සොඳුරු මිනිසෙකුගේ අකාරුණික සමුගැනීම
මට මතක් වෙනවා මම කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණු දුන්නු දවස.මගේ වෘත්තිය සුදුසුකම් එක්ක ජනමාධ්‍ය අංශයට තේරේවි කියලයි මම හිතාන හිටියේ.ඒ නිසා මට කිසිම බයක් තිබුණේ නැහැ පරීක්ෂණ මණ්ඩලයට මුහුණදෙන්න.විශේෂයෙන්ම මම ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ විෂයකට හදාරා තිබුණු නිසා ඒ බව තවත් අඩුවුණා.
පරීක්ෂණ මණ්ඩලයේ තුන්දෙනෙක් හිටියා.එයින් එක්කෙනෙක් තමයි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පසන් කොඩිකාර.මට මතක මුහුණකට තිබ්...බේත් ඔහුගේ මුහුණ.මගේ සුදුසුකම් දැනගත්තට පස්සේ අනෙක් අය ප්‍රශ්න අහද්දී එතුමා මට මෙච්චරයි කිව්වේ.
“පුතා, අපිට ඔයාගෙන් අහන්න දෙයක් නැහැ. ඔයා උසස්පෙළටත් ජනමාධ්‍ය කරලා තියෙනවා.ඒකත් උඩින්ම පාස්වෙලා තියෙනවා.අනික වෘත්තියමය වශයෙනුත් ජනමාධ්‍ය කරනවා.ඉතින් ඔයාව අපි තෝරාගන්නවා උඩින්ම.ඒත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තමයි එසෙඩ් ස්කෝර් එක බලලා අන්තිම තීරණේ ගන්නේ.අපි බලමු පුතා “
මම ජනමාධ්‍ය අංශයට තේරුණේ නැහැ. හැබැයි මට ඒ සොඳුරු මිනිසාව හම්බවුණා.ඒ මම එම විශ්වවිද්‍යාලයේම සිනමා විද්‍යාර්ථයෙක් වුණු හන්දයි.
මට ඔහුව හම්බෙවන්න ලොකු උවමනාවක් තිබුණා.මොකද පෙම්බර මිතුරා ගී ද මෝපසං නම් එතුමාගේ පරිවර්තන කෘතිය කියවන එක මට හුඟක් අමාරු වැඩක් වුණා.ඒ ඔහුගේ භාෂාවේ පැවැති ආගන්තුක බව නිසා.මම ඇහුවා ඇයි කියලා.
“පුතා, මම හැමවෙලේම උත්සාහ කළේ මුල් කෘතියේ භාෂා ශෛලිය රැකගෙන පොත පරිවර්තනය කරන්නයි.ඒ නිසා වෙන්න ඇති ඔයාට එහෙම දැනුණේ“
ඒ කොහොම වුණත් ඔබ අපෙන් වෙන්වීම අසාධාරණයි.මන්ද අපට ඔබෙන් ගත හැකිව තිබූ දේ තවත් බොහෝයි.ඒත් ඇයි ඔබ ඊට ඉඩක් නොතැබුවේ?
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment