Wednesday, October 23, 2013

නිහඬ වූ අපරාධකරුවන් යළි කැඳවූ Fast and Furious 6



නිහඬ වූ අපරාධකරැවන් යළි කැඳවූ
Fast and Furious

Introduction

නුදුරේදීම මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ තිරගත වීමට නියමිත නවතම චිත්‍රපටයක් ලෙස  Fast and Furious  හයවැන්න හැඳින්විය හැකිය.සුපුරැදු පරිදි ක්‍රිස් මෝගන් තිර රචිත මෙම ක්‍රියාදාම චිත්‍රපටය පසුගිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජස්ටින් ලින්ගේම අධ්‍යක්ෂණයකි.

Production

2010 වසරේ මෙම චිත්‍රපට මාලාවේ හය වැනි ආයෝජනය සිදු කිරීමට       නීල් මොරිස්ට්, වින් ඩීසල් සහ ක්ලේටන් ටවුන්සෙන්ඩ් තීරණය කළ අතර 2011 වසරේ ජනවාරියේ වින් ඩීසල් කළ යෝජනාවට නීල් මොරිස්ට් එක පයින් කැමැති වූ හෙයින් එහි නිෂ්පාදන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ විණ. එසේම මෙහි කතා තේමාව වෙනස් කිරීමටද ඔවුහු උත්සුක වූහ. එනම් මීට පෙර චිත්‍රපටවල පැවැති පොළව යට සිදුවෙන කාර් තරගයක තේමාවෙන් මෙම චිත්‍රපටය වෙනස් කිරීමට ඔවුන් තීරණය කළේය. ඒ අනුව 2011 වසරේ අප්‍රේල් මස මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.එම වසරේ ජුලි මස ලන්ඩනයේදී චිත්‍රපටයට අවශ්‍ය ඡායාරෑප ලබා ගැනුණේ ද මේ අනුවයි. ඉන්පසුව Fast and Furious 6 චිත්‍රපටයේ මූලික රෑගතකිරීම් සඳහා කැනරී දූපතේ,ග්ලැස්ගෝ සහ ලොස්ඇන්ජලීස් යන නගර තෝරා ගැනුණි.

Plot

Fast and Furious පස්වැන්නේ සිටි ඩොමිනික් ටොරෙටෝ ඇතුළු වෘත්තියමය අපරාධකරැවන් විශ්‍රාම ගොස්ය. එනම් දැන් ඩොමිනික් ටොරෙටෝ එලේනා සමගින් ජිවිතයේ සැඳෑ සමය ගත කරයි.ඩොමිනික්ගේ සහෝදරිය මියා, තම සැමියා වන බ්‍රයන් ඔ‘‘*කොනර් සහ ඔවුන්ගේ පුතා වන ජැක් සමගින් ජීවත් වන්නීය. ගිසෙලේ සහ හන් හොංකො ගොසිනි. රෝමන් සහ තේජ් නිදහසේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරති.  එහෙත් ඔවුන් කිසිවකුට මීට පෙර ඔවුන් කළ අපරාධවලින් නිදහස් වීමට නොහැකි වී ඇත.බ්‍රිතාන්‍ය විශේෂ බලකායක් සමගින් ඕව්න් ෂෝ ඔවුන් පසුපස හඹා එන්නේ මෙවැනි වාතාවරණයක් තුළය.ඒ අනුව නැවතත් ඩොමිනික් ඇතුළු පිරිසට එක් වී සටන් වැදීමට සිදුවේ.

Cast

ඩොමිනික් ටොරෙටෝ     - වින් ඩීසල්
බ්‍රයන් ඔ* කොනර් - පෝල් වෝලකර්
ලූක් හොබ්ස්                   - ඩ්වේන් ජොන්සන්
ලෙටී ඔරිට්ස්                   - මිචෙලි රොඩිරිගෝස්
මියා                      - ජෝර්දානා බ්‍රිව්ස්ටර්
රෝමන් පියර්ස්               - ටයිරිස් ගිබ්සන්
තේජ්                     - ක්‍රිස් බ්‍රිජර්ස්
හන්                       -  සුන්ග් කන්ග්
සොල්දාදු ඕව්න් ෂෝ      - ලුක් එවන්ස්

Release

Fast and Furious හයවැන්නෙහි මංගල දර්ශනය පසුගිය මස 7 වැනිදා ලන්ඩනයේ Empire සිනමා ශාලවේ ප්‍රදර්ශනය වූ අතර නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබුණේ උතුරැ ඇමෙරිකාවේ සහ ලන්ඩනයේ එක් මොහොතකය. එහෙත් පසුව එය මැයි 24 දක්වා ප්‍රමාද වූයේ නොවැළැක්විය හැකි හේතූන් හෙයිනි.

Box office

පළමු දිනය තුළදී සිනමා ශාලා 462ක ප්‍රදර්ශනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.4ක ආදායමක් උපයා ගත් මෙම චිත්‍රපටය, දැනටම වසරේ පළමු දින තුළදීම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේ පසුවේ.එනම් Fast and Furious 6 චිත්‍රපටය දෙවැනි වන්නේ Iron Man 3 චිත්‍රපටයට පමණි. එම චිත්‍රපටය වාර්තා කළ ආදායම ඇ.ඩො මිලියන 4.7 කි. එසේම පළමු සතියේදීම ඇ.ඩො. මිලියන 13.8ක ආදායමක් උපයා ගත් මෙම චිත්‍රපටය මේ වසරේ පළමු සතියේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ Iron Man 3 චිත්‍රපටය ආරම්භක සතියේදී ඇ.ඩො. මිලියන 17.6ක ආදායමක් උපයා ගැනීම හේතුවෙනි.

Sequel

පසුගිය අප්‍රේල් මස 04 වැනිදා Fast and Furious චිත්‍රපට මාලාවේ හත්වැන්න නිෂ්පාදනය කිරීමට ද පිඹුරැපත් සැකසුණු අතර එහි පූර්ව නිෂ්පාදන කටයුතු අගෝස්තු මස ආරම්භ වීමට නියමිත බැව් සඳහන්ය. ඒ අනුව ලබන වසරේදී Fast and Furious 7 චිත්‍රපටය ද දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවෙනු ඇත.ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන්නේ මෙම චිත්‍රපටය ලබන වසරේ ජුලි මස 11 වැනිදා නිකුත් වීමට නියමිත බවයි.

මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com
2013/05/27 
හොලිවුඩ් -තරැණයා

No comments:

Post a Comment