මාලන් විදානපතිරණ
වූපි
ගෝල්ඩ්බර්ග් ප්‍රධාන චරිතය නිරෑපණය කරන Sister
Act 2:Back In The Habit බිල් ඩියුක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.
1992 වසරේ තිරගත වූ Sister Act පළමු චිත්‍රපටය ලද සාර්ථකත්වය
හේතුවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ මේරි ක්ලැරන්ස් පාලිකාව
දරැවන්ට සංගීතය ඉගැන්වීමේදී එයින් ඉස්මතු වන දක්ෂ ළමා ගායිකාවක වටාය. හාස්‍යයෙන් පිරි
මෙහි තිර පිටපත ජේම්ස් ඕර්ගෙනි.චරිත ගොඩනැංවීම ජෝශප් හොවාඩ්ගෙනි. ඇමෙරිකාවේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ රෑගත වූ මෙහි සිනමා කැමරාකරණය ඔලිව්ර් වුඩ්ගෙනි. මිලෙස්
ගුඩ්මන් සංගීතවත් කළ Sister Act 2:Back In The Habit සිනමාපටය,මිනිත්තු 107 පුරා දිවෙන්නකි.
1993 වසරේ අග භාගයේ තිරගත කෙරැණු මෙම චිත්‍රපටය ඇමෙරිකාවෙන් පමණක් තිරගත කිරීමෙන්
පමණක් උපයා ගත් ආදායම ඇ.ඩො. මිලියන 58කට
ආසන්නය.1994 වසරේ පැවැති ඇමෙරිකානු ළමා චිත්‍රපට උලෙළේදී වූපි ගෝල්ඩ්බර්ග් හොඳම
නිළියට හිමි බ්ලිම්ප් සම්මානය දිනා ගත් Sister
Act 2:Back In The Habit, එම වසරේම පැවැති තරැණ කලාකරැවන්ගේ චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම
පවුලේ චිත්‍රපටයට හිමි සම්මානය සඳහාද නිර්දේශ විණ. එසේම එම වසරේ පැවැති එම්.ටී.වී
චිත්‍රපට උලෙළේදී මෙම සිනමාපටය වෙනුවෙන් වූපි ගෝල්ඩ්බර්ග් හොඳම හාස්‍ය නිළියට හිමි
සම්මානයටද නිර්දේශ විණ.
No comments:
Post a Comment