නවකයන් හරවත් නිර්මාණ කිරීමට පෙළඹිය යුතුයි.
කීර්ති පැස්කුවෙල්
සටහන හා ඡායාරෑප
මාලන් විදානපතිරණ
සිංහල සංගීතයේ වෙනස්ම වූ සළකුණක් සනිටුහන් කළ ගායකයෙකු වන කීර්ති
පැස්කුවෙල්, මීට ටික කලකට ඉහත දී නැවුම් ගීත ද්විත්වයක්ම රසික ඔබට තිළිණ කළ ප්‍රවීණ
ගායන ශිල්පියෙකි. මේ වනවිට ගීත ගායනයට අමතරව නවක ගායක ගායිකාවන් බිහි කිරීමේ තිර
අදිටනින් Sound of Music නමින් සංගීත
පාසලක් ද පවත්වා ගෙන යන ඔහු, විවිධ රියැලිටි වැඩසටහන්හි විනිශ්චයකරැවෙකු ලෙස ද සිය
දායකත්වය ලබාදෙන ශිල්පියෙකි.
ඔබේ අලුත් ගීත නිර්මාණ පිළිබඳ කතා කළොත්?
මං නිර්මාණ කළ මගේ පුංචි නංගා ගීතයට මේ වන විට හොඳ ප්‍රතිචාර ලබමින් ගුවන්
විදුලි නාලිකාවල ප්‍රචාරය වෙනවා. එය පද රචනය කරලා තියෙන්නේ ඉතාලියේ නෙත් ශ්‍රී
ලංකා ආයතනයේ ප්‍රධානියා වන නාරද මහතා විසින්. මෙය ඉතා රසවත් ගීතයක්. ඒ වගේම ඉතා
හරවත් ගීතයක්. ඒ නිසා සාර්ථක තනු නිර්මාණය නොවන, සාර්ථක පදවැල් රචනා නොවන,
පැවැත්මක් නොමැති ගීත පවතින වත්මන් සමාජය තුළ මෙය ඉතා සුවිශේෂී ගීතයක් වේවිය
යන්නයි මගේ හැඟීම. මොකද මෙයින් කියැවෙන්නේ සමාජයේ ඇස නොගැටුණු තේමාවක්. ඒ වගේම මේ
ගීතය මතුපිට අර්ථයෙන් වගේ සාර්ථක පද පෙළකින් සුසැඳී ගීතයක්. මොකද මෙහි බැලූ බැල්මට
පෙනෙන්නේ සහෝදර ප්‍රේමය, ආදරය වැනි තේමාවක්. ඒත් මෙහි අග මුල සොයා යන විට අපට
වැටහෙන්නේ මෙය සිය බාල දියණිය තේමා කරගත් ගීතයක් බවයි.
මගේ දෙවන ගීතය රචනා කර තිබෙන්නේ ප්‍රියංකර හිනිදුම නම් තරැණයෙක්. මීට පාදක
වී තිබෙන්නේත් අපූරැ තේමාවක්. මොකද මෙහි කියැවෙන්නේ මුස්ලිම් තරැණියකට පෙම් බඳින
සිංහල තරැණියෙකු ගැනයි. ඒත් ලාංකික සංස්කෘතිය තුළ මෙවැනි අවස්ථා විරලයි. ඒත් මෙය
වෙන්න බැරි දෙයකුත් නෙමෙයි. ඒ නිසා මේ ගීතයත් ඉදිරියේ දී රසිකයා අතර කතා බහට
ලක්වේවි. ඒ වගේම මම තවත් ගීත අටක් පමණ ඒ දක්වා ඉදිරියේ දී ගීත ඇල්බමයක් නිකුත්
කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ලබන ජනවාරියේ දී BMICH හිදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් බලාපොරොත්තු
වෙනවා. ඒත් මෙය අනෙකුත් ගීත ප්‍රසංග වගේ ඒකාකාරී එකක් නොවන බව නම් ප්‍රකාශ කළ
යුතුමයි.
ඔබ මෑතක දී කළ නිර්මාණ පිළිබඳව විමර්ශනය කළහොත් ඒවායින් බොහොමයක් නවක
පරපුරේ ශිල්පීන්ගේ ගීතයි. මීට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. මම හැමවිටම උත්සාහ දරන්නේ නවක ශිල්පීන්ට අවස්ථාවක් ලබා දෙන්නයි. මොකද
සමහරැ හිතන් ඉන්නවා ගීත නිර්මාණය කළ යුත්තේ ප්‍රවීණ ශිල්පීන් පමණයි කියලා. ඒත් එය
වැරදි මතයක්. ඒ නිසා මම නවක ගී පද රචක/ රචිකාවියන් සිටිනවා නම්, අලුත් ගීත නිර්මාණ
තිබෙනවා නම් ඒවාට අවස්ථාවක් ලබා දෙන්න සූදානම්.
වත්මන් සංගීතය ක්ෂේත්රය තුළ එක්තරා යුගයක් බිහි කළ හැකි, පෞරැෂවත් හඬවල්
නොමැති බවට චෝදනාවක් තිබෙනවා. රියැලිටි වැඩසටහන් විනිශ්චයකරැවෙකු ලෙස ඔබ හෝ එවැනි
හඬක් දුටුවේ නැද්ද?
දැක්කා. අපිට ඔවුන් දැක්කම හුඟාක් සතුටු හිතුණා. අපිට හිතාගන්න බෑ තව
අවුරැදු 20 කින් ඔවුන් කොතැන සිටියි ද කියලා. ඒත් අපේ කාලයේ මේ ක්ෂේත්රයට එන්න
විශාල බාධක, කම්කටොලු තිබුණා. ඒ වගේම ඒ කාලේ මේ වගේ ප්‍රචාරණය දියුණු වෙලා තිබුණේ
නැහැ. ඒ නිසා සංගීත ක්ෂේත්‍ර‘යේ අපේ කියා අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න අපට බොහෝ
කාලයක් ගත වුණා. ඒත් ඔබ කියූ කට හඬ පිළිබඳව නම් අපටත් ප්‍රශ්නයක් තිබෙනවා. මොකද
ක්ෂේත්රය හෙල්ලිය හැකි යුග පුරැෂයෙකු තවමත් බිහි වී නැති බවයි අපටත් පෙනෙන්නේ. මං
හිතන්නේ මීට හේතු වී තිබෙන්නේ ඇතැම් තරැණ ගායක ගායිකාවන් රුල්ලේ ගීත ගායනා කිරීමට
යොමු වී තිබීමයි. ඒත් අප නිර්මාණය කළ යුත්තේ අදත්, මතුවටත්, ඉන් මතුවටත් කතා බහ
කරන තේමා රුගත් ගීතයි.
මෙය තවත් ප්‍රශ්නයක් තිබෙනවා. එය තමයි මෙවැනි ගීත කොතරම් නිර්මාණය කළත් ඊට
මාධ්‍ය තුළ කෙතරම් ඉඩක් හම්බවෙනවා ද යන්නයි. මොකද අද පවතින විද්‍යුත් නාලිකා මගින්
වැඩි හරියක් (75෴ ක් පමණ) ප්‍රචාරණය කරන්නේ බාල, බොළඳ රුල්ලේ ගීතයි. ඒ නිසා හරවත්
ගීත ප්‍රචාරය කරන නාලිකාවලටත් තම ආයතන පවත්වා ගෙන යාමට නොහැකි වී තිබෙනවා. මෙහෙම
ගත්තම අද රසිකයාගේ රසය පිළිබඳව ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒත් අපි ගීත නිර්මාණ කළ යුත්තේ
කකුල් වලට නෙමෙයි හදවතටයි.
එසේ නම් රියැලිටි වැඩසටහන් වලින් නවකයන්ට සැලසෙන යහපතක් නැද්ද?
නැහැ. කිසිසේත්ම මම එහෙම කියන්නේ නැහැ. මොකද රෑපවාහිනී නාලිකා මගින්
ඔවුන්ට දෙන ප්‍රසිද්ධිය ඉතා වැදගත්. ඒත් මෙතැන ප්රශ්නය වෙන්නේ ඒක නෙමෙයි. අද එක්
නාලිකාවකින් ජනප්‍රිය වෙන ගායකයකුට/ ගායිකාවකට, වෙනත් නාලිකා වලින් එතරම් ප්‍රසිද්ධියක්
ලබා දෙන්නේ නැහැ. ඒත ස්වාධීනව පැමිණෙන ගායක/ගායිකාවන්ට මේ ප්රශ්නය බලපාන්නේ නැහැ.
ඒත් අපි විමර්ශනය කරලා බැලුවොත් ස්වාධීනව කරලා බැලුවොත් ස්වාධීනව පැමිණි ගායක
ගායිකාවන්ට වඩා සුපිරි තරැ වැඩසටහන් හරහා පැමිණි අය ඉතා කාර්යබහුලයි. ඔවුන්ට වැඩ
තියෙනවා. ප්‍රසංග තිබෙනවා. අනික මේක අපට බොරැයි කියලා හිතාගන්නත් බැහැ. ඒත් ප්රශ්නය
තියෙන්නේ ඔවුන් රටට වැඩක් කළා ද යන්නයි. මේ නිසා මොවුන් රටට වැඩක් කළා ද කියලා
කෙනෙක් ඇහුවොත් ඒ ගැන මටත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා තවත් වසර දහයකින්
පහළොවකින් සංගිත ක්ෂේත්රයෙන් අපි ඉවත් වෙලා යයි. එතකොට මේ අඩුව පිරවිය යුත්තේ
තරැණයන්. ඒ නිසයි අප තරැණයන්ට හරවත්, රඳා පවතින නිර්මාණය කරන්න කියලා තියෙන්නේ.
No comments:
Post a Comment