Friday, July 12, 2013

දෙමළ නාට්‍ය කලාව ගොඩනැගෙමින් පවතින කලාවක්

2010 රාජ්‍ය නාට්‍ය උළෙලේදී  දෙමළ අංශයේ හොඳම නළුවා 

අජන්තන් ශාන්තකුමාර්

(ලංකාදීප)-  2013/02/09 

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ


  

පසුගිය 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේදී  දෙමළ අංශයෙන් ඉදිරිපත් වූ නාට්‍ය අතර  හොඳම නළුවා ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ අජන්තන් ශාන්තකුමාර්ය. ඒ සෙක්කුව වේදිකා නාට්‍යයේ දෙමළ නිෂ්පාදනය වූ සෙක්කු වෙනුවෙනි. සෙක්කු දෙමළ අංශයෙන් වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් නාට්‍යය ද වේ. එය රොනිකා චාමලී සහ ත්‍යාගාරාජා සිවනේසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. දෙමළ පරිවර්තනය රාසයියා ලෝහනන්දන්ගෙනි. ඔවුහු ජනකරළිය ජංගම නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ වෙතිග අසූව දශකයේදී මුල්වරට වේදිකා ගත වූ සෙක්කුව (සිංහල) නාට්‍යය සංස්කෘත නාට්‍යයක් ඇසුරැ කොටගෙන පරාක‍්‍රම නිරිඇල්ල විසින් කළ නිෂ්පාදනයකි.

මේ තිස් දෙ හැවිරිදි වියේ පසුවන අජන්තන් ශාන්තකුමාර් සමග කළ පිළිසඳරක සටහනකි    



‘‘
මම උඩරට බොගවන්තලාව කියන වතුකර ප‍්‍රදේශයක උපන් කෙනෙක්. ඉතින් මට කොළඹ ජිවිතය ලොකු අත්දැකීමක් වුණා. මගේ තාත්තා මුරැගේසු අජන්තන් ශාන්තකුමාර්. අම්මා ජේගදම්බාල්. මම ඉගෙන ගත්තේ බොගවන්තලාව හොලි රොසරි පාසලෙන්. පුංචි කාලේ ඉඳලම මම නාට්‍යවලට තමයි ආසා කළේ. ඒත් මම පුංචි කාලේදි නම් වේදිකාවට අඩිය තියන්න පවා බය ළමයෙක්. ඉතින් මම නාට්‍ය හා රංග කලාව උසස් පෙළට තෝරගත්තේ මේ නාට්‍ය කලාවට තියෙන ආසාව නිසාමයි. ගමම කි‍්‍රස්ටි නේසකුමර් මහතාව මගේ පළමුවැනි වැනි නාට්‍ය ගුරැවරයා හැටියට මේ අවස්ථාවේදි ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න  ඕනෑ. පාසලේ තිබ්බ විවිධ නාට්‍ය තරගවලට මම ඉතා  ඕනෑකමින් තමයි සහභාගී වුණේ. ඒ කාලේ හොඳම නළුවා හොඳම නිළිය කියලා තෑගි දුන්නේ නෑ. හොඳම නාට්‍යයට තමයි තෑගි දුන්නේ. ඒ තරගවලින් එක් තරගයක් ගැන විශේෂයෙන් සඳහන් කරන්න  ඕනෑ. අපි ඒ නාට්‍යය කාමන් කුත්තු කියන නාට්‍ය සම්ප‍්‍රදාය ඇසුරින් තමයි නිර්මාණය කළේ.

‘‘අපේ ගමේ වැඩිය නාට්‍ය නිෂ්පාදනය වුණේ නෑ. ඒත් මං නිෂ්පාදනය වෙච්ච සැම නාට්‍යයකටම වගේ පුළුවන් විදිහට සහභාගී වුණා. උසස් පෙළ ඉවර කරලා ඉන්න අතරේදී තමයි. මම පත්තරේ දැන්වීමක් දැකලා ඒකට අයදුම් කරලා ජනකරළියට සම්බන්ධ වුණේ* අජන්තන්  පැවසුවේය

    කුත්තු යන්න දෙමළ නාට්‍ය කලාවේ නටනවා, රඟනවා වැනි අරුතක් ලබා දේ. ඒ අනුව කුත්තු වර්ග කීපයකි. කාමන් කුත්තු, නාට්ටු කුත්තු, මකිඩි කුත්තු,කාන්තවරායන් කුත්තු ඒ අතරින් විශේෂය. කුත්තු ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූවකි. මේ අතරින් කාමන් කුත්තු උඩරට ප‍්‍රදේශවලට ආවේණික සම්ප‍්‍රදායයි.

     අජන්තන් චරන්දාස්, මැටි කරත්තය, සෙක්කුව (සිංහල) වැනි ජනකරළිය ඔස්සේ වේදිකා ගත වූ සිංහල නාට්‍යවලට ද රංගනයෙන් දායක විය. එහිදී ඔහුට 2006 රාජ්‍ය නාට්‍ය උළෙලේදී චරන්දාස් (සිංහල) වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය ද හිමි විය.

සෙක්කුව දෙමළ නිෂ්පාදනයේ ඔබ රඟපෑ රාළගේ චරිතය ගැන කිව්වොත් ?
මතුපිටින් නොපෙනුණත්  දුක් විඳින මිනිසුන් පිළිබඳ දේශපාලන විවරණයක් තමයි මේ චරිතය හරහා කෙරෙන්නේ.  පැඟිරා, කිරි පුස්සා චරිත මගින් එය හොඳින් සිදුවෙනවා. මෙයින් කොයිතරම් සෙක්කුව වටේ ගියත් රාළට සහනයක් නැති බව ඉතා ගැඹුරැ විදිහට  කියවෙනවා. මෙය සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මේ කවුරැ වුවත් මුහුණ දෙන ප‍්‍රශ්නයක්. මේ නාට්‍යයට මාව තෝරා ගන්නා විට මම කොහේදීවත් නැටුම් ඉගෙනගෙන තිබුණේ නෑ. ඒ වගේම කොහේදිවත් සිංහල තාල පදවලට නටන්න ඉගෙනගෙන තිබුණේ නෑ. ඉතින් මට ආචාර්ය ලයනල් බෙන්තරගේ සර්ගෙන් සෙක්කු නාට්‍යයේ නැටුම් පුරැදු වීම විශාල අභියෝගයක් වුණා. මම ඒ නිසා ම ඒ නැටුම් තනියෙන් පුරැදු පුහුණු වන විට ඒ තාල පද මට පහසු වෙන විදිහට ඒ රිද්මයට මගේ වචන දාලයි පුහුණු වුණේ. එහිදී නිරිඇල්ල සර් මට දක්වපු සහයෝගයත් වැදගත්. සෙක්කුව මුලින්ම නිෂ්පාදනය වුණේ සිංහලෙන්. මේ නිසා ඒ නිර්මාණයේ රාළගේ චරිතයට හානියක් නොවෙන විදිහට ඒ චරිතය නිරෑපණය කිරීමත් ලෙහෙසි කටයුත්තක් වුණේ නෑ. විශේෂයෙන් නවක ශිල්පියෙක් හැටියට.

මං හිතන්නේ දෙමළ නාට්‍ය කලාව ගොඩනැගෙමින් පවතින කලාවක්. මේකට ගොඩක් කාලය  ඕනෑ වේවි. මොකද ශී‍්‍ර ලංකාවේ තිබෙන්නේ සිංහල මූලික කර ගත් නාට්‍ය කලාවක්. මේ හින්දා දෙමළ නාට්‍ය කලාවට මෙහි වැඩි ඉඩක් නැහැ. ඉඩක් දෙන්නේ නැහැයි කියලා මං කියන්නේ නැහැ. ඒත් දෙමළ නාට්‍යකරැවාට රැඳීමට තිබෙන ඉඩ අඩුයි. පසුගිය කාලේ පැවති යුද්ධය නිසා සිංහල මිනිස්සුයි දමිළ මිනිස්සුයි අතර කාලාන්තරයක් තිස්සේ පැවති හොඳ හිත නැතුව ගියා. මෙය නාට්‍ය කලාවටත් බලපෑවා. මේ නිසා ඒ කාලේ හිටපු දෙමළ නාට්‍යකරැවන් හෝ ඔවුන්ගේ පුරැක් හෝ  අද හොයා ගන්නවත් නැති තරම්. අද ගණන් කරන්න පුළුවන් පොඩි ගාණකිනුයි. ලංකාවේ දෙමළ නාට්‍යකරැවන් ඉන්නේ. ඒත් ඔවුන්ගෙන් ඉදිරියට එන දෙමළ නාට්‍යකරැවන් ප‍්‍රමාණය ගත්තොත් එය තවත් අඩුයි. මොකද සමහරැ වෙනත් දේ සඳහා ඔවුන්ව පාවිච්චි කරලා. අපිට මැටි කරත්තය නාට්‍යයට දක්ෂ ලස්සන තරැණියන් එන්න අදි මදි කළේ නෑ. ඒත් දෙමළ නිෂ්පාදනයට තරැණියන් එන්න අදි මදි කළා. ඒ නිසා අපිට ඒ නාට්‍යයේ දෙමළ නිෂ්පාදනය තවම හරිහැටි කර ගන්න ලැබී නැහැ.
‘‘ 
ඉස්සර නාට්‍ය කලාව සිංහල-දෙමළ කියලා බෙදිලා තිබ්බේ නෑ. ඒකෙන් මං අදහස් කරන්නේ නෑ සිංහල නාට්‍යකරැවෝ දෙමළ නාට්‍ය කරන්න  ඕනෑ නැත්නම් දෙමළ නාට්‍යකරැවෝ සිංහල නාට්‍ය කරන්න  ඕනෙය කියලා. මම කියන්නේ හැමෝම එකම පැත්තට යන්නේ නැතිව ටිකක් වෙනස් පැතිවලට යන්න  ඕනෙයි කියලයි. එච් ඒ පෙරේරා සර් කියන විදිහට ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවයක් තියෙන නාට්‍ය කලාවක් බිහිවෙන්නේ සිංහල නළුවෙක් දෙමළ නාට්‍යයකත් දෙමළ නළුවෙක් සිංහල නාට්‍යයකත් ප‍්‍රධාන චරිතයක් නිරූපණය කළ දවසකටයි. විශේෂයෙන්ම පසුගියදා අපි සෙක්කුව නාට්‍යය ඇතුළුව තවත් දෙමළ නාට්‍ය තුනක් ටවර් හෝල් රඟහලේ දී එච්.ඒ. පෙරේරා සර්ගේ පළමුවැනි ගුණ සමරැව මතක් කරලා සෙනෙහසේ අස්වැන්න නමින් පරාක‍්‍රම නිරිඇල්ල සර්ගේ මූලිකත්වයෙන් නොමිලේ වේදිකාගත කළේ මේ කියන භේදය පොඞ්ඩක් හරි අඩු කරන්න හිතාගෙනයි. ’’ වර්තමාන ලාංකීය දෙමළ නාට්‍ය කලාව පිළිබඳ අප ඇසූ විට ඔහු  පැවසුවේය.

සිංහල-දෙමළ භාෂා ගැටලූව විසඳීමට නාට්‍ය කලාවෙන් මොනවගේ සේවාවක් ද ඉෂ්ට විය යුත්තේ ?

ලංකාවේ අද සිංහල-දෙමළ භාෂා ප‍්‍රශ්නයක් තියෙනවා කියන කතාව මට පිළිගන්න අමාරැයි. කොහොම වෙතත් ආයේ දෙමළ නාට්‍ය ගොඩනංවන්න අපි සංස්කෘතික අමාත්‍යාංශය හරහා දෙමළ තරැණ තරැණියන් අතරට ගිහින් ඔවුන්ට නාට්‍ය පිළිබඳ මූලික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එහිදී අපි විශේෂයෙන් ඔවුන්ට ප‍්‍රායෝගික වැඩමුළු ආදිය මගින් නාට්‍ය පිළිබඳ පසුබිම සකස් කර දිය යුතුයි. එතැනින් අපිට නාට්‍ය කණ්ඩායමක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මම කිව යුතුයි රෑපවාහිනියේ විවිධ දෙමළ නාලිකා මගින් ශී‍්‍ර ලංකාවේ දෙමළ කලාකරැවාටවත් දෙමළ පේ‍්‍රක්ෂකයාටවත් වෙන සෙතක් නැති බව. මොකද ඒ ගොල්ලෝ කරන්නේ ඉන්දියාවේ පෙන්නන විවිධ වැඩසටහන්, ටෙලිනාට්‍ය ආනයනය කරලා මෙහේ පෙන්වීම විතරක් කරන නිසා. එය දැන් සිංහල ටෙලිනාට්‍යවල තියෙන නතර කරන්න බැරි  මෙගා රුල්ලට සමානයිග ඉතින් ඒ වගේ නාලිකා මගින් ශ්‍රී ලංකාවේ දක්ෂ තරැණ දෙමළ තරැණ තරැණියන්ට තියා දරැවන්ටවත් තමන්ගේ දක්ෂතා මතු කර ගන්න අවස්ථාවක් තියෙයි ද?.

අද තරැණ පිරිස කෙටි නාට්‍ය නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා නේද?

ඔව්. ඒ ඔවුන්ට ඇති පහසුව හින්දම නෙමේ. ඔවුන් අති දක්ෂ අයුරින් ඉතා අඩු කාලයක් තුළදී පොඩි දේවල් අරගෙන ඉතා විශාල දෙයක් කරනවා. තරැණ කියන වචනයේ තේරැමෙන්ම ඔවුන්ගේ කෙටි නාට්‍ය තරැණ බව කියන්න  ඕනෑ. ඉතින් කාලයත් සමග ඔවුන්ගෙන් තුන් හතරදෙනෙක් හරි  දිගු නාට්‍ය කලාවට සම්බන්ධ වේවි. මං හිතන විදිහට ඊළඟ වසර දහය ඇතුළත ශී‍්‍ර ලංකාවේ නාට්‍ය කලාව ඉතා ඉහළ තත්ත්වයකට එයි. එය හැටේ ගණන්වල මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය විද්‍යානන්දන්ල කනපතිපිල්ලේ වගේ දෙමළ නාට්‍යකරැවන්ට කළ බලපෑම තරම් දෙමළ නාට්‍යකරැවන්ටත් බලපෑමක් කරයි.

අද අලූත් නාට්‍යකරැවන්ගෙන් ගොඩක් අයට තියෙන්නේ තමන්ගේ නාට්‍ය පෙන්නගන්න තරම් සල්ලි නැති ප‍්‍රශ්නේ ග ඒකට මට පුංචි යෝජනාවක් කරන්න පුළුවන් ගසාමාන්‍යයෙන් නාට්‍යයක් පැයක් දෙකක් නැත්නම් තුනක් වෙයි. ඉතින් මේ වෙලාවට අපිට බැරිද කෙටි නාට්‍ය තුනක් හෝ හතරක් පෙන්වන්නග ලංකාවේ හොඳ නාට්‍ය සංවිධායකවරැ නිෂ්පාදන කළමනාකරැවෝ ඉන්න නිසා මෙය තවත් පහසු වෙයි. අපි නාට්‍ය කීපයක් පෙන්වන්න ඉන්දියාවේ ගිය වෙලේ තමයි මේ ක‍්‍රමය දැක්කේ. මේ ක‍්‍රමය හරියට වුණොත් ඒක දක්ෂ දෙමළ නාට්‍යකරුවන්ටත් හොඳ අවස්ථාවක් වෙයි. දැනටත් මේක ලංකාවේ එක එක තැන්වල පොඩියට වෙනවා. මේවට වියදම් කරන්න කවුරැවත් නැහැයි කියන කතාව නම් බොරැවක්. මොකද වියදම් කරන්න කට්ටිය ඉන්නවා හැබැයි හොයන්න  ඕනේ.‘‘ අජන්තන් අද නව වේදිකා නාට්‍ය නිර්මාණ දිගු කාලයක් නොරුඳීම පිළිබඳ පැවසුවේ එවැන්නකි.



No comments:

Post a Comment