Wednesday, October 23, 2013

බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය "Roar"


බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය 
 "Roar"


මාලන් විදානපතිරණ
අද පුවත්පත
2013/09/10



මේ දිනවල බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය බවට පත් වී ඇත්තේ කැතී පෙරීගේ "Roar" ගීතයයි.ජනප්‍රිය ඇමෙරිකානු ගායිකාවක වන ඇය මෙම ගීතය ගායනා කළේ ඇගේ මීළඟ ගීත ඇල්බමය වන Prism (2013) වෙනුවෙනි. ඔක්තෝබර් මස 22 වැනිදා නිකුත් වීමට නියමිත මෙය ඇගේ සිව්වන ගීත ඇල්බමයයි.පෙරී සමග Lukasz "Dr. Luke" Gottwald, Max Martin, Bonnie McKee සහ Henry "Cirkut" Walter ගීතයේ පිටුපස සිට දායකත්වය ලබා දී ඇති අතර මෙම "Roar" සැළකෙන්නේ මධ්‍ය ලයෙන් ගායනා කරන ලද පොප් ගීතයක් ලෙසිනි. (midtempo power pop song).

පසුගිය අගෝස්තු මස 10 වැනිදා ගුවන්විදුලි නාලිකාවලට ලබා දෙමින් ප්‍රචාරණය ඇරඹි මෙම ගීතය වැඩිමනක්ම ජනප්‍රිය වූයේ එහි රෑප රචනය සහිත මියුසික් වීඩියෝව ජනගත වූ පසුය. එනම් ඉන් දෙදිනකට පසු නිකුත් වූ මෙහි මියුසික් වීඩියෝව iTunes, YouTube, and Amazon ආදියෙහි අතිශයින් ජනප්‍රිය වූ අතර මෙය නරඹා ඇති ප්‍රමාණය මිලියන තිස් හත ඉක්මවන්නේය.එසේම මීට මිලියන 0.5ක් කැමැත්ත පළ ඇති අතර තිස් එක් දහසකට ආසන්න ප්‍රමාණයක් අකමැත්ත ද පළ කර ඇති නමුදු සමස්තයක් ලෙස ගත් කළ ගීත විචාරකයන්ගෙන් පවා ධනාත්මක විචාර ලබාගැනීමට සමත් වීම කැපී පෙනේ.

2010 වසරේ ඇගේ "Firework" ගීතය ඇතුළු සෙසු ගීතවලට සාපේක්ෂව වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කර ඇති මෙම ගීතය, මේ වන විට විවාදාත්මක ස්වරෑපයක් ගෙන ඇති අතර ඊට හේතුව වී ඇත්තේ මේ වසරේ නිකුත් වූ සාරා බෙරෙයිලෙස්ගේ  "Brave" ගීතය සහ මෙම ගීතය අතර යම් යම් සමානකම් තිබෙන බැවින් පෙරී කර ඇත්තේ ස්වතන්ත්‍ර නිර්මාණය් නොවන බවට මත පළවීම හේතුවෙනි.

එහෙත් ඒ පිළිබඳ නොතකමින් කැතී පෙරී තමන්ගේ ගීතය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මිනිසා තමා ඉදිරියේ තමා සිටින විට තමා පිළිබඳ මැවෙනා චිත්ත රෑප පෙළක් මෙම ගීතය නිර්මාණය කිරීමට හේතු වූ බවයි.එසේම තමා දෙස වඩා ශක්තිමත් ලෙස අභ්‍යන්තරයෙන් බැලීම මෙහි පරමාර්ථය වූ බව පවසන පෙරී,තමා මීට පෙර ජනප්‍රිය වූ ගීත හරහා ලද පන්නරය ගීතයේ ජනප්‍රියත්වයට ප්‍රමුඛතාවය නොදුන් බවත් පැවසුවාය. ඒ අනුව ජනප්‍රියත්වය උදෙසා නිර්මාණය නොකරන බවක් පවසන ඇය, තමාගේ හැඟීම රසිකයාට දැනේ නම් එය තමා ලබන ඉහළතම ජයග්‍රහණය බව පවසා ඇත.

දින තුනක් පුරා ග්‍රේඩි හෝල් සහ මාක් කුඩ්සිගේ අධ්‍යක්ෂණය යටතේ රෑප රචනා වූ මෙම ගීතයේ රෑපගත කිරීම් සඳහා යොදා ගත්තේ ලොස් ඇන්ජලීස් නගරයයි.රෑප රචනය තුළ කියැවෙන කතාව මෙසේයි.පෙරී සහ ඇගේ පෙම්වතා වන බ්‍රයන් නාජෙල් ගුවන් යානා අනතුරකින් අනූනවයෙන් බේරෙති.එහෙත් අනපේක්ෂිත ලෙස තම පෙම්වතාගේ ඇඟෙට කොටියෙකු කඩා පනියි. ඉන් අනතුරැව බියට පත් වන පෙරී, වනය තුළට ගමන් කරන්නේ බියමුසු සැකයෙනි. එහෙත් අවසානයේ සියලු සත්තු ඇඟේ මිතුරෝ වෙති.පෙරී වනයේ රුජින බවට පත්වන්නේ මේ අනුවයි. 

මේ අනුව  වෙනස්ම ආකාරයේ ත්‍රාසජනක ක්‍රියාවන්ට මුහුණ දෙමින් වෙනස්ම අත්දැකීමකට මුහුණදෙන පෙරී, මෙහිදී අලින්,වඳුරන්,කිඹුලන්,කොටීන් යොදා ගනිමින් කර ඇති වික්‍රමය බොහෝ දෙනාගේ විස්මයට හේතු වී ඇත.එසේම මේ සඳහා යොදාගෙන ඇති මිල අධික විශාල පසුතලය,වර්ණවත් භාවය,සැබෑ වනයේ දසුන් සහ පසුබිම් තල දසුන්හි සන්තතික බව රුකගෙන තිබීම, ආලෝකකරණය, දෘශ්‍ය ප්‍රයෝග සහ විශේෂ ප්‍රයෝග විචාරකයන්ගේ නෙත ගැටුණූ සාධක කාරණා ලෙස දැක්විය හැකි අතර මෙහි ඇඳුම් නිර්මාණ, අසීරැ සංස්කරණය මගින් කර ඇති රෑප සංකලනය, ගීතයේ රිද්මය තබා ගනිමින් කරන ලද දර්ශන මාරැ කිරීම්, කැමරාකරණය ද කතාබහට ලක් වී ඇත. ( මෙහි නිර්මාණ කටයුතු කළ ආකාරය සහ එහි රෑප රාමු Nokia සමාගම විසින් එළිදක්වන ලදී)

මේ මොහොත වන මෙම ගීතය ඇමෙරිකාවේ බිල්බෝර්ඩ් හොට් 100 දර්ශකය පමණක් නොව බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු කොරියාව,අයර්ලන්තය, නවසීලන්තය ආදී රටවල ගීත දර්ශකද ආක්‍රමණය කිරීමට ද සමත් වී ඇත.
මේ අනුව ගීතය ලද ජනප්‍රියත්වය හේතුකොටගෙන පසුගිය අගෝස්තු 25 පැවැති  2013 MTV Video Music Awards උත්සවයේදී ඇය මෙම ගීතය ගායනා කළේ ප්‍රේක්ෂකයාගේ උන්මාදය දෙගුණ කරමින්, ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුලුවාලමින් උත්සවය නිමාවන්නට මොහොතකට පෙරය.

පළමු සතියේදී පමණක් ලක්ෂ හයකට ආසන්න පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ මෙම ගීතය, මේ වසරේ පළමු සතියේදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ගීතය ලෙස ද සැළකේ.එසේම පෙරීගේ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ගීතය ලෙස ද සැළකේ. එනම් ඇගේ "Firework" ගීතය 2010 වසරේ දෙසැම්බර් මස නිකුත්ව පළමු සතියේදී අලෙවි වූයේ පිටපත් ලක්ෂ පහකි. 

රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයන් වෙනුවෙන් වගඋත්තර බැඳි රාහුල් ඩ්‍රාවිඩ්



 රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයන් වෙනුවෙන් 
වගඋත්තර බැඳි රාහුල් ඩ්‍රාවිඩ්

කෙවින් ආකාශ්
2013/08/28
අද පුවත්පත 
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර පැවැති අදියරේදී මුදලට තරග පාවාදීමේ චෝදනාවලට ලක්වූ ක්‍රීඩකයන් අතර වැඩිමනක් සිටියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ය. එනම් අජිත් චන්දිලා, ශ්‍රීසාන්ත් මේ අතරින් කැපී පෙනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෑතක් වන තුරැ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායක රාහුල් ඩ්‍රාවිඩ් කිසිදු අදහසක් පළ නොකළ අතර නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.කෙසේ වෙතත් දැන් ඔහු ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ විධායක සංස්කාරකවරයා වන සම්බිත් බැල් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී තරග පාවාදීම්,වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ආදී නොයෙක් දේ පිළිබඳව කතාබස් කළේය.මේ ඒ ඇසුරින් තබනා කෙටි සටහනකි. 

රාහුල්, ඔබව අපි පසුගිය මාස තුනේ දැක්කේවත් නැහැ. ඔබව හමුවීම පවා අමාරැ වුණා. ඇයි ඒ ?

ඔව්. ඇත්තෙන්ම මේ තරග පාවාදීමේ සිදුවීම සිදුවූ කාල සීමාව නිමා කරන්න හරිම අමාරැ වුණා. අනික වෙනස්ම පුද්ගලයොත් එක්කයි මට ගනුදෙනු කරන්න සිදුවුණේ.මෙතන ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියලා මම හොයාගත්තේ පහුගිය ටිකෙයි.ඒ නිසයි මට මේක අමාරැ කාලයක් වුණේ.ඒත් මම මෙයින් කළකිරැණේ නැහැ. මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන තරහා ගත්තේ නැහැ.මම හිතන්නේ අපි මොනවා කළත් අපේ කණ්ඩායම කොතැන සිටිය යුතුද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි කියලයි.අනික ඉන්දීය ප්‍රීමියර් ලීග් බලන්න හුඟක් ප්‍රේක්ෂකයෝ එනවා.ඒ නිසා ඒ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

ඒත් ඔබ මේ තරග පාවාදීම්වලදී තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන් වෙනුවෙන් කතා කළා. ඔවුන්ගේ මනස ගොඩනගන්න උත්සාහ කළා.ඒක ඔබේ පෞරැෂය පෙන්වන්න කරපු දෙයක්ද?

මම ඒවා පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන් කරපු දේවල් නෙමෙයි.ඒවා සාමුහිකව කරපු දේවල්.ඒත් එතැන සිටි ප්‍රවීණතම ක්‍රීඩකයා මම හින්දා මම ඊට වැඩි දායකත්වයක් ලබා දුන් බව ඇත්ත.ඒත් ඒ යහපත් පරමාර්ථයෙන්.අනික මේ සිදුවීමේදී මේ ප්‍රශ්නය නිරවුල් කරන්න තිරය පිටුපස ඉඳන් බොහෝ දෙනෙක් සහයෝගය දැක්වුවා.ඒ නිසා අයි.පී.එල්. තරගාවලියේ සාර්ථකත්වය ගැනයි අපි කතා කළ යුත්තේ.අනික අපි මේ ප්‍රශ්නය ඉතා සාර්ථකව විසඳලයි තියෙන්නේ. අපි කාටවත් දොස් පැවරැවේ නැහැ.ඒකයි වැදගත් වෙන්නේ.

ඔබ ක්‍රීඩකයකු ලෙස ගෞරව සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයෙක්.ඉන්දියාවෙන් බිහිවූ වටිනා අවංක ක්‍රීඩකයෙක්.ඒත් අද ක්‍රීකට් ක්‍රීඩාව හෑල්ලුවට ලක්වෙලා කියලා සමහරැ කියනවා ?

ඒක වැරුදියි. ඔහොම කියන්නේ ඉන්දියාව,පාකිස්තානය වගේ රටවල්වල ප්‍රේක්ෂක ලෝලීන්ට තරගයක පරාජයක් දරාගන්න බැරිවුණාම ඒකට තරහ ගන්න නිසයි. ඒ ඔවුන් මේ ක්‍රීඩාවට ආදරේ නිසයි.අනික අපේ ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හුඟක් කැපවීම් කරනවා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි.ඔවුන් බොහෝ දේවල් කැප කරලයි ක්‍රිකට් තරගයක් බලන්න එන්නේ.කොහොම වුණත් ලෝක ප්‍රජාව ගත්තත් අද ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් යනවා.ඒක වෙබ් අඩවි විශ්ලේෂණය කරනකොට පේනවා.

ඔබ ජාත්‍යන්තර පිටියේ ඉඳිද්දී මෙවැනි තරග පාවාදීමේ චෝදනා එල්ල වුණේ දෙවැනි වතාවටයි. මීට පෙර 2000 වසරේදි මේ වගේ ඛේදවාචකයක් සිදුවුණා. ඒත් ඒක නම් සිදුවුණේ ඔබ ඉන්දු කණ්ඩායමට ආවා අලුතමයි.කොහොමද ඔබට ඒ අත්දැකීම දැනුණේ ?

ඒක නම් මට එච්චර දැනුණේ නැහැ. මට ඒක හිනාවට තුඩුදෙන කාරණයක් වුණා. මම එතකොට එංගලන්තයේයි හිටියේ. මම කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කරන්නයි එංගලන්තයට ආවේ. එතකොට තමයි මට ආරංචි වුණේ දකුණු අප්‍රිකා නායක හැන්සි කොන්යේ මෙවැනි තරග පාවාදීමක් කළා කියලා.ඒත් මම රටෙන් පිට හිටි නිසා ඒ ගැන එච්චර උනන්දු වුණේ නැහැ.ඒ සිදුවීම මගේ මතකයෙන් එහෙමම යටපත් වුණා.


ඔබ ඒ සිදුවීම සැහැල්ලුවට ගත්තට හැන්සි කොන්යේ කියන්නේ ලොව බිහිවූ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක් ?

ඔබ හරි.මම ඔහුට එරෙහිව ක්‍රීඩා කරද්දි මම ඔහුට ගෞරව කළා.ඔහු දක්ෂ නායකයෙක්. අපි තරැණ ක්‍රීඩකයන් වශයෙන් ඔහුගෙන් නොයෙක් දේ ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඔබට හොඳ නායකයෙක් වෙන්න ඕනේ නම් , හැන්සි කොන්යේගේ චරිතය ඒකට හොඳ පරමාදර්ශයක් (තරග පාවාදීම සිදුනොවුණා නම්).

නිරැවත සහ බිය (Naked and Afraid )" රියැලිටියට මව්වරැන්ගේ විරෝධය



නිරැවත සහ බිය (Naked and Afraid )" රියැලිටියට මව්වරැන්ගේ විරෝධය


මාලන් විදානපතිරණ
අද පුවත්පත 
2013/09/20

ලෝක ටෙලිවිෂන් කලාව මේ වන විට විවිධ රියැලිටි වැඩසටහන් හමුවේ විවිධාකාරයේ වෙනස්වීම්වලට භාජනය වන්නකි. එබැවින් සමහර නිර්මාණකරැවන් සංස්කෘතිය,සදාචාරය අත් හැර කටයුතු කිරීම අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එනම් ලාභ අපේක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන වත්මන් රියැලිටි කලාව දැන් එහි අන්තයට ළඟා වී තිබේ.

එහි කදිම උදාහරණයක් ලෙස ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දුන්  " නිරැවත සහ බිය (Naked and Afraid )" නමැති රියැලිටි වැඩසටහන පිළිබඳව පැවසුවා ඔබට මතක ඇති. එනම් පසුගිය මැයි මස "නිරැවත සහ බිය" රියැලිටි වැඩසටහන ප්‍රේක්ෂකයාට හඳුන්වාදුන් බව ඔබට මතක ඇති.

එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු යුගල තරඟකරැවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු මෙම නවතම රියැලිටි අත්දැකීමේදී නිශ්චිත පිටපතක් නොමැතිව තමන් මෙය ආරම්භ කළ බව නිර්මාණකරැවන්ම පැවසීම අවදානම් සහගත ප්‍රකාශයක් විණ.
අසම්පූර්ණ සිතියමක් යටතේ මුහුණ දිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සනිටුහන් කළ යුතු මෙහිදී මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරැවතිනි. එසේම සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල රෑගත කෙරැණු ලැබිණ.

කෙසේ වෙතත් මේ වන විට මෙම අලුත්ම රියැලිටිය මරැ පහක් එල්ල කිරීමට ලෝක ප්‍රජාව සූදානම් වන අතර මිලියනයක් වූ මව්වරැන්   'Soft Porn' වැඩසටහනට සාපේක්ෂව මේ පිළිබඳ හෙළා දකිමින් විරෝධනය පාන්නට විණ.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ අවසන් වරට මෙම රියැලිටියේ සිටි කෙලී නයිට්ලින්ගර් සහ ඊ.ජේ. ස්නයිඩ් ජීවිතය ගලවා ගනිමින් වනයෙන් පිටත්ව ඇත්තේ අනූ නවයෙන් වීම නිසාය.

මේ අනුව ජීවිතය පිළිබඳ දැඩි අවදානමක් ගෙන දෙන මෙම රියැලැටි වැඩසටහන සම්බන්ධයෙන් පවුල් සංවිධාන සිය දැඩි විරෝධය පළ කර ඇති අතර මිනිසා සමග කරන මෙම බරපතල ක්‍රීඩාව නවතන ලෙස ද ඒවාට අයත් මව්වරැන් අනතුරැ අඟවා ඇත.එනම් ඊට වඩා සෞම්‍ය අඩ නිරැවත් කළා මනා යැයි ඔවුන් යෝජනා කර තිබේ.ඒ මෙම “නිරැවත හා බිය“ වැඩසටහනේදී සිරැර නිරාවරණය වන ප්‍රමාණය වැඩි බැවින් ඒ ඔස්සේ පැමිණෙන අවදානමද වැඩව ඇති බැවිනි.

Man of Steel චිත්‍රපටයේ ජෙනරල් සොඩ් සමග කතාබහක්



Man of Steel චිත්‍රපටයේ
ජෙනරල් සොඩ් සමග කතාබහක්

සුපර් මෑන් චිත්‍රපට මාලාවේ අලුත් පරිච්ඡේදයක් අරඹමින් නිපැයුණු Man of Steel චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලෝ පුරා තිරගත වේ. සැක් ස්නයිඩර් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ජෙනරල් සොඩ්ගේ චරිතයට පණ පොවන්නේ මයිකල් ෂැනොන්ය.Take Shelter, Revolutionary Road ආදී චිත්‍රපට හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ ඔහු පසුගිය සතියේ මෙම චිත්‍රපටය පිළිබඳ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන WWW.RedEyechicago.com වෙබ් අඩවිය සමග කෙටි කතාබහක යෙදුණි.

අලුත් සුපර් මෑන් චිත්‍රපටයේදී ඔබ සුපර් මෑන් තරමටම සුපිරි ක්‍රියාදාමවල නිරත වෙනවා. එතකොට කව්ද ඇත්තම සුපර්මෑන් ?

මම නම් එහෙම හිතන්නේ නැහැ.බලන්නකෝ හෙන්රි දිහා. ඔහු තමයි ඇත්තම සුපර් මෑන්. කතාකරන විදිහත් ඒ වගෙයි.ඒ නිසා මේ චිත්‍රපටයේ ඇත්තම සුපර් මෑන් මම කියලා හිතනවා නම් ඒක මහා විහිළුවක්.මහා විකාර කතාවක්.

ඒත් ප්‍රේක්ෂකයෝ ආකල්පය ඒකයි ?

මට හිතෙන්නේ ප්‍රේක්ෂකයෝ මාව සහ මම රඟපාන චරිත පටලවාගෙනයි තියෙන්නේ.ඒකයි හේතුව.ඒත් මට දැට ලැබුණු චරිත සහ මගේ සැබෑ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්.ඒ නිසා කවුරැහරි මට කිව්වොත් මට සුපර් මෑන් චරිතයත් රඟපාන්නයි තිබුණේ කියලා, මට ඒක කේන්ති යන්න හේතුවක් වෙයි.අනික ඔබ කියන ප්‍රේක්ෂකයන් කෙසේ වෙතත් බහුතරය මගෙන් සුපර්මෑන්ගේ චරිත ලක්ෂණ බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඔබ මේ චිත්‍රපටයේ සමහර දර්ශන සඳහා චිකාගෝ නුවරට ආවා.ඒ වගේම එහිදී රසවත් අත්දැකීම්වලට මුහුණ දුන්නාලු නේද ?

ඇත්තටම ඔව්.  අපි Wiener's Circle එක බලන්න ගියා. ඒක හරිම ලස්සනයි. ඒ වගේම රසම රස hot dogs කෑවා.ඒ දවස් ටික නම් හරිම විනෝදයි.හැබැයි ඉතින් මම වේදිකාවට ගොඩ වැදුණු චිකාගෝ රඟහල තියෙන්නේත් මෙහේ නිසා මේ නගරයේ මට එච්චර අමුත්තක් නැහැ.

ඔබ මේ චිත්‍රපටයට කලින් මෙවැනි ජෙනරාල්වරයෙකුගේ චරිතයක් නිරෑපණය කරලා නැහැ නේද ?

නැහැ. මම An alien planet චිත්‍රපටයේදී ජෙනරාල්වරයෙකු චරිතයක් නිරෑපණය කරලා තියෙනවා. හැබැයි ඒක නම් මීට වඩා ලොකු චරිතයක්. ඒත් මේ චිත්‍රපටයේදිත් මට තිබුණේ ඒ වගේම සංකීර්ණ චරිතයක් තමයි.ඒ වගේම ජීවිතයක් තමයි ජෙනරාල් සොඩ් ගත කරන්නේ. අපේ ජීවිත හරිම සුන්දරයි. වෙනස්.අපි ගත කළේත් මිලිටරිකරණය නොවූ ජීවිතයක්. ස්වභාවධර්මයත් එක්ක බැඳුණු ජීවිතයක්.


ඔබට මේ චිත්‍රපටයේ චරිතයක් තිබෙන බව අධ්‍යක්ෂ සැක් ස්නයිඩර් කිව්වම ඔබ ඒක පිළිගත්තේ නැහැලු නේද ?

මම කාලෙකින් චිත්‍රාගාරයක ප්‍රධාන රෑගතකිරීම් සිදුවන චිත්‍රපටයක රඟපෑවේ නැහැ.අනික ඒ කාලේ මම වැඩිපුරම කළේ රෑපවාහිනි වැඩසටහන්. ඒ නිසා මම මේ වගේ චිත්‍රපටයක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ.ඒ හින්දා සැක් එහෙම චරිතයක් මට දෙනවයි කිව්වම, මම හිතුවේ ඒක විහිළුවට කියපු දෙයක් කියලයි. විශේෂයෙන්ම මම හිතුවේ මේ චරිතය ඩැනියෙල් ඩේ ලුවිස්(ලින්කන් චිත්‍රපටය වෙනුවෙන් මෙවර හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනූ නළුවා) කරාවි කියලයි.ඒත් සැක් මට කලින් මේ චරිතයට වෙන කෙනෙක් තෝරාගෙන ඉඳලා තියෙනවා. ඒ තමයි බිලී ක්‍රඩප්.මොකද ඒ දෙන්නා කාලයක් එකට වැඩ කළා. ඉතින් මම සැක්ගේ ආරාධනාව එකපාරම භාරගත්තේ නැති එක වැරදිද?

මාලන් විදානපතිරණ
තරැණයා
හොලිවුඩ් 
2013/06/27