Friday, July 5, 2013

ඇඩිල් ගැන 2013/09/09



මෑත කාලයේදී අතිශයින් ජනප්‍රියත්වයට පත් පොප් ගායිකාවක ලෙස ඇඩිලි(Adele) හඳුන්වාදිය හැකිය. මේ වසරේ පැවැති සම්මාන උළෙල ගණනාවකදීම සම්මාන පිට සම්මාන දිනා ගත් ඇය, තම ගීත තුනක් තුළින් බිල්බෝර්ඩ් 200 ලැයිස්තුවේ අංක එකට ගෙන ආ ප්‍රථම ගායිකාවක ලෙස වාර්තා පොත් අතරට එක් වූ ගායිකාවකි. ගායිකාවක, ගී පද රචිකාවියක,සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සංගීතය සංයෝජනය කරන්නියක වන ඇඩිලි පිළිබඳ තබනා කෙටි සටහනකි මේ.

1988 වසරේ මැයි මස 05 වැනිදා එංගලන්තයේ උතුරැ ලන්ඩනයේ ටොට්න්හම්හිදි උපත ලද ඇඩිලි ලෝරි බ්ලූ ඇඩ්කින්ස්ගේ දෙමාපියන් වන්නේ එංගලන්ත ජාතික පෙනී ඇඩ්කින්ස් සහ වේල්ස ජාතික මාක් එවන්ස්ය.ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ස්පයිස් ගර්ල්ස්හි ගායිකාවන් සඳහා ඇලුම් කළ ඇඩිලි,හය හතර දන්නා කාලයේ පටන් ස්පයිසි ගර්ල්ස් කණ්ඩායමේ ගීත ගායනා කරමින් ඔවුන්ගේ ශෛලිය අනුගමනය කරන්නට වූවාය. ඇය කෙසේ ඔවුන් අනුගමනය කළේ ද යත් ඇය පසුකාලීනව පැවසුවේ ස්පයිසි ගර්ල්ස් කණ්ඩායම ගීත නොගයන්නට ඇඩිලි නමින් ගායිකාවක බිහිනොවන බවයි.

එහෙත් ඇඩිලිගේ ජීවිතය වෙනස් කළේ ඇගේ සමකාලීනයෛකු වන පින්ක්ය(ඇලෙසියා බෙත් මුවර්).එය 2002 වර්ෂයේදී බ්‍රික්සන් ඇකඩමිහි පැවැති පින්ක් විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංගයකි.

“මං හිතන්නේ පින්ක්ගේ සංගීත ප්‍රසංගය දකින කොට මට අවුරැදු දහතුනක් නැත්නම් දහ හතරක් වෙන්න ඇති.මම ඒ වගේ සජීවි සංගීත ප්‍රසංගයක් කවදාවත් දැකලා නැහැ. විශේෂයෙන්ම ඇගේ සජීවි කටහඬ මාව කුල්මත් කළා.එය තමයි මාව සංගීත ක්ෂේත්‍රයට කැඳවූයේ.” ඇය මේ පිළිබඳ සිහිගැන්වූයේ එසේයි.

2006 වසරේ මැයි මසදී BRIT දෘශ්‍ය හා කලා පීඨයෙන් උපාධිධාරිනියක ලෙස පිට වූ පසු ඇඩිලි සිය සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ ද එසේයි.ඒ අනුව මාස හතරකට පසු ඇඩිලි තම ප්‍රථම ගීත ද්විත්වය ප්‍රකාශයට පත් කළ අතර ඒ සඳහා ඉදිරිපත්වූයේ PlatformsMagazine වෙඩ් අඩවියයි.ඉන්පසුව ඇය එම ගීත ද්විත්වය ඇතුළුව ගීත තුනක් පටිගත කිරීම සඳහා ඇගේ යහළුවකු සමග වර්ජින් රෙකෝඩ් ආයතනයට ගිය අතර MySpace හරහා පිටවූ එම ගීත ත්‍රිත්වයම අතිශයින් සාර්ථක වූයේ ඇගේ සංගීත දිවිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකරලමිනි. ඇය තම මිතුරියක මාර්ගයෙන් ජනප්‍රිය රොක් ගායකයෙකු වන ‍ජැමී ටී වෙත පැමිණීයේ ඉන්පසුවයි. ඒ අනුව ඇඩිලිගේ සංගීත දිවිය ආරම්භ කිරීම සඳහා නික් හගට්ගේ XL සමාගම ඉදිරිපත් වූ අතර ඇඩිලි සහ XL අතර ගිවිසුමක් අත්සන් තැබිණ.ඒ 2006 වසරේ සැප්තැම්බර් මසදීය. මේ අනුව ඇඩිලි තම නිල කුළුඳුල් ගීතය ලෙස යුග ගායනයක් සඳහා එක් වූ අතර ඇගේ ගායකයා බවට පත්වූයේ ජනප්‍රිය පොප් සහ රොක් ගායකයකු වන ජැක් පෙනාටේයි.ඇගේ කටහඬ එක් වූ කුළුඳුල් සංගීත ඇල්බමය බවට පත්වුයේ My Yvonne ය.ඇගේ නමින් නිකුත් වූ කුළුඳුල් සංගීත ඇල්බමය නිකුත් වූයේ 19 නමිනි. ඒ 2007 වසරේදීය.ඇඩිලි යන නාමය ලොවට ගෙන ගිය ගීතය වන Hometown Glory ගීතය ඇතුළත් වූයේ ද එම ඇල්බමයේයි. මෙහිදී 19 යන නමින් මෙම ඇල්බමය හඳුන්වාලීමට ද විශේෂ හේතුවක් විණ. එනම් එය නිර්මාණය වූයේ ඇයට වයස අවුරැදු දහනවයක් වූ මොහොතේදී වීමයි.ඇය ඒ වෙනුවෙන් 2010 වසරේ පැවැති ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳ පොප් ගායිකාවට හිමි සම්මානය සඳහා ද නිර්දේශ වූවාය. ඉන්පසුව අතිසාර්ථක ඒක පුද්ගල ගීත ප්‍රසංග මාලාවක් ආරම්භ කළ ඇඩිලිට තම ප්‍රථම සම්මානයට ළඟා වීමට වැඩි කාලයක් ගත වුයේ නැත.එනම් ඇය 2008 වසරේ පැවැති BRIT සම්මාන ප්‍රදානෝත්සවයේදී අංක එකේ නැගී එන ගායිකාවට හිමි රසික විචාර සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර මර්කරි සම්මානය සඳහා ද Q සම්මාන උළෙල සඳහා ද නිර්දේශ වූ අතර උර්බාන් සම්මාන උළෙලේදී Best Jazz Act ගීතය වෙනුවෙන් ය.   
2010 වසරේ අප්‍රේල් මස ඇය විසින් ගැයූ My Same ගීතය ජර්මන් ගීත දර්ශකයට ද ඇතුළත් වීමට තරම් භාග්‍යවත් වූ අතර සැප්තැම්බර් මස ඇය නිකුත් කළ The X Factor ගීතයේ ඇඩිලිගේ අනුවාදය ද අතිශයින් ජනප්‍රිය විය.(මෙය බොබ් ඩයිලන්ගේ ගීතයකි).  එම කාලයේදී ම ඇය නිකුත් කළ Make You Feel My Love ගීතය ද ඒ වාගේම ජනප්‍රියත්වය පත් අතර එය කෙටි කලකින්ම එංගලන්ත ගීත දර්ශකයේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් විය.ඇය 2010 වසර අගදී වසරේ සුවිශේෂි කලාකාරිනියට හිමි CMT සම්මානය දිනා ගත්තේ ද එබැවිනි. මෙම සම්මානය සඳහා ආසන්නතම හේතුව බවට පත්වූයේ ඩාරියස් රකර් සමග ගායනා කළ Lady Antebellum ගේ "Need You Now" යුග ගීතයයි.

කෙසේ වෙතත් 2011 වසර මුලදී එනම් ජනවාරියේදී ඇඩිලි තම දෙවැනි සංගීත ඇල්බමය වශයෙන් 21 නිකුත් කළ අතර එහි වූ ප්‍රධානතම සුවිශේෂිත්වයන් අතර පොප්,රොක් ශෛලියේ ගීත,ශාස්ත්‍රීය ශෛලියේ ගීත මෙන්ම ජන ගීත ද ඊට ඇතුළත් ව තිබීම කැපී පෙනේ. ඇඩිලි නාමය ලොව තුළ තවදුරටත් සනාථ කිරීමට සමත් වූ මෙම ඇල්බමය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් එය රටවල් 26ක අංක එකේ සංගීත ඇල්බමය බවට පත් වූ අතර එය උපයා ගත් දළ ආදායම දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක් වශයෙනි.මෙය එංගලන්ත වාර්තාවක් වන අතර විසි එක්වන සියවසේදී එංගලන්ත ගායකයෙකු/ගායිකාවක විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන තුන ඉක්මවූ ප්‍රථම ඇල්බමය ලෙස වාර්තා අතරට එක් වේ. කෙසේ නමුත් එහි ඇතුළත්ව තිබූ Someone Like You  ඒ අතරින් රසිකයාගේ භාවාතීශ අවුසන සුළු ගීතය බවට පත්වූයේ ඇය එම ගීතය ඉදිරිපත්කළ අති විශිෂ්ට ආකාරය හේතුවෙනි. 

කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මස නිවේදනයක් නිකුත් කරමින් ඇඩිලි පවසා සිටියේ තම තෙවැනි සංගීත ඇල්බමය නිකුත් කිරීමට සැළකිය යුතු කාලයක් ගත විය හැකි බවත්, එය ඇතැම් විට වසර තුනක් හෝ හතරක් විය හැකි බවත්ය.
මීට වසර කිහිපයකට උඩදී ඇඩිලි හා පෙමින් බැඳුණු සීමන් කොනකි ඇගේ පෙම්වවතා වන අතර ඇඩිලි දැනට ගැබිණියක වන නමුත් මේ යුවළ තවමත් විවාහ වී නොසිටීම රසිකයන්ගේ අවධානයට ලක් වී ඇත.

මාලන් විදානපතිරණ
marlonwidanapathirana@gmail.com

බොලිවුඩ් නළු ෂර්මන් ජෝශි සමග සම්මුඛ සාකච්ඡාවක්






දෙවියන් වහන්සේ මට හුඟක් ඉවසීම පුරැදු කරලා තියෙනවා
-     
   බොලිවුඩ් නළු ශර්මන් ජෝශි

මාලන් ගෝවින්ද

(ෆිල්ම්ෆෙයාර් සඟරාව ඇසුරිනි)

ඔබට 3 Idiots  චිත්‍රපටයේ රාජු මතකද ? ඒ චිත්‍රපටයේ මිථ්‍යා විශ්වාසවල එල්ලීගෙන හිටියේ මෙයා තමයි. තමන්ව ඉංජිනේරැ පාසැලෙන් ඉවත් කිරීම දරා ගැනීමට බැරිව විදුහල්පතිගේ කාමරයෙන් පහළට පැන්නේත් රාජු තමයි.දැන් නම් ඔයගොල්ලන්ට මතක ඇති. ඒත් පස්සේ මේ රාජු රස්තෝගි දක්ෂ ඉංජිනේරැවරයෙක් බවට පත්වුණා.ඒ රුන්චෝදාස් (අමීර් ඛාන්) නිසයි. කොහොම වුණත් ඒ රුන්චෝදාස්ව ඊට කලිනුත් රාජුට හම්බවුණා. ඒ රන්ග් දේ බසන්ති චිත්‍රපටයේදි. ඒ සුකි චරිතය රඟපානකොට. හැබැයි එදා ඒ සුකි එක්ක රඟපෑවේ ඩල්ජීට්(අමීර් ඛාන්).ඒත් මේ පුද්ගලයා මුලින්ම සිනමාවට පැමිණෙන්නේ  “‘Style* චිත්‍රපටයෙන්. ඒක තමයි ඔහුගේ සිනමා ජිවිතයේ හතරමං හන්දිය. ඉන්පස්සේ තමයි ඔය Metro,3 Idiots,රන් දේ බසන්ති වගේ චිත්‍රපටවලින් හිට් වුණේ. ඒත් ඔහු ප්‍රධාන චරිතය නිරෑපණය කළ චිත්‍රපටයක් හිට් වුණේ පසුගිය සතියේ. ඒ තමයි ෆෙරාරි කි සවාරි චිත්‍රපටය. මේක විදූ විනෝද් චොප්රාගේ නිෂ්පාදනයක්.රාජේස් මපුස්කාර් කියලා අලුත් අධ්‍යක්ෂවරයෙක් තමයි මේක අධ්‍යක්ෂණයෙ කරලා තියෙන්නේ.හැබැයි දැනටමත් මේක ඉන්දීය රැපියල් කෝටි 45කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒත් මේක  ප්‍රදර්ශනය ආරම්භ කළේත් පහුගිය 15 වැනිදා. මේකේ ප්‍රධාන චරිතය නිරෑපණය කරන මේ නළුවා වෙන කවුරැවත් නෙමෙයි. රාජු රස්තෝගි හෙවත් සුකී හෙවත් ෂර්මන් ජෝශි. අද අපි සමග කතාබහට එක්වන්නේ ඔහුයි.

 ඔබ 2001 වසරේ ඉඳන් බොලිවුඩ් හිටියත් ප්‍රධාන චරිතයක් ලැබුණේ මේ අවුරැද්දේදි. ඒ නිසා නළුවෙකුට ලැබෙන හොඳම කාලේ ඔබට නැතිවුණා කිව්වොත් ?

ඕක මට නිතර ඇහෙන කතාවක්. මමත් දන්නවා මිනිස්සු මොනවද කතා කරන්නේ කියලා. ඔවුන් හිතන්නේ දැන් මම ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා ඒ වගකීම් එක්ක බොලිවුඩයේ දක්ෂ නළුවෙක් බැහැයි කියලයි.මොකද දැන් මට අවුරැදු 34ක්. හැබැයි රාජ් කුමාර් හිරානි,විදූ  විනෝද් චොප්රායි  වගේ විචාරකයෝ නම් කියන්නේ තාම මගේ හොඳ කාලේ ආවේ නැහැ කියලයි.ඒත් මට නම් මම වැඩ කරන කාලේ තමයි හොඳම.මොකද මම වැඩ කරන්නේ මගේ ක්‍රමයකට මගේ සැලසුමකට අනුව.ඒ නිසා මට තාමචත් සාර්ථක වෙන්න තරම් කාලයක් තියෙනවා.එහෙමයි මම හිතන්නේ. ඒ නිසා කාගෙවත් කතා මට වැඩක් නැහැ. මම මගේ පාඩුවේ මගේ වැඩේ කරනවා.උපරිමයෙන්ම කරනවා. කිසිදෙයක් අපිට නිකම් ලේසියෙන් ලැබෙන්නේ නැහැ.ඒ නිසා මම නම් මගේ වෘත්තිය සිනමා ජිවිතය ගැන තෘප්තිමත්.

ඒත් මෙතෙක් ඔබට කතා බහ කිරීමට තරම් සුදුසු චරිතයක් ලැබිලා නැහැ. ඒ ගැන දුකක් නැද්ද ? 

කොහොමත්ම නැහැ. මම චිත්‍රපටයක රඟපානකොට හිතන්නේ මගේ චරිතයට මම කොච්චර සාධාරණයක් ඉෂ්ට කළාද කියලයි.ඒ නිසා චිත්‍රපටය වෙනුවෙන් මගේ දායකත්වය කොච්චරද කියන එකයි මට වැදගත් වෙන්නේ.ඒ නිසා මට මේ ආපු ගමන හරිම දුෂ්කර ගමනක් වුණා.අනික මම තෝරා ගත්තේත් මට හොඳයි කියලා හිතෙන චිත්‍රපට කීපයක් පමණයි. ඒ නිසා මට මේ ගමන අනික් අයට වඩා ටිකක් හෙමින් යන්න වෙන බවත් මම දැනගෙන හිටියා.ඒ නිසා “ආ මග කෙටියි. යා යුතු මග දුරයි * කියලා තමයි මට කියන්න තියෙන්නේ


ඔබ කොහොම කිව්වත් ඔබට පවුල් ජිවිතයෙත් එක්ක සාර්ථක නළුවෙක් වෙන්න අමාරැයි නේද ? 

වාසනාවට මට එහෙම තත්ත්වයක් නැහැ.මම ඉතා සරලව තමයි මගේ පවුල ගැන හිතන්නේ. ඒත් ඒකෙන් කියන්නේ නැහැ, මම වගකීමක් නැතුව වැඩ කරනවා කියලා.ඒත් මම පවුලේ රඟපාන චරිතය සහ චිත්‍රපටයේ රඟපාන චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්. අනික මගේ සාර්ථක බව ගැන මගේ පවුලේ අය ප්‍රශ්න කරන්න එන්නේ නැහැ. ඒක ලොකු දෙයක්.අනික මගේ පවුල හරිම සාමකාමී පවුලක්.සතුටුදායක පවුලක්. ගෙදර ගියාම මූණු ඇඹුල් කර ගත්තු අය දකින්න ලැබෙන්නේ නැත්තේත් ඒ නිසයි.අනික දෙවියන් වහන්සේ මට හුඟක් ඉවසීම පුරැදු කරලා තියෙනවා.ඒ නිසා දෙවියන් වහන්සේ ලබා දුන් ඒ තෑග්ග සහ මගේ බිරිඳ ප්‍රෙර්නා උදව්ව නිසා මට මගේ ගමන යන්න ලේසි වෙලා තියෙනවා.

ඔබේ පවුලේ විස්තර පොඩ්ඩක් මතක් කළොත් ?

ප්‍රීර්නායි මමයි අතර තියෙන්නේ වසර ගණනාවක මිත්‍රත්වයක්.ඒ නිසා අපි බඳින්න කලින් ඉඳන්ම හොඳට ඇසුරැ කළා. එකිනෙකා තේරැම් ගත්තා. ඒ නිසා මට එයාත් එක්ක වැඩ කරන එක හරිම ලේසියි. අපිට දැන් ඉන්නවා නිවුන් දරැවෝ දෙන්නෙක්. එක්කෙනෙක් රෙහාන්. අනිත් එක්කෙනා වර්යන්. දුවගේ නම ඛයානා. ඒත් දරැවෝ හින්දවත් අපි දෙන්නාගේ ආදරේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ.අපි අදටත් ජිවත්වෙන්නේ සැමියයි බිරිඳයි වගේ නෙමෙයි. යාළුවෝ වගෙයි.ඒ නිසා යාළුවෝ වගේ හිටියම කවදාවත් අපේ ආදරේ නැති කරන්න බැහැ කියලයි අපි විශ්වාස කරන්නේ.

ඔබේ අලුත්ම චිත්‍රපටය වන ෆෙරාරි කේ සවාරි චිත්‍රපටය ගැන කතා කළොත් ?

මේ චිත්‍රපටයේ රෑපගතකිරීම්වලට කලින් විනෝද් මට මේ ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඒ නිසා ඒ අතින් මට වැඩ කරන්න ලැබුණු චිත්‍රපට අධ්‍යක්ෂවරැන් මට හරිම කරැණාවන්ත වුණා. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ නිසා මම හෙමින් සීරැවේ මේකේ තිර පිටපත අධ්‍යයනය කළා.මොකද මම ඒ වෙනකොටත් මේකට වචනයක් දීලා තිබ්බේ නැහැ. ඒත් මේක කියවගෙන යනකොට මෙහි එන රැසීගේ චරිතය මටම නිර්මාණය කරපු චරිතයක් බව මට තේරැණා. අනික මේක වානිජමය චිත්‍රපටයක්.ඒ නිසා ප්‍රධාන චරිතයක් හරහා ජනප්‍රිය වෙන්න හොඳම අවස්ථාව මේක කියලා මට පිටපත කියවලා ඉවර වෙනකොටම මට දැනුණා.හැබැයි මමත් කැමැති නැහැ හැමදාමත් එකම විදිහේ චිත්‍රපටවල රඟපාන්න.මොකද නළුවෙක් වුණාම ඕනැම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ.ඒ හින්දා සුපර්මෑන් කරන්න කිව්වත් අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ.
ඒත් ඔබට දිගින් දිගටම ලැබුණේ වානිජ චිත්‍රපට නේද ?

ඔව්. ඒක ඇත්ත. ඒත් ගොල්මාල් වගේ චිත්‍රපට නොලැබුණාම නෙමෙයි.ඒත් ඒ වගේ චිත්‍රපට වැඩිය ලැබුණේ නැහැ. කොහොම වුණත් මමත් කැමැති වානිජ සහ කලාත්මක චිත්‍රපට යන වර්ග දෙකේම රඟපාන්නයි. එතකොටයි අපේ රංගන පරාසය පුළුල් වෙන්නේ.හැබැයි කලාත්මක චිත්‍රපට ගැන නම් මම කිව යුතු දෙයක් තියෙනවා. කලාත්මක චිත්‍රපටයකට කෝටි 20ක මුදලක් යට කරලා කෝටි 40ක් වත් හොයාගන්න බැරි නම් ඒ නිර්මාණයෙන් ඇති වැඩක් නැහැ.මොකද සිනමාව කියන්නේ කර්මාන්තයක්. ඒ නිසා දුවන්න පුළුවන් චිත්‍රපට තමයි හැමවෙලේම හදන්න උත්සාහ කරන්නේ ඕනේ.




නිරැවත සහ බිය ලෝකයටම කොඩි විනයක් වෙයිද ?




මාලන් විදානපතිරණ

ලෝක ටෙලිවිෂන් කලාව මේ වන විට විවිධ රියැලිටි වැඩසටහන් හමුවේ විවිධාකාරයේ වෙනස්වීම්වලට භාජනය වන්නකි. එබැවින් සමහර නිර්මාණකරැවන් සංස්කෘතිය,සදාචාරය අත් හැර කටයුතු කිරීම අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එනම් ලාභ අපේක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන වත්මන් රියැලිටි කලාව දැන් එහි අන්තයට ළඟා වී තිබේ. එහෙයින් ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත  " නිරැවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන එහි පළමු රතු එළිය බැව් නොකියාම බැරිය. එනම් පසුගිය ඉරිදා "නිරැවත සහ බිය" රියැලිටි වැඩසටහන ප්‍රේක්ෂකයාට හඳුන්වාදෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු යුගල තරඟකරැවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු මෙම නවතම රියැලිටි අත්දැකීමේදී මෙය නිශ්චිත පිටපතක් නොමැතිව ආරම්භ කළ බව නිර්මාණකරැවන් විසින්ම පැවසීම අවදානම් සහගත ප්‍රකාශයක්ව තිබේ. අසම්පූර්ණ සිතියමක් යටතේ මුහුණ දිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සනිටුහන් කළ යුතු මෙහිදී මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරැවතිනි. එසේම සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල රෑගත කරනු ලැබේ.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා මෙහි පළමු කථාංගය විකාශය කිරීමෙන් පසුව නන් දෙසින් මේ පිළිබඳ නොයෙකුත් මත පළ වන්නට විය.විශේෂයෙන්ම මෙහි වැඩසටහන් අධ්‍යක්ෂ ඩෙනිස් කොන්ටිස් දැන් බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වී ඇති අතර කොන්ටිස්ගේ උත්සාහය මිනිසුන් සූරාගෙනකෑම බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

එහෙත් මේ අදහස එකහෙළා ප්‍රතික්ෂේප කරන  කොන්ටිස් ප්‍රකාශ කර සිටින්නේ  Naked and Afraid රියැලිටි වැඩසටහනේ මූලික අභිප්‍රාය අවම ආරක්ෂාවක් යටතේ නොනැසී ජිවත්වීමට තරගකරැවන් හුරැ කිරීම බවයි.එනම් රියැලිටි කලාවේ සැබෑ යථාර්ථය ගැබ්ව ඇත්තේ එතැන බව ඔහුගේ මතයයි.උදාහරණයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ ඔහු විසින් නිර්මාණය කළ The ratings-grabbing show රියැලිටි වැඩසටහන හරහා එවරස්ට් කන්දේ ඇති අභියෝග, කටුක අත්දැකීම් සහ ජීවිත අවදානම පැහැදිලි කිරිමට ඔහුට හැකි වූ බවයි.

එබැවින් මෙම නවමු රියැලිටි අත්දැකීම වන Naked and Afraid  සඳහා දැනටමත් තරගකරැවන් රුසක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ගෙන් කොටසක් ආහාර, ජලය සහ ඇඳුම් රහිතව දැනටමත් වනගත වී ඇත.එසේම ඔවුන් දැනටමත් ඉතා කටුක කාලගුණික තත්ත්වයන්ට මුහුණදෙමින් සිටින බවද වැඩසටහන් අධ්‍යක්ෂ කොන්ටිස් පවසයි.

පළමු කථාංගයේදී පුද්ගලයන්ගේ පෞරැෂත්වයට හානි වන බැවින් සිරැරේ ඇතැම් අඟ පසඟ අඳුරැ කර පෙන්වීමට නිර්මාණකරැවන් ක්‍රියාකර ඇති අතර ඉතා දක්ෂ ලෙස කැලෑවේ සැබෑ අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ක්‍රියා කර ඇති බව කියැවේ.මෙහි පළමු කථාංගයට එක් වී ඇත්තේ කිම් ෂෙල්ටන් සහ ෂේන් ලුවිස්ය.වැඩසටහනේ කියැවෙන පරිදි ඔවුන් මීට පෙර කිසි දිනෙක හමු වී නැත.

විසි දෙ හැවිරිදි කිම් ෂෙල්ටන් ඇමෙරිකාවේ මිනෙසෝටාහි පදිංචි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ තම ළමා කාලය ගත කළ තරැණියකි. එහෙත් සෑම ග්‍රීස්ම නිවාඩුවකටම මිනේසෝටා ප්‍රදේශයට පැමිණි ඇය, කැලෑව පිළිබඳ ගැඹුරැ අධ්‍යයනයක් කර ඇති අතර වසර දෙකක විශේෂ පුහුණුවක්ද ලබා ඇත. 

හතළිස් හැවිරිදි ෂේන් ලුවිස් ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි පදිංචි විදුලි කාර්මික ශිල්පියෙකි. ළමා සුරුකුම් මධ්‍යස්ථානයක හැදී වැඩුණු ඔහු නිතිපතා වෙනස්වීම්වලට භාජනය වූවෙකි. එසේම අතරමගදී අධ්‍යාපනයද කඩාකප්පල් කර ගත් තැනැත්තෙකු වන ලුවිස්, ත්‍රාසජනක අත්දැකීම්වලට අතිශයින් ඇලුම් කරන්නෙකි. රටවල් හැත්තෑවකටත් වඩා ප්‍රමාණයක සංචාරය කර ඇති ඔහු මෙම නවමු රියැලිටි අත්දැකීමට එක්කාසු වීමට හේතු වී ඇත්තේද මෙම කුතුහලයයි.


“ අපි කවදාවත් මිනිස්සු මරන්න වැඩසටහන් හදන්නේ නැහැ.අපිට ඕනේ කරන්නේ අභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරන්න මිනිස්සුන්ට කියා දෙන්නයි.මොකද ඒක ජනතාවට වැදගත්.* වැඩසටහන් අධ්‍යක්ෂ කොන්ටිස් මහතා තවදුරටත් පැවසුවේය.

“අපි ඒගොල්ලන්ට (තරගකරැවන්ට) ඇඳුම් ගෙනියන්න දෙන්නේ නැහැ.ඒත් ගමනේදී උවමනා වෙන ප්‍රායෝගික දේවල් වෙන කෝප්පයක්, මන්නයක්, ආරක්ෂක කණ්ණාඩියක් ඔවුන්ට අපි පිළියෙළ කර දුන්නා.*

කෙසේ වෙතත් මෙහි ඉතා හාස්‍යජනක කරැණ වන්නේ මෙහි වැඩසටහන් අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටයයි. එනම් එහි දැක්වෙන්නේ විද්‍යාත්මකව ගත් කළ මිනිසෙකුට ජලය නැතිව සිටිය හැක්කේ දින තුනක් බවයි.ඒ අනුව තරගකරැවන් මීට ඉදිරිපත් වී ඇත්තේ සති තුනක් නිරාහාරව සිටියහොත් මිනිසුන් නිරායාසයෙන්ම මරණයට පත්වන බව අදාළ පූර්ව ප්‍රචාරක පටය විසින්ම අනාවරණය කර තිබියදීයි.     

එනමුත් පළමු කථාංගයේදීම දකින්නට ලැබුණේ අදාළ තරැණයා මාළුවෙකු මරා ඇති අතර එහි හිස කොටස ඉවත් කර දෙදෙනා සමග අනුභවයට ගන්නා බවයි.ඉනික්බිති අනෙක් අනෙක් කැමරාවෙන් දක්නට ලැබුණේ සර්පයෙකු මරා එහිද හිස කොටස ඉවත් කර කට ගැස්ම ලෙසින් අනුභව කරන බවයි.


අපි නොදන්න චෙස්



අපි නිකමට වගේ ආපසු අපගේ ජීවිතය පිළිබඳ පසුවිපරමක් කරමු. සතුටුද ජීවිතය ගැන ? target කවර් කරගන්න පුළුවන් වුණාද ? ගොඩක් අය නම් දැන් ඉතින් කියයි, අපෝ අපි නම් හරිම worried කියලා. ඒත් කීයෙන් කීදෙනාද කියන්නේ මෙච්චර දවස් ආපු දුර ගැන අපි නම් හරිම Happy කියලා.හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඒ කොහොම වෙතත් අපි ෆුල් ජොලි.ක්‍රිකට් මැච් එකක් බලන්න ගියාම අපි මාර ෆන් එකක් ගන්නවා ඒකෙන්. මාර
ආතල් ඒ වැඩේ නම්.ඒත් ඔය ආතල් එක තව කොච්චර දවස් තියෙයිද ? ඔය ජොලිය තව කොච්චර කාලයක් තියෙයිද ? ඔන්න ඕක තමයි අවුල.අම්මලා තාත්තලා කන්න දෙන හින්දා හොඳයි. එහෙම නැත්නම් සල්ලිකාර පවුලකට සෙට් වෙලා හිටියොත් නම් හොඳයි. එහෙම නොවුණොත් මොකද කරන්නේ ? 
එහෙම නැත්නම් අපි මෙහෙම හිතමු. බලු බල්ලෙක්වත් අපිට නැති සීන් එකක් ආවොත්, ඔයා මොකද කරන්නේ ? කොහොමද තනියෙන් ආයේ ගොඩනැගෙන්නේ ? මොනවද ඔයාට කරන්න පුළුවන් ? දැන් ඉතින් ෆුල් හොල්මන් නේද ? චෙක් මේට් වුණා නේද ? එහෙම නැත්නම් චෙස් බෝඩ් එකේ හොඳම ඉත්තා (Queen) කැපිලා ගියා වගේ
නේද ? කරන්න දෙයක් කොල්ලෝ. ඕක තමයි ජීවිතේ. හැබැයි දැන් කියන්න එපා, නැහැ එහෙම වෙන්නේ නෑ කියලා. මොකද වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා සක්කරය ආවාත්,සක්රයගේ පුතා වයිමා ආවත්, ඒවට සැලෙන්නේ නැතිවෙන විදිහට ඉන්න අපි දැනගන්න ඕනේ.මොකද අපි Queen කැපුණා කියලා පිස්සු කෙළින්න
ගියොත් වෙන්නේ, නිකම්ම අපි චෙක් මේට් වෙන එක තමයි. එහෙම නැත්නම් King කොටුවන තැනට වැඩ සිද්ද කර ගන්න එක තමයි.ඒත් අපි නම් කියන්නේ Queen කැපුණා කියලා සෙල්ලම ඉවර වෙන්නේ නැහැ කියලයි.ඇයි පෝන්ඩ් කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? රැක් කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? බිෂොප්
කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? ඒත් අපි නම් කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියලයි. 

මාලන් ගෝවින්ද