිල්පියා යනු ලෝකයේ ඉතා ඉහළ වටිනාකමක් පැවැති ශිල්පියෙකි.එහෙත් ඉන්කිබිති ඡායාරෑප කලාව සහ සිනමාවේ ආගමනය සමග යම් මට්ටමකට පහත වැටුණු චිත්‍ර කලාව පසුව නැවතත් තටු ගසමින් පියවර දෙකක් ඉදිරියට පැමිණි නමුදු එම බලපෑම ශ්‍රී ලාංකේය චිත්‍ර කලාවට කෙතරම් බලපෑමක් කළාද යන්න සැක සහිතය.එය වත්මන් සමාජය චිත්‍ර ප්‍රදර්ශනයක් වෙනුවෙන් ලබාදෙන අවකාශය තුළින් මනාව නිරෑපණය වේ.එසේම ඊට ලැබෙන ප්‍රතිචාර ඊට සාක්ෂි දරයි.එමෙන්ම අධ්‍යාපන ක්‍රමයෙන් පසුව රාජ්‍ය මට්ටමින් දක්ෂ චිත්‍ර ශිල්පියන් රුක ගැනීමට කෙතරම් විධිමත් සාර්ථක වැඩපිළිවෙළක් සකස් කර ඇත්ද යන්නත්,මහජන නියෝජිතයන්ගේ විඥාණ මට්ටමේ ස්වභාවයත් හොඳින්ම මෙයින් කැපී පෙනේ.
එසේම වර්තමානය වන විට මූර්ති කලාව වනාහි පවතිනවාද නැද්ද යන්න පවා නොදන්නා තරමට නිද්‍රාශීලි බවක් උසුලන අතර ඒ පිළිබ හාවක් හූවක් නොමැත්තේ එය මිය ගිය කලාවන්ගේ ලැයිස්තුවට ළගදීම එක්වන ලකුණූ පහළ කරමිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මූර්ති කලාව කොයිබටද යන්න එහි සමාජ කලා විඥාණ පසුබිම අධ්‍යයනය කිරිමට සැළකිල්ලට භාජනය කළ යුතුය.එසේම මූර්තිය කියවිය හැකි බුද්ධිමත් පිරිසක් ඇති කිරීමට මූර්ති කලා ශිල්පීන් උත්සුක නොවන්නේ මන්දැයි අපට ප්‍රශ්නයක් නැගෙනා අතරම,ඇතැමුන් වෙනත් වෘත්තින් කරා මෙම වෘත්තියෙන් පිටමං වීම හරහා පෙනී යන්නේ එහි වල්බිහි වී ඇති ස්වභාවයකි.එනම් ඇතැම් විශ්ව විද්‍යාලවල පවා වෙනමම මේ පිළිබද ඉගැන්වීම් කටයුතු සිදුවුවද ඉන් බිහිවන දක්ෂයන්ට විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි යන්න සමාජමය වශයෙන් පිරික්සා බැලිය යුතු ප්‍රශ්නයකි.
hqdefault.jpgඑහෙත් මෙහි අනු විෂයක් ලෙස සැලකිය හැකි කාටූන් කලාව ඊට සාපේක්ෂව ඉදිරියට විතැන්ව ඇති බවත්, ඊට මුද්‍රිත මාධ්‍ය තුළින් දේශපාලනික වශයෙන් සහ ළමා මනස සංවර්ධනය තකා ලබා දී ඇති ඉඩකඩ තුළින්ද යම් අවකාශයක් සහ පිළිගැනීමක් ලැබී ඇති වත්මන් සමාජය ඊට දක්වන ප්‍රතිචාර තුළින් පෙනී යයි.එසේම එහි තවත් දිගුවක් ලෙසින් චිත්‍රපට කලාව හා සම්බන්ධ වන සජීවිකරණ කලාව තුළින් යමක් කිරීමට ජාතික මාධ්‍ය කටයුතු කිරීම තුළින්ද ඊට බුද්ධිමත් ප්‍රේක්ෂකයන් යම් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම තුළින්ද එහි ගුණාත්මක ප්‍රවණතාවයක් අපට පෙනී යයි.එහෙත් ඊට ගුණාත්මක ප්‍රේක්ෂකයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න අප හමුවේ පවතින ප්‍රබලතම ගැටලුවයි.එහෙත් ජාත්‍යන්තර සජීවීකරණ නිර්මාණ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් ලබාදෙන අවකාශය තුළින් අපට යමක් පැහැදිලි වේ.ඒ පෙර කී ලෙසම සරල රසවින්දනය කෙරේ ඔවුන් ප්‍රමුඛතාව ලබා දීමයි.ඔවුන්ගේම භාෂාවෙන් කියතොත් මහප්‍රාණ ඇසීමට හෝ බැලීමට ඔවුන්ට වෙලාවක් නොමැත. හාස්‍ය, විනෝදය ආදිය ලැබීම ඔවුන්ගේ ප්‍රධානතම අභිප්‍රාය වේ. එනම් ටෙස්ට් තරගවලට වැඩි රැචියක් නොදක්වන වත්මන් මහජනතාව, විස්සයි - 20 තරග නැරඹීමට ඉතා ඉහළ උද්යෝගයක් දක්වයි.ඒ අනුව ජීව ගුණය පිළිබඳ සැලකිල්ලක් ඔවුන්ගේ මොළය තුළ ඇඳී ඇති සේයාවක් අපට නොපෙනේ.එය ඔවුන්ට වැදගත් නොවේ.
වේදිකා නාට්‍ය කලාව
kuweni.jpgරෑපවාහිනියේ ආගමනයත් සමග මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,හෙන්රි ජයසේන,දයානන්ද ගුණවර්ධන,ලූෂන් බුලත්සිංහල,බන්දුල විතානගේ, සුගතපාල ද සිල්වා,නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, ගුණසේන ගලප්පත්ති,පරාක්‍රම නිරිඇල්ල,සෝමලතා සුබසිංහ,සයිමන් නවගත්තේගම, ජයලත් මනෝරත්න ආදී නාට්‍යකරැවන් ගොඩනගාගෙන ආ නාට්‍ය උප සංස්කෘතිය බිඳ වැටෙන්නට පටන් ගත් අතර සිනමාවේ බලපෑමට ඊට තදින්ම එල්ල විය.
ඒ අනුව ඉහත කී නාට්‍යකරැවන්ගේ මනමේ, සිංහබාහු,නරිබෑනා,මධුර ජවනිකා,ආනන්ද ජවනිකා,හුණුවටයේ කතාව,දිරිය මව සහ ඇගේ දරැවෝ,මකරා,තාරාවෝ ඉගිලෙති,රතු හැට්ටකාරී,වැනීසියේ වෙළෙන්ඳා,ඔතෙලෝ, තල මල පිපිලා,ගුරැ තරැව,ලෝකය තනි යායක්,විකෘති,සුබ සහ යස ආදී නාට්‍ය කිහිපයක් පමණක් ශේෂ වූ අතර ඉන් කලාත්මක නාට්‍ය නිෂ්පාදනය අවම තත්ත්වයට පත් විය.හරියටම කියතොත් 1956 පටන් ක්‍රම ක්‍රමයෙන් වැඩී ආ නාට්‍ය නිර්මාණකරණ පරම්පරාව ජයලත් මනෝරත්නයන්ගෙන් පසු නතර වී ඇති සේයාවක් අපට දක්නට ලැබේ.ඊට ලැබෙන අනුග්‍රහය මෙන්ම සමාජයේ එවැනි ගැඹුරැ තේමා සහිත වේදිකා නාට්‍යයකට ලැබෙන ප්‍රතිචාරය අවම වීම මීට බලපෑ ඇති බැව් අපගේ අදහසයි.
23.jpgඑසේම අසල්වැසි ඉන්දියාවේ පවා රාජ්‍ය නාට්‍ය පාසැලක් පවතින සමයක ශ්‍රී ලංකාව තුළ විධිමත් නාට්‍ය පාසැලක් නොමැති වීමත්, පාසැලින් හෝ විශ්ව විද්‍යාලයෙන් තම නාට්‍ය ජිවිතය අහවර කරන නාට්‍ය ශිල්පීන් නාට්‍ය කලාව තුළ රඳවා ගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීමත් මීට දැඩිව බලපෑ ඇත.ඒ අනුව පවත්නා ජාතික තරැණ සේවා සභාව සහ ටවර් හෝල් නාට්‍ය පාසැල හරහා හෝ එම ක්‍රියාවලිය මීට වඩා හොඳින් සාර්ථකව සිදුවන්නේ නම්ද, මීට වඩා හොඳින් සාර්ථක වන්නේ නම්ද,නව ප්‍රවණතා සමගින් ඉදිරියට ඇදෙන්නේ නම්ද සමාජ කලා විඥාණයේ මුල්ගල එතැනින් තබා එහි ආරම්භක සංඥාව එතැනින් නිකුත් කළ හැකි බව අපි අදහන්නෙමු.එනම් බුද්ධිමත් කතිකාවතක්,බුද්ධිමත් විද්වතුන්ගෙන් සපිරි කතිකාවතක්,නිවැරදි මාර්ගෝපදේශකත්වය තුළින් නාට්‍ය කලාව කෙරේ විශ්වාසය තැබිය හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම මගින් නැවතත් නව බුද්ධිමත් නාට්‍ය කලාවක් නිර්මාණය කරමින් විශිෂ්ට ගණයේ නිර්මාණ සමාජගත කර ගත හැකි වනු ඇත.
206712x2WebAd_listJ.jpgඑහිදී එවන් නිර්මාණ රසවිඳිය හැකි ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කර ගැනීමද ඒ අතර සිදුවිය යුතු කටයුත්තකි.එහෙත් වත්මන් නාට්‍ය කලාව තුළ තවමත් බෙහෙත් කර නොමැති උගුල්ලා දැමිය යුතු වල් පැළෑටිය වන්නේද මෙයයි.එහිදී මීට අඩ සියවසකට මෙන් නොව නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය කෙරේ සංයෝග කර ගත හැකි මාධ්‍යයන් රුසකි.අන්තර්ජාලය හරහා නිරන්තරයෙන්ම කතිකාවත් නිර්මාණය කළ හැකි වත්මන් සමාජයේ එවන් ඵලදායි යමකට උනන්දුව දක්වන්නන්ගේ ඌනතාවයක් පමණි, දැක ගත හැක්කේ.එසේම රෑපවාහිනි මාධ්‍ය හරහාද, මුද්‍රිත මාධ්‍ය හරහාද ප්‍රචාරණයක් ලබා දිය හැකි අද්‍යතන යුගයේ සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි.භාණ්ඩයේ ගුණාත්මක බව පසෙක තිබියදී, එහි ප්‍රචාරණය තකා දැවැන්ත ප්‍රචාරයක් ලබා දීමයි.ඇතැම් විට නාට්‍යය නිෂ්පාදනය සඳහා වැය වූ පිරිවැයට වඩා පිරිවැයක් ඒ සඳහා වැයවෙනු අප දැක ගත ඇත.එහෙත් එය ආඩම්බරයට කාරණයක් නොව බුද්ධි මට්ටමේ maname_1.jpgපවත්නා අඩු ලුහුඩුතාව තව දුරටත් පෙන්නුම් කරනා තවත් එක් සාධකයක් පමණෙකි.
hqdefault.jpgඑසේම වේදිකා නාට්‍ය කලාව තුළ වර්තමානය වන විට තේමා තෝරා ගැනීමේදී ස්වතන්ත්‍ර නාට්‍යයන්හි අවම බවක් පවත්නා අතර ඊට දේශපාලන නායකත්වයන් මගින් පනවා ඇති වාරණ නීති බලපා ඇති බව නාට්‍ය කලාවේ නියැලෙන විද්වතුන්ගේ මතයයි.  එනම් මිනිසාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හමුවේ ස්වතන්ත්‍ර නාට්‍යයක් කෙරේ තම පරිකල්පනය නොයොදවන වත්මන් ඇතැම් නාට්‍යකරැවන්,මෙම කලාවෙන් ඈත්ව යන ස්වරෑපයක් අද දක්නට ලැබේ.ඒ අනුව පවතින නාට්‍ය ධාරාව නියෝජනය කරන්නන් එසේ පරිකල්පනය කිරිම කෙරේ මැලිකමක් දක්වද්දී,එහි දෙවැනි පෙළ තව තවත් පසුගාමී වීමද අතිශයෝක්තියක් නොවේ.එසේම පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළින් හෝ නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශයෙන් කිසිදු ආකාරයක නිර්මාණ ශක්තියක් කෙරේ ඉඩ ප්‍රස්ථාවක් ලබාදෙන බව සිතීමද උගහටය.එමෙන්ම නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයේ පැවැති විචාර  සංස්කෘතිය අද වන විට නිද්‍රාශීලි ස්වභාවයකට පත්ව තිබීමත්,එතුළින් වේදිකා නාට්‍ය කලාව සමාජය තුළ පවතින්නේද නැද්ද යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් නොදන්නාකමත් මෙහි ඉතා දරැණු අවස්ථාවක් පෙන්නුම් කරයි.එනම් මේ වන විට බොළඳ හාස්‍යයට බර වී ඇති ඇතැම් නාට්‍යය කලින් කලට වෙනස් වන පපඩම් නාට්‍ය බවට පත්ව ඇත්තේ දේශපාලන ප්‍රහසන බව කියමිනි.එහෙත් එවැනි නාට්‍යවල හුදු වානිජමය පරමාර්ථ විනා සර්වකාලීන ගුණයක් අපට නම් දක්නට නොමැති අතර එය තවත් සාජන් නල්ලතම්බි සංස්කෘතියක් පමණක් බවත් අපි දකිනෙමු.

එසේම සිංහල රාජ්‍ය භාෂාව කරමින් හැටේ දශකයේදී ගත් තීරණාත්මක දේශපාලන තීරණය හේතුවෙන් අදටත් නාට්‍ය කලාව තුළ ද්විභාෂා උගතුන්ගේ දැවැන්ත අඩුපාඩුවක් දක්නට ලැබෙන අතර විවෘත ආර්ථිකයක් පවතිනා බව කීවද,ලෝකය අපට අතැඹුලක් සේ ගත හැකි තත්ත්වයක් නිර්මාණ වී ඇති බව කීවද ඊට ප්‍රවේශ වන මාර්ගය අවහිර වී තිබීම අද නාට්‍ය කලාවටද දැවැන්ත ලෙස බලපා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයේ නිර්මාණය වන නව නාට්‍ය පිළිබඳ කිසිවක් නොදන්නා අප, තවමත් අතපත ගානේ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ නාට්‍යයයි.එසේත් නොමැති නම් දාරියෝ ෆෝගේ නාට්‍යයයි.ඉනික්බිති කෙතරම් නාට්‍ය බිහිවුණිද ? කෙතරම් විශිෂ්ට නාට්‍යකරැවන් බිහිවුණිද ? අප ඒ පිළිබඳ දැනුවත්ද ? නාට්‍ය කලාවේ නව ප්‍රවණතා කවරේද ? ඒ පිළිබඳ අප දැනුවත්ද ? ඒ අනුව අප නාට්‍ය කලාව තුළදී සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි.එතුළින් සජීවි මාධ්‍යයක් ලෙස වේදිකා නාට්‍ය කලාව අන්ත අසරණ වී ඇත.එසේම දේශපාලුවන්ට පින්සිදුවන්නට ද්විභාෂා උගතුන් නොමැතිව මාලා ටෙලිනාට්‍යයකට සම්මාදම්ව කීයක් හෝ අතමිට මොලවා ගැනීමටත්,කුලීකරැවන් සේ කලා ක්ෂේත්‍රයේ නියැලීමටත් නාට්‍ය කලාව කෙරේ උනන්දුවක් ඇත්තවුන්ටද සිදුව ඇත.

sinhabahu-211x300.jpgඑබැවින් වේදිකා නාට්‍ය කලාව කෙරේ ජන විඥාණය පුළුල් කරලීමේ දැඩි අවශ්‍යතාවයක් අද වන විට නිර්මාණය වී තිබේ.එසේම ද්විභාෂා උගතුන්ගේද දැඩි අවශ්‍යතාවයක් ඇතිව තිබේ.එමෙන්ම පවතින තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් දැවැන්ත පාඨක සමාජයක් නිර්මාණය කිරිමටද අපට බැරි නැත.එහෙත් එය පුස්සක් නොවන්නට නම් එවැනි දේ ක්‍රියාවේ යෙදවීමට පවතින බලකා හෝ බල සේනා උනන්දු විය යුතුය.එසේම මනෝරත්නයන්ගෙන් පසු පේන මානයේ දැවැන්ත රංග පෞරැෂයක් නොමැති බැවින් වේදිකාව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න පිළියම් යෙදිය යුතු තවත් දැවෙන ගැටලුවක් බව අපගේ අදහසයි.
එහෙත් මේවා සමාජ කලා විඥාණය සමග බැඳෙන්නේද යන්න ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත.බුද්ධිමත් නාට්‍ය සංස්කෘතියක් වර්තමානයේ නොමැති වීම තුළින් කිසිවිටෙකත් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් බිහි නොවේ.එහි අදහස නම් බුද්ධිමත් නිර්මාණකරැවන් පිරිසක් සමග එම බුද්ධි මට්ටම වටහා ගත හැකි බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්ද, ඒ හා බැඳුණූ කතිකා,සංවාද,විවාද,විචාර ආදියට සංවේදී වන සමාජ කොටසක්ද වත්මන් සමාජය තුළින්ම ඉස්මතු වන තුරැ වේදිකා නාට්‍ය කලාව තුළ සවිඥාණික රසවින්දනක් නිර්මාණය නොවනු ඇත. එසේම අවිඥාණික වූ නිර්වින්දිත රසවින්දනය පහව නොයනු ඇත. 

   
   














thumb500_premasiri_03.jpgසංගීතය
වත්මන් සංගීතය තුළ ඉතා තදින්ම දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ හරවත් ගීතවල අඬු ලුහුඬුතාවයයි.එසේම සංගීතය තුළ විප්ලවීය කාර්ය භාර්යයක් ඉටු කරන රුඩිකල්වාදී සංගීතඥයන්ගේ අවශ්‍යතාවයක් සමාජයට අවශ්‍ය කර තිබේ.කොටින්ම කියතොත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වැනි හිතුවක්කාර ගාන්ධර්වරයකුගේ ආදේශකයක් සංගීත ක්ෂේත්‍රයට අවශ්‍යම කර තිබේ.යානි ශ්‍රී ලංකාවට පැමිණ කළ මොහොතේ ශ්‍රී ලංකේය රසිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි ටිකට්පත් සියල්ලම නියමිත දිනටත් පෙර අලෙවි වීමෙන් පිළිබිඹු වූ අතර සාර්ථකව නිර්මාණකරණයෙහි යෙදුණහොත් ශ්‍රී ලාංකේය සංගීත ශිල්පීන්ටද එම අභියෝගය දේශීය වශයෙන් හෝ ජය ගත හැකි වනු ඇති බව අපගේ අදහසයි.කෙසේ වෙතත් ඩබලිව්.ඩී.මකුලොළුව සංගීතවේදියාණන් කළ “දෙපානෝ* සංගීතමය සංධ්වනියෙන් පසුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් “පිරිනිවන් මංගල්‍යය* රසික ජනතාවට මුදා හළ නමුත් ඉන්පසුව එවන් වික්‍රමයක් තවමත් අපට දක්නට නොලැබීම නෙතට කඳුලකි.එහෙත් මෑතකදී නවරත්න ගමගේ සංගීතවේදියාණන් විසින් “පනාමුරේ කුංචනාද* නමින් සංධ්වනියක් නෙළුම් පොකුණ රඟහලේදී පළමු වතාවට සමාජයට මුදා හළ නමුත් තවමත් අපට එහි සාර්ථකත්වය පිළිබඳ කතා කළ නොහැක්කේ එය ජනගත වීමට යම් සාධාරණ ප්‍රසංග සංඛ්‍යාවක් සහ කාලයක් අවැසි නිසාවෙන්මය.
කෙසේ නමුත් නාලිකා මගින් හිතු මතේ මෙහෙයවන සංගීතමය වැඩසටහන් හේතුවෙන් ගීත රසාස්වාදව පිළිබඳ විෂමතා වත්මනේ හටගෙන ඇති අතර ඒ නමුත් ඊට නිසි පිළිතුරැ දීම පසෙක තිබියදී ජනතාවගේ අවධානය සුපිරි තරැ කෙරේ යොමු කිරීමත් අනවශ්‍ය ලෙස පිම්බීම හැරෙන්නට අවසානයේදී ඔවුන්ගෙන් සංගීතමය ක්ෂේත්‍රයට ලැබෙන්නේ පුස්සක් වීමත් මහජනයාට වටහා ගැනීමට හෝ මහජනයාට වටහා දීමට හෝ වටහා දුන්නද වටහා ගැනීමට නොහැකි වීම තරම් අවාසනාවක් තවත් නැත.එනම් සුපිරි තරැවක් වීමෙන් සියලු ග්‍රහ අපල දුරැ වී සියලු දෝස නිවාරණය වන ආකාරයේ සමාජ ව්‍යුහයක් සකස් කර ඇති වත්මන් සමාජය තුළ රුල්ලේ ගීත නිර්මාණය වීම හැරෙන්නට කලාත්මක ගීතයකට උත්සුක වන ගායකයන් හිඟ වීම දැඩි ප්‍රශ්නයකි.එසේම ස්වකීයව නැගී සිටීමට උත්සාහ දැරෑවද නාලිකාවල පවත්නා ඒකාධිකාරය හේතුවෙන් ඇතැම් විට ආ පයින්ම ක්ෂේත්‍රය හැර යන ස්වභාවයක් දක්නට ඇති වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළද පාසැල් අධ්‍යාපනයෙන් ඉවතට විසි වන සහ විශ්ව විද්‍යාලයෙන් පසු ඉවතට විසි වන දක්ෂ තරැණ කොටස් රුකගැනීමේ වැඩපිළිවෙළක් අවැසි බව නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.එනම් සංගීත ක්ෂේත්‍රයේ රුඳී සිටිය හැකි ආර්ථික තත්ත්වයක් ලෝකය දෙස බලා හෝ නිර්මාණය කර දීම බලධාරින්ගේ වගකීමකි.රින්ග්ටෝන් ක්‍රමය විධිමත් කරමින් එය සිදුකළ හැකි අතර අදාළ වෘත්තියමය තත්ත්වය නිර්මාණය වන්නේ එලෙසිනි.එසේ නොමැති ඒ දෙස වපරුසින් බැලීම තුළින් හෝ තරැණයන් සහ ජ්‍යෙෂ්ඨයන් අතර පරම්පරා ගැටුමක් සංගීත ක්ෂේත්‍රය තුළ ඇති කිරීමෙන් ඇති වන කිසිදු ප්‍රතිඵලයක් නොමැත.






නර්තනය
නර්තනය යනු කොටස් ගණනාවකින් යුතු විෂය පද්ධතියකි.එහෙත් මේ බව අවබෝධ කර නොගන්නා බොහෝ පිරිස් පාසැල් අධ්‍යාපනයෙන් පසු වෙනත් රුකියාවක් කරා පියමං කරයි.එසේත් නොමැති නම් ගුරැ වෘත්තිය කරා යොමු වන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි.එසේ නම් එම සමාජ ප්‍රෝඩාවද සමාජ කලා විඥාණය පිළිබද දැඩි ගැටලුකාරී තත්ත්වයකි.එනම් නිර්මාණාත්මක නර්තන අභ්‍යාස හරහා වර්තමානයේ නොමැති අවකාශයක් ඇති කර ගත හැකි නර්තන කලාව තුළ, කලාත්මක යමක් කිරීමට අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක ඇසක් පමණෙකි.ඒ අනුව නර්තනයෙන් කළ හැකි වික්‍රමය මේ යැයි කිව නොහැක.එය ලෝකයේ නර්තන කලාව දෙස බලද්දී මනාව අධ්‍යයනය කිරිම තුළින් ඔබට වටහා ගත හැකි වනු ඇත.මුද්‍රා නාට්‍ය කලාව,සම්භාව්‍ය නර්තන කලාව මෙන්ම නූතන නර්තන කලාව යන සුසංයෝගයෙන් නර්තනය තුළ වික්‍රමයන් සිදු කළ හැක. ජන විඥාණය අවදි නළ හැකි නිර්මාණාත්මක ප්‍රසංග පැවැත්විය හැක.අවශ්‍ය වන්නේ ඒ සදහා ක්‍රියාත්මක වීම සහ ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම පමණෙකි.එසේම ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ මූලික පහසුකම්ද,අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම තුළින්ද වෙනමම සංස්කෘතියක් ඇති කළ නොහැක්කේ නම් එය අරැමයකි. නොඑසේ නම් කරැමයකි. එසේම හින්දි සිනමා සංස්කෘතිය ආදර්ශයට ගනිමින් ඔවුන් තමන්ගේ නර්තන කලාව, සිනමාව කෙරේ  සුසංයෝග කරනා ආකරයත් අවධානයට ලක් කළ යුතුම තත්ත්වයකි. එනම් බොලිවුඩ් උප සංස්කෘතියක් ලෙස නර්තන කලාව බැදි පවතින්නේ එකී කලාව රුක ගැනීම උදෙසාමය.