Saturday, July 13, 2013

බොලිවුඩයේ විකට නළු කිරන් කේරි

අද - 2012/05/22



මාලන් විදානපතිරණ

චිත්‍රපට හාරසියයකට ආසන්න සංඛ්‍යාවකට සහභාගී විමට ඇත්නම් එය රංගන ශිල්පියෙකු ලබන භාග්‍යයකි. එවන් වාසනාවකට උරැමකම් කී ශිල්පියෙකු ලෙස බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන අනුපම් කේරී හැඳින්විය හැකිය. බොලිවුඩයේ සුපිරි නළු ෂාරැක් ඛාන් සමග මෙන් ම අමීර් ඛාන්, සල්මන් ඛාන්, අමිතාබ් බච්චන්,අභිෂේක් බච්චන්, මාධවන්, සහිඩ් කපූර් ආදී නළුවන් සමග ද බොලිවුඩයේ වත්මන් නිළි රුජින ලෙසින් සැළකෙන කාජල්, රාණි මුඛර්ජි, කරීනා කපූර්, ප්‍රීටි සින්ටා ආදී නිළියන් සමග ද කටයුතු කර ඇති අනුපම් වත්මන් ඉන්දීය රුඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ. එමෙන් ම ඉන්දීය නාට්‍ය අභ්‍යාස විද්‍යාලයේ හිටපු සභාපතිවරයකු වන ඔහු පිළිබඳ කෙරෙනා කෙටි විමසුමකි මේ.

1955 වසරේ මාර්තු මස හත්වැනිදා කාශ්මීරයේදී උපන් අනුපම් සිය දෙමාපියන් ඇතුළු පිරිස කෙටි කලකින් ම ෂිම්ලා නගරයේ පදිංචියට ආ බැවින් මූලික අධ්‍යාපනය හදාළේ ෂිම්ලාහි ඩී.ඒ.වී. විද්‍යාලයෙනි. හිමාචි ප්‍රදේශ් විශ්ව විද්‍යාලයේදී වේදිකා නාට්‍ය හරහා රංගනය ප්‍රගුණ කළ කේරී, සිය ප්‍රථම හින්දි චිත්‍රපටයට සහභාගී වන්නේ 1982 වසරේදීය. ඒ ආග්මන් චිත්‍රපටය හරහාය. ඉනික්බිති 1984දී සිය දෙවැනි චිත්‍රපටය ලෙස ඔහු රංගනයෙන් දායක වූයේ සාරාන්ශ් චිත්‍රපටයටයි. එහෙත් එහිදී ඔහු රඟපෑවේ එසේ මෙසේ චරිතයක් නම් නොවේ. විසි අට හැවිරිදි වියේ පසුවූ අතුරැදහන් වූ පුතෙකු සොයනා විශ්‍රාමලත් පියෙකුගේ චරිතයක් නිරෑපණය කළ ඔහු ඒ වෙනුවෙන් 1985 වසරේ පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට පවා සමත් වූයේ තම රංගන ප්‍රිතිභාව මොනවට ඔප්පු කරමිනි. එම සම්මාන උළෙලේදී සාරාන්ශ් චිත්‍රපටය වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණය සහ හොඳම කතාවට හිමි සම්මාන හිමිකර ගැනීමට සමත් වූ අතර මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී එහි අධ්‍යක්ෂ මහේෂ් බට් විසින් විශේෂ සම්මානයක් හිමිකර ගැනීමට ද සමත් විය.
ඉනික්බිති විවිධ රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවූ කේරී, එකල රසිකයන් අතර කේරි අන්කල් නමින් වඩාත් ප්‍රචලිත විය. යළිත් මතුවන්නේ 1986 නිකුත් වූ කර්මා චිත්‍රපටයෙනි. එහෙත් ඔහු එහිදී චරිත නිරෑපණය ත්‍රස්තවාදියෙකුගේ චරිතයකි.  

1989 වසරේදී තිරගත වූ ඩැඩී චිත්‍රපටය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි රසික විචාරක සම්මානයට හිමි සම්මානය දිනාගත් කේරී, අප කවුරැත් හඳුන්නන්නේ විශිෂ්ට ගණයේ විකට ශිල්පියෙකි. ලම්හේ, කේහ්ල්, ඩර්, රාම් ලඛන්, දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ යන හින්දි චිත්‍රපට වෙනුවෙන් පස්වරක් ම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම විකට නළුවාට හිමි සම්මාන හිමිකර ගත් ඔහු, 1942 Love Story චිත්‍රපටයේ කළ අති විශිෂ්ට චරිත නිරෑපණය වෙනුවෙන් ස්ටාර් ස්ක්‍රීන් සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට පවා සමත් වූයේය. එමෙන් ම එහිදී ඔහු ඉන්දියානු ජාතික චිත්‍රපට උළෙලේදී ඩැඩී චිත්‍රපටය වෙනුවෙන් 1990 වසරේදී ද මේන් ගාන්ධී කෝ නහින් මාරා චිත්‍රපටය වෙනුවෙන් 2006 වසරේදී ද විශේෂ ජූරියේ සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේය.

2005 වසරේ පැවැති කරච්චි චිත්‍රපට උළෙලේදී මෙන් ම රිවර්සයිඩ් චිත්‍රපට උළෙලේදී ද මේන් ගාන්ධි කෝ නහීන් මාරා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගත් ඔහු,  2000 වසරේදී දශකයේ නළුවා සම්මානය දිනා ගැනීමට මෙන් ම නළුවකු ලබන ඉහළතම සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහු‍ තුළ වූ විශිෂ්ට රංග ප්‍රතිභාව හේතුවෙනි.
ඔහු විසින් රඟපෑ චරිත අතරින් කේරි ජනප්‍රියත්වයට පත්වූයේ සුපිරි නළු ෂාරැක් ඛාන් රඟපෑ චිත්‍රපට වන අතර ඒ අතුරින් කුච් කුච් හෝතා හේ, ඩර්, දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ , චහාට් මොහොබ්බටීන් සහ වීර් - සාරා යන චිත්‍රපට කැපී පෙනේ.
මෙහිදී වීර් - සාරා චිත්‍රපටය පිළිබඳ යමක් සටහන් කළ යුතුමය. පාකිස්තානය නියෝජනය කරමින් නිකරැණේ සිරගත කළ ඉන්දු යුද සෙනෙවියා වැරුදිකරැ බවට සනාථ කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලෙස චරිත නිරෑපණය කළ කේරීගේ චරිතය ප්‍රේක්ෂකයාට අපූරැ පණිවිඩයක් ගෙන එයි. (චිත්‍රපට නිර්මාණයක් යනු සත්‍යයයේ සහ කල්පිතයන් ගෙන කරනා ප්‍රතිනිර්මාණයක් වුව ද ඒ තුළ ගත යුත්තක් ද ඇත.) එනම් සියල්ලට ම වඩා මනුෂ්‍යත්වය උතුම් බවයි. පාකිස්තානය - ඉන්දියාව කිනම් ආකාරයෙන් බෙදී ගිය ද, සියල්ලන්ම මනුෂ්‍යයන් බව ද, සියල්ලන්ට ම ඇත්තේ එකම හැඟීම් බව ද  පවසන මෙම චිත්‍රපටයේ කේරී‍ නිරෑපණය කරන චරිතය අවසානයේදී පවසනදෙයින් ප්‍රේක්ෂකයා මවිතයට පත්වේ. ඒ තමන් සිය වෘත්තියට සමුදෙන බව පැවසීම නිසයි. සිය සමකාලීන මිත්‍රයාගේ දියණිය හමුවේ පරාජයට පත් ඔහු, අවසන එම දියණියට ද සුබ පතන්නේ බොරැවෙන් තොර සමාජයක් ආරම්භ කිරීමට මග සලසාදෙමිනි.  

 එමෙන් ම 1942 Love Story චිත්‍රපටයේදීකේරී නිරෑපණය කළ බ්‍රිතාන්‍ය අධීරාජ්‍යවාදීන්ට විරැද්ධව සටන් වදින එඩිතර සටන්කාමියෙකුගේ චරිතය ඇගයීමට බඳුන් කළ යුතු චරිතයකි.
තමන් දක්ෂ රංගන ශිල්පියෙකු මෙන් ම දක්ෂ අධ්‍යක්ෂවරයකු බවද ඔප්පු කරමින් 2003 වසරේදී ඔම් ජේ ජගදිෂ් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අනුපම්, මේ වන විට හින්දි චිත්‍රපටවලට මෙන් ම වී.අයි.පී., ලිට්ල් ජෝන් ආදී දමිළ චිත්‍රපටවලට ද, ප්‍රජා, ප්‍රනායම් ආදී මලයාලම් චිත්‍රපටවලට ද,තේරා මේරා කී රිෂ්තා ආදී පන්ජාබ් චිත්‍රපටවලට ද, Bend It Like Beckham, You Will Meet a Tall Dark Stranger, Bride and Prejudice (2004), The Mistress of Spices (2006) Lust, Caution(චීන) ආදී ජාත්‍යන්තර සිනමාපටවලට පවා සිය රංගන දායකත්වය ලබා දී ඇත.
මේ වන විට Chaar Din Ki Chandni, Chashme Buddoor Remake, Midnight's Children යන චිත්‍රපටවල සහ යෂ් චොප්රාගේ නවතම සිනමාපටයක රෑගත කිරීම්වල සිටින අනුපම්, විවාහ වී සිටින්නේ ද ජනප්‍රිය නිළියක සමගය. ඇය නමින් කිරන කේරිය. ඔහුගේ සහෝදරයකු වන රාජු කේරි ද සහෝදරයකු වන අතර ඔහුගේ එකම පුතු වන සිකන්දර් සිං ද මේ වන විට රංගනයට අත්පොත් තබා තිබේ.


No comments:

Post a Comment