පෙරේදා කැම්පස් එකට යද්දි පාසැල් ජිවිතයේදී සිදුවන හරිම සොඳුරු සිදුවීමක් මගේ ඇස් පනාපිටම සිද්ධවුණා.
ළමයි දෙන්නම එකම ගමේ.ඉස්කෝලේ ඇරිලා හැමදාම මුණගැහෙන කතා කරන කෙල්ලක්.ඒ තියෙන යාළුකමට. ඒත් ඒ කෙල්ලගෙන් හිතේ තිබ්බ යාළුකම පාසැල් ප්‍රේමයක් කරගන්න කොල්ලට උවමනා වෙලා.කෙල්ලට ඒකට හොඳටම කේන්ති ගිහින්.ඒත් ඒ මූණේ ඇඳිලා තිබුණේ කේන්තියකට වඩා බයක්.කෙල්ලගේ අත අල්ලගෙන කොල්ලා, කෙල්ලගේ පස්සේ බස් ස්ටෑන්ඩ් එකට යනවා.කෙල්ල තමන්ගේ අත අරින්න කිය කිය ඉස්සරහට යනවා.කොල්ලත් ටිකක් බයෙන් හිටියේ. යාළුකමවත් රැකගන්න ඕනේ කියලා හිතාගෙන ඒකට හරි කෙල්ලව නම්මගන්න උවමනාවෙන් කෙල්ලගේ පස්සෙන් යනවා.අතින් අල්ලනවා.නවත්වනවා.බෑග් එකෙන් අදිනවා.ඒත් මම බස් එකට නැග්ගම ළඟ බහිනවා වුණත් වාඩිවුණේ සීට් තුනක් තියෙන ආසනයක.මගේ එහා පැත්තේ තවත් ජෝඩුවක්.කෙල්ල ඉස්කෝලේ ඇඳුමින් හිටියට.කොල්ලා හිටියේ ටී ෂර්ට් එකක් ගහගෙන.ඊට වඩා දෙයක් මම බැලුවේ නැහැ.ඒත් පාසැල් ජීවිතයේ තියෙන සොඳුරුතම වින්දනය පාසැල් ආදරය කියලයි මට හිතුණේ.
No comments:
Post a Comment