මාලන් විදානපතිරණ
මේ දිනවල දකුණු අපි‍්‍රකාවේ ලෝක කුසලානයට පෙර පැවැත්වෙන අවසන් තරගාවලීන්ගෙන් එකක් පැවැත්වෙමින් තිබේ. ඒ සංචාරක ඉන්දීය පිල සමගයග මේ වන විට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් කරමින් දකුණු අපි‍්‍රකානු පිල ද කරට කර සිටී. ගැරී කර්ස්ටන් හා හර්ෂල් ගිබ්ස් මීට කලකට පෙර දකුණු අපි‍්‍රකාවේ සිටි බිහිසුණු ටෙස්ට් හා එක්දින ආරම්භක පිතිකරුවන් යුගලයකි. මේ ස්ථානයේ අද ග්රැහැම් ස්මිත් සමග කටයුතු කරන එක් පිතිකරුවෙක් ලෙස ඇල්විරෝ පීටර්සන් හඳුන්වා දිය හැක. ඔහු නිමා වූ ඉන්දු- දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලියේ ද ආරම්භක පිතිකරැවා ලෙස කටයුතු කළේය.
නදර්න්ස් පිලෙන් කි‍්‍රකට් ආරම්භ කළ පීටර්සන් මීට අමතරව දැනට ලයන්ස්, නෝර්ත් වෙස්ට්,ටයිටන්ස් කණ්ඩායම් නියෝජනය කරයි.කාලයක් තිස්සේ ආරම්භක පිතිකරුවන් ලෙස කී‍්‍රඩා කළ බොහෝ දකුණත් ටෙස්ට් පිතිකරුවන් ප්‍රහාරාත්මක පිතිකරුවන් වුව ද පිටියේ රුඳී සිට ස්ථාවර වී පන්දුවට පහර දෙන මේ දකුණත් පිතිකරුවා ටෙස්ට් තරගවලට මනාව ගැලපෙන දකුණු අපි‍්‍රකාවට හිමි වූ වෙනස්ම තලයේ ආරම්භක පිතිකරුවෙකි. මේ නිසා ම කණ්ඩාමේදී පීටර්සන් ‘‘ද ලොකර්’’ යන සුරතල් නාමයෙන් හඳුන්වයි.
2000/2001 තරග සමයේදී පළමු පෙළ තරග පිටියට පිවිසීමට වරම් ලද පීටර්සන් තරග 106කට කී‍්‍රඩා කර ඇති ඉනිම 191කදී ලකුණු 37.66ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 6817ක් ලබාගෙන ඇත. එයට ශතක 19ක් සහ අර්ධ ශතක 30ක් ඇතුළත්ය. පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 152කි. දකුණු අපි‍්‍රකානු ඒ කණ්ඩායමට ද කී‍්‍රඩාකර ඇති ඔහු එහිදී තරග 121කදී ඉනිම 116ක් තුළදී ලකුණු 3465ක් ලබාගෙන ඇත්තේ 31.78ක් සාමාන්‍යයක් රඳයා ගනිමිනි. එයට ශතක 5ක් ද අර්ධ ශතක 22ක් ද ඇතුළත්ය.
තවමත් තිස් හැවිරිදි වියේ පසුවන පීටර්සන් ටෙස්ට් පිටියට පිවිසියේ 2010 තරම් ඉතා මෑතකදී නමුත් එක්දින පිටියට පිවිසියේ 2006 වසරේදීය. ඒ දකුණු අපි‍්‍රකාවේ සංචාරය කළ සිම්බාබ්වේ පිල අතර පැවති තරග හතරකින් සමන්විත දෙවන තරගයේදීය. දකුණු අපි‍්‍රකාවේ ඊස්ට් ලන්ඩන්හි පැවති ඒ තරගයේදී ඔහු පිටියට පිවිසියේ පිතිකරණ ලැයිස්තුවේ අංක 3 පිතිකරුවා ලෙසය. එහෙත් එහිදී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 20ක් පමණි. එයින් පසුබට නොවූ ඔහු ඊළඟ තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙස ලද උසස් වීමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්තේ පන්දු 74ක් තුළ ලකුණු 80ක් ලබා ගනිමිනි. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 10ක් ද දැවැන්ත හයේ පහරක් ද අයත් වේ. ඔහු එයින් තමා ඕනෑම තරග රටාවකට ක්ෂණයෙන් සකස් විය හැකි අවශ්‍ය මොහොතකදී වේගයෙන් ලකුණු රුස් කළ හැකි පිතිකරුවකු බව මොනවට ඔප්පු කළේය. එම තරගයේදී ආරම්භක සබඳතාවය ලෙස ලකුණු 160 සටහන් වූයේ පන්දු 123කිනි. එහිදී අනෙක් අන්තයේ සිට ලූට්ස් බොස්මන් පන්දු 70ක් තුළදී රුස් කළ ලකුණු 88 ද අමතක නොකළ යුතුය. මේ වන විට එක්දින අන්තර්ජාතික තරග 14කට සහභාගී වී ඉනිම 12කදී ලකුණු 377ක් රුස් කරගෙන සිටින පීටර්සන්ගේ ඉනිමක සාමාන්‍යය ලෙස 34.27 සටහන් වේ. එයට අර්ධ ශතක 4ක් ද ඇතුළත්ය.
තම මංගල ටෙස්ට් තරගය කී‍්‍රඩා කිරීමට වසර හතරක් පුරා සටන් කළ වසර හතරකට ආසන්න කාලයක් බලා සිටීමට සිදු වූ මේ පිතිකරැවා තමාට එයින් සිදු වුණේ බලවත් අසාධාරණයක් බව ප්‍රකාශ කළේ පිත්තෙනි. 2010 වසරේ පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ කොල්කටාහිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට දකුණු අපි‍්‍රකානු නායක ග්රැහම් ස්මිත් තීරණය කළේය. එය වැරදි තීරණයක් බව ඔහුටම පසක් කර දෙමින් ලකුණු හතරක් ලබා සිටි නායක ස්මිත් පිටියෙන් ඉවත් වූයේය. ඉන්පසු හෂීම් අම්ලාට එක් වූ පීටර්සන් ලකුණු 209ක සබඳතාවයක් ගොඩනැගුවේ කි‍්‍රකට් ඉතිහාස පොතට තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබා ගත් පිතිකරුවන් අතරට පීටර්සන් ද එක් වෙමිනි. එහිදී පන්දු 164කදී ඔහු ලබා ගත් ලකුණු ලකුණු සියයට හතරේ පහර 16ක් ඇතුළත්ය. දැනට ටෙස්ට් තරග 8කට සහභාගීව ඉනිම 15කදී ලකුණු 529 රැුස් කරගෙන ඇති ඔහුගේ ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ 35.26ක් ලෙසිනි. එයට අර්ධ ශතක 3ක් හා ශතකයක් ඇතුළත්ය. පන්දුවට පහර දීමේ වේගය 60.97ක් ලෙස දැක්වේ.
තමා ටෙස්ට් හා එක්දින තරගවලට යන තරග රටා දෙකට ම යෝග්‍ය පිතිකරුවකු බව දැනටමත් ප්රත්යක්ෂ කර ඇති පීටර්සන්ට දස්කම් දැක්වීමට තරම් තරග නොලැබීම නිසාදෝ තවමත් විස්ස විස්ස තරගවලදී සාර්ථක වී නැත. එහෙත් ඔහු පළමු පෙළ විස්ස විස්ස තරග 40කට සහභාගීව ඉනිම 36කදී ලකුණු 919ක් ලබාගෙන ඇත්තේ 30.63ක සාමාන්‍යයක් රඳවා ගනිමින් නොදැවී ලබා ගත් ලකුණු 78 ද ඇතුළුව අර්ධ ශතක හයක් ඔහුගේ වාර්තා පොතේ සටහන් ව තිබීම අමතක කළ නොහැක.
පසුගිය ටෙස්ට් තරගාවලියේදී දැක්වු දස්කම් මෙන්ම පසුගිය වසරේ මැද භාගයේ කොදෙව් පිලට එරෙහිව පැවති තරඟාවලියේ දැක් වූ දස්කම් මත ද ලෝක කුසලාන දකුණු අපි‍්‍රකානු සංචිතයට ඇතුළත් විය යුතු,ඇතුළ
සටහන-මාලන් විදානපතිරණ
No comments:
Post a Comment