ටයිටැනික් චිත්‍රපටයේ ජැක් ඩෝසන් අවුරැදු පහළොවක් තිස්සේ මුහුද යට
- මුහුදු පත්ල සිප ගත් ටයිටැනික්
පුරාවෘත්තයට මේ වසරේදී වසර සියයක් සපිරැණි. එසේම ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ ටයිටැනික් ඛේදාන්ත චිත්‍රපටයද මේ
වසරේදී වසර පහළොවක් සැපිරේ. 1997 වසරේ තිරගත කෙරැණු ටයිටැනික් චිත්‍රපටය ලෝ පුරා
ප්‍රදර්ශනයෙන් ඇ.ඩො. බිලියන 1.8ක අති විශාල ආදායමක් වාර්තා කළ අතර එම වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම
චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් සම්මාන 14ක් හිමිකර ගත්තේය. එමෙන්ම එහි
හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වූ ලියනාඩෝ
ඩිකැප්‍රියෝ එයින් තම සිනමා සලකුණ සනිටුහන් කිරීමටද සමත් වූයේය.එය කෙසේද යත් ඔහුට
වැල නොකැඩී What's Eating Gilbert Grape, Romeo and Juliet, and of course,
Growing Pains ආදී චිත්‍රපට ලැබෙන්නට විණ.එසේ නම් වසර විසි එකක සිනමා ජීවිතය පිළිබඳ
ඩිකැප්‍රියෝගේ හඬ අවදි කිරීමට හොඳම අවස්ථාව මෙය වේ. මේ සටහන
ලියැවෙන්නේ හිටපු හොලිවුඩ් සංස්කාරකවරයකු වන ඉන්ග්‍රීඩ් සිස්කි කළ සම්මුඛ
සාකච්ඡාවක් ඇසුරිනි.
අපි දන්න තරමින් බොහෝ තරැණ
හොලිවුඩ් නළුවන් බිහිවන්නේ ධනවත් පවුල්වලින්. ඒත් මේ කාරණාව ඔබට වලංගු වෙලා නැහැ ?
මම ඉපදුණේම නළුවෙකු
වෙන්න හිතාගෙනමයි.ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම සිහින මැවුවේත් උත්සාහ කළේත් ඒ
හීනය සැබෑ කරගන්නයි.අනික මගේ දෙමාපියෝ පවා
දැනගෙන හිටියා මම හරිම මිත්‍රශීලී ළමයෙක් කියලා. ගෙදරට කවුරැහරි ආවත් ඒගොල්ලන්ගේ
හිත දිනාගන්න මම මොනවා හරි කරනවා.හැබැයි මම ඒක ඕනැකමින් කරන දෙයක් නෙමෙයි. ඉබේම
ඇඟෙන් එන දෙයක්.ඒ හින්දා අපේ අම්මා මගේ ආසම කරපු දේ වුණේත් ඒකමයි.
අපි සල්ලිකාර මිනිස්සු
නෙමෙයි.අපි හොලිවුඩ්වල ජිවත් වුණු බව හැබෑවක්.ඒත් අපේ අල්ලපු ගෙදර මනුස්සවත් ඒ
තරම් සල්ලි තිබ්බ කෙනෙක් නෙමෙයි.ඒත් අපේ අම්මලාට කලාව ගැන හොඳ රසඥතාව තිබ්බා. ඒ
නිසා තමයි ඔවුන් මට හොඳ කලාත්මක පරිසරයක් ගොඩනැගුවේ. ඒගොල්ලෝ දැනගෙන හිටියා මට ඒක
අවශ්‍ය බව.ඒ නිසාම ඒගොල්ලෝ මාව කෞතුකාගාර බලන්න එක්කගෙන ගියා. කලාවට සම්බන්ධ
පොත්පත් ගෙනැල්ලා දුන්නා. ඒවා ආස හිතෙන විදිහට කියලා දුන්නා..ඒත් දවසට පැය දෙකක්
අපේ පැත්තේ University Elementary School ට මාව එක්කන් ගියා. ඒත්
මට ඉගෙන ගන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒත් තාත්තා නම් ඒ දවස්වල මාව ආපහු එක්කන් එන්න
ඉස්කෝලේට එනවා. මොකද අපේ තාත්තා හරියට ඉගෙන ගත්තේ නැති වුණත් නිව්යෝර්ක්වල දක්ෂ
චිත්‍ර ශිල්පියෙක්. ඒ නිසා අපේ ගෙදර කලාවට සම්බන්ධ උපසංස්කෘතියක් ගෙදරම ගොඩනැගුණා.ඉතින්
මේකට සල්ලි තියෙන්නම ඕනේද ?
ඒත් අම්මයි තාත්තයි
දික්කසාද වුණා නේද ? කවදාද ඒක සිද්ධවුණේ ?
ඒක මම ඉපදෙන්නත් කලින්
සිද්ධවෙච්ච දෙයක්.ඒ නිසා මම පොඩි කාලේ ඉඳලම ජීවත්වුණේ ලෝක දෙකක. ඒකට මම පොඩි කාලේ
ඉඳන්ම හැඩගැහුණා.
ඔව්. මට එකොළහ වසරේදිම ඉගෙනීම එපා වුණා. ඒ නිසා 12 වසරේදී මම හුඟක් වෙලාවට වැඩ කළේ ගෙදර ඉඳන්. මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ වෙළඳ දැන්වීම් කලාවෙන්. මම දැනට වෙළඳ දැන්වීම් 30ක් 40ක් විතර කරලා තියෙනවා.ඒ අතරේ මට ලිංගිකත්වය, ලිංගික සබඳතාව ගැන ජනප්‍රිය නිළි පෝලි ෂෝ එක්ක කතා කරන්නත් ලැබුණා.
ඇත්තටම ?
ඔව්. දවසක් අපි දෙන්නා
මෙට්ටයක් උඩට ඇවිල්ලා පැයක් විතර මේ ගැන කතා කළා. ඒක නම් මට දැන් හීනයක් වගේ.
හැබැයි එදා එයා මට කෙල්ලෝ ගැන හුඟක් දේවල් කියලා දුන්නා. ගෑණුන් පිරිමින්ගෙන්
බලාපොරොත්තු වෙන දේවල්, ගෑණුන්ගේ ආශාවල්.ඒකේ වැදගත්කම දැන් තමයි මට තේරෙන්නේ.
එතකොට වයස කීයක් විතර
ඇද්ද ?
එතකොට මට අවුරැදු දහ
හතරක් පහළොවක් ඇති
ඒත් ඔබ ලිංගිකත්වය වගේ භයානක දෙයක් ගෑණු ළමයෙක් එක්ක කතා කිරිම වැදගත්
කියලා හිතන්නේ ඇයි ?
මම හිතන්නේ ඒක නළුවෙකුට
හුඟක් වැදගත්. ඒත් හැමෝටම මේක අවශ්‍යයි කියලයි මට නම් හිතන්නේ.විශේෂයෙන්ම තමන්ගේ
ප්‍රතිවිරැද්ධ ලිංගිකයා ගැන හරිහැටි අවබෝධයක් නොතිබ්බොත් සමාජයේ ජිවත්වෙන්න
අමාරැයි. ඒ වගේම මේක තමන්ගේ ප්‍රතිරෑපයක් ගොඩනගා ගැනීමේදිත් හුඟක් වැදගත්.
මාලන් විදානපතිරණ
mgovindaw@gmail.com
No comments:
Post a Comment