Showing posts with label සම්මුඛ සාකච්ඡා (පරිවර්තන). Show all posts
Showing posts with label සම්මුඛ සාකච්ඡා (පරිවර්තන). Show all posts

Saturday, October 11, 2014

Ada Newspaper - Entertianment - බොලිවුඩ් නිළි බිපාෂා බාසු සාකච්ඡාව -2014/10/09



හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා

බොලිවුඩ් නිළි බිපාෂා බාසු

මාලන් ගෝවින්ද

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම බොලිවුඩ් නිළියන් අතර බිපාෂා බාසුද මේ වන විට ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.ඒ ඉන්දීය සිනමාවේ ප්‍රථම වතාවට රාක්ෂයකු නිර්මාණයක කරමින් නිපැයුණු “ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඇය රඟපෑමත් සමගමය.වික්‍රම් බට් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ඇය සමගින් ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ ඉම්රාන් අබ්බාස්ය.රාස්,ජිස්ම්,කපල් බ්‍රේකර්ස්,සීක්‍රට් ආදී චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඇය,මෙවර “අද* පුවත්පතේ අවධානය දිනාගන්නේ සජීවිකරණය කළ රාක්ෂයකු සමගින් ගෙවූ රෑගතකිරීම්වලදී ලැබූ අත්දැකීම් හේතුවෙනි.මේ සටහන ඇය “ෆිල්ම්ෆෙයාර්*සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.
“ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ සන්ධිස්ථානයක්.ලබපු අත්දැකීම් එහෙම කොහොමද ?
අපි තවත් අඩියක් ඉස්සරහට ගියා කියලායි හිතෙන්නේ.වික්‍රම් තමන්ගේම විදිහකට යන කෙනෙක්.අද්භූත චිත්‍රපටයක් වුණත් මේක වෙනස් විදිහක චිත්‍රපටයක් වෙන්නේත් ඒ නිසයි.හුඟක් දේවල් කරන්න පුළුවන්කම ලැබුණා මේ එක්ක.හුඟක් සතුටුයි.ඒත් මේ අලුත් දේ ඇතුළේ හුඟක් අමාරැ රෑගතකිරීම් තිබුණු බවත් කියන්න ඕනේ.මොකද අපිට ක්‍රියාවක් නැතුවයි ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.මේ රාක්ෂයා නිර්මාණය කළේ සී.ජී.අයි ස්ටුඩියෝ එක.අනික රාක්ෂයා සමගින් තිබුණු දර්ශනවලදි පසුතල තිබුණේත් නැහැ.අපිටමයි හිතින් හිතාගෙන ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.විශේෂයෙන්ම රාක්ෂයා ඉන්න තැන.බලන් ඉන්න තැන මේ හැමදේම අපි හිතින් හිතාගෙනයි කරන්න තිබුණේ.හරිම අමාරැම ඒ රංගනය.
ඉම්රාන් අබ්බාස් ගැන කතා කළොත් ?
ඉම්රාන් දක්ෂ නළුවෙක්. හැමදෙයක්ම ඉක්මනින් තේරැම්ගන්න වේගවත් නළුවෙක්.එයා නිකම් හරියට රොමෑන්ටික් චිත්‍රපටයක වීරයෙක් වගෙයි.මම හිතන්නේ එයා අනාගතයේදී චිත්‍රපට නළුවෙක් විදිහට ලොකු දෙයක් කරයි
ඔබත් දැන් බොලිවුඩයට ඇවිත් කාලයක් ගතවෙලා.ඒ නිසා දැන් සිනමා ජීවිතයේදී පසුකරපු විශේෂ අවස්ථාත් ඇති ?
මම හුඟක් සතුටු වෙනවා මෙතෙක් ආපු ගමන ගැන.මගේ රසිකයෝත් මට හුඟක් කැමැතියි.එදා ඉඳන් අද වෙනකම්ම ඔවුන් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.මම අදත් කැමැති ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර අහන්න.ඇගයුම් අහන්න.අනාගතයේදිත් එහෙමයි.අනික මම මගේ හැම චිත්‍රපටයකදිම හුඟක් කැපවෙලා වැඩ කළා. අනික මේ චිත්‍රපටයෙන් පස්සේ මම තවත් අද්භූත චිත්‍රපටයකට සහභාගිවෙන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකේ නම “Alone*.
මතභේදාත්මක දේවල්වලින් ඔබේ සිනමා ජිවිතයට යම් බලපෑමක් වුණේ එහෙම නැද්ද ?
නැහැ.එච්චරම නැහැ.විචාරකයෝ මට ප්‍රශ්න ඇති කරලා නැහැ.අනික මිනිස්සුමනේ අපි ගැන ඔය වගේ මතභේදාත්මක දේවල් ලියන්නේ.ඒවාට මට එච්චර සමීප නැහැ.ඉතින් මම මොකටද ඒවා ගැන වද වෙන්නේ?
ජීවිතයේ කණගාටුවට පත්වුණූ අවස්ථා එහෙම තියෙනවද ?
නැහැ.මොකද හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා.හැම මිනිත්තුවකදිම එහෙමයි.ඉතින් මොකටද කණගාටුවෙන්නේ.අනික හැමෝම වැරදි කරනවා.මොකද මේ ලෝකේ දෙවිවරැ නැහැනේ.ඉගෙනගන්නයි වැරැදි වෙන්නේ.ඒ වැරැදිවලින් තමයි අපි ඉස්සරහට යන්නේ.
ඔයා රොමෑන්ටික්ද කියලා ඇහුවොත්?
අපොයි ඔව්.හුඟක් රොමෑන්ටික්
ආදරයක් ලැබුණොත් ඒකට ස්වාමිත්වය දක්වනවද ?
කොහෙත්ම නැහැ.
ඒත් අනික් කෙනා එහෙම නම්?
ඒක හොඳ වෙයි.සමහරවිට එහෙම හොඳ නැති වෙයි.ඒත් මම කියන්නේ එහෙනම් දෙන්නම දෙන්නට කීකරැ වෙන්න ඕනේ.සමබරවෙන්න ඕනේ.එතකොටයි දෙන්නගේම හිත්වල ආදරය ජීවත්වෙන්නේ.
ඔබව ප්‍රතික්ෂේපවුණු නරකම අවස්ථාව මොකක්ද කියලා ඇහුවොත්?
එහෙම දෙයක් මට වෙලා නැහැ.
තාමත් සැබෑ නොවුණු හීන තියෙනවද ?
මට අප්‍රිකාවේ සංචාරය කරන්න ඕනේ.සත්තු බලන්න ආසයි.මට ඊළඟ අගෝස්තුවේදිවත් යන්න ලැබෙයි කියලා හිතනවා.හැබැයි මට හැම අවුරැද්දකම අගෝස්තු මාසේ එහේ යන්න ඕනේ.ඒත් එහෙම හිතුවට හැම අගෝස්තුවේම වැඩක් වැටෙනවා.ලබන අගෝස්තුවේ නම් යනවමයි.
ගෑණු ළමයින්ගෙන් ගුටිකෑවාද ?
(සිනාසෙමින්) අපොයි නැහැ.අනික ඒක හරිම නරක දෙයක්.හැබැයි ජාත්‍යන්තර වේෂ නිරෑපණ ශිල්පිනියක වන කේරි හියු මට හුඟක් ආදරෙයි.මං එක්ක ආදරයෙන් බැඳිලා.නිව්යෝර්ක්වලදි තමයි ඒක සිද්ධවුණේ. ඒ මම නිරෑපිකාවක් විදිහට වැඩ කරපු කාලේ.ඒ කාලේ එයා මට ආදරවන්තයන්ගේ දවසේ දියමන්ති පෙන්ඩන්ට් එකකුත් තෑගි කළා.

Wednesday, August 20, 2014

“Students Of The Year* නළු වරුන් ධවාන්-2014/07/21





සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු

-          “Students Of The Year* නළු වරැන් ධවාන්


-         “Students Of The Year* නළු වරැන් ධවාන්
       
     මදාරා ගුණතිලක
     
    පසුගිය කාලයේ බොලිවුඩය පුරා පුවත් මැවූ යුවළ බවට පත්වූයේ වරැන් ධවාන් සහ ආලියා භත්ය.නැගී එන නළු- නිළි දෙපළක් වන මොවුන් ආදරවන්තයන් බවත්,ආලියා භත් විසින් වරැන් ධවාන්ගෙන් ප්‍රසිද්ධියේම ආදරය අයැද සිටි බවත් ඇතැම් මාධ්‍ය සඳහන් කරයි.එසේම කරන් ජොහාර් නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ“හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* හි ප්‍රධාන චරිත රෑපණය කරන්නේද මේ දෙපළ(ආලියා - වරැන්) බැවින් මෙම සැකය වඩාත් තීව්‍ර වී තිබේ."Student of the Year" චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි වරැන්,මේ වෙනුවෙන් ගිය වසරේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර එම සම්මාන ද්විත්වයම හිමිවූයේ හොඳම නැගී එන නළුවා  වශයෙනි.කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය වෙනුවෙන් තවත් සම්මාන උලෙළ අටකදී හොඳම නැගී එන නළුවා සම්මානයට නිර්දිෂ්ටිත ඔහු, සිනමා තරැවකගේ ලක්ෂණ දැනටමත් පහළ කළ නළුවෙකි.මේ ඒ පිළිබඳව සහ ඔහුගේ සිනමා ජිවිතය ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ විමසීමකි.
    
     දැන් ලොකු නළුවෙක් නේද ?
  
     තාම පටන් ගත්තා විතරයි.තව යන්න හුඟාක් දුර තියෙනවා.ජීවිතයට ලබා ගත යුතු දේවල් බොහොමයි.ඒ නිසා “හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* චිත්‍රපටය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි.මගේම ප්‍රේක්ෂකයන් පිරිසක් නිර්මාණය කර ගන්න ඒ චිත්‍රපටය හුඟක් උදව් වේවි.
    
    ආලියා භත් සමග තියෙන සම්බන්ධේ මොකක්ද ?
    
     ඒක තේරැම්ගන්න ටිකක් අමාරැ වෙයි.ආදරය වගේම අපි දෙන්නා තරහවත් බෙදාහදා ගන්නවා.තම තමන්ගේ දේවල් වෙනුවෙන් හැමවෙලාවෙම සටන් කරනවා.ඒ නිසා ආදරය ගැන අපි දෙන්නාගේ හිතේ තියෙන්නේ එකම ස්ථාවරයක්.හැබැයි මම හැම වෙලාවකම අවධානය යොමු කරන්නේ ආලියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන.මොකද එයා ඒ ගැන සැළකිළිමත් වෙන්නේ නැහැ.හැබැයි එයත් මම ගැන හොයනවා.ඒත් ඒක වෙනස්.ඒත් මම කැමැතියි එයා මං ගැන හොයන විදිහට. 

    බොලිවුඩයේ හොඳම යාළුවෝ කව්ද ?
    
    ආලියා භාත්. ඊට අමතරව අධ්‍යක්ෂ වාර්මන් මගේ සමීපතම යාළුවෝ.
   
    සමහර ගති ගුණ හරිම අමුතුයි නේද ?
   
    ඔව්.සමහර වෙලාවට.මම කොහොමත් ලැජ්ජාකාරයෙක්.
   

   මීට කලින් නිෂ්පාදනය වුණු දුල්හානියා (දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ) 
    චිත්‍රපටය  ගැන මොකද හිතන්නේ?
    
    ඒකට දැන් සෑහෙන කාලයක් වෙනවා. මම ඒ කාලේ හුඟක් පොඩියි.
   
    කැමැතිම නිළිය ?
   
    ප්‍රීති සින්ටා.
    
    සති අන්තයේ මොකද කරන්නේ ?
    
    පහුගිය ටිකේ නම් ලෝක කුසලානය බැලුවා.නැත්නම් නිදාගන්න එක තමයි ඉතින්.මට හුඟක් මහන්සියි මේ දවස්වල.අනික මට තියෙන්නේ හරිම අවිවේකි කාල සටහනක්.ඒත් චිත්‍රපටය තිරගත කළාට පස්සේ නම් හිත සැහැල්ලුයි.
    
    අන්තිමට කොහේද නිවාඩුවට ගියේ ?
    
    සිංගප්පූරැවේ ගියා.මාස හතක් විතර හැම තැනම ඇවිද්දා.
    
   ජිවිතේදි මුලින්ම හාද්දක් දුන්නු දවස මතකද ?
    
    ඒක නම් හරියටම මතක නැහැ.මං හිතන්නේ ඉස්කෝලේදි තමයි.
    
    ජිවිතය සාර්ථක කර ගන්න නම් ?
    
සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ.ඒක ශාරිරිකව වගේම මානසිකවත් වැදගත්.
    
    සරාගී නිළිය ?
    
   එහෙම එක් කෙනෙක් ගැන කියන්න බැහැ.ඒත් කැත්‍රිනා,දීපිකා,ශ්‍රද්ධා,ආලියා සහ 
    සෝනම් හුඟක් ලස්සනයි
   
   ආසම ගීතය මොකක්ද ?
   
   November rain (Guns n Roses චිත්‍රපටය) 
   
   රංගනයට පැමිණෙද්දි අවධානයට යොමු කළේ මොනවටද ?
    
    මම අවධානය යොමු කරන්නේ මගේ රංගනය ගැන.චිත්‍රපටය හොඳට කරන්නයි මට ඕනේ.ඒක බොක්ස් ඔෆිස් වාර්තා තියලා,ජනතාව අතරට ගියා නම්, ඒකයි වෙන්න ඕනේ.ඒ වගේම මට ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම් හුඟක් වටිනවා.ඒකෙන් තමයි මම සතුටු වෙන්නේ.ඒ නිසා යන ගමන ගැන සතුටුයි
    
    ආඩම්බරවෙන්න කාරණයක් තියෙනවද ?
    
    සිනමා පවුලකින් පැවත ඒම ගැන සතුටු වෙනවා.ඒත් වෙනස් යමක් කරන්නයි මට ඕනේ. අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙන්න ඕනේ.
    
     ලැබුණු වටිනාම අවවාදය?
     
    මට කලාතුරකින් තමයි සමාජයෙන් අවවාද ලැබුණේ.ඒත් මගේ තාත්තා(චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්) දුන්නු අවවාදයක් තියෙනවා.ඒක නම් අමතක වෙන්නේ කවදාවත්. ඒ තමයි සෑම රෑපයක්ම අන්තිම රෑපය කියලා හිතාගෙන නිර්මාණයට තමන්ගේ උපරිමය දෙන්න කියන අවවාදය.
    
    ලැබුණු හොඳම ප්‍රශංසාව ‍මොකක්ද ?
    
    සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු.

Thursday, July 10, 2014

2014.07.10 සම්මුඛ සාකච්ඡාව -සෝනම් කපූර්




මම අධ්‍යක්ෂවරයා පස්සේ යන නිළියක් නෙමෙයි


-    - සෝනම් කපූර්
 



 මාලන් විදානපතිරණ

බොලිවුඩයට සුපිරි බොලිවුඩ් තරැ දෙකක් බිහි කළ චිත්‍රපටයක් ලෙස සන්ජේ ලීලා බන්සාලිගේ  “සාවරියා* සටහන් කළ හැකිය.සංජේ ලීලා බන්සාලිගේම “බ්ලැක්* ආදී චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරැන් වශයෙන් වැඩ කරමින් සිනමාව පිළිබඳ පරිචයක් ලැබූ මොවුන් වන්නේ රන්බීර් කපූර් සහ සෝනම් කපූර්ය. ඒ අනුව “සාවරියා* චිත්‍රපටයෙන් පසුව ඉන් නොනැවතුණු සෝනම්,  රන්ජානා, භාග් මිල්කා භාග් යන චිත්‍රපට හරහා කෝටි සියය ඉක්මවූ ආදායමක් ඉපයීමට තරම් සමර්ථ වූවාය. එහෙත් ඇය සෙසු බොලිවුඩ් නිළියන්ට වඩා තරමක් වෙනස් චරිතයකි.මේ ඇගේ සිනමා ජිවිතය ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ විමසුමකි.

“රන්ජානා* චිත්‍රපටය ලද සාර්ථකත්වයත් සමග ඔබ පිළිබඳ තිබූ හැඟීම වෙනස් වුණා නේද ?

ඔව්. අනික මමත් රෑපණ ශිල්පිනියක් විදිහට මගේ රංගනය ගැන හුඟක් හිතනවා. විශේෂයෙන්ම “දිල්ලි 6* සහ “සාවරියා* චිත්‍රපටයෙන් පස්සේ ඒ ගැන වැඩිපුර හිතන්න පටන් ගත්තා.ඒත් සමහර ප්‍රේක්ෂකයෝ නම් ඉන්පස්සේ මං දිහා ස්මිතා පටිල් වගේ බලන්නත් පටන් ගත්තා.සමහරැ ෂබානා අස්මි දිහා බලනවා වගේත් බැලුවා. මොකද චරිතාංග රෑපණ ශිල්පිනියක ලෙස මම හුඟක් සාර්ථකයිලු.  ඒත් මම කැමැති නම් කවුරැවත් වගේ වෙන්න.මට ඕනේ මං වෙන්න. ඒක මගේ විතරක් නෙමෙයි.හැම තරැණියකගේම සිතුවිල්ලක්.ඒත්  “I Hate Luv Storys* චිත්‍රපටය මාව වෙනස්ම දිශාවකට ඔසවා තැබුවා.ඒක මගේ සිනමා ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වත් වැරුදි නැහැ.හැබැයි පිට පිට තිරගත වූ “රන්ජානා* සහ “භාග් මිල්කා භාග්* යන චිත්‍රපටවලදී මගේ රෑපණ පරාසය එක තැනකට කොටු වෙලා නැති බව ඔප්පු කළා.අනික “රන්ජානා* චිත්‍රපටයෙන් පසුව බොහෝ විචාරකයන් මම ගැන සුබවාදීව කතා කරලා තියෙනවා.ඒ පිළිබඳ මම සතුටු වෙනවා.ඒත් මම තමයි හොඳම නිළිය කියලා මම කියන්නේ නැහැ.ඒත් එහෙම තත්ත්වයකට එන්න බැහැ කියලා මම හිතන්නේත් නැහැ.

බොලිවුඩයේ මෙතෙක් බිහි වූ චිත්‍රපට චරිත අතරින් ලැබුණා නම් හොඳයි කියලා හිතුණු චරිත නැද්ද ?

මම කැමැති නැහැ එහෙම කතා කරන්න.මොකද මම කැමැති ලැබෙන චරිතය උපරිමයෙන් කරන්නයි.

“රන්ජානා* චිත්‍රපටය ස්ත්‍රිවාදී චිත්‍රපටයක්ලු.එවැනි රාමුවක්ලු.  එහි තිර කතාව තුළ තිබෙන්නේ.මේක ඇත්තක්ද ?

ඔවැනි මතයක් ගොඩනැගෙන්නේ ධනුෂ් කියන එක්තරා දෙබසක් හින්දා.ඒත් එක් තැනක තියෙන දෙබසක් තුළින් කොහොමද සමස්ත චිත්‍රපටයම ගැන අදහසක් ගන්නේ ? .ඒකට මුළු චිත්‍රපටයම කියවන්න ඕනේ.අනික එවැනි ස්ත්‍රිවාදී රාමුවක් මේ චිත්‍රපටයේ නැහැ.මොකද සෝයා කියන්නේ ඉතාම ධෛර්යසම්පන්න තරැණියක්.ඇගේ තීරණ බොහොම රළුයි.ඇය තමයි අනික මේ කතාවේ ප්‍රධාන කතා නායිකාවත්.ඒ නිසා ඒ චරිතය හරිම යථාර්ථාවාදීයි.මම පෞද්ගලිකවත් කැමැතියි ඒ චරිතයට.

බොලිවුඩයේ ඔබ කැමැතිම නිළියන් ලැයිස්තු ගත කළොත්.?

බෙබෝ (කරීනා කපූර්) තමයි මුලින්ම.මම ආදරෙයි ඇයට.ආලියා භාත් සහ විද්‍යා බාලන්ටත් එහෙමයි.ජැක්ලින් ෆර්නැන්ඩස් නම් මගේ හොඳ යාළුවෙක්.හැබැයි මම අධ්‍යක්ෂවරියක් වුණොත්,ආලියා භාත් තමයි මම අධ්‍යක්ෂණය කරන්න කැමැතිම නිළිය.ඇය තමයි මාව ඒ සඳහා හැම වෙලාවකම පොළඹවන්නේ.ඒ වගේ භාවයන් තමයි ඇගේ මුහුණේ තිබෙන්නේ.හරිම සිනමාත්මකයි.

විචාරකයන්ගේ සම්මාන උලෙළක් විදිහට සැළකෙන කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගි වෙන්නත් ඔබ භාග්‍යවන්ත වුණා ?

ඔව්.ඇත්තෙන්ම.මම හුඟක් කැමැතියි ඒකට.හරිම කැමැත්තෙන් ප්‍රංශයට ගියේ.කිසිම මානසික ආතතියක් නැති පරිසරයක් ඒක.හැබැයි මම ගියේ නම් චිත්‍රපට බලන්න නෙමෙයි.මොකද මට ලැබී තිබුණේ නිරෑපිකාවක් විදිහට එම චිත්‍රපට උලෙළ වර්ණවත් කරන්න.

“සාවරියා* චිත්‍රපටය සාර්ථක වුණත් ඉන්පස්සේ ඔබ සහ රන්බීර්ව එකම චිත්‍රපටයකදී අපි දැක්කේ නැහැ ?

ඔව්.ඒත් ඒකට හේතුව නම් හරියට මම දන්නේ නැහැ.ඒත් ප්‍රේක්ෂකයෝ මගේ අනෙක් ප්‍රධාන චරිතයට ධනුෂ්,ෆර්හාන් අක්තාර්,අභිෂේක් බච්චන් වගේ රෑපණ ශිල්පීන් අනුමත කරන බවයි මට නම් හැඟෙන්නේ.

කවදාහරි සම්මුඛ පරීක්ෂණයකින් චරිතයක් ලැබිලා නැද්ද ?

මට එහෙම මෙතෙක් ලැබිලා නැහැ.එහෙම ලැබුණත් මට ඒක ප්‍රශ්නයකුත් නෙමෙයි.මම අධ්‍යක්ෂවරයා පස්සේ යන කෙනෙක් නෙමෙයි.එයා ඉස්සරහා වැඳ වැටිලා “අනේ මේ චරිතේ මට කොහොම හරි කරන්න දෙන්න* කියන කෙනෙකුත් නෙමෙයි.මොකද අධ්‍යක්ෂවරයාට හොඳ නම්,චරිතයට තමන් ගැලපෙනවා නම් ඒකට එයාගේ පස්සෙන් යන්න ඕනේ නැහැ.මම දන්න තරමින් හියු ජැක්මන් පවා එවැනි පරීක්ෂණවලට මුහුණ දීලා තියෙනවා.

සැලසුමක් ඇතුවද වැඩ කරන්නේ ?

ඔව්.මම මගේ චිත්‍රපට සාර්ථක වුණත් නැතත් චරිතයෙන් පස්සේ යමක් හදාරනවා. මැරෙන දවස වෙනකම්ම රෑපණයේ යෙදෙන්නයි කල්පනාව.මට ඕනේ මට ලැබෙන හැම චිත්‍රපටයකදිම හොඳම රංගනය ලබාදෙන්න. කෙලින්ම කිව්වොත් චිත්‍රපටයට වැඩිම දායකත්වයක් ලබා දුන් නිර්මාණකරැවා වෙන්නයි මට ඕනේ.

රෑපණය සඳහා ගුරැවරයෙක් හෝ වැඩමුළු සංවිධානය කළොත් ඔබ එයින් තෝරාගන්නේ මොකක්ද ?

එහෙම එකක කියන්න බැහැ. අපේ තාත්තා (අනිල් කපූර්) පවා හැම දර්ශනයකටම කලින් ඒ පිළිබඳ ගුරැහරැකම් ලබා ගත්තා.මමත් ඒකම තමයි කරන්න බලාපොරොත්ත්තු වෙන්නේ.  මම රෑපණ විධි ක්‍රමය ඉගෙන ගන්න අනුපම්  මාමාගේ (අනුපම් කේර්) රංගන පාසලටත් ගියා.ඒ අනුව  දිල්ලිවලදි මම තුන් මාසයක් වගේ කාලයක් “රන්ජානා* චරිතයට පුහුණු වුණා.“කූබ්සුරත්*ගේ වැඩමුළුවලටත් යන්නයි දැන් හිතන් ඉන්නේ.මම හිතන්නේ මේක අන්තර්ජාතික රෑපණ ශිල්පියෝ පවා කරන දෙයක්.මොකද මේක කලාවක්.ප්‍රගුණ කළ යුතු කලාවක්.නිතර අභ්‍යාසයේ යෙදිය යුතු කලාවක්.