වත්මන් ජනමාධ්‍ය යම්කිසි පාලනයකට නතු වී තිබෙනවා
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

“අද සිටින්නේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යය නොදුටු තරැණ පරම්පරාවක්.මේ නිසා
මේ නාට්‍ය සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. මේහේතුව නිසයි මෙය නැවත නිෂ්පාදනය වන්නේ.
පුත්‍ර සමාගම කියන්නේ සනාතන තේමාවක් රුගත් සදාතනික නාට්‍යයක්.මෙය මා තෝරා ගැනීමට
හේතු වුණෙත් එයමයි. මෙයින් කියැවෙන්නේ රැසියානු ජනතාව තුළ පවතින නොනැසෙන සහෝදරත්වබැම්මයි.
එයඥාතීබැම්ම, ලේ බැම්ම ආදියට වඩා එහා ගිය සබඳතාවයක්. ඒ නිසයි ඔවුන්ට රැසියානු විප්ලවය
ජයගන්න හැකිවුණේ. ඒ නිසයි ඔවුන්ට සමාජවාදී රජයක් බිහිකිරීම
සඳහා ශක්තිය ලැබුණේ.ලොව පවතින්නේමෙම සහෝදරත්වය තුළින්. නාට්‍යකරැ වැම්පිලෝව්
උත්සාහ දරන්නේ මෙය සමාජගත කිරීමටයි.ඒත් ඔහු මේ ප්‍රකාශනය සඳහා ඉතා සංකීර්ණ, ඝනකම
කතා වස්තුවක් යොදාගන්නේ නැහැ. එය තමයි ඔහුගේ විශේෂත්වය.ඔහුගේ ප්‍රකාශනයහරිම හාස්‍යයෝත්පාදකයි.
ඒත් මෙහි කතා සන්දර්භය ඉතා ගැඹුරැයි. මේ නිසා මේ නාට්‍යය තවත් අතෙකින් බොරැවෙන්
ලොව ජයගත නොහැකි බව පැවසෙන්නක්. “
පුත්‍ර සමාගම නාට්‍යයේ ඔබත් චරිතයක් නිරෑපණය කරනවා. මෙය නාට්‍යයේ කේන්ද්‍රීය
චරිතයක්ද ?
ඔව්.මම කරන්නේ මෙහි පියාගේ චරිතය.සමස්ත නාට්‍යය ම ගලා යන්නේ මේ චරිතය
කේන්ද්‍රකරගෙනයි. මෙහි එව තාත්තා ඉතා සෙනෙහෙබරයි. ඒ නිසාම ඔහුට පුත්‍ර සෙනෙහසින්
ගැලවෙන්නට නොහැකිවෙනවා.ඒත් මේ දරැවා තමාගේම පුතෙකු බව ඔහු දන්නේ නැහැ. කොහොම වෙතත්
අවසානයේදී පුතා මේ රහස හෙළිකරනවා. ඒත් එවිට තාත්තා පවසන්නේ නුඹ මගේ පුතෙකු නොවුණත්
නුඹට මා තුළ පැවැති ආදරය, සෙනෙහස, ලෙන්ගතුබව කිසිසේතම අඩුනොවන බවයි. මොහු වටා තමයි
සෙසු සියලු සංසිද්ධින් ගොනුවන්නේ. මේ නාට්‍ය වෙනුවෙන් 1985 පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී මට හොඳම නළුවා සම්මානයත්
හිමි වුණා.
ඔබ මෑතකදී නිෂ්පාදනය කළ පුත්‍ර සමාගම සහ බූරැවා මහත්තයා යන වේදිකා නාට්‍යය
ද්විත්වය පිළිබඳව අවධානය යොමු කළොත්, ඒ සියල්ලක්ම පාහේ විදෙස් නිර්මාණ ඇසුරින්
නිෂ්පාදනය වූ නාට්‍ය. මෙයින් පෙනෙන්නේ ඔබත් දැන් ස්වතන්ත්‍ර නාට්‍ය කෙරේ
නැඹුරැතාවයක් නොදක්වන බවද?

අප පසුගිය කාලයේ තිස් වසරක යුද්ධයකට මුහුණ දුන්නා. ඒත් මෙය නාට්‍යකරැවන්
දුටුවේ කෙසේද, ඔවුන්ගේ දැක්ම කොයිවගේද, යුද්ධය පිළිබඳ නාට්‍යකරැවා සිටින්නේ කොතැනද
යන්න අපට අපැහැදිලි ප්‍රශ්නයක් ?
ඔව්. මමත් ඒක පිළිගන්නවා. ඒත් නාට්‍යකරැවන් මේ පිළිබඳ කතා නොකළාට
සිනමාකරැවන් මේ පිළිබඳ කතා කළා. ඔවුන් මෙහි සමාජීය පැතිකඩ විවරණය කළා. ඒත් මම එය
සම්පූර්ණයෙන්ම සිදුවුණා කියන්නේ නැහැ. මොකද එම සිනමා කෘතිවලට යුද්ධය සෘජුවම පාදක
වුණේ නැහැ. අනික අපට යුද්ධය පිළිබඳ නිර්මාණ කරන්නැයි බල කරන්න බැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ සමාජ ප්‍රශ්න
පිළිබඳව පොදුවේ සාකච්ඡා කරන්නයි. මෙය වඩා තියුණු විය යුතුයි. වඩා නිර්මාණශීලී විය
යුතුයි. එවැනි නාට්‍ය නිර්මාණයි වේදිකාවට අවශ්‍ය වෙන්නේ.
කෙසේ වෙතත් වත්මන් නිර්මාණකරැවා තුළ මෙන්ම ඔහුගේ ප්‍රකාශනය තුළත් යම්කිසි
වාරණයක් සිදුවී ඇති බව පෙනෙනවා.මේ ගැන මොකද හිතන්නේ ?

No comments:
Post a Comment