ටයිටැනික් නෞකාවේ වයලීනයත් වෙන්දේසි
වෙයි
මාලන් විදානපතිරණ
අනුවේදනීය ටයිටැනික්
ඛේදවාචකයේදී මුහුද පතුලට ගියා යැයි විශ්වාස කෙරෙන වයලීනය පසුගිය සතියේ පැවැති
ටයිටැනික් බඩු භාණ්ඩ වෙන්දේසියකදී ස්ටර්ලින් පවුම් ලක්ෂ නවයකට වෙන්දේසි වූයේ එහිදී
වෙන්දේසි වූ වැඩිම වටිනාකමින් යුක්ත භාණ්ඩය වෙමිනි.
1912දී උතුරැ අත්ලාන්තික්
සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවෙන් මෙම වයලීනය ගොඩගන්නා විට එහි ඉතිරිව
තිබුණේ තත් දෙකක් පමණෙකි.නැව ගිලුණත් බෑන් චූන් ගැසූ බෑන් චූන් කණ්ඩායමේ සිටි
වොලස් හාට්ලිට අයත් වයලීනය ලෙස සැළකෙන මෙම වයලීනයෙන් ඔහු නැව සම්පූර්ණයෙන්ම මුහුද
බත් වන විටත් “Nearer, My
God, To Thee” ගීතය වාදනය
කරමින් සිටි බව වාර්තා වේ.
හාට්ලි ඇතුළු සම්පූර්ණ වාදක මණ්ඩලය ඇතුළුව 1500 අධික පිරිසට මුහුදට බිලිගත්
මෙම අනතුර සිදුවූයේ 1912 වසරේ අප්‍රේල් මස 15 වැනිදාය.
කෙසේ නමුත් මෙම වයලීනය ගොඩගනු ලැබූ පසු 2006 වසරේ සිට පැවතුණේ.
හාට්ලිගේ මවගේ නිවසේය.
එහෙත්
මෙහි නියම අයිතිකරැවා ඔහුමද යන්න තහවුරැ කර ගැනීමට කාලයක් තිස්සේ පර්යේෂණයට ලක්
කිරීමට හෙන්රි ඇල්ඩ්රිජ් ඇතුළු ටයිටැනික් නෞකාවේ භාණ්ඩ වෙන්දේසිකරැවන්ට සිදුවූ අතර වසර හතක්
පුරා හාට්ලිගේ ජීවිත කතාවද අධ්‍යයනය කළ ඔවුන්ට අවසන් නිගමනයකට එළඹීමට හැකිවූයේ
එවිටයි.
2013/10/24
අද පුවත්පත
No comments:
Post a Comment