මාලන් විදානපතිරණ
ඇඩම්
සෑන්ඩ්ලර් සහ ඩ්‍රීව් බැරිමෝ ප්‍රධාන
චරිතය නිරෑපණය කරන 50 First Dates පීටර් සීගල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.
2004 වසරේ වැලන්ටයින් දිනට පෙර දින තිරගත වූ 50 First Dates චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ තම සිහින කුමරිය වන ලුසී හමුවන
හෙන්රි රොත් කේන්ද්‍ර කර ගනිමිනි. සිනහව මුව පුරා රුඳුණු මෙහි තිර පිටපත ජෝර්ජ්
වින්ග්ගෙනි. ඇමෙරිකාවේ ඇලස්කාහි රෑගත වූ මෙහි සිනමා කැමරාකරණය ජැක් එන්.ග්රීන්ගෙනි.
ටෙඩී කැස්ටෙලුසි සංගීතවත් කළ 50 First Dates සිනමාපටය,මිනිත්තු
99 පුරා දිවෙන්නකි.ඇ.ඩො. මිලියන 75ක පිරිවැයක් දරමින් නිෂ්පාදිත 50 First
Dates, ලෝ පුරා ප්‍රදර්ශනයෙන් උපයා ගත් ආදායම ඇ.ඩො. මිලියන 200කට
ආසන්නය.2004 වසරේ පැවැති ඇමෙරිකානු ළමා චිත්‍රපට උලෙළේදී ඇඩම් සෑන්ඩ්ලර් හොඳම නළුවාට
හිමි බ්ලිම්ප් සම්මානය දිනා ගත් 50 First Dates, එම වසරේම
පැවැති ඇමෙරකානු ජනතා සම්මාන උලෙළේදී මෙන්ම එම්.ටී.වී චිත්‍රපට සම්මාන උලෙළේදී
හොඳම නළු නිළි යුවළට හිමි සම්මානයද දිනා ගත්තකි. එසේම එම වසරේ පැවැති බී.එම්.අයි.
චිත්‍රපට හා රෑපවාහීනී සම්මාන උලෙළේදී ටෙඩී කැස්ටෙලුසි හොඳම චිත්‍රපටයට හිමි
සම්මානයද දිනා ගත්තකි.
No comments:
Post a Comment