නිරැවත සහ බිය (Naked and Afraid )" රියැලිටියට මව්වරැන්ගේ විරෝධය
මාලන්
විදානපතිරණ
අද පුවත්පත
2013/09/20
ලෝක
ටෙලිවිෂන් කලාව මේ වන විට විවිධ රියැලිටි වැඩසටහන් හමුවේ විවිධාකාරයේ වෙනස්වීම්වලට
භාජනය වන්නකි. එබැවින් සමහර නිර්මාණකරැවන් සංස්කෘතිය,සදාචාරය අත් හැර කටයුතු කිරීම
අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එනම් ලාභ අපේක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන වත්මන්
රියැලිටි කලාව දැන් එහි අන්තයට ළඟා වී තිබේ.
එහි කදිම
උදාහරණයක් ලෙස ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දුන් " නිරැවත සහ බිය (Naked and Afraid )" නමැති
රියැලිටි වැඩසටහන පිළිබඳව පැවසුවා ඔබට මතක ඇති. එනම් පසුගිය මැයි මස "නිරැවත
සහ බිය" රියැලිටි වැඩසටහන ප්‍රේක්ෂකයාට හඳුන්වාදුන් බව ඔබට මතක ඇති.
එකිනෙකා
නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු යුගල තරඟකරැවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා
සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු මෙම නවතම රියැලිටි අත්දැකීමේදී නිශ්චිත පිටපතක්
නොමැතිව තමන් මෙය ආරම්භ කළ බව නිර්මාණකරැවන්ම පැවසීම අවදානම් සහගත ප්‍රකාශයක් විණ.
අසම්පූර්ණ
සිතියමක් යටතේ මුහුණ දිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට
නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සනිටුහන් කළ
යුතු මෙහිදී මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරැවතිනි. එසේම සෑම
කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල රෑගත කෙරැණු ලැබිණ.
කෙසේ වෙතත්
මේ වන විට මෙම අලුත්ම රියැලිටිය මරැ පහක් එල්ල කිරීමට ලෝක ප්‍රජාව සූදානම් වන අතර
මිලියනයක් වූ මව්වරැන් 'Soft
Porn'
වැඩසටහනට සාපේක්ෂව මේ පිළිබඳ හෙළා දකිමින් විරෝධනය පාන්නට විණ.
මීට
ආසන්නතම හේතුව වී ඇත්තේ අවසන් වරට මෙම රියැලිටියේ සිටි කෙලී නයිට්ලින්ගර් සහ ඊ.ජේ.
ස්නයිඩ් ජීවිතය ගලවා ගනිමින් වනයෙන් පිටත්ව ඇත්තේ අනූ නවයෙන් වීම නිසාය.
මේ
අනුව ජීවිතය පිළිබඳ දැඩි අවදානමක් ගෙන දෙන මෙම රියැලැටි වැඩසටහන සම්බන්ධයෙන් පවුල්
සංවිධාන සිය දැඩි විරෝධය පළ කර ඇති අතර මිනිසා සමග කරන මෙම බරපතල ක්‍රීඩාව නවතන
ලෙස ද ඒවාට අයත් මව්වරැන් අනතුරැ අඟවා ඇත.එනම් ඊට වඩා සෞම්‍ය අඩ නිරැවත් කළා මනා
යැයි ඔවුන් යෝජනා කර තිබේ.ඒ මෙම “නිරැවත හා බිය“ වැඩසටහනේදී සිරැර නිරාවරණය වන ප්‍රමාණය
වැඩි බැවින් ඒ ඔස්සේ පැමිණෙන අවදානමද වැඩව ඇති බැවිනි.
No comments:
Post a Comment