Tuesday, October 22, 2013

කාන්ස් චිත්‍රපට උලෙළේ ආන්දෝලනාත්මක හොඳම චිත්‍රපටය “Blue is the Color Warmest *



කාන්ස් චිත්‍රපට උලෙළේ ආන්දෝලනාත්මක හොඳම චිත්‍රපටය
“Blue is the Color Warmest *

Winning Moment of Cannes

මෙවර කාන්ස් චිත්‍රපට උලෙළ පසුගිය මස අගදී නිමා වුවද එහි උණුසුම තවමත් පහව ගොස් නොමැත. එනම් සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් ඇතුළු විනිසුරැ මඬුල්ල වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් තෝරන ලද Life Adele තවමත් විවාදයට පාත්‍ර වේ. ඒ මෙහි ප්‍රධාන කතා සාරාංශයට පදනම් වන්නේ සම ලිංගිකත්වය බැවිනි. කෙසේ නමුත් චිත්‍රපට විචාරකයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙන ප්‍රධානතම චිත්‍රපට උලෙළක් වන කාන්ස් චිත්‍රපට උලෙළේදී හොඳම සිනමාපටය වූයේ La Vie d'Adele (ප්‍රංශ නාමය) නිර්මාණයයි. මෙහි ඉංග්‍රීසි අර්ථය Blue is the Color Warmest *යි. මෙවර තරැණයා අවධානය මෙම චිත්‍රපටය පිළිබඳවයි.

Introduction of the production

ප්‍රංශ නාට්‍යමය චිත්‍රපටයක් වන “Blue is the Color Warmest * අබ්ඩේලාතිෆ් කෙචිචේ තිර රචනා කොට කළ අධ්‍යක්ෂණය කළ නිර්මාණයකි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේත් ඔහු විසින්මය. ලබන ඔක්තෝබර් මස ප්‍රංශයේදී නිකුත් කිරිමට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටය, ජූලියා මරෝගේ “Blue is the Color Warmest * නම් චිත්‍ර නවකතාව (Graphic Novel ) ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.  

Synopsis

ඇඩෙල් යනු පහළොස් හැවිරිදි වියේ පසුවන දැරියකි.ඇය තරැණයන් මුණ ගැසීමට බලවත් සේ ආශා කරන්නීය.ඒ ඇගේ සිහින කුමරා සොයා ගැනීමට ඈ නිරතුරැවම සිහින මවනා නිසාවෙනි. මේ අතර ඇයට තෝමස් නම් තරැණයකු හමුවේ.ඒ අනුව තමන් සෙවූ සිහින කුමරා තෝමස් බැව් ඇඩෙල් සිතන්නට පටන් ගනියි.එහෙත් තෝමස්, ඇඩෙල් ඇසුරැ කරන්නේ මිතුරියක ලෙසිනි.ඒ තෝමස් අද්භූත පුද්ගලයකු බැවිනි.කෙසේ නමුත් ඇඩෙල්ට මෙම තරැණයා හමුවන දිනදීම එමා නම් නිල් පැහැති කෙස් කළඹක් සහිත කාන්තාවක් මුණ ගැසේ.මේ අනුව තෝමස්,එමා,ඇඩෙල් යන පුද්ගලයන් තිදෙනාගේම ජිවිත එමාගේ හමුවීමෙන් වෙනස් වේ.

Cast

එමා - ලියා සේඩවුක්ස්
ඇඩෙල් - එක්සාකෝපෝලෝස් ඇඩෙල්
සමීර් - සලීම් කෙචියව්චේ
ලිස් - වොල්රාවෙන්ස් මෝනා
තෝමස්  - ජෙරෙමියා ලෙහෙර්ටේ

Production

Threepenny movies චිත්‍රපටයක් ලෙසින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ජූලියා ලමයිරේගේ කලා අධ්‍යක්ෂණයෙන් නිපැයූවකි. Blue is the Color Warmest  චිත්‍රපටයේ සිනමා කැමරාකරණය සොෆියන් එල් ෆනිගෙනි. වර්ණ - 2.35: 1 - 35 mm සිනමා කැමරාකරණයෙන් නිපැයුණු Blue is the Color Warmest හි සමස්ත ධාවන කාලය පැය තුනකට ආසන්නය.සියලු පටිගතකිරීම් කටයුතු ජෙරෝම් චෙනිවෝ සිදුකළ මෙම සිනමාපටය වෙනුවෙන් දැරෑ සමස්ත පිරිවැය යුරෝ මිලියන 04කි.

Other Awards of Cannes Film Festival 2013

මෙහි හොඳම චිත්‍රපටයට හිමි අනුශූරතාවය(දෙවැනි ස්ථානය) දිනා ගත්තේ Inside Llewyn Davis චිත්‍රපටයයි. ඇමෙරිකානු චිත්‍රපටයක් වන මෙහි නිර්මාණකරැවන් වන්නේ ඒතන් සහ ජොයෙල් කොයෙල් සහෝදරයන්ය.එසේම මෙහි තෙවැනි ස්ථානයට හිමි ජූරි ත්‍යාගය හිමිකර ගත්තේ සොෂිටේ චිචි නි නරැ ("Like Father, Like Son") නම් ජපන් චිත්‍රපටයයි. එය කුරේ - එද හිරොකාසුගේ අධ්‍යක්ෂණයකි. මෙහිදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසින් Heli  නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ  අමට් එස්කලන්ටේ(මෙක්සිකෝ) සම්මාන දිනා ගත් අතර හොඳම තිර රචනයට හිමි සම්මානය ලැබුණේ Tian Zhu Ding (A Touch of Sin) සිනමාපටයයි.ඒ  ජියා සැන්ග්කේ (චීන) විශිෂ්ට කතා සංකල්පය වෙනුවෙනි.

මෙවර හොඳම චිත්‍රපට නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ බෙරෙනයිස් බෙජෝය. ඒ ගියවර ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් අස්ගාර් ෆර්හාඩිගේ - Le Passé ("The Past") (ප්‍රංශ) චිත්‍රපටය වෙනුවෙනි.ඉරාන ජාතික ෆර්හාඩි අධ්‍යක්ෂණය කළ ප්‍රථම ප්‍රංශ චිත්‍රපටය වන්නේද Le Passé ("The Past")ය.කෙසේ නමුත් බෙරෙනිස් නම් ප්‍රංශ නිළිය ජාත්‍යන්තරයේ අවධානය දිනාගත්තේ 2012 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය වූ The Artist  කළු - සුදු චිත්‍රපටයේ කළ විශිෂ්ට රඟපෑමත් සමගිනි.ඒ අනුව ඇය එම ඔස්කාර් සම්මාන උලෙළේදි හොඳම සහාය නිළිය සම්මානයටද නිර්දේශ විණ. කාන්ස් චිත්‍රපට උලෙළේ හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ බෘස් ඩර්න්  විසිනි. ඒ Nebraska (ඇමෙරිකානු) චිත්‍රපටය වෙනුවෙනි. හොඳම නැගී එන චිත්‍රපට අධ්‍යක්ෂවරයා සම්මානය දිනා ගත්තේ අන්තෝනි චෙන් (සිංගප්පූරැ) විසිනි. ඒ Ilo Ilo  චිත්‍රපට නිර්මාණය වෙනුවෙනි. මෙහිදී හොඳම කෙටි චිත්‍රපටය සම්මානය දිනා ගත්තේ Safe යන නිර්මාණයයි. මෙය මූන් බ්යන්ග් -ගොන් නම් දකුණු කොරියානු ජාතික අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයකි.

මාලන් විදානපතිරණ
marongovinda@yahoo.com
 තරැණයා හොලිවුඩ් 

2013/06/15





No comments:

Post a Comment