19th Annual Critics'
Choice Movie Awards
මාලන්
විදානපතිරණ
19 වැනි
වරටත් පැවැත්වෙන චිත්‍රපට විචාරක සම්මාන උලෙළ පසුගිය 16 වැනිදා රාත්‍රියේ
ඇමෙරිකාවේ සැන්ටා මොනිකාහිදී නිමාවට පත්විණ. එහිදී වැඩි ගෞරවයක් අත්කර ගැනීමට 12
Years a Slave සහ American Hustle යන
චිත්‍රපට සමත් විය.
වසරේ හොඳම
චිත්‍රපටය
!2 Years a Slave
(2013)
Argo (2012)
The Artist (2011)
අල්ෆොන්සෝ
කෝරන් (Gravity) -2013
බෙන්
ඇෆ්ලෙක් (Argo)
– 2012
මයිකල්
හසනාවිසියස් (The Artist) -2011
වෘත්තාන්ත
අංශය - හොඳම නළුවා
මැතිව්
මැක්කානගී (Dallas Buyers Club) - 2013
ඩැනියෙල්
ඩේ ලුවිස් (Lincoln) - 2012
ජෝර්ජ්
ක්ලූනි (The Descendants) - 2011
වෘත්තාන්ත
අංශය - හොඳම නිළිය
කේට්
බ්ලැන්චට් (Blue Jasmine) -2013
ජෙසිකා
චස්ටයින් (Zero Dark Thirty) - 2012
වයලා
ඩේවිස් (The Help) – 2011
වෘත්තාන්ත
අංශයෙන් හොඳම සහාය නළුවා ලෙස ජරෙඩ් ලෙතෝය.
(Dallas Buyers Club) සම්මාන දිනා ගත් අතර හොඳම
සහාය නිළිය සම්මානය දිනා ගත්තේ ලුපිටා
නයොන්“ඕ (12 Years a Slave) ය.
මෙම සම්මාන
උලෙළේදී හොඳම තරැණ නළුවා/නිළිය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ ඇඩෙල්
එක්සාර්චෝපවුලෝස්ය. ඒ ආන්දෝලනයකට තුඩු දුන් Blue
is the Warmest Color චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම
ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය ස්පයික් ජෝන්සේ ( Her) දිනා ගත් අතර හොඳම අනුවර්තිත තිර රචනය ජෝන් රිඩ්ලේ (12
Years a Slave) දිනා ගත්තේය . හොඳම සිනමා කැමරාකරණයට හිමි
සම්මානය එම්මානුවෙල් ලුබෙස්කි (Gravity) දිනා ගත් මෙම
උලෙළේදී හොඳම සජිවිකරණ චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ Frozen සිනමාපටයයි.එසේම මෙවර හොඳම ක්‍රියාදාම චිත්‍රපටය වූයේ Lone Survivor චිත්‍රපටයයි
හොඳම ක්‍රියාදාම
නළුවා
මාක් වෝල්බර්ග්
(Lone
Survivor)- 2013
ඩැනියෙල්
ක්‍රෙග් (Skyfall)
- 2012
හොඳම ක්‍රියාදාම
නිළිය
සැන්ඩ්‍රා
බුලොක් (Gravity)
- 2013
ජෙනිෆර්
ලෝරන්ස් (The Hunger Games) -2012
මෙවර හොඳම
හාස්‍ය/සංගීතමය චිත්‍රපටය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ American Hustle චිත්‍රපටයයි.
හොඳම හාස්‍ය/සංගීතමය
නළුවා
ලියනාඩෝ
ඩිකැප්‍රියෝ (The Wolf of Wall
Street) - 2013
බ්‍රෑඩ්ලි
කූපර් (Silver Linings Playbook) - 2012
හොඳම හාස්‍ය/සංගීතමය
නිළිය
ඇමී ඇඩම්ස් (American Hustle) 2013
ජෙනිෆර් ලෝරන්ස් (Silver Linings Playbook) -
2012
මේ අනුව එම
සම්මාන ද්විත්වයේම ප්‍රතිඵල නිමා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ ප්‍රතිඵලයට සමාන
විය.හොඳම විද්‍යාත්මක/අද්භූත චිත්‍රපටය Gravity හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රංශ
චිත්‍රපටයක් වන Blue Is the Warmest Color
සිනමාපටයයි.එසේම මෙහිදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගත්තේ 20
Feet from Stardom නිර්මාණයයි.
මාලන්
විදානපතිරණ
Mgovindaw@gmail.com
No comments:
Post a Comment