"මේ ක්‍රමය වෙනස් කරනතුරු
වෙන මොනවා වෙනස් කළත් වැඩක් නැහැ"
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ
තමන් පළමුව වේදිකාවට පය තැබූ වේදිකා නාට්‍යයට වසර විසි එකකට පසුව යළි
සම්බන්ධ වීමට හැකි වේ නම් එය ශිල්පියෙකු හෝ ශිල්පිනියක ලබන මහත් භාග්‍යයකි. 1991
දී වේදිකාගත කෙරැණු මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් නිෂ්පාදනය කළ
බර්නාඩාගේ
සිපිරිගෙය නාට්‍යයෙන් කරළියට පැමිණි චමිලා පීරිස් එවන් ශිල්පිනියකි. මේ වන විට හෙන්රික්
ඉබ්සන්ගේ බෝනිකි ගෙදර (ශ්‍රී ලංකා නිෂ්පාදනය), සෝමලතා සුබසිංහගේ විකෘති, ධර්මසිරි
බණ්ඩාරනායකගේ ඒකාධිපති, පියල් කාරියසම්ගේ මට එරෙහිව මම, ධනංජය කරැණාරත්නගේ ඔබ
සාපේක්ෂව, හෙන්රික් ඉබ්සන්ගේ මාස්ටර් බිල්ඩර් (පියල් කාරියවසම් - ශ්‍රී ලංකා
නිෂ්පාදනය), චාමික හත්ලහවත්තගේ හයිනා ආදී වේදිකා නාට්‍ය රාශියක ට සම්බන්ධ වී ඇති ඇය මේ දිනවල
පියල් කාරියවසම්ගේ නවතම වේදිකා නාට්‍යය වන රහස් උදවිය (ස්වතන්ත්‍ර)
හි පුහුණුවීම් කටයුතුවල නියැලෙන්නීය. මේ ඇය සමග කළ කතාබහකි.
කඩා වැටී තිබුණු වේදිකා
නාට්‍ය ක්ෂේත්‍රය තුළ මේ මොහොතේ යම් ප්‍රබෝධයක් දකින්නට ලැබෙන බවයි අපේ නම් අදහස
මම හිතන විදිහට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය යම් කාල පරාසයක කඩා වැටී තිබුණා
නම් ඊට ප්‍රධාන වශයෙන් ම බලපා තිබෙන්නේ සමස්ත සමාජයේ ම කඩා වැටීමයි. එහෙමත්
නැත්නම් ආර්ථික හෝ දේශපාලනික තත්ත්වයේ කඩා වැටීමයි. එය තමයි වේදිකාවටත් බලපෑවේ. මෙය
ඕනෑම රටක කලාවකට පොදු තත්ත්වයක්. ඒත් අදාළ ක්ෂේත්‍රය කොතරම් කඩා වැටුණත් එය අත්නොහරින
සහෝදර කලා ශිල්පීන් පිරිසකුත් අප අතර ම ඉන්නවා. ඔවුන් තමයි මෙය ඉදිරියට පවත්වාගෙන
යන්නේ. මේ නිසා අප එය ඇගයිය යුතුයි. මේ නිසා අද වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රධාන
වශයෙන් නාට්‍යකරැවන් කාණ්ඩ ත්‍රිත්වයක් සිටිනවා. ඒ තමයි අර්ථවත් වේදිකා නාට්‍ය
නිර්මාණය කරන, වානිජ පරමාර්ථයෙන් වේදිකා නාට්‍ය නිර්මාණය කරන සහ වානිජමය/අර්ථවත්
නාට්‍ය නිර්මාණය කරන කියන්නේ. කෙසේ වෙතත් මට නම් අද දකින්නට ලැබෙන්නේ සමස්ත කලා
ක්ෂේත්‍රයේ කඩා වැටීමක්. මෙහි දිගින් දිගටම කඩා වැටෙනවා හැරෙන්නට නැග්මක් පෙනෙන්න
නැහැ.
ඒත් ටෙලිනාට්‍ය කලාවේ
ගුණාත්මක භාවිතාවක් නොමැතිවීම නිසා රඟහල කරා ප්‍රේක්ෂකයන් ඇදී එන ස්වභාවයක් අපට දක්නට
ලැබෙනවා.
ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක බව පිරිහිලා යන්න අප පිළිගත යුතු සත්‍යයක්. ඒත්
ගුණාත්මක බවින් යුතු ටෙලිනාට්‍ය අතළොස්සක් ද මේ අතර තිබෙනවා. ඒත් මෙයින් ටෙලිනාට්‍ය
කලාවේ පිරිහීම නිසා රඟහල වෙත පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ වර්ධනයක් දකින්නට ලැබෙනවා
කියා කියන්න අපට අමාරැයි. මොකද අපි ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවොත් අපට හැමදාම
දකින්නට ලැබෙන්නේ එකම මුහුණු. අනික එදා සිටි ප්‍රේක්ෂක පිරිසෙනුත් අද දකින්නට
ලැබෙන්නේ අඩක් පමණ පිරිසක්. මේ නිසා කවුරැ කොහොම කිව්වත් අද ටෙලිනාට්‍යයට සිටින ප්‍රේක්ෂක
පිරිස, වේදිකා නාට්‍යයක් බලන්න එනවා කියා හිතන්න අපට අමාරැයි. මොකද අද සමාජයේ අවශ්‍යතා
ඉතා සංකීර්ණයි. ඒ වගේ ම ඔවුන් බැට කන ප්‍රශ්න අධිකයි. මේ නිසා ඔවුන් ට වේදිකා නාට්‍යයක්
නරඹනවාට වඩා විසඳගන්න තව ප්‍රශ්න තිබෙනවා. අනික අද සමාජය තුළ යහපත් ආරක්ෂිත
වාතාවරණයක් දකින්නට නැහැ. ඒ දවස්වල අපි රූ දොළහටත් තනියෙන් ගෙදර ආවා. ඒත් අද එහෙම
තත්ත්වයක් තිබෙනවාද?.
ඒත් වසර තිහක් පුරා
පැවැති යුද්ධය අද නිමාවෙලා තිබෙනවා
ඔව්. ඒත් යුද්ධය නිමා වූ පමණින් අපට නිදහසක් උදාවෙලා තියෙනවා කියා හිතන්න
අපහසුයි. මොකද යුද්ධය කියන්නේ රටේ ආරක්ෂාවෙන් එක් පැතිකඩක් පමණයි. ඒ නිසා රටේ
සමස්ත ආරක්ෂාව, යුද්ධය ජයග්‍රහණය කිරීම වැනි පටු තැනක හිඳ අපිට සාකච්ඡා කරන්න
බැහැ. මොකද රටේ ආරක්ෂාව තහවුරැ වීමට නම් තව සම්පූර්ණ විය යුතු අවශ්‍යතාවයන්
බොහෝයි. මේ නිසයි මම අද සුරක්ෂිත සමාජයක් දකින්නට නැහැ කියා කිව්වේ. ඒත් ටෙලිනාට්‍ය
අපට නිවසේ සිට නරඹන්න පුළුවන්. අනික ටිකට්පතක් ගන්න ඕනෙත් නැහැ. මේ නිසා අද
රෑපවාහිනිය කරා ප්‍රේක්ෂකයා ඇදී යාමේ සම්භාවිතාව වැඩියි. ඒත් වේදිකා නාට්‍යයක්
බලන්නට නම් අපේ මනස නිදහස් විය යුතුයි. මොකද එය වෙනමම කලාවක්.
කෙසේ වෙතත් මේ වන විට
නාට්‍ය හා රංග කලාව විෂයයක් බවට පත්වෙලා වසර විස්සකටත් වැඩියි. එසේ නම් අද වේදිකා
නාට්‍යය පිළිබඳ කතිකාවතක් සමාජය තුළ ගොඩනැගී තිබිය යුතුයි.
නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙස පාසැල් පද්ධතියට එකතු වුණත්, එහි උගැන්වෙන
නාට්‍ය පරාසය ඉතා අවම මට්ටමකයි පවතින්නේ. මෙය තමයි මීට බලපා ඇති ප්‍රධානතම සාධකය. මේ
නිසා එයින් ඒ විෂය හඳුනාගැනීමට හෝ ඉගෙන ගැනීමට තරම්වත් දැනුමක් ලැබෙන්නෙ නැහැ.
අනික අවුරැදු විස්සක් තරම් කාලයක් තිස්සේ මෙය පැවතුණත්, දැන් තමයි මේ පිළිබඳ යම් උද්යෝගයක්
ඇති වී තිබෙන්නේ. ඒත් තවමත් මේ විෂය සම්බන්ධ ව ප්‍රවීණ වූත්
පළපුරැදුවූත් ගුරැවරැන් හෝ මහාචාර්යවරැන් හෝ මේ ක්ෂේත්‍රය තුළ (ප්‍රමාණවත් මට්ටමක)
නැහැ.
කොතරම් ප්‍රවීණයන්
සිටියත් ඔවුන්ට තමන්ගේ දැනුම බෙදාලිය හැකි, එම දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලිය
හැකි ආයතන හෝ සමාගම් නොමැති නම් එතැනත්
යම් කිසි ගැටලුවක් පවතිනවා නේද ?
ඔබ කිව්වා හරි. අද නාට්‍ය හා රංග කලාව තවමත් හරිහැටි සමාජගත වී නැත්තේ මේ
ගැටලුව නිසයි. ඒත් පිටරටවල තත්ත්වය මීට වඩා හාත්පසින් ම වෙනස්. ඔවුන් නාට්‍ය හා
රංග කලාවේ නියැළෙන්නේ වෘත්තිය මට්ටමින්. ඔවුන්ට ඒ සඳහා සෑහෙන ගෙවීමක් ලැබෙනවා. ඒ
සඳහා මහා පරිමාණ සමාගම් තියෙනවා. හොඳ ආයෝජකයන් සිටිනවා. අනුග්‍රාහක භවතුන්
සිටිනවා. ඒත් ශ්‍රී ලංකාව තවමත් තුන්වැනි ලෝකයේ රටක්.
ඔබ එසේ කිව්වත් අපි අද
සංවර්ධනය වෙමින් පවතින රටක්. ඊට උරදීම සඳහා කලාකරැවන්ද පවතින රජය සමග එක්වී
සිටිනවා. අනික ඔවුන්ගේ සමහරැ රජයේ ඉහළ තනතුරැද දරනවා ?
ඔව්. අපේ ම සහෝදර කලාකරැවන් පිරිසක් ආණ්ඩුව සමග එක් වී තිබෙනවා. එය සත්‍යයක්.
ඒත් මම හිතන්නේ නැහැ ඔවුන් ට වුණත් තමන්ට අවශ්‍ය දේ ඒ අයුරින්ම කිරීමට හැකි
වාතාවරණයක් සකස් වෙලාය කියලා. අනික කලාකරැවන් ට රටේ පරිපාලකයෝ වෙන්නත් බැහැ.
පරිපාලකයන්ට කලාකරැවන් වෙන්නත් බැහැ. මෙය තමයි ඇත්ත. මොකද මෙය වෙනමම කාර්යයක්. මේ
නිසා ඔවුන් කරන්නෙත් පාලකයන්ගේ විධාන ක්‍රියාත්මක කිරීම පමණයි. ඒත් මම එයින්
කියන්නේ නැහැ ඔවුන් ට කලාව වෙනුවෙන් යම් දෙයක් කරන්න උවමනාවක් නැතෙයි කියලා. ඒත්
කලාව දියුණූ කිරීමට නම් ඊට විශාල බලයක් අවශ්‍යයි. ඒ වගේ ම එම බලය සුදුස්සන්ට ලැබිය
යුතුයි. නැත්නම් මොන පාලකයා පත්වුණත් සිදුවෙන්නේ එකම සංසිද්ධිය තමයි. මොකද හැමෝම
වැඩ කරන්නේ පුරැදු පුහුණූ වුණු එකම වචන මාලාවකට. ඊට පුරැදු පුහුණු වුණූ ක්‍රමයකුත්
තියෙනවා. න්‍යාය පත්‍ර තිබෙනවා. චක්‍රලේඛ
තිබෙනවා. මේවා තමයි අද රටේ කලාව දියුණු කරන්නේ
එසේ නම් ඔවුන් මේ ගැන දැන
දැනම මෙම තනතුරැ භාර ගනිමින් සිදුකරන්නේ රටේ බදු සල්ලි කොල්ලකෑමක් නේද ?
මෙය කලා ශිල්පීන්ට පමණක් එල්ල කළ හැකි චෝදනාවක් නෙමෙයි. මොකද ඉහළ සිට ගත්තම
අද පත්වන සැම පාලකයකුම කරන්නේ රටේ බදු සල්ලි කොල්ලකන එක තමයි. මේ නිසා අපේ සහෝදර
කලා ශිල්පීන් යම් කිසි රාජ්‍ය ආයතනයක සේවය
කරන්න කැමැති නම් ඔවුන් ට දොස් කියන්න අපිට බෑ. මොකද ඔවුන් ට එසේ යෑමට ප්‍රජාතන්ත්‍රවාදී
අයිතියක් තිබෙනවා. ඒ වගේ ම ඕනෑම පක්ෂයක් නියෝජනය කිරීමට හෝ ඕනෑම පක්ෂයක් වෙනුවෙන්
වැඩ කිරීමට හෝ සාධාරණ අයිතියක් තිබෙනවා. කෙසේ වෙතත් ඔබ කියූ රටේ බදු සල්ලි
කොල්ලකෑමට තරම්වත් අවස්ථාවක් අපේ කලා ශිල්පීන්ට ලැබෙනවාද යන්න සොයා බැලිය යුතුයි.
මොකද රටේ බදු සල්ලිවලින් වැඩි ප්‍රයෝජන ලබා ගන්නේ රටේ මහජන නියෝජිතයන් විදිහට
පත්වන අයයි. මේ නිසා ධනවාදී සමාජයක් ඇතුළත මෙවැනි දේ සිදුවීම වළක්වන්න අපට හරි
අපහසුයි. මේ නිසා මේ ක්‍රමය වෙනස් කරන තුරැ ඔය මොනවා කළත් වැඩක් නැහැ.
ඒත් සියලු දෙනා ම මේ ගැන වහෙන්
හොරෝ කතා කරනවා මිසක තම නාට්‍ය නිර්මාණ හරහාවත් මෙවැනි සමකාලීන තේමා පිළිබඳ කතා
කරන්නේ නැහැ නේද ?
මම එය මෙහෙම විග්‍රහ කරන්න කැමැතියි. කලාකරැවෝ වශයෙන් අපට ලැබී තිබෙන ලොකු
ශක්තියක් තමයි නිර්මාණ ශක්තිය කියන්නේ. මේ නිසා අපට අද සමාජය දෙස නිර්මාණාත්මක ව
විවරණයක යෙදෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා. මෙවැනි මෙහෙවරක් කළ ලෝක ප්‍රකට නාට්‍යකරැවකු
තමයි බර්ටෝල්ට් බ්‍රෙච්ට් කියන්නේ. අපේ නිර්මාණකරැවන්ටත් පුළුවන් එවැනි නිර්මාණ
කරන්න. හැබැයි අපි එහෙම කළත් අද වන විට රෑපවාහිනිය නිසා රසවින්දනය මොට වී තිබෙන ප්‍රේක්ෂකයා
ට මේවා වැටහේවිද යන්න විශාල ප්‍රශ්නයක්. අනික වේදිකා නාට්‍යයක් බලන්න එන අතළොස්සට
මෙය පෙන්වීමෙන් වැඩක් වේවිද යන්නත් ගැටලුවක්. මේ නිසයි බොහෝ දෙනෙක් මෙවැනි තේමා
කරා යොමු නොවෙන්නේ.
එසේ නම් මෙතැන පවතින්නේ
ප්‍රේක්ෂකයාගේ රසවින්දනයේ ප්‍රශ්නයක් ද ?
මෙතැන රසවින්දනයේ ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒත් මීට වඩා පෙරමුණේ පවතින්නේ හොඳ
වේදිකා නාට්‍යයක් නිර්මාණය කළත් එය රට වටා වේදිකාගත කිරීමේ ප්‍රශ්නයයි. මොකද
ලංකාවේ කොහේ වේදිකා නාට්‍යයක් පෙන්නුවත් එය බලන්න හොඳ ප්‍රේක්ෂක පිරිසක් රට වටා
ඉන්නවා. කෙසේ වෙතත් අද ඉතා ගැඹුරැ දෘෂ්ටියක් තිබෙන නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට හෝ
සංවිධානය කිරීමට සියලු දෙනාම මැලිකමක් දක්වනවා. මොකද නාට්‍යය වේදිකාගත කරගන්න
බැරිවෙයි කියලා ඔවුන් විශාල බියක් දක්වනවා. හැබැයි එය සාධාරණ බියක්. උදාහරණයක්
විදිහට මම රඟපාන බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යය ඉතා ගැඹුරැ නාට්‍යයක්. මෙය වටහා
ගැනීම එච්චර ලේසි නැහැ. ඒත් අද මෙවැනි නාට්‍යවලට එතරම් ඉල්ලුමක් නැහැ.
මෙවැනි නාට්‍යයන් අර්ථකථනය
කිරීමට නෙමෙයිද නාට්‍ය විචාරකයන් සිටිය යුත්තේ ?
ඇත්තෙන්ම ඔව්. එය අද ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මෙය අපි
අතරත් කතාබහට ලක්වන මාතෘකාවක්. මොකද අද සිටින ප්‍රවීණ ශිල්පීන් පවා කියන්නේ ඒ කාලේ
නාට්‍යයක් වේදිකාගත වුණා ම ඒ ගැන විචාරය කරන්න විචාරකයන් පොරකෑවා කියලායි. ඒත් අද
එසේ පොරකෑමට තියා සොයාගැනීමට තරම්වත් අලුත් නාට්‍ය විචාරකයන් සිටිනවාද යන්න
ගැටලුවක්. අනික අද නාට්‍ය විචාරකයන් ලෙස පෙනී සිටින සමහරැ නාට්‍ය විචාරය කිරීමට
වඩා සිදුකරන්නේ ඒ හරහා සිය වෙනත් පුද්ගලික දේවල් ඉටුකර ගැනීමයි. ඒත් අපට මෙහි
වැරුද්දක් දකින්න බැහැ. මොකද අද තිබෙන ආර්ථික ප්‍රශ්න එක්ක ජනතාව ට ජීවිතය ගැටගහ
ගැනීම සඳහා විශාල සටනක් ගෙන යෑමට සිදුවී තිබෙනවා. මේ නිසා අද සියල්ලෝ ම දුවන්නේ
සල්ලි පස්සෙන්. ඒ හින්දා ඔවුන් ට සමාජ මෙහෙවරක් කිරීම සඳහා කාලයක් හෝ අවස්ථාවක්
තියෙනවා යැයි සිතන්න අපට අමාරැයි. ඒවැනි අරමුණු තිබ්බත් ඒවා පවතින්නේ ශ්‍රේණිගත
කිරීම් අනුව පහ, හය ස්ථානවල.
කෙසේ නමුත් අද නාට්‍ය හා
රංග කලාව, සිංහල වැනි විෂයන් හරහා විචාරය ගැන ඉගැන්වෙනවා. ?
ඔව්. ඒත් විචාර කලාව ප්‍රගුණ කිරීම සඳහා එය ප්‍රමාණවත් ද ? මට පෙනෙන හැටියට
නම් මේ අධ්‍යාපනය ක්‍රමයෙන් මැට්ටෝ පිරිසක් බිහි කරනවා හැරෙන්න වෙන සිදුවන දෙයක්
නැහැ. අනික අද අන්තර්ජාලය, පරිගණක වැනි තාක්ෂණික උපකරණ තිබෙනවා. ඒත් මේවායින් අප
ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්නවාද? මේවා තමයි අප විසඳා ගත යුතු ප්‍රශ්න.මොකද රටේ අධ්‍යාපන
ක්‍රමය කියන්නේ රටට වැඩදායි පුද්ගලයන් බිහිකරන සමාජයට අඩිතාලම සකසන්නායි. ඒත් අද
එය කොහේද තිබෙන්නේ ? අනික අද අපේ රටේ කලාව ඉදිරියට ගෙන යාමට සුදුසු පෙරගමන්කරැවන්
පවා නැති තත්ත්වයක් උදාවෙලා.ඒ වගේ ම අද අපි හැතැප්ම සියයක් ගියාම ඉගෙන ගන්න
පාසැලක් නැති දරැවන් දැකලා තියෙනවා. මෙන්න මේකයි අද අධ්‍යාපනේ තත්ත්වේ.
ලෝක නාට්‍ය කලා ගත්තම
වේදිකා නාට්‍ය ශිල්පීන් වෘත්තිය මට්ටමින් මේ ක්ෂේත්‍රයේ රුඳි සිටින්නන්. ඒ වගේ ම
ඔවුන් ට අදාළ නාට්‍ය සමාගම් හරහා විශාල වැටුපක් ද ලැබෙනවා. ඒ වගේ ම ඔවුන් තමන්ගේ
වේදිකා නාට්‍යය රඟ දක්වන්නේ අති දැවැන්ත රඟහල්වල. මෙවන් තත්ත්වයකට ලංකාවේ වේදිකා
නාට්‍යය ද ගෙන ඒමට බලධාරීන් එක් උත්සාහයක් ගත්තා. ඒ තමයි නෙළුම් පොකුණ.?
මම නම් ඔබ කියනා නෙළුම් පොකුණ බලන්න ගිහිල්ලත් නැහැ එහි අභ්‍යන්තරය දැකලත්
නැහැ. කෙසේ වෙතත් අපි දන්නවා නාට්‍යයක් කරන්න ඕනි කොහොමද කියලා. මේ නිසා මුලින් ම
කළ යුත්තේ වේදිකා නාට්‍යය වෘත්තිය මට්ටමකට ගෙන ඒමයි. මෙය කර්මාන්තයක් බවට පත්
කිරීමයි. අනික අද අපි කොළඹින් බැහැර වේදිකා නාට්‍යයක් පෙන්වන්න ගියා ම ඊට අපිට
තවමත් හොඳ වේදිකා නාට්‍ය ශාලාවක් නැහැ. අපි කොපමණ කොළඹ රඟහල්වල් ගැන කතා කළත්
සියලු පහසුකම් තිබෙන රඟහලකට තිබෙන්නේ ලයනල් වෙන්ඩ්ට් රඟහලයි. මෙය තමයි ඇත්ත
තත්ත්වය. මේ නිසා රට වටා වේදිකා නාට්‍ය පෙන්විය හැකි වාතාවරණයක් සකස් කිරීමයි
මුලින් ම කළ යුත්තේ. ඒත් අපි කියන්නේ නැහැ ඉහළ පහසුකම් තිබෙන රඟහල්වල් ම දෙන්න
කියලා. ඒත් සෑම ප්‍රධාන නගරයකට එක බැගින් වූ රඟහලක් (කුඩා පරිමාණ රඟහල් - Mini Theaters) ලැබෙන වැඩපිළිවෙළකට යා හැකි නම් එය ඉතා වැදගත් කාර්යයක්.
සියලු දෙනා ම තනි තනි ව
හිඳ නාට්‍ය පිළිබඳ එක එක අදහස් පළ කරනවා. ඒත් මේ කිසිවකු නාට්‍ය කලාව ගොඩගැනීමට
සාමුහික උත්සාහයක් ගන්න බවක් අපට පෙනෙන්නට නැහැ. මෙයින් පෙනෙන්නේ මේ කතා කරන සියලු
දෙනාම ආත්මාර්ථකාමීයි කියන එක නේද ?
ඔබ කිව්වා හරියටම හරි. අපි හැමෝම ආත්මාර්ථකාමීයි. අද ජීවත් වන මිනිස්සුන්ට
මේ නාට්‍ය කලාවක් ගොඩගන්න වෙලාවක් නැහැ. මොකද ඔවුන් ට ඊට වඩා කරන්න ගොඩක් වැඩ
තිබෙනවා. ඔවුන් ට හොඳ ගෙයක් හදා ගන්න ඕනි. ඔවුන් ට හොඳ වාහනයක් ගන්න ඕනි. අනික
ඔවුන් ට දරැ පවුලක් සිටිනවා. මේ නිසා ඔවුන්ගේ පරමාර්ථය තමන්ගේ දරැවා ව කොහොම හරි
පිටරට යවලා වැඩිදුර ඉගැන්වීමයි. මේ නිසා ඔබ කියනා ඔය සාමුහිකත්වය, කණ්ඩායම් හැඟීම
කියන්නේ අද පොතට සීමා වූ දෙයක් පමණයි.
No comments:
Post a Comment