දැන් සිටින්නේ අසහනකාරී තරැණ පරම්පරාවක්
බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්
මාලන් විදානපතිරණ
වත්මන් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් මෙවර
ෆිල්ම්ෆෙයාර් සඟරාව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් බොලිවුඩ් සිනමාව ගැන
කතාබහක යෙදුණි.ඒ අනුව එහිදී බොලිවුඩයේ නොයෙකුත් අංශ ආවරණය කරමින් කතාබහ කෙරැණි. මේ
එම කතාබහේ සාරාංශයයි.
ඉන්දීය සිනමාවේ දැන් හිත රිදෙන දේවල් හුඟක් සිදුවෙනවා.ඊට බලපා තිබෙන්නේ
බටහිර සිනමාව.ඒ අපි බටහිර සිනමාවේ සිනමා සංකල්ප නිවැරදිව ග්‍රහණය කරගෙන තිබෙනවා.ඒ
අතින් අපේ නිර්මාණකරැවන් අති විශිෂ්ටයි. ඒ ගැන සතුටුයි.
ගීත - නැටුම් සංස්කෘතිය හොඳට තේරැම් අරන් තියෙනවා
අපේ සිනමා කෘති බොහෝ දුරට මුඛ්‍ය ධාරාවට හෝ ඉන් ඉවත් වන නිර්මාණවලට පමණක්
සීමාවෙනවා.ඒත් අපි මුල් කාලේදී බටහිර සිනමාව හොඳින් අධ්‍යයනය කළේ නැහැ. අපේ
නිර්මාණවල ප්‍රහසනවලට වඩා යමක් තිබුණේ නැත්තේ ඒ නිසයි. ජීවිතය ගැන යමක් තිබුණේ
නැත්තේ ඒ නිසයි.අපේ නිර්මාණකරැවන් එතෙක් ගීත සහ නැටුම් චිත්‍රපටයට සම්බන්ධ කළ යුතු
රටාවත් හරිහැටි සොයාගෙන හිටියේ නැහැ.ඒත් වත්මන් නිර්මාණකරැවන් එය හොඳින් තේරැම්
අරන් තියෙනවා.ඒ ගැන සතුටුයි.විශේෂයෙන්ම සංස්කෘතික හේතූන් මත අපිට වෙනස් කරන්න
බැරිවුණ මේ බාල සංස්කෘතිය, අලුත් සංස්කෘතිය විසින් වෙනස්කිරීම සුබ ලකුණක්.එය අපිට
ඉදිරියට යන්නත් විශාල ශක්තියක්.
තාක්ෂණිකව ඉදිරියට ඇවිත්
මගේ මතකය හැටියට මා රඟපෑ “සාත් හින්දුස්ථානි* චිත්‍රපටයෙන්,අපේ සිනමාව
වෙනස්කමකට භාජනය වුණා.ඒ තාක්ෂණයේ දියුණුව මීට බලපෑ නිසයි.ඒ අනුව නිර්මාණකරැවන්ගේ
අසීමිත ප්‍රකාශන, සිනමා කෘතියකට ගෙන ඒමේදී සීමා කළ යුතු බව ඔවුන්ට දැනුණා.කොටින්ම
කියතොත් නිර්මාණකරැවන්ට තාක්ෂණයට සමාන්තරව ගමන් කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම
ඡේදන ගණනාවක් වත්මන් සිනමා කෘතිවල දකින්නට ලැබෙනවා. ඒ අනුව වත්මන් චිත්‍රපටකරැවන්
ප්‍රේක්ෂකයාගේ අවධානය දිගින් දිගටම තබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒත් හැටේ දශකයේ
සිනමාවේදී මෙවැනි ඡේදන අවස්ථා ඉතා අඩුයි.
දැන් සිටින්නේ අසහනකාරී තරැණ පරම්පරාවක්
තාක්ෂණයෙන් ලැබෙන උපකාරයත් සමග අපිට හැමදේම ඉක්මනින් කරගන්න ඕනැවෙලා.
පරිගණකයක තියෙන පින්තූර පේන්නේ නැත්නම් දෙවරක් සිතා බලන්නේ නැතුව පරිගණකය මාරැ
කිරීමට තරම් අද පරම්පරාව ඉක්මන් වෙලා තියෙන්නේ මේ නිසයි.ඒ නිසා අද සිටින්නේ
නොඉවසිලිමත්,අසහනකාරී පරම්පරාවක්. අපිට ඕනැවෙන්නේ නැත්නම් ඒවා ප්‍රතික්ෂේප
කරන,හැමදේම ඉක්මනින් සිදුකරන්න උත්සාහ කරන ,හැමදේස ඉක්මනින් සිදුවෙනවා දකින්න තමයි
ඔවුන් කැමැති.මේ තත්ත්වය දැන් රෑපවාහිනි මාධ්‍යයටත් උදාවෙලා.ඒත් අපි විශාල රටක්.
අපිට රෑපවාහිනි නාලිකා 800ක් පමණ තියෙනවා.අනික වත්මන් තරැණයන් කියන්න ඕනැ දේ
කියාගෙන කියාගෙන යනවා. ඔවුන් හරිම ගුප්තයි කියලා මට හිතෙනවා.ඒත් අපිට යමක්
පැහැදිලි කරන්න ඕනැ නම් ඊට වාක්‍ය දහයක් හොඳටම ඇති. අනික දැන් දෘශ්‍ය මාධ්‍යයත්
ඉතා ප්‍රබලයි.
අපේ කාලේ අපි වැඩි අවධානයක් යොමු කළේ මේ චිත්‍රපටය කොතරම් කාලයක් ධාවනය
වෙනවාද යන්න ගැනයි.ඒ අනුව අපේ චිත්‍රපට සති 25 – 100ක් පුරා සිනමාහල්වල ධාවනය
වුණා.ඒකයි අපි ජයග්‍රහණය විදිහට සැළකුවේ. ඒත් අද එම ප්‍රවණාතාවය වෙනස් වෙලා.පළමු
දිනදී,ආරම්භක සතියේදී ඉපයූ ආදායම වශයෙන් චිත්‍රපටයේ සාර්ථකත්වයට අලුත් මිණුම්
දණ්ඩක් පැමිණ තිබෙන්නේ මේ නිසයි.
තරැණ අධ්‍යක්ෂවරැන් අතිවිශිෂ්ටයි
අපිට විශිෂ්ට අධ්‍යක්ෂවරැ හිටියා. ඔවුන් සමග වැඩකරන්නත් අපිට අවස්ථාව
හිමිවුණා.ඒත් වත්මන් සිනමා අධ්‍යක්ෂවරැන් සහ එදා සිටි විශිෂ්ටයන් එකම තරාදියක
දෙපැත්තේ තැබීම සුදුසු දෙයක් නෙමෙයි.ඒත් තරැණ අධ්‍යක්ෂවරැන්ගේ නිර්මාණ
අතිවිශිෂ්ටයි.විශේෂයෙන්ම අනුරාග් කාශ්‍යප්,ටිග්මන්ෂු ධූලියා,අනුරාග් බාසු ආදී තරැණ
අධ්‍යක්ෂවරැන් ප්‍රශංසනීය මෙහෙවරක් ඉෂ්ට කරනවා.ඒක සුබ ලකුණක්.
ලෝකයත් සමග සම්බන්ධ වීමට චිත්‍රපට උලෙළවල් ඉතා වැදගත්
චිත්‍රපට උලෙළවල් නියෝජනය කිරීමත් සමග අධ්‍යක්ෂවරැන්ට,නළුවන්ට ලෝකය විවෘත
වුණා.ඒ වගේම ප්‍රචාරණ කටයුතුවලදීත් ජනතාව අතරට යාමට ශිල්පීන්ට හැකිවෙලා තිබෙනවා.
වෙනත් රටවල රසිකයන් ආමන්ත්‍රණය කිරීමටත් හැකිවෙලා තිබෙනවා. මට මතකයි 2003 වසරේදි මරකෙක්වලදී මරකෙක් චිත්‍රපට
සම්මාන උළෙල සංවිධානය කළ මොහොත.එහිදී මට මගේ පැරුණි මිතුරන් රාශියක් හමුවුණා.ඒ
වගේම මට ලෝ පුරා රසිකයන් කොතරම් සිටියාද යන්නත් එහිදී ඔප්පු වුණා.ඒක මට ආඩම්බර විය
හැකි කරැණක්.
No comments:
Post a Comment