සිව්වරක් විවාහ වූ නයිට්වරයා
බෙන් කිංස්ලි
මාලන්
විදානපතිරණ
පසුගිය
සතියේ පැවැති මැඩ්රිඩ් සිනමා උලෙළේදී ශ්‍රී ලංකාවේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය
කළ A Common Man චිත්‍රපටය වෙනුවෙන් හොඳම
නළුවා සම්මානය දිනා ගැනීමට සුපිරි හොලිවුඩ් නළු සර් බෙන් කිංස්ලි සමත් විය.
ඔස්කාර්, ග්‍රැමී, BAFTA සම්මාන එක බැගින්ද,ගෝල්ඩන්
ග්ලෝබ් සම්මාන දෙකක්ද හිමිකර ගත් මෙම බ්‍රිතාන්‍ය නළුවා වඩාත්ම ප්‍රචලිත වූයේ ගාන්ධි චිත්‍රපටයෙනි.ඒ
1982 වසරේදී ඔහු මහත්මා ගාන්ධි ලෙසින් කළ අතිවිශිෂ්ට රංගනය හේතුවෙනි. ඔහුට ඔස්කාර්
සම්මානය දිනා ගැනීමට හැකිවූයේද මේ චිත්‍රපටය හේතුවෙනි.
1943
වසරේ දෙසැම්බර් මස 31 වැනිදා එංගලන්තයේ යෝර්ක්ෂයර් ස්කාබරෝ ආසන්න ස්නයින්ටන්හිදී උපත
ලද බෙන් කිංස්ලිගේ සැබෑ නම ක්‍රිෂ්ණා පණ්ඩිත් භණ්ජිය.1920-1930 කාල සමයේදී නිළියක
සහ නිරෑපිකාවක ලෙස ජනප්‍රිය වූ බ්‍රිතාන්‍යයේ ඇනා ලයිනා ඔහුගේ මව වන අතර ඔහුගේ
පියා වෛද්‍යවරයකු වන අතර නමින් රහිම්තුල්ලා හර්ජි භණ්ජිය.
කිංස්ලිගේ
පියා කෙන්යාවේ උපත ලද්දෙකු වන අතර ඊට හේතුවූයේ කිංස්ලිගේ පියාට අයත්ව තිබූ කුළුබඩු
ව්‍යාපාරයක් එහි පැවතීමයි.එහෙත් එය කලින් පැවතුණේ ඉන්දියාවේය. ඒ අනුව වයස අවුරැදු
14 වන තෙක් පියා සමග කෙන්යාවේ රුඳී සිටි කිංස්ලිගේ පියා පසුව තම ව්‍යාපාරයත් සමග
බ්‍රිතාන්‍යයට සේන්දු විය. ඒ අනුව ඔහු
එතැන් පටන් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරට ආසන්න පෙන්ඩ්ල්බරිහි ජිවත් වූ
අතර Manchester
Grammar School වෙතින් තම මූලික අධ්‍යාපනය
හදාළේය.එහිදී දක්ෂ නළුවෙකු වන රොබට් පවල් ඔහුගේ පංතියේ යහළුවකු වීම සුවිශේෂී
විශේෂත්වයකි.
සැල්ෆෝඩ්
විශ්විද්‍යාලයෙන් සහ පෙඩ්ල්ටන් විද්‍යාලයෙන් තම ද්වීතියක අධ්‍යාපනය ඇරඹූ ඔහු එහිදී
විශිෂ්ට ගණයේ නාට්‍ය ගණනාවකට සම්මාදම් විය.උපාධිය අවසන් කරමින් වයස අවුරැදු 23දී
වෘත්තිය නළුවකු ලෙස ප්‍රථම වරට වේදිකාව සුවඳ ආඝ්‍රාණය කිරීමට සමත් වූ කිංස්ලි, ඒ
සඳහා තෝරාගෙන තිබුණේ ඇල්ඩ්වයික් රඟහලයි.පසුව මොහු දුටු සංගීත අධ්යක්ෂවරයකු වන
ඩික් ජේම්ස්, මොහුව පොප් තරැවක් කිරීමට
වැඩි උනන්දුවක් දැක්වූ නමුත් කිංස්ලි රාජකීය ශේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ
වෙමින් එම අවස්ථාව ඕනෑකමින්ම පැහැර හැරියේය.
වසර පහළොවක් තිස්සේ බෙන්
ජොන්සන්ගේ Volpone, පීටර් බෘක්ගේ නිෂ්පාදනයක් වූ විලියම්
ශේක්ස්පියර්ගේ A Midsummer Night's Dream ආදී විවිධ
විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය රාශියක රඟපෑ බෙන් කිංස්ලිගේ නම වෙනස් වූයේද මේ
අතරමයි.ඔහු විසින්ම ගත් තීරණයක් වූ මීට හේතුවූයේ ඔහුගේ වෘත්තියමය ජීවිතයට තමාගේ
මුල් නම බාධාවක් යැයි ඔහු සිතීමයි.විශේෂයෙන්ම විදේශයේදී තමාගේ මුල් නම තරමක්
සංකීර්ණ බැවින් අන්තර්ජාතික නමක් යොදා ගැනීම මනා යැයි ඔහු සිතා ඇත. ඒ අනුව ඔහු
බෙන් කිංස්ලි නමින් රඟපෑ පළමු වේදිකා නාට්‍යය ලෙස Death of a Salesman දැක්වේ.1982 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වේදිකාගත කෙරැණු මෙහි
විලි ලෝමන්ගේ චරිතය නිරෑපණය කළේ ඔහුයි.එහි ප්‍රතිවාදී චරිතය නිරෑපණය කළේ මෙල්
ගිබ්සන්ය.
වේදිකා නාට්‍ය
ජීවිතයට සමගාමිව 1972 වසරේදී චිත්‍රපට ජිවිතය ආරම්භ කළද බෙන් කිංස්ලි මුල් කාලයේ
ඊට දායක වූයේ සුළු ප්‍රමාණයෙනි. ඊට හේතු වූයේ ඔහු එකල වැඩි ප්‍රමුඛතාවයක් ලබා
දුන්නේද වේදිකාවට වීමයි.ඒ අනුව 1982 වසරේදී ගාන්ධි චිත්‍රපටය ඔහුට ලැබුණේ විවිධ
රෑපවාහිනි නාට්‍යවලට සම්බන්ධවෙමින් සිටි අවධියකය.විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වූ
බොක්ස් ඔෆිස් වාර්තා අතින්ද සාර්ථක වූ මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔහු කැන්සාස් චිත්‍රපට
උලෙළේදී හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය.ඉනික්බිති Turtle
Diary, Maurice, Pascali's Island, Without a Clue, Suspect Zero, Bugsy (ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා නිර්දේශිත), Sneakers,
Dave, Searching for Bobby Fischer, Schindler's List, Silas Marner, Death and
the Maiden, Sexy Beast (ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා)
සම්මානය දිනා ගත් කිංස්ලි,1997 වසරේදී 48 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ
ප්‍රධාන ජූරි සභිකයා බවට පත්වීමටද සමත් විය. 2001 වසරේදී කාලෝවයි වේරි අන්තර්ජාතික
චිත්‍රපට උලෙළේදී ලෝක සිනමාව වෙනුවෙන් කරන ලද අනගින මෙහෙය වෙනුවෙන් Crystal
Globe සම්මානය දිනා ගත් ඔහු, මින් කිසිවකින් හිස උදුම්මා නොගත්තේ
House of Sand and Fog චිත්‍රපටයේ අතිවිශිෂ්ට රංගනයක නිරත
වෙමින් ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මානයකට නිර්දේශ වෙමිනි.
2007 වසරේ You
Kill Me චිත්‍රපටයේදී පෝලන්ත- ඇමෙරිකානු අපරාධකරැවකු ලෙසින් දක්ෂ
රංගනයක නිරත වූ කිංස්ලි, 2011 වසරේදී මාටින් ස්කෝසීස්ගේ Shutter Island චිත්‍රපටයේදී ලියනාඩෝ
ඩික්‍රැපියෝ සමගින් උප ප්‍රධාන චරිතයක් නිරෑපණය කළේය.එසේම මේ වසරේ බොක්ස් ඔෆිස්
වාර්තා පිට වාර්තා තැබූ Iron Man 3 චිත්‍රපටයේද ඔහු
විලියන්ගේ චරිතයට පණ පෙව්වේය.
බෙන්
කිංස්ලි පිළිබඳව කතා කිරීමේදී අමතක නොකළ යුතුම දෙයක් වේ. ඒ 2002 වසරේදී ඔහුට පිදූ
නයිට් නාමයයි.ඔහුගේ උපන් දිනය දා ප්‍රකාශයට පත් කළ මෙම නයිට් පදවිය පිළිබඳ නිවේදනය
අනුව ඔහුට මෙම ගෞරවය පිරිනැමුණේ 2002 වසරේ ජනවාරි මස 01 වැනිදායි.එසේම 1984
වසරේදී ඉන්දියානු ජාතිකයකු ලෙස පද්ම ශ්‍රී
සම්මානය දිනා ගත් බෙන් කිංස්ලි එම වසරේදීම හොඳම චිත්‍රපට වදන වෙනුවෙන් ග්‍රැමී
සම්මානය දිනා ගත්තෙකි.
බෙන් කිංස්ලි සිව්වරක් විවාහ වූවෙකි.ඒ
අතර ජනප්‍රිය නිළි ඇන්ජෙලා මොරන්ට් ද වෙයි. මේ අනුව ඔහුට දරැවන් සිව්දෙනෙකි.තෝමස්
භන්ජි,ජස්මින් භන්ජි, එඩ්මන්ඩ් කිංස්ලි, ෆර්ඩිනෑන්ඩ් කිංග්ස්ලි ඔවුන්ය.මෙයින්
දෙදෙනෙකුම දැන් වේදිකා නාට්‍ය අධ්යක්ෂ ඇලිසන් සට්ක්ලිෆ්ගේ නළුවන්ය.
No comments:
Post a Comment