බලය වෙනුවෙන් මරන මැරයන්ට
විරැද්ධව
47 Ronin
Introduction
මේ දිනවල මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ ගෝල්ඩ් සිනමා ශාලාවේදී තිරගත වන 47 Ronin චිත්‍රපටය කාල්
රින්ස්ච්ගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි.
2013 දෙසැම්බර් මස සිට තවමත් තිරගත වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ෆැන්ටසි ගණයේ ක්‍රියාදාම
චිත්‍රපටයකි.
Based upon a true story
18 වැනි ශත වර්ෂයේ සිටි ජපන් සමුරායි ගුරැවරයෙකුගෙන් උගෙනුම ලබන 47කින්
සැදුම්ලත් රොනින්වරැන් කණ්ඩායමක් අනපේක්ෂිත ලෙස ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්වේ. ඒ
තමන්ගේ ගුරැතුමා මරා දැමීම නිසාවෙනි. ඒ අනුව ඊට විරැද්ධව වැරැදිකරැවන්ගෙන්
පළිගැනීමේ චේතනාවෙන් ඔවුන් තමන් උගත් සටන්වලින්ම සංවිධානය වේ. චිත්‍රපටයේ කතාව
දිවෙන්නේ ඔවුන්ගේ මෙම පළිගැනීමේ උත්සාහය වටායි.
Stars
කීනු රිව්ස් මෙහි කයිගේ චරිතය නිරෑපණය කරන අතර ඔහු හිටපු වහලකු වන අතර
රොනින් කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙකි.ඔහුගේ චරිතය අඩක් ජපන් සහ අඩක් බ්‍රිතාන්‍ය
ලෙස නිරෑපණය වේ.
හිරොයුකි සනාදා මෙහි ඔයිෂිගේ චරිතය නිරෑපණය කරන අතර රොනින් කණ්ඩායමේ නායකයා
ඔහුයි.
කොයි ෂිබාසාකි මෙහි මිකාගේ චරිතය නිරෑපණය කරන අතර ඇය මෙහි නිරෑපණය කරන්නේ
කයිගේ පෙම්වතියගේ චරිතයයි. එහෙත් ඇය අසානෝ අධිපතියාගේ දියණියද වේ.
ටඩානෝබු අසානෝ මෙහි අධිපති කිරාගේ චරිතය නිරෑපණය කරන අතර රොනින්වරැන්ගේ
ගුරැතුමා ඝාතනය කිරිමේ ප්‍රධාන සැලසුම්කරැවා ඔහු වේ.එසේම ඔහු අධිපති අසානෝ යටතේ
සේවය කරන ප්‍රධානතම සේවකයෙකි.
මින් ටනාකා මෙහි අධිපති අසානෝගේ චරිතය නිරෑපණය කරන අතර ඔහු රොනින්වරැන්ගේ
ගුරැතුමාට පෙර මෙහි අණසක පතුරැවාගෙන සිටි හිටපු ගුරැතුමා වේ.
Production
යුනීවර්සල් ස්ටුඩියෝස් මගින් නිපැයූ මෙහි නිෂ්පාදකයන් ලෙස කටයුතු කළේ පැමිලා
ඇබ්ඩි සහ එරික් මැක්ලියොඩ්ය. ක්‍රිස් මෝගන් සහ වෝල්ටර් හැමාඩාගේ කතාවට අනුව ක්‍රිස්
මෝගන් සහ හොසේන් ඇමිනි තිර පිටපත රචනා කළ මෙහි
මෙහි ප්‍රධාන රෑගතකිරීම් සඳහා 2011 වසරේ මාර්තු මසදී හංගේරියාවේ බුදාපෙස්ට්
යොදාගත් අතර ඉන් අනතුරැව දර්ශන තලය ලන්ඩන් නුවර ෂෙපර්ටන් චිත්‍රාගාරය වෙතත්,
අවසානයේදී ජපානය දක්වාත් ගෙන යාමට නිර්මාණකරැවන්ට සිදුවිය. මෙහි ප්‍රධාන කැමරාකරණ
නිර්මාණකරැවා ජෝන් මැතීසන්ය.ජපන් මුහුණුවරක් ඇති මෙම ඇමෙරිකානු චිත්‍රපටයේ මියුරැ
සංගීතයද ජපන් ජාතිකයකුගෙනි. ඔහු ලන්
එෂ්කෙරිගෙනි.එහෙත් පසුන නිෂ්පාදන අවධියේදී මෙහි සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේ
ඇමෙරිකානු ජාතික ක්‍රෙග් වුඩ්ය.ඉංග්‍රීසි දෙබස්වලට නොදෙවෙනි ජපන් දෙබස් බහුල මෙම
චිත්‍රපටය වෙනුවෙන් වැය කළ සමස්ත පිරිවැය ඇ.ඩො.මිලියන 175කි.
Release
47 Ronin චිත්‍රපටය
තිරගත වීමට නියමිතව තිබුණේ 2012 නොවැම්බර් මස 21 වැනිදාය.එහෙත් පසුව එය පෙබරවාරි මස 08 වැනිදා දක්වා කල්ගිය අතර ඊට
හේතුවූයේ චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමට නිෂ්පාදකයන්ට තිබූ
අවශ්‍යතාවයයි. එහෙත් එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගැනීමට නම් දෘශ්‍ය ප්‍රයෝග
වෙනුවෙන් සැළකිය යුතු ශ්‍රම පිරිවැයක්ද ඇතැම් දර්ශන නැවත රෑගතකිරීම වෙනුවෙන් තවත්
මහන්සියක්ද දැරිය යුතු වූ හෙයින් චිත්‍රපටය තවත් කල් ගිය අතර එය පසුගිය වස්රේ
නත්තලේ නිකුත් කිරිමට නිෂ්පාදකයන් සැලසුම් කළේ මෙවන් වාතාවරණයක් තුළයි.
Box office
පළමු සතියේදී ජපානයේදී පමණක් ඇ.ඩො. මිලියන 1.3ක ආදායමක් උපයා ගත් මෙම චිත්‍රපටය,
ඒ අනුව එම සතියේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත් වූ අතර
ඇමෙරිකාවේ ප්‍රදර්ශනයේදී පළමු දින පහේදී පමණක් ඇ.ඩො. මිලියන 20.6ක ආදායමක් අත්පත්
කර ගැනීමට සමත් විය.ඒ අනුව එම සතියේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර නව වැනි
ස්ථානය දක්වා ඉහළට පැමිණීමට 47 Ronin චිත්‍රපටය සමත් විය.එසේම
එංගලන්තයේ ප්‍රදර්ශනයෙන් පළමු දින පහේදී පමණක් ඇ.ඩො. මිලියන 2.3ක ආදායමක් උපයා
ගනිමින් එම සතියේ එංගලන්තයේ වැඩිම ආදායමක් ඉපයූ බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර පස්වැනි
ස්ථානය දක්වා පැමිණි මෙම චිත්‍රපටය දැනට
ඇ.ඩො. මිලියන 150කට ආසන්න ආදායමක් වාර්තා කරමින් සිටියි.
මාලන්
විදානපතිරණ
mgovindaw@gmail.com

No comments:
Post a Comment