මාලන් විදානපතිරණ
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බේරේ ප්‍රතිසංස්කරණ
ව්‍යාපෘතිය මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ වෙළඳ නගරය වන
කොළඹට කේන්ද්‍රගත පිහිටා ඇති බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කේන්ද්‍රගත අරමුණ
වන්නේ කොළඹ නගරය කිසිදා ගිලා නොබසින අයුරින් නිමවීමයි. පළමු අදියර සඳහා රැපියල්
මිලියන 330ක් වැයවන මෙම ව්‍යාපෘතිය සුරක්ෂිත අනාගතයක් උදෙසා කෙරෙන අමිල ආයෝජනයක්
සේ සැළකිය හැක. එනිසාවෙන් බේරේ වැව වටා බැඳුණූ අතීතය, මෙහි වැදගත්කම, වර්තමාන
තත්ත්වය, අනාගත ප්‍රතිලාභ ආදිය පිළිබඳ විමර්ශනයක යෙදීම කාලෝචිතය.
පිහිටීම
සැන් සෙබස්තියන්, හල්ෆ්ට්ස්ඩෝර්ප් සහ වොල්වෙන්ඩාල් යන ගොඩැලිවලින් මායිම්
වී ඇති බේරේ වැවේ අනෙක් දිශානතිය පිහිටා ඇත්තේ ශාන්ත ජෝන්
ඇළ මාර්ගය හරහා ඉන්දියන් සාගරයට දෙසටයි. අනෙක් දිශානතිය ලන්දේසින් භාවිතා කළ
ලන්දේසි මාවත දෙසටයි. එහෙත් බේරේ වැව හා සම්බන්ධ වන ප්‍රධාන සන්ධි ලෙස සැළකෙන්නේ
කැළණි ගඟ,මීගමුව,පානදුර සහ බොල්ගොඩ ජලාශයයි. හෙක්ටයාර 65.4ක් පුරා විසිරී පැතිරී
ඇති බේරේ වැවෙහි ගැඹුර මීටර් 2කි.
දේශගුණික තත්ත්වය
මෝසම් කාල දෙකකට මුහුණදෙන බේරේ වැව අර්ධ මෝසම් කාල දෙකකට මුහුණදේ. එහිදී
නොවැම්බර් සහ පෙබරවාරි මස අතරතුර උතුරැ නැගෙනහිර මෝසමට මුහුණදෙන මෙම වැව දකුණු
බටහිර මෝසම් සුළඟ සඳහා මැයි සහ අගෝස්තු අතර කාල ප්‍රාන්තරයේදී මුහුණ දේ. ජලයේ
උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 සහ 34 අතර පවතින අතර මෙහි සාමාන්‍ය ජල උෂ්ණත්වය දැක්වෙන්නේ
සෙල්සියස් අංශක 31ක් වශයෙනි.
බේරේ වැව නාමකරණය වූ ආකාරය
බේරේ වැව මෙනමින් හැඳින්වීමට බලපෑ හේතුව අපට නිශ්චිතව හේතුවක් කිව නොහැක.එහෙත්
මේ සඳහා බලපෑවේ යැයි අනුමාන කළ හැකි හේතු කීපයකි. බේරේ වැව නිර්මාණය කිරීමට ප්‍රධාන
දායකත්වය ලබා දුන් ඉංජිනේරැවරයාගේ නම බේරේ වීම ඉන් එකකි. දෙවැන්න වශයෙන් ලන්දේසි
පාලන සමයේ (ක්‍රි.ව.1700 පමණ) දිය අගල් සකස් කරමින් ඔවුන් සිය ආරක්ෂාව තර කර
ගැනීමට බේරේ වැව යොදා ගැනීම සඳහන් කළ හැකියි. එනම් කොළඹ කොටුව අවට ආරක්ෂාව පිළිබඳ
වගකියනා නිලධාරී තැන වශයෙන් කටයුතු කළේ “ද බේර්“ නමැත්තකු වීම හේතුවෙන් ද මෙම නම
යෙදිණැයි විශ්වාස කෙරේ.කෙසේ වෙතත් මීට බලපෑ අනෙක් හේතුව ද මේ හා සමාන වන අතර “ද
බේර්“ නම් අණදෙන නිලධාරියා තම බෝට්ටු නැංගුරම් ලෑ ස්ථානය බේරේ වැව බැවින් මෙම නාමය
ලැබෙන්නට ඇතැයි කියැවේ.
බේරේ හා බැඳුණූ අතීතය
ක්‍රි.ව.1505 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි පෘතූගිසීන් කොළඹ නගරය හැඳින්වූයේ
කොළොන් තොට යනුවෙනි. කැළණි තොටුපළ පිහිටා ඇති බැවින් ඔවුන් එසේ හැඳින්වූ මෙම නගරය
පසුව කොළ- අඹ -තොට ලෙස වෙනස් වූයේ එම තොටුපළ අසල පිහිටි සෙවණැති අඹ ගස් නිසාවෙනි.කෙසේ
වෙතත් පසුකාලීනව මහා පරිමාණයෙන් ගනුදෙනු සිදුවූ කොළ - අඹ - තොට වෙතට නැගෙනහිර
මුහුද දෙසින් මෙන්ම බටහිර දෙසින් ද නැව් පැමිණීමට පටන් ගත්තේ වැල නොකැඩීය. ඒ මීට
වසර 2000කටත් පෙර සිටය. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කොළ - අඹ -
තොට, වෙළඳුන්ගේ පහසුව සඳහා පසුව කොළඹ බවට පත් වූ බව විශ්වාස කෙරේ. කොළඹ යන්න ජන ව්‍යවහාරයට
එක් වී ඇත්තේ එලෙසයි.
එමෙන්ම 1815 වසරේදී ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කර
ගැනීමෙන් අනතුරැව කොළඹ නගරය ශ්‍රී ලංකාවේ අග නගරය බවට පත් වූ අතර 1978
වසර තෙක්ම මෙය බල පැවැත්විණ. ඒ එම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ
අග නගරයට බවට පත් වීමත් කොළඹ ශ්‍රී ලංකාවේ වෙළඳ නගරයට පත්වීමත්
නිසාවෙනි. කෙසේ වෙතත් බේරේ ඉතිහාසය මීටත් වඩා ඈතට දිව යන අතර 1555 දී ගෝවේ සිට
පැමිණි කෝරස් (Father Queyroz) හමුදාවේ ප්‍රධාන හමුදා කඳුවර බවට පත්
වූයේ බේරේ වැවයි. බේරේ වැව අවට රහස් බංකර තනා ගනිමින් ද ,කලපුව අවට තවත් සේනාංකයක්
රඳවා තබමින් ද, ශාන්ත ලෝරන්ස් ගොඩැල්ල අවට තවත් කඳවුරක් රඳවා තබමින් ද ශ්‍රී ලංකා
හමුදාවට එරෙහිව සටන් කළ ඔවුහු, තම හමුදාවෙන් අඩක්ම සැතපුම් 10.5ක් දක්වා විසිරැවා
හැරීය. එමෙන්ම ඔවුහු බේරේ වැවෙහි පාවෙන බලමුළුවක් ද පිහිටුවූහ.
1578 – 1590 කාල පරිච්ඡේදය තුළ සිදුවූ බේරේ වැව හා සබැඳි ඓතිහාසික සිදුවීම්
රුසකි. සීතාවක මායාදුන්න රජු පෘතුගීසින් හමුවේ පරාජයට පත්වූයේ ද ඉන්පසුව රජ වූ
පළමුවැනි රාජසිංහ රජු විසින් පෘතුගීසින් පරාජයට පත් කළේ ද බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශයේදියි.
මේ අතර රාජසිංහ රජු පෘතුගිසීන්ට එරෙහිව දියත් කළ කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රහාරය මාස
විසි දෙකක් පුරා පැවැතීම සුවිශේෂීය. ඒ සඳහා ඊට පන්දාහකට අධික රාජකීය හමුදාවක් ද සහභාගී
වූහ.
කෙසේ වෙතත් දුර්වල රජවරැන් හමුවේ පෘතුගීසින්ට යටත් වූ අතර පෘතුගිසින් කොළඹ
තව තවත් පුළුල් කිරීමට යුහුසුළු වූයේ මේ වටපිටාව තුළය. වත්මන් පිටකොටුව කොළඹ නගරයේ
ප්‍රධාන කොටසක් බවට පත්වූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් පිටකොටුව එකල කයිමන්
දොරකඩ නමින් සිංහල ව්‍යවහාරයට එක් වී තිබුණු අතර ඊට හේතුවූයේ ලන්දේසි ව්‍යවහාරයේ
වූ කැරිබියානු වචනයකි. එනම් කැරිබියානු බසින් කිඹුලා
හඳුන්වා ඇත්තේ කයිමන් නමිනි.ලන්දේසීන් එකල කිඹුලා ඉතා ප්‍රබල ස්වාභාවික ආරක්ෂකයකු
සේ සැළකූ අතර ඔවුන් කිඹුලන් බේරේ වැවට දමමින් කයිමන් දොරකඩ හෙවත් අසල මුර කළ බව
කියැවෙන්නේ මේ නිසාවෙනි. කොළඹ නගරයට කේන්ද්‍රගතව නොහොත් කොළඹ නගරයෙන් අඩකට වඩා
ආවරණය වන අයුරින් පිහිටා ඇති බේරේ වැවට ආර්ථික මෙන්ම ආරක්ෂක වටිනාකමක් ලැබෙන්නේ ද
එබැවිනි.
කෙසේ නමුත් බේරේ වැව හා සබැඳි ඉතා සුවිශේෂී කාර්ය භාර්යයක් සිදුවූයේ ඉංග්‍රීසි
පාලන සමයේදීයි. ඒ අනුව 1903 – 1907 කාලය අතරතුර ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස
කටයුතු කළ සර් හෙන්රි බ්ලේක් විසින් බේරේ වැව ප්‍රයෝජනයට ගනිමින් කොළඹ
වරාය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම පිළිබඳ යෝජනාවක් ක්‍රියාත්මක කළ අතර ඊට
බේරේ වැව මෙන්ම ඒ ආශ්‍රිත ඇළ මාර්ග,අතුරැ වා අගුලු ද අන්තර්ගත විණ. මෙහිදී මෙම
යෝජනාව ක්‍රියාවට නැංවීමේ කමිටුවේ සාමාජිකවරැ ලෙස කටයුතු කළේ එෆ් ඒ කූපර්,
ඩබ්ලිව්.එච්.ජැක්සන්, ඊ.එම්. ද කර්සි කෝර්ට් සහ ජේ.ජී.වෝඩ්‍රොප් යන මහත්වරැන්ය. එමෙන්ම
මෙහි ව්‍යාපෘති සැලසුම්කරැ ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්‍රික් ගෙඩෙස් මහතා මේ
පිළිබඳ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොරට පසු තමා දුටු එකම සුවිශේෂී මුහුදු
පිහිටීම මෙය බවත්,බේරේ වැව හා බැඳුණු විචිත්‍රත්වය නරඹන්නෙකු වේ නම්, ඒ සඳහා
පැමිණිය යුත්තේ අරැණ නැගෙන යාමයේ බවත්ය. ඒ 1920 වසරේදීයි.
එහෙත් නිදහසින් පසු බේරේ වැව ආශ්‍රිතව සිදුවූ කාරණා කටයුතු ද යම් වෙනසකට
භාජනය විය. ඒ දේශපාලනමය වශයෙන් මෙන්ම ආර්ථීක වශයෙන් ද සිදුවූ ප්‍රබල
වෙනස්කම් හේතුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ භාණ්ඩ හුවමාරැ කටයුතු පවා මෙහි සිදුවීමට
පටන් ගත්තේ ඒ අනුවයි. බේරේ වැව සහ කොළඹ වරාය සම්බන්ධව කටයුතු කළ බැවින් බේරේ ආශ්‍රිත
යටිතල පහසුකම් ද සංවර්ධනය වන්නට පටන් ගත්තේ ද මේ අනුවයි. කෙසේ වෙතත් ගෙඩෙස් මහතා එදා
දුටු එම අලංකෘත පරිසරය අද වන විට සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් වී ඇති අතර එය
අද දිස්වන්නේ නැරඹීමට තියා ඒ අසලට යාමට හෝ ප්‍රියජනක නොවන ස්ථානයක් ලෙසිනි.බේරේ
වැව එදා තිබූ තත්ත්වයට ගෙන ඒමට නම් බේරේ වාරි ව්‍යාපෘතිය කඩිනම් කළ යුත්තේ මෙවන්
පසුබිමක් තුළය.
සංචාරකමය වැදගත්කම
සංචාරක වශයෙන් විශාල වටිනාකමක් ඇති මෙම ස්ථානයට 1993 වසරේදී පැමිණි සංචාරක
සත්ත්ව විශේෂ ගණන 24කි. එහිදී දකුණු බටහිර මුහුදු දෙසින් සහ නැගෙනහිර මුහුදු
දෙසින් වැඩි පක්ෂීන් සංඛ්‍යාවක් සංක්‍රමණය වී ඇති අතර දුර්ලභ සත්ත්ව කොට්ඨාස ඒ අතර
වීම කැපී පෙනේ. ඒ අනුව බේරේ වැව ප්‍රතිසංස්කරණය වීමෙන් අනතුරැව මෙය
දේශීය ධීවරයන්ට ද මත්ස්‍යයන් බහුල වූ ප්‍රදේශයක් බවට පත්වනු ඇත.
ආර්ථිකමය වැදගත්කම
බේරේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රධානතම ආර්ථික ප්‍රතිලාභ අතර
මෙය ආශ්‍රිත ප්‍රදේශය වාසස්ථානයට සුදුසු ප්‍රදේශයක් බවට පත්වීමෙන් මේ ආශ්‍රිතව
නිවාස,ගොඩනැගිලි,වෙළඳ මධ්‍යස්ථාන ඉදිවීම ප්‍රධානය. එමෙන්ම මිලක් නියම කිරීමට හෝ
නොහැකි මෙම බේරේ වැව ආශ්‍රිත භූමි ප්‍රමාණයන් සඳහා ඉතා ඉහළ මිලක් ද නියම වනු ඇත.එමෙන්ම
මෙහි වැඩ අවසන් වූ වහාම පෘතුගීසි,ලන්දේසි සහ ඉංග්‍රීසි සමයේ වෙළඳාම් කටයුතු සඳහා
කේන්ද්‍රගත වූ ප්‍රදේශයක් වූ බේරේ වැව යළි එම තත්ත්වයට ගෙන ඒමට රජයට හැකිවනු ඇත.මෙහි
ද්වීතියික ඉලක්කයන් අතර සංචාරකමය වශයෙන් බේරේ වැව සහ ඒ අවට ප්‍රදේශය දියුණු කරලීම
මගින් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට මෙම ප්‍රදේශය පත්කළ හැකි අතර එමගින් සෞඛ්‍ය
සම්පන්න කොළඹ නගරයක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් වනු ඇත.
(ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්පාදිත,
“Beira
Lake
History, Restoration and Contemporary Issues for Potential Development “ කෘතිය ඇසුරිනි)
No comments:
Post a Comment