BAFTA AWARDS 2014
ජාත්‍යන්තර වශයෙන් විචාරකයන්ගේ අවධානය දිනා ගත් චිත්‍රපට සම්මාන උලෙළක් වන බ්‍රිතාන්‍ය
ඇකඩමි සම්මාන උලෙළ හෙවත් BAFTA,පසුගිය ඉරිදා රාත්‍රීයේදී ලන්ඩන්
නුවරදී රෝයල් ඔපෙරා හවුස්හිදී නිමාවට පත්විය. එහිදී වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් 12 Years A Slave තේරී පත්විය. එසේම
වසරේ හොඳම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ලෙසින් Gravity සම්මාන
දිනා ගත් අතර හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා වූයේද එම චිත්‍රපටයේම අධ්‍යක්ෂ අල්ෆොන්සෝ
කෝරන්ය.
හොඳම නළුවා ලෙසින් චිවෙට්ල් එජියෝෆෝ විසින් 12 Years a Slave වෙනුවෙන් සම්මාන දිනා ගත් මෙම චිත්‍රපට උලෙළේදී, හොඳම
නිළිය සම්මානය දිනා ගත්තේ Blue
Jasmine චිත්‍රපටයේ රඟපෑ කේට් බ්ලැන්චෙට් විසිනි.
හොඳම සහාය නළුවා ලෙසින් බාක්හඩ් අබ්ඩි විසින් Captain Phillips චිත්‍රපටය වෙනුවෙන්
සම්මාන දිනා ගත් මෙහිදී හොඳම සහාය නිළිය සම්මානය දිනා ගත්තේ ජෙනිෆර් ලෝරන්ස්ය.ඒ American Hustle චිත්‍රපටය වෙනුවෙනි.
මෙවර හොඳම ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේද මෙම චිත්‍රපටයයි.එනම්
මෙහි තිර රචකයන් වන එරික් වොරන් සිංගර් සහ ඩේවිඩ් ඔ‘ රසල් මෙම සම්මානය දිනා ගත්හ.හොඳම
අනුවර්තිත තිර පිටපතට හිමි සම්මානය දිනා ගත්තේ Philomena චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් මෙහි තිර රචකයන් වන ස්ටීව්
කූගන් සහ ජෙෆ් පෝප් සම්මාන දිනා ගත්හ.
හොඳම විදෙස් චිත්‍රපටය ලෙසින් The
Great Beauty සම්මාන දිනා ගත් අතර හොඳම වාර්තා චිත්‍රපටය ලෙසින් The Act
of Killing සම්මාන දිනා ගත්තේය. එහි
නිර්මාණකරැවා ජෝශුවා ඕපෙන්හෙයිමර්ය. හොඳම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා
ගත්තේ Frozen චිත්‍රපටයයි.
මෙහිදී හොඳම සිනමා කැමරාකරණයට හිමි සම්මානය Gravity චිත්‍රපටය දිනා ගත්තේය. ඒ එහි විශිෂ්ට සිනමා කැමරාකරණයක
නිරත වූ එම්මානුවෙල් ලුබෙස්කි විසිනි.හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි සම්මානය දිනා
ගත්තේ Rush චිත්‍රපටයයි.එහි
සංස්කරණ කටයුතු මෙහෙයවූයේ ඩැන් හාන්ලේ සහ මයික් හිල් විසිනි.
හොඳම නිෂ්පාදන කළමණාකරණය, හොඳම ඇඳුම් නිර්මාණය යන සම්මාන ද්විත්වයම හිමිකර
ගැනීමට ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ අමිතාබ් බච්චන් රඟන The Great Gatsby චිත්‍රපටය සමත් වූ අතර හොඳම වේෂ නිරෑපණය සහ කොණ්ඩා
මෝස්තර සම්මානය දිනා ගත්තේ American
Hustle චිත්‍රපටයයි.
හොඳම ශබ්ද සංයෝජනය මෙන්ම හොඳම පසුබිම් චිත්‍රපට සංගීතයට හිමි සම්මානයද Gravity චිත්‍රපටය දිනා ගත්
අතර හොඳම චිත්‍රපට සංගීතය සම්මානය දිනා ගත්තේ ස්ටීවන් ප්‍රයිස් විසිනි.
වසරේ නැගී එන චිත්‍රපට ශිල්පියා (නිෂ්පාදක/අධ්‍යක්ෂ/තිර රචක)
සම්මානය මෙවර දිනා ගත්තේ කෙයිරන්
එවන්ස්
(අධ්‍යක්ෂ/තිර රචක) විසිනි. ඒ “Kelly
+ Victor“ චිත්‍රපටය වෙනුවෙනි.
මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com
No comments:
Post a Comment