මතකද ඒ පුංචි කාලේ කියූ කවිය
පුංචි ඇටේ පැළවෙනා
පුංචි පැළේ ගසවෙනා
පුංචි පුංචි දැනුමෙනා
පුංචි ළමෝ පඬිවෙනා
පුංචි පැළේ ගසවෙනා
පුංචි පුංචි දැනුමෙනා
පුංචි ළමෝ පඬිවෙනා

She respected me to my questions.because she said first time she faced like these questions.She asked how did you learn these things, who are your teachers, what is your university etc. This credit goes to my drama and theatre teacher Mr.Jayalal Rohana and My University of Colombo(Sripali Campus) Cinema Lecturers
රොබට් නොක්ස් දුටු සිංහලයා හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති.ඒක අද කාලෙට කොච්චර ගැලපෙනවාද යන්න සාපේක්ෂයි.හැබැයි අදටත් සිංහල මිනිස්සුන්ට ගුණධර්ම තියෙනවා.ඒත් සිංහල අයට විතරද ගුණධර්ම තියෙන්නේ ? අනික නාගරීකරණය වීම,විවෘත ආර්ථිකය ආදිය එක්ක මිනිස්සු මුදල් පසුපස හඹා යාම නිසා හැම සමාජයකම පිරිහීමක් තියෙනවා.
හය,හත,අට වසරවලදී අපිට සතියකට සැරයක් ඉංග්‍රීසි කාල පරිච්ජේදයේදී ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණා.එතැනදී ඉංග්‍රීසි ගීතයක්,කථාවක්,කවියක් වගේ දේවල් ඉදිරිපත් වුණා.ඒත් මේකට හැමදාම සහභාගි වුණේ එක කොටසක් විතරයි.කොහොම වුණත් අට වසරේදී සමිත සහ හවිත්‍ර හිටියේ මගේ එකම පන්තියේ.මේ දෙන්නා එකටම තමයි ඉදිරිපත් කිරිම් කළේ.හුඟක් වෙලාවට ගීතයක් තමයි ඉදිරිපත් කළේ. ඒ නිසා එදත් අපි බලන් හිටියා මොකක්ද මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා.
මේ චිත්‍රපට නළුවා ගැන කවුරුත් දන්නවා ඇති. මේ තමයි අමරසිරි කලංසූරිය.අපේ හිතවත්කම මත මම ඔහුට කතා කරන්නේ කලං අන්කල් කියලා.ඒත් අද මට හිතුණා ඔහු මට වැදගත් වෙන්නේ ඇයි කියලා ලියලා තියන්න.
ඊයේ පත්තරේ වැඩ ටික ඉවර කරලා හත හමාරට විතර ඔෆිස් එකෙන් එළියට බැස්සේ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක වෙසක් බලන්න යන්න හිතාගෙන.කොහොම වුණත් මම යන්න කලින් ට්‍රාන්ස්පෝට් අංශයටත් ගිහින් තමයි පාරට ආවේ. මම ඒක යාළුවන්ට කිව්වත්, වෙසක් බලන්න ආපු සෙනඟ ගොඩ අස්සේ මට ඒගොල්ලන්ව හොයාගන්නවත් බැරිවුණා.මගේ ෆෝන් එකත් කැඩිලා තිබුණූ නිසා ගොඩක් නොම්මර නැතිවෙලා තිබ්බේ.ඒ නිසා මම සම්පත් බැංකුව ළඟ තියෙන පෝලිම දිහා බලාගෙනම පාරෙන් අනික් පැත්තට පැනලා අපේ කට්ටිය හොයන්න පටන් ගත්තා.මම දැන් ලොකු අවුලකින් හිටියේ.
ඒත් මුල්ම ගීතය ගායනා කළේ ජයසංඛ චූලාභය .ඔහු ගායනා කළ ඒ ගීතය එවෙලේ ලොකු කතාබහක් ඇතිවුණා.මොකද සාමාන්‍යයෙන් ළමයෙක් ගායනා නොකරන,ඒත් ගායනා කරන්න තහනමක් නැති ගීතයක් තමයි ජයසංඛ ගායනා කළේ.ඒ ගීතය තමයි “මේ රාග තාල අපි ගයන්නේ ඉගෙනගෙනයි ළමයෝ“ ගීතය.ඉන්පස්සේ තමයි මගේ වාරය ආවේ.
මොකද ඉන්පස්සේ තිබුණු පන්තියේ විශේෂ අවස්ථාවලදී ඉදිරිපත්කිරීම් කරන්න ඉඩ ලැබුණාම බලෙන්ම මාව ඉස්සරහට යවපු අවස්ථා තිබුණා. මට මතකයි දවසක් නවය වසරේදී ලකිඳු මාව බලෙන්ම ඉස්සරහට යවපු දවසක්.එවෙලේ පන්තියේ හිටියේ සිංහල උගන්නපු ඉන්ද්‍රපාල සර්.සර් ප්‍රශ්න පත්තර බලන අතරේ කැමැති කෙනෙක්ට ඇවිත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් සර් ලබා දුන්නා.එතකොට තමයි ලකිඳු මාව ඉස්සරහට තල්ලු කළේ.
කොහොම වුණත් නවය වසරේදී සිදුවුණු තවත් අතුරු සිදුවීමක් තමයි මම “අමද්‍යප සංගමයට“ එකතු වීම.ඒත් සංගම්වල බැහැලා වැඩ කරන්න ගිහින් ඉස්කෝලේ වැඩ අතපහුවෙයි කියලා මම හුඟක් බැහැලා වැඩ කරන්න ගිය චරිතයක් නෙමෙයි.ඒ නිසා මට මතක විදිහට මුල්ම සංගම් රැස්වීමෙන් පසුව කිසිම අමද්‍යප සංගමයට අදාළ රැස්වීමකට යන්න මට බැරිවුණා.අනික මට එහෙම රැස්වීමක් ගැන ඉන්පස්සේ දැනගන්න ලැබුණෙත් නැහැ.හැබැයි ඒ මුල්ම රැස්වීමට චානුක රත්නසේනත් ඇවිත් හිටියා.ඒක තිබුණේ පිට්ටනියේ නවය වසරේ ඉදිරිපිට තිබුණු පඩිපෙළ ළඟ.කටහඬ වෙනස්වෙන කාලේ එදා චානුක මට කියපු කතාව මට තාම මතකයි.මොකද අපි කාලෙකින් තමයි එදා හම්බවුණේ.
මේ කතාව පටන් ගන්නේ හය වසරෙන්.හරියටම කිව්වොත් 6- ඩී පන්තියෙන්.එදා තමයි ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්ත ළමයින් අලුත් පාසැලට එන දවස.අපිත් බලන් ඉන්නවා,ටික මොහොතකින් අපිට පේනවා,අපේ පන්තිභාර ටීචර් වෙච්ච ආරියප්පෙරුම ටීචර් පිටිපස්සෙන් පෙරහැරක් එනවා. අපිත් ලෑස්ති වුණා, අලුත් ළමයින්ව පිළිගන්න.මං ළඟ වාඩිවුණේ සුදු ලස්සන ළමයෙක්.හරිම අහිංසක ළමයෙක්.තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන,හැමෝ එක්කම හොඳින් කතා කරන සුපිරි මොළයක්.ඒ හින්දා මටත් ඒ යාළුවාව හිතට ඇල්ලුවා.ඔහු නමින් රේෂාන් මධුක අබේසිංහ.පදිංචිය හොරණ.
නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැති ප්‍රදර්ශනයකට මටත් යන්න තිබුණු විශාල ඕනැකමක් තිබුණු හින්දා,ආයෙත් දවසක් අපි දෙන්නට මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණා.