Saturday, July 13, 2013

බාප්පොච්චි

2011/11/08

 මාලන් විදානපතිරණ 

    හිරැ උදාවුව ද එය වෙනදා මෙන් සිය ආඩම්බරය නො පෙන්වූයේය. එහෙත් වෙනදා මෙන්ම උදා වූ ඒ හිරැ මට ඉතා වැදගත් දවසක් ගෙන ආවේය. එදා උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණෙන දිනයයි. කුමන ප‍්‍රතිඵලයක් පැමිණිය ද එයට නොපැකිළව මුහුණු දෙමියි යන අදිටනින් පාසැල වෙත පිය නැගූ මා පැසැලට ඇතුළු වත්ම පිරිසක් විසින් මා වටලන්නට විය. ඒ මාගේ යහළු යෙහෙළියන් කැළයි. ඔවුන්ගේ අපරිමිත ප‍්‍රශංසායි. ඔවුන් අතරින් ඉතා අපහසුවෙන් රිංගා ප‍්‍රතිඵල ලේඛනය කරා පිය නැගූ මා හට එය දැන්වූයේ පාසැලේ ඉහළම ප‍්‍රතිඵලයට හිමිකම් කියන්නේ මා බවයි. ඒ අනුව මා හට ගණකාධිකරණ විෂය ධාරාවෙන් කොළඹ පිහිටි විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිණ. මා තෝරා ගත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ප‍්‍රතිඵල දුටු මොහොතේ සිත තුළ කඳුළ මුසු සතුටක් ඇතිවූයේ නියර මතින් දුව පනිමින්, ගමේ කොල්ලෝ කුරැට්ටෝ හා එක්ව ගමේ කෙල්ලන්ට විහිළු තහළු කරමින්, ගෙවූ ජීවිතයට සමු දෙමින්, වැඩිදුර අධ්‍යාපනය තකා ගම හැරදා කොළඹ යා යුතු නිසාවෙනි.

    මා වරකට දෙවරකට වඩා කොළඹ ගොස් නැත. මේ නිසා මා තුළ කොළඹ පිළිබඳ අනියත බියක් ද ගොඩනැගෙමින් තිබිණ. මා පාසැල් සමයේ කොළඹ ගියේ අප්පච්චි සමගය. තවමත් විවාහ වී නොමැති පොඩි කාලයේදී ම ගමෙන් පැන ගිය ඔහුගේ මල්ලී බැලීමටය. අප්පච්චිගේ මල්ලී දක්ෂ ව්‍යාපාරිකයෙකි. කොළඹ අවට පවතින රත්තරන් වෙළඳසල් කිහිපයකම අයිතිකරැවා ඔහුය.

    විශ්ව විද්‍යාලය සඳහා වැඩිදුර අධ්‍යාපනය තකා යන්නේ නම් මා ජයගත යුතු තවත් අභියෝගයක් වූයේ එහිදි මාගේ වියදම් මටම බලාගන්නට සිදුවීමය. ඒ අප්පච්චි මීට දෙමසකට පෙර සිය රුකියාවෙන් විශ‍්‍රාම යාම නිසාය. අප්පච්චි, මා හට මාගේ වියදම් මා හටම බලාගන්නට යැයි නොපැවසුව ද නිවසේ පවතින ආර්ථික තත්ත්වය මත කටක් හැර ඔහුගෙන් මුදල් ඉල්ලා, තවදුරටත් ඉගෙනීමට මම අසමර්ථයෙක්මි.

    හෝරාවෙන්  හෝරාවෙන් ගෙවුණේ පුරට යන මාවත කෙමෙන් කෙමෙන් එළි පෙහෙළි කරමිනි. අවසානයේදී මම විශ්ව විද්‍යාලයට ඇතුළු වූයෙමි. අමුතුම තාලයේ සමාජ සංස්කෘතියකට ඇතුළු වූවා සේ දැනුනු ඒ ස්ථානයේ සිටි බොහොමයක් දෙනා මා වැනි ගම්බද සිසුහුය. ඔව්හු ද සිය විය පැහැදම් කොළඹ අවට සුළු සුළු රුකියා කරමින් පිරිමසාගන්තෝ වුහ. ඒ අතර මා සමග නායකත්ව පුහුණුවේදී මිත‍්‍ර වූ අජිත් ද විය.

‘‘
මචං උඹලා කොහේද බං හැමදාම හවසට යන්නේ අඩෝ මටත් හොයලා දීපන්කෝ ඔය වගේ ජොබ් කට්ටක් ’’ මම දිනක් අජිත් මෙසේ රාතී‍්‍ර සුළු රුකියාවකට ගොස් යළි විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණි මොහොතේ ඇසුවෙමි.

‘‘
මාත් බොහොම අමාරැවෙන් බං මේ ජොබ් කට්ට හොයා ගත්තේ. අනික ඒ වගේ ජොබ් උඹලට හරියන්නේ නැහැ  ’’ අජිත්ගේ පිළිතුර විය

‘‘
එහෙම කියන්න එපා බං උඹලා අපි එකම බෝට්ටුවේ එවුන්නේ. එහෙම සවුත්තුව දාන්න එපා’’

‘‘
බලමු බලමු ’’

    ඔහු එසේ කිවා මිස දින ගණනාවක් යන තුරැ ඒ පිළිබඳව වචනයකුදු නොහෙළුවේය. එහෙත් ඔහු පිළිබඳ බලාපොරොත්තු නොතැබූ, ඒ පිළිබඳ නොතැකූ මා සුළු රුකියාවක් හෝ ලබා ගනිමියි සිතා කොළඹ බඩ නොගෑ ස්ථානයක් නොමැති තරම්ය. එහෙත් මාගේ වෑයම වක්කඩේ හකුරැ හැංගුවා වැනි විය.

    අකමැත්තෙන් වුව ද පළමු අවුරැද්ද පියා විසින් දුන් මුදල්වලින් පවත්වාගෙන ගිය මට නත්තල් දිනයට පෙරදා නම් වාසනාවන්ත දිනයක් විය ඒ මාගේ තවත් සමීපතම මිතුරකු වන සම්පත් සුබදායක පණිවිඩයක් රුගෙන පැමිණිමයි. 

‘‘
මචං උඹ ජොබ් එකක් හොයා හොයා හිටියා නේද ? ’’

‘‘
ඔව් ඔව් මචං ඇයි තියෙනවාද ? කොහේද තියෙන්නේ ? කීයටද ? මොන වගේ එකක්ද ? ’’ 

‘‘
පොඩ්ඩක් හිටපන්කෝ දඟලන්නේ නැතිව කියනකං’’

‘‘
හරි ඉතින් කියපන්කෝ තටමන්නේ නැතිව’’

‘‘
පොට් එකනං මේ ළඟ’’

‘‘
කොහේද ඉතින් කියහන්කෝ කොහේ උනාම මොකද බං මේ වෙලාවේ හැටියට අපායේ තියෙනවා කිව්වත්  එතෙන්ට යන සයිස් එකෙයි මං ඉන්නේ ’’   

‘‘
අපායේ නම් නෙමේ බං. මේ ළඟ. එහෙනං මං සෙට් කරලා දෙන්නං. උඹ කැමතියි නේ ?’’

‘‘ එකෙන්ම. ඒත් මේ මොනවද එතැන කරන්න තියෙන්නේ කිව්වේ නෑනේ?’’

‘‘
“ඒක මං යනකොට කියන්නම්කෝ ’’

‘‘
හා හා ’’

    මම හා හාකී නමුදු මෙය කිනම් සේවයක් ඉටු කළ යුතු රුකියාවක්දැයි දැන නොසිටියෙමි. අර්ථ විරහිතව තුෂ්නිම්භූතව සවස දේශනයට සවන් දුන්නේ රාත‍්‍රී හතට පමණ ඔහු මා කැඳවාගෙන යාමට පැමිණෙන බව දැන්වූ බැවිනි.

    රාතී‍්‍ර හතට පැමිණෙන බව පැවසූ ඔහු හයයි හතළිස් පහ වන විටම මා සොයා පැමිණයේ මා සූදානම්දැයි පරීක්ෂා කිරිමටය. එහෙත් මා හයයි තිහ වන විටම සියලූ වැඩපළ අහවර කර තිබුණු බැවින් සිත තුළ කරණම් ගැසුවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අභියෝග නොව රුකියා ස්ථානයේදී කුමන අභියෝගයන්ට මුහුණ දිමට සිදුවන්නේ ද යන්න නොදන්නාකම නිසාය

‘‘
මචං මම උඹට ඊයේ කිව්වේ හතට ලෑස්ති වෙලා ඉන්න කියලා නේද ? අනේ මචං සොරි මචං එදා හදිස්සියට වෙලාව වැරදුණා. මොකද හතට තමා වෑන් එක එන්නේ.’’

‘‘
එල එල ඒකේ කේස් එක්ක නෑ බං. මං වැඩ ටික අහවරයක් කරගෙන උඹ එනකල් තමා මේ බලා උන්නේ ’’

‘‘
මචං හැමදාම අපිව එක්කගෙන යන්න ඔය වෑන් එක එනවා. අපි කිව්වේ තව කොල්ලො සෙට් එකක්ම ඉන්නවා කැම්පස් එකේ අපිත් එක්කම යන. උඹට බයවෙන්න දෙයක් නෑ එතනදී.  අන්න වෑන් එක ආවා වරෙන් යං. මං වැඩේ ගානට ලොක්කට කියලා සෙට් කරන්නං. උඹ එතනදී හ්ම් නොකියා හිටපනං හොඳේ’’

‘‘
හරි හරි බං. මං එල කිරට වැඬේ කරන්නම්කෝ වැඬේ වෙනවා නම්’’

‘‘
එල කොල්ලෝ වරෙන් එහෙනම් අපි යං’’

    වෑන් රිය නතර කළේ ප‍්‍රසිද්ධ ස්ථානයක් ඉදිරිපිටය එය කුමක්දැයි මා දැන සිටියේ නැත. එය අඳු වැටීගෙන එන ගොම්මන් යාමය බැවින් එම ස්ථානය හරිහැටි හඳුනාගැනීමට නොහැකි වූ මට හරිහැටි පෙනුණේ නාම පුවරැවේ සමාජයයන්න පමණකි.
    ඒ සඳහා පැමිණියේ අතෙහි රන් මුදු දෙක තුන පැළඳ ගත් ලක්ෂ ගණනක් වටිනා මාල පැළඳගත් මහා ධනවතුන්ය. එහෙත් විශ‍්‍රාම සුවයෙන් පසුවන වයසේ උදවිය ද ඉඳ හිට මෙතැනට නොපැමිණියා ම නොවේ.

    මට පැවරී තිබුණේ එම පාරිභෝගිකයන් පිළීගැනීමේ කවුළුවයි. බැලූ බැල්මට භාරදූර කාර්යයක් නොවූ එම කාර්යය සතුටින් බාරගත් මා ඉතා  ඕනෑකමින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගනිමින් හැකි උපරිම අයුරින් එම සේවය ඉටු කළේය. මා හට පැවරී තිබුණේ පැමිණෙන පාරිභෝගිකයන් පිළිගෙන, ඔවුන් මා වැනි ගම්බද ප‍්‍රදේශවලින් පැමිණි යෞවනයේ පසුවන සුරෑපී ලලනාවන් වෙත යොමු කිරිමයි. එයින් ඔබ්බට එම ස්ථානයේ සිදුවන කි‍්‍රයාවලිය මා දැන සිටියේ නැත.

    එහෙත් මිතුරන් එම ස්ථානය පිළිබඳ නේවාසිකාගාරයේදී ඉතා සෙමින් රහස් බස් පවසන ස්වරයෙන් නිතර නිතර මට ද ඒ පිළිබඳව සැක සංකා ඇති නොවුණා ම නොවේ. එහෙත්  පිළිගැනීමේ නිලධාරී වැනි තනතුරක්  හිමි වූ බැවින් එවන් වැරැුදි දෙයක් ඇතුළත සිදුවුව ද තමන් එවැන්නකට හසු නොවන බැවින් එවැනි සිතුවිලි හටගත් ක්‍ෂණයෙන් ඒවා අමතක කළෙමි.මෙසේ මම මේ රුකියාව කිසිවකුගේ බාධාවකින් තොරව මාගේ සියලූ විය පැහැදම් ඉටුකර ගනිමින් අවසන් වසරේ මුල් කාර්තුව වන තුරැ ඉදිරියටම පවත්වාගෙන ගියෙමි. 
 
’‘
පුතේ දැන් කොහොමද වැඩ කටයුතු ’’අම්මා නිවාඩුවට ගමට පැමිණී මොහොතක ඇසුවේය.

‘‘
හොඳයි අපෙ අම්මේ වැඩ ටික කෙරීගෙන යනවා ’’මම පිළිතුරැ දුනිමි.

‘‘
“තනියම ඇහැක්ය වැඩ ටික කරගන්න’’

‘‘
ඇහැකි විදිහට කරගෙන යනවා. අම්මලා ඒවා ගැන වද වෙන්න  ඕනෙ නෑ ’’

‘‘
එහෙමෙයි කියලා කොහොමෙයි අපිත් දැනගන්න එපායැ උඹලාගේ වගතුග ’’

‘‘
පොඩි ජොබ් කට්ටක් මට යාළුවෙක් හොයලා දුන්නා ඒකෙන් මට මගේ වැඩ ටික කර ගත්තැහැකි ’’

‘‘
දැන් මොකක්ද ඔය මහ පොඩි ජොබ් කට්ට ? ’’මෙතෙක් වේලා සියල්ල ම ඉතා සාවධානව අසා සිටි අප්පච්චි ඇසුවේය.

‘‘
පිළිගැනීමේ නිලධාරී’’

‘‘
ඒක හොඳා. ඒ කොහොම වුණත් උඹ පරිස්සෙමෙන් පුතේ ’’

‘‘
පුතා ට රත්නත‍්‍රයේ ම පිහිටයි ! ’’ මා අම්මාගේ පෙතුල නමඳින විට ඈ පැතුවාය.

    දිනෙන් දින ම මෙවැනි ස්ථාන පිළිබඳ නරක ආරංචි පැතිරැණ ද ඈතින් ඉතා වේගයෙන් දිව එන වෑන් රථයේ හඬ දැන් ළඟ ළඟම ඇසේ. ඒ වේලාව සවස හතට ආසන්න බැවිනි. සමගම වේගයෙන් දිවෙන සෙරෙප්පු අඩි ශබ්දය ද ළඟ ළඟම කණ වැකේ. එම අඩි ශබ්දය සමග මුසු වූ මා ද දඩි බිඩියේ වෑන් රථයට ගොඩ වූයේ පුරැද්දට මෙනි.

‘‘
අහෝ ! ඛේදයක මහත !

    මා අතින් අම්මා විසින් මා නිවසින් පිටව යන මොහොතේ මා කර බැඳි සුරය බිඳී ගියේ මා ද විස්මයකට පත් කරමිනි. එහෙත් මෙය එය යළි එකලස් කිරීමට කාලය නොවේ. එය පසෙකින් තැබූ මම මගේ රාජකාරිය වෙත දිව ගියෙමි.

    මුල් පාරිභොගියන් වෙනදා මෙන් ම සුපුරැදු අයවුලන් ම විය. දැන් රාතී‍්‍ර 9 පසු වී ඇත. තව නොබෝ වේලාවකින් මාගේ වැඩ කටයුතු අහවර වීමට නියමිතය. එහෙත් තවත් පාරිභොගිකයෙක් මා දෙසට පැමිණෙනු මා දුටුවෙමි. මා ඔහු පිළිගැනිමට ලක ලැහැස්ති වූයෙමි.

    අඳුර නිසා මේ කවුරැන්දැයි හරිහැටි නිශ්චය කර ගැනීමට නොහැකි වූ ඔහුගේ රැව පිළිබඳ මාගේ මතකයේ සටහන් වී ඇත්තේ ලා පැහැයෙනි. ඔහු නිතර පැමිණෙන පාරිභොගිකයෙක් නොවන බව මාගේ අනුමානය විය. තරමක් උසින් යුතු වූ ඔහු වයස අවුරැදු 55කට ආසන්න පුද්ගලයෙකු වෙතැයි වෘත්තිය පළපුරුද්ද අනුව මා හට නිගමනය කළ හැකි විය. දැන් දැන් මා හට ඔහුගේ රූපය ටිකෙන් ටික පැහැදිලි වේ.

‘‘
අහෝ ! ඔහු මාගේ අප්පච්චිගේ මල්ලී ද ? ඔහු මෙහි කුමකට පැමිණියේද ? ’’

   
    මාලන් විදානපතිරණ   
 




                                                                                           
     


No comments:

Post a Comment