ක්‍රි.පූ. 525 ඇතැන්ස්හි උප නගරයක් වූ අට්ටිකාවේ එලෙව්ලිස් නම් ගම්මානයේදී උපත ලද ඊස්කිලස් ඉඩම් හිමි රදළ පවුලකින් පැවැත එන නාට්‍යකරැවෙකි. එව්ෆොරියන් ඔහුගේ පියා විය. ආගම දහමට ලැදි පවුල් පසුබිමකින් පැවත එන ඊස්කිලස් සිය නාට්යා හරහා ආගමික ශ්‍රද්ධාව, දේශාභිමානය ආදී තේමා මතු කිරීමට උත්සාහ දැරැවේය.
ග්‍රීක නාට්‍ය කලාවේ දෙවන නළුවා බිහිකිරීමේ ගෞරවය හිමිවන
ඊස්කිලස්ට පර්සියන්වරැ (The Persians) නාට්‍යය රචනා කිරීමත් සමගම ලොව ප්‍රථම වතාවට නාට්‍යයක් සඳහා සමකාලීන
සිදුවීමක් පදනම් කර ගැනීමේ ගෞරවය ද හිමිවේ. පර්සියන්වරැ නාට්‍යය ඔහු අතින්
ලියැවෙන්නේ එකල පර්සියාව සමග යුද වැදීමට ඔහු ගිය විටදී ලද අත්දැකීම් ඇසුරිනි. එනම්
ක්‍රි.පූ. 490දීය. ඒ එකල සෑම පිරිමියෙක්ම රට වෙනුවෙන් සංග්රාමවලට සහභාගී වීම
අනිවාර්යය කර තිබුණු නිසාවෙනි.
ඊස්කිලස්ට සිග්නේරෂ් සහ
ඇමේනියන්ස් නමින් සහෝදරයන් දෙදෙනකු වන අතර තමන්ගේ අඩිපාරේම ගමන් කිරීමට ලොල් වූ
යුරෝපිඔන් සහ යු ඕන් නම් දරැවන් දෙදෙනෙකු ද හිමි විය. සිය ජීවිත කාලය තුළදී නාට්‍ය
79ක් පමණ රචනා කර ඇති ඊස්කිලස්ගේ නිර්මාණවල බොහෝ විට දෙවියන් පිළිබඳ කතා පුවත්
අඩංගු විය. එවන් සුපතල නාට්‍ය නිර්මාණයක් ලෙස ප්‍රොමිතියුස් බන්ධනය සඳහන් කළ හැක.
ගින්දර නොමැති වීම නිසා දුක්
විඳ මියෙන මිනිසුන් දකින ප්‍රොමිතියුස්, මිනිසුන්ට ගින්දර ලබා දීම නිසා ඇති වන උණූසුම් තත්ත්වයක් මෙම නාට්‍ය හරහා
නිරෑපණය කරයි. ප්‍රොමිතියුස් නම් අඩක් දෙවි අඩක් මනුෂ්‍ය පුද්ගලයෙකු වටා ගෙතෙන මෙම
කතා පුවත මගින් දෙවියන්ගේ බලය පිළිබඳ ඉස්මතු කරන ඊස්කිලස් තවත් අතකින් සත්‍ය යට වන
ආකාරය ද ව්‍යංගයෙන් නිරෑපණය කරයි. එය පොමිතියුස් බන්ධනය නාට්‍යය මෙසේ නිරෑපණය වේ.
“‘අප මේ පය ගසා සිටින්නේ
ලෝකයේ ඉහළම ස්ථානයේය. සියුස් දෙවියන්ට එරෙහි වූ ප්‍රොමිතියුස් අද මෙතැන බැඳ දමා ඇත.’’
ඉනික්බිති ගිජු ලිහිණින් පැමිණ ඔහුගේ හදවත
ආහාරයට ගත් බව ද, එහෙත් ඒ සෑම
මොහොතක ම ඔහුගේ හදවත යහපත් බැවින් යළි යළිත් ලියැලූණු බව ද නිරෑපණය කරන ඊස්කිලස්, සියුස් දෙවියන් විසින් බැරිම තැන ප්‍රොමිතියුස් බැඳ ඇති
ගල දෙපළු කරන ලෙස අණ කළ බව ද අපූරැවට නිරෑපණය කරයි.
ඔහු අතින් ලියැවුණු ප්‍රකට ත්රෛරූපකයක් (තුන්
ඈදුතු නාට්‍ය ) ලෙස ඇගමෙන්මම්, කොයිෆොරෝයි, යූමනයිට්ස් නාට්‍යය දැක්විය හැකිය. මෙය ඔරිස්ට්රියා ත්‍රිකය නමින් ද හැඳින්වේ. ඒ මෙම කතා පුවත ඔරිස්ට්රියා නම් චරිතය වටා ගොඩ නැගී
ඇති බැවිනි. මෙය ලොව බිහිවූ ප්‍රථම ත්රෛරෑපක නාට්‍ය ලෙස ද සැලකේ. මේ අනුව ඔහු තුන් ඈඳුතු නාට්‍යයේ පියා ලෙසින් හැඳින්වූව
ද වරදක් නැත.
ලොව පළමුවරට සංවාද සහිතව රඟපෑම
සඳහා ඉඩහසර ලබාදුන් ඊස්කිලස්ගේ නිර්මාණ අතරින් අද වන විට ශේෂ වී ඇත්තේ නාට්‍ය නිර්මාණ 7ක් පමණෙකි. ඒවා නම් The
Suppliant Women, Seven Against Thibs, The Persians, Promithius Bound,
Agamenmum, The Libation Bearers, Eumenides ය.
ඊස්කිලස්ගේ මරණය හාස්‍යජනකය. රාජාලියෙක් ඉබ්බෙකු රුගෙන අහසින් යන විට බිම හිදින
ඊස්කිලස් දිටීය. රාජාලියා ඊස්කිලස්ගේ තට්ට හිස දුටුවේ කළු ගලක් ලෙසිනි. මේ නිසා
රාජාලියා ඉබ්බා ඔහුගේ තට්ට හිස මතට අතහැරියේය. කිර් ල.පූ. 456දී ඔහු මිය ගියේ
මෙසේය.
No comments:
Post a Comment