Wednesday, October 23, 2013

මේ දිනවල ජනප්‍රියතම මියුසික් වීඩියෝ ත්‍රිත්වය Roar,Mirrors සහ Wrecking Ball ගැනයි මේ



මේ දිනවල ජනප්‍රියතම මියුසික් වීඩියෝ ත්‍රිත්වය
Roar,Mirrors සහ Wrecking Ball ගැනයි මේ 

හොලිවුඩයේ බිල්බෝර්ඩ් දර්ශකය මේ වන විට උඩු යටිකුරැ වෙමින් පවතී.මොහොතින් මොහොත දිනෙන් දින වෙනස් වන ස්වභාවයක් ගෙන ඇති මීට බොහෝ සෙයින් බලපා ඇත්තේ කැතී පෙරීගේ “Roar*, ජස්ටින් ටිම්බර්ලේක්ගේ සම්මානනීය ගීතය වන "Mirrors" සහ අඩ නිරැවත් දර්ශන රුසක් ගත් මිලේ සයිරස්ගේ Wrecking Ball ගීතයයි.ඒ  එම ගීත තුන ගෙන දෙන කන්කළු ස්වභාවයමයම නොවෙයි. එහි ඇති නෙත්කළු ස්වභාවයයි.‍ මේ ඒ පිළිබඳව තබනා කෙටි සටහනකි.

# 01)  Katy Perry 's "Roar"
එළඹෙන ඔක්තෝබර් මස 22 වැනිදා නිකුත් වීමට නියමිත මෙය ඇගේ සිව්වන ගීත ඇල්බමයයි. Lukasz "Dr. Luke" Gottwald, Max Martin, Bonnie McKee සහ Henry "Cirkut" Walter ගීතයේ තිරයෙන් පසුපස සිට දායකත්වය ලබා දී ඇති මෙම ගීතය සැළකෙන්නේ මධ්‍ය ලයෙන් ගායනා කරන ලද පොප් ගීතයක් ලෙසිනි. (midtempo power pop song).

පසුගිය අගෝස්තු මස 10 වැනිදා ගුවන්විදුලි නාලිකාවලට ලබා දෙමින් ප්‍රචාරණය ඇරඹි මෙම ගීතය වැඩිමනක්ම ජනප්‍රිය වූයේ එහි රෑප රචනය සමග මියුසික් වීඩියෝව ජනගත වූ පසුය. එනම් ඉන් දෙදිනකට පසු නිකුත් වූ මෙහි මියුසික් වීඩියෝව iTunes, YouTube, and Amazon ආදියෙහි අතිශයින් ජනප්‍රිය වූ අතර මෙය නරඹා ඇති ප්‍රමාණය මිලියන 70 ඉක්මවන්නේය.එසේම සමස්තයක් ලෙස ගත් කළ ගීත විචාරකයන්ගෙන් පවා ධනාත්මක විචාර ලබාගැනීමට සමත් වීම කැපී පෙනේ. එනම් වෙනස්ම ආකාරයේ ත්‍රාසජනක ක්‍රියාවන්ට මුහුණ දෙමින් වෙනස්ම අත්දැකීමකට මුහුණදෙන පෙරී, මෙහිදී අලින්,වඳුරන්,කිඹුලන්,කොටීන් යොදා ගනිමින් කර ඇති වික්‍රමය බොහෝ දෙනාගේ විස්මයට හේතු වී ඇත.එසේම වර්ණවත් භාවය, ආලෝකකරණය,දෘශ්‍ය ප්‍රයෝග සහ විශේෂ ප්‍රයෝග විචාරකයන්ගේ නෙත ගැටුණූ සාධක කාරණා ලෙස දැක්විය හැකි අතර මෙහි ඇඳුම් නිර්මාණ, අසීරැ සංස්කරණය මගින් කර ඇති රෑප සංකලනය, ගීතයේ රිද්මය තබා ගනිමින් කර ඇති දර්ශන මාරැ කිරීම්, කැමරාකරණය ද කතාබහට ලක් වී ඇත.2010 වසරේ ඇගේ "Firework" ගීතය ඇතුළු සෙසු ගීතවලට සාපේක්ෂව වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කර ඇති මෙම ගීතය, දින තුනක් පුරා ග්‍රේඩි හෝල් සහ මාක් කුඩ්සිගේ අධ්‍යක්ෂණය යටතේ රෑප රචනා වූවකි.

රෑප රචනයෙන් කියැවෙන කතාව සැකෙවින් මෙසේයි.

පෙරී සහ ඇගේ පෙම්වතා වන බ්‍රයන් නාජෙල් ගුවන් යානා අනතුරකින් අනූනවයෙන් බේරෙති.එහෙත් අනපේක්ෂිත ලෙස තම පෙම්වතාගේ ඇඟෙට කොටියෙකු කඩා පනියි. ඉන් අනතුරැව බියට පත් වන පෙරී, වනය තුළට ගමන් කරන්නේ බියමුසු සැකයෙනි. එහෙත් අවසානයේ සියලු සත්තු ඇඟේ මිතුරෝ වෙති.පෙරී වනයේ රුජින බවට පත්වන්නේ මේ අනුවයි. 

#14) Miley Cyrus's Wrecking Ball

තම පෙම්වතා වන ලියාම් හෙම්ස්වර්ත් වෙනුවෙන් නිර්මාණය කරනා ලද ගීතයක් ලෙස බොහෝ මාධ්‍ය හඳුන්වනු ලබන මෙම ගීතය, සයිරස්ගේ සිව්වන ගීත ඇල්බමයේ ගීතයකි. එය පසුගිය 16 වැනිදා නිකුත් වූයේය.ලූකස් ගොට්වෝල්ඩ්,මොරින් ඈන් මැක්ඩොනල්ඩ්,ස්ටීවන් මොකියෝ,සචා ස්කාර්බෙක් සහ හෙන්රි රසල් වෝල්ටර් නිර්මාණ දායකත්වය ලබා දුන් මෙම ගීතය නිෂ්පාදනය කර ඇත්තේ ඩොක්ටර් ඩියුක් සහ හෙන්රි රසල් වෝල්ටර් විසිනි. ඒ RCA Records වෙනුවෙනි.ඒ අනුව ඇය මෙම නිෂ්පාදන සමාගම සමග ගිවිසුම්ගත පළමු ගීත ඇල්බමය මෙයයි.අඩ නිරැවත් දර්ශන මෙන්ම නිරැවත් දර්ශන කිහිපයකින්ද සමන්විත නිසාදෝ මියුසික් වීඩියෝව බෙහෙවින් ජනප්‍රිය වී ඇති මෙම ගීතය,යූ ටියුබ් සඳහා මුසු කළ පසු නව වාර්තාවක් තැබීමට සමත් වූවකි. ඒ පැය විසි හතරක් ඇතුළත මෙම ගීතය මිලියන 19.3ක පිරිසක් නැරඹීම හේතුවෙනි.(මේ අනුව ඇය One Direction කණ්ඩායමේ Best Song Ever ගීතය පැය විසි හතරක් ඇතුළත මිලියන 12.3ක් නරඹා තිබීමේ වාර්තාව බිඳ හෙලුවාය. )එහෙත් ආදරය, විරහව ඇගේ පුළුල් හඬ පරාසය භාවිතා කරමින් ගායනා වන මෙම ගීතය ගුවනට මුසු වූයේ අගෝස්තු 25 වැනිදාය.

Wrecking Ball යනු පොප් ගීතයක් ලෙස tempo of 60 beats per minute ආකාරයෙන් ගලා යන, key of D minor ආකාරයට ලියැවුණු, ස්වර පරාසය Dm–F–C–Gm, සහ සයිරස්ගේ හඬ පරාසය ලෙස F3 සිට B4 දක්වා විහිදී යන්නකි.      

පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා මියුසික් වීඩියෝව සයිබර් අවකාශයට ගොනු වුණු මෙම ගීතයේ රෑප රචනය අධ්‍යක්ෂණය කර ඇත්තේ ටෙරී රිචඩ්සන්ය.ආන්දෝලනාත්මක රෑප රචනයක් බැවින් දැඩි විවේචන මෙන්ම ඇගයීම්ද ලැබෙමින් පවතින මෙම ගීතය දැනට නරඹා ඇති ප්‍රමාණ මිලියන 106 ඉක්මවන්නේය.ඒ අනුව ඇයගේම මීට පෙර ගීතය වන We Can' Stop ගීතය දින 37කදී මිලියන 100ක ප්‍රේක්ෂකයන් පිරිසක් එක්කාසු කර ගනිමින් තැබූ ඇගේ වාර්තාවක් ද මෙහිදී බිද වැටුණි.

#2) Justin Timeberlake's Mirrors

මීට සති කිහිපයකට පෙර නිමාවට පත් MTV Video Music Awards සම්මාන උලෙළේදී වසරේ හොඳම මියුසික් වීඩියෝව සහ හොඳම මියුසික් වීඩියෝ සංස්කරණයට හිමි සම්මාන දෙකම දිනා ගත් මෙම Mirrors,එහිදී හොඳම ගායනය (පිරිමි), හොඳම පොප් වීඩියෝව යන සම්මාන සඳහාද නිර්දේශ වූවකි. මේ වන විට මිලියන 103කට ආසන්න පිරිසක් නරඹා ඇති මෙම ගීතය රචනා කර ඇත්තේද ටිම්බර්ලේක් විසිනි. නිෂ්පාදනයද ඔහුගෙනි.මිනිත්තු හතර හමාරක් පුරා ගුවනේ ඇසෙන පරිදි සංස්කරණය වුව ද මෙම ගීතය, රෑප රචනාවක් සඳහා පැමිණෙන විට මිනිත්තු අටක් තරම් දීර්ඝ ගීතයක් බවට පත්ව තිබීම කැපී පෙනේ.ටිම්බර්ලේක්ගේ දෙවැනි ගීත ඇල්බමය වන The 20/20 Experience හි එන ගීතයක් වන Mirrors,පසුගිය පෙබරවාරි මස 11 වැනිදා නිකුත් වුවද ජනප්‍රිය වන්නට පටන් ගත්තේ ඉතා මෑතක සිටයි.ඒ එකල එය සීමා සහිත නිකුත් කිරිමක් සිදුකළ බැවිනි.
ධනාත්මක විචාර මධ්‍යයේ පළමු සතියේදී පමණක් ලක්ෂ එක හමාරකට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ මෙම පොප් ගීත ඇල්බමය දැනට ඇමෙරිකාවෙන් පමණක් පිටපත් ලක්ෂ විසි දෙක හමාරක් අලෙවි වූවකි.

ෆ්ලෝරියා සිගිස්මොන්ඩි අධ්‍යක්ෂණය කළ මෙම මියුසික් වීඩියෝවට තේමා වන්නේ එකිනෙකට වෙනස් වූ කාල සම තුනක් පිළිබඳ රෑපාවලියකි.එනම් ගර්භණි සමය, එහි වර්ධනීය අවස්ථාව සහ අඹු- සැමියන් තමාගේ ජීවිතවලට ඇතුළත් වීම වැනි සංකීර්ණ තේමාවක් රුගත් මෙම පොප් ගීතය ආරම්භ වන්නේ 1950 දශකයේදී තම පෙම්වතා බීම හලකදී හමුවීමේ සිට රෑප පෙළගැසෙන අයුරිනි.එනම් Mirrors යන්නෙන් ටිම්බර්ලේක් අදහස් කර ඇත්තේ තම ජිවිතය දෙස ආපසු හැරී බලන ආකාරය නිරෑපණය කිරීමයි.එනිසා ධනාත්මක විචාර සහ සම්මාන පවා මෙම මියුසික් වීඩියෝවට ලැබීමට හේතු වී ඇත්තේ පොප් ගීතයකට මෙවැනි අභියෝගාත්මක තේමාවක් මුසු කිරිම නිසා විය හැකිය.      

මාලන් විදානපතිරණ
marlongovinda@yahoo.com
තරැණයා - හොලිවුඩ්
2013/09/16
   

No comments:

Post a Comment