Cloudy with a Chance of Meatballs 2
ඔබට මතකද ආහාර හිඟයක් ඇවිත්
ෆ්ලින්ට් කියලා පුංචි තරැණයෙක් හදපු යන්ත්‍රයක් නිසා වතුර දැම්මහම කෑම එන්න පටන්
ගත්තා.ඔහුගේ යන්ත්‍රයකින් හැමෝම ඒ ආහාර ගැලවෙන්න පටන් ගත්තා. ඉන්පස්සේ කෑම වැස්සක්
වැස්සා මතකද ? දැන් ඒ චිත්‍රපටයේ දෙවැනි කොටසත් ඇවිල්ලා. දඒක නම්කරලා තියෙන්නේ Cloudy with a Chance of
Meatballs 2 කියලයි.
මේ සතියේ බොක්ස් ඔෆිස් ආදායම්
ලැබූ චිත්‍රපට අතර වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය වූ මෙය, ඇමෙරිකානු සජීවිකරණ චිත්‍රපටයකි.ජූඩි
සහ රොන් බැරට්ස්ගේ Cloudy with a Chance of Meatballs චිත්‍ර කතා මාලාව ඇසුරින්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටය
තිරගත වීම ආරම්භ කළේ පසුගිය 27 වැනිදාය.
සුපුරැදු පරිදි කෝඩි කැමරන් සහ
ක්‍රිස් පර්න් අධ්‍යක්ෂණය කළ ජෝන් ෆ්‍රැන්සිස් ඩේලේ, ජොනතන් ගෝල්ඩ්ස්ටෙයින් සහ එරිකා
රිවිනෝජා තිර රචනයා කළ Cloudy with a Chance of Meatballs 2 හි අලුත්ම කතා පුවත මෙසේයි.
ෆ්ලින්ට්ගේ යන්ත්‍රය දැන්
ඔහුගේ පාලනයෙන්ද තොර වී තිබේ.මේ අනුව දැන් ඔහු වෙහෙසෙන්නේ නැවතත් එය තමාගේ පාලනයට
නතු කර ගැනීමටයි.ඒ අනුව කෑම වැස්ස නතර කිරීමට ෆ්ලින්ට් ඇතුළු ඔහුගේ යහළුවෝද
වෙහෙසෙති.එහෙත් එය එන්නම බරපතල කාරණයක් බවට පත්වෙයි. ඒ අනුව ඔවුන් තම මව් නගරය දමා
යන්නට සැරසෙයි.එහෙත් නැවතත් ඔවුන්ට මව් නගරයට ඉතා ඉක්මනින් පැමිණීමට සිදුවේ. ඒ ආහාර
යන්ත්‍රය හරහා ඇති වූ අතුරැ ප්‍රතිඵලයක් ලෙස “‘කෑම* සතුන් නම් දරැණු කණ්ඩායමක්
ලෝකය ආහාරවලින්ම විනාශ කිරිමට උත්සාහ දරන බැවිනි. ඒ අනුව එයින් ලෝකය ගැලවීමේ වගකීම
පැවරෙන්නේ ද ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායමටය. ඒ අනුව එය කෙසේ සිදුවීද ? එම වගකීම
ෆ්ලින්ට් සාර්ථකව ඉටු කරාවිද ? අපි බලමු
පළමු චිත්‍රපටයේ ලෙසින්ම බිල්
හේඩර්, ෆ්ලින්ට් ලොක්වුඩ් වෙනුවෙන් පණ පොවනා මෙම චිත්‍රපටයේ, සෑම් ස්පාක්ස්ස්
ලෙසින් ඇනා ෆාරිස් ද , ටිම් ලොක්වුඩ් ලෙසින් ජේම්ස් කාන් සුපුරැදු පරිදි හඬ නළු
දායකත්වය ලබාදෙන Cloudy with
a Chance of Meatballs 2 ට අලුතින්
දායක වූ චරිතය වන්නේ ඔෆිසර් අර්ල්ය. ඊට හඬ නළු දායකත්වය ලබාදෙන්නේ ටෙරී ක්රීව්ස්ය.පළමු
චිත්‍රපටයේ සිට දෙවැනි චිත්‍රපටයට පැමිණීමේදී තවත් චරිත කිහිපයක් මාරැ වී ඇති මෙම
චිත්‍රපටයේ දෙවැන්නක් පිළිබඳ අනාවරණය කෙරැණේ 2010 වසරේ අප්‍රේල් මාසයේදි පමණය.
කෙසේ වෙතත් Cloudy 2: Revenge of the Leftovers ලෙසින් නම්කිරීමට පළමුව යෝජනා වී තිබූ මෙම චිත්‍රපටය, පළමුව නිකුත් කිරීමට
සැලසුම් කර තිබුණේද ලබන වසරේ පෙබරවාරියේදී පමණය.
මාක් මදර්ස්බෝ මියුරැ නාද රටා
නිපැයූ මෙම චිත්‍රපටයේ එන කෝඩි සිම්ප්සන් ගායනා කරන"La Da Dee" ගීතය අතිශයින් ජනප්‍රිය වී ඇති අතර දැන් ඔහු එහි නව
මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමටද සැලසුම් කර තිබේ.
චිත්‍රපටයේ ජනප්‍රියත්වය
කොතරම්ද යත් මේ වන විට Cloudy with a Chance of Meatballs 2 නමින් වීඩියෝ ක්‍රීඩාවක් ද නිකුත් කිරීමට තරම් එය
නිෂ්පාදක කණ්ඩායම පොළඹවා ඇති අතර 2013 සැප්තැම්බර් 24 වැනිදා නිකුත් වූයේ Cloudy with
a Chance of Meatballs 2: Foodimal Frenzy නමින් ජංගම දුරකතනවලට එය නොමිලේ ලබාදෙන ක්‍රීඩාවක් ලෙසිනි.
පසුගිය හයවැනිදා වන විට පමණක් උතුරැ ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන
හැටකට අධික ආදායමක් වාර්තා කළ මෙම චිත්‍රපටය සෙසු රටවලින් ඇ.ඩො. මිලියන 11කට අධික
ආදායමක් වාර්තා කර ඇති නමුත් චිත්‍රපටය සඳහා වැය කළේත් ඇ.ඩො. මිලියන 78ක් පමණි.
පළමු දිනදීම ඇ.ඩො. මිලියන 9.3ක ආදායමක් අත්පත් කර ගත් මෙම චිත්‍රපටය,පළමු සතියේදී වාර්තා කළ ආදායම ඇ.ඩො.
මිලියන 34කි.
මාලන් විදානපතිරණ
marlongovinda@yahoo.com
තරැණයා - හොලිවුඩ්
2013/10/08
No comments:
Post a Comment